top of page

සාරියක් වැඩදා හදාගන්නා හැටි.

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 28, 2020
  • 1 min read

Updated: Apr 30, 2020

ගොඩක් දෙනෙකුගේ ඉල්ලිම නිසා මම මේ සාරියත් හදාගන්න හැටි කියන්න ඕනෙ කියලා හිතුවා. මම මගේ 50 වන උපන් දින සැමරුමට මේම සාරිය මගේ අතින්ම මසා වැඩදා ගත්තෙමි . එයින් මම උපරිම සතුටක් ලැබුවෙමි. මගේ මෙන්ම දුවලා දෙන්නගෙ සාරිද මමම සැකසුවෙමි .



මේ සාරිය හදන්න ගත්තෙ ගොඩක් හොඳ සෙටින් වර්ගයක් වන bridel frocks මහන්න ගන්න රෙදි වර්ගයක් (සමාවන්න රෙද්දෙ නම දන්නෙ නෑ)

*හොද සෙටින් ‍රෙදිවර්ග මීටර් 6ක්

* දිලිසෙන මල් තියෙන ලේස් රෙදි යාර 3කුත් ගන්න.

*රෙදි මල් අලවන්න හොඳ fabric glue 2 ක් අවශ්‍යයි .(ගම් වර්ගයක් )

කඩෙන් ගත් සෙටින් රෙද්ද උස වැඩිනම් සාමාන්‍ය සාරියක උසට කපා වාටිය මැශිමකින් මසා ගන්න.

* ලේස් රෙද්දේ තිබෙන ලොකු මල් පොඩි මල් කපන කතුරකින් හෙමිහිට පරිස්සමෙන් කපා ගන්න.

*සාරි රෙද්ද දිග මේසයක් උඩ දිග හැර ගන්න .

පසුව තමන්ට කැමති ආකාරයකට (design එකකට ) මුලින් කපා ගත් මල්... රෙද්දෙ බෝඩරක් ලෙස තබා ඇල්පෙනෙත්ති ගසා ගන්න .පසුව හෙමිහිට පරිස්සමෙන් මේ මල් වල ගම් ගා අලවාගන්න.

දිග මේසයක් උඩ සාරිය දිග හැරගෙන දවස් හතරක් පහක් මේ විදිහට මල් අලවා ගත යුතුයි .

*තමන්ට කැමති විදිහට මල් බෝඩරයක් ආකාරයට අලවා ගැනීමෙන් පසු හොදින් වේලෙන්න අරින්න .

*පසුව වේලා ගත් මල් උඩින් තව කපු රෙද්දක් තබා හෙමිහිට අයන් කර ගන්න.

* මම සාරිය වැඩදා ගත් පසු සාරිය අදින්න අවශ්‍ය ව්දිහට රැලි තියාගෙන ඉදි කට්ටකින් මසා ගන්නවා. එව්ට සාරිය අදින වෙලාවට, ඇදගන්න හරි ලේසියි . ඉන්පසු තියාගත්ත රැලි හෙමිහිට මැද ගන්නවා.

ලංකාවෙන් පිට ඉන්න අපට, අපේ හිතට ගැලපෙන විදිහට සාරි ම්ලදි ගැනීමට නොහැකි නිසා, මේ විදිහට ,රෙදි ම්ලදි ගෙන තමන්ට කැමති විදිහට තමන්ගේ අතින්ම සාරියක් වැඩදාගෙන අදින්න හැක. මට නම් එය ගොඩක් සතුටු දෙයකි. ඔබත් උත්සාහ කර බලන්න .




Comments


bottom of page