top of page

විශේෂ උත්සව අවස්ථාවකට තරැන දියනියන්ට සාරියක්, ගෙදරම වැඩදා හදාගමු.

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 28, 2020
  • 1 min read

Updated: Apr 30, 2020

මම අද කියා දෙන්නට හදන්නෙ තරුණ ගැහැනු දරුවන්ට මගුල් ගේක හෝ විශේෂ උත්සවයකට ඇදගෙන යන්න පුලුවන්, වියදම අඩුවෙන් ,තමන්ටම හදාගන්න පුලුවන් විදිහේ සාරියක් හදාගන්නයි. ... මේ පින්තූරයේ තියෙන සාරිය මම මගෙ දුවට හදපු එකක්.



ලංකාවෙ තියෙන රෙදි කඩයකින් මේ විදිහ රෙදි ඕන පාටකින් තෝරා ගන්න පුලුවන් . හොඳ සෙටින් රෙද්දක් මේ තියෙන්නෙ.

ඒ වගේම ලේස් ,බොත්තම් තියෙන කඩ ඕන තරම් ලංකාවෙ තියෙනවා. ඒ කඩයකින් මේ සාරියට අල්ලා තියෙන විදිහෙ බෝඩර මිලට ගත හැකියි . බෝඩර මිටර් 8ක් මිලදී ගතයුතුයි

සාමාන්‍යයෙන් සාරියක් හදන්න රෙදි යාර 6ක් පමන යනවා. කඩෙන් ගන්න රෙද්ද උස වැඩි වෙන්න පුලුවන්.ඒ නිසා සාමාන්‍ය වෙන සාරියක උස ප්‍රමාණයට රෙද්ද කඩා හදාගන්න. පසුව මැශිමකින් දාරය මසා ගන්න . පසුව රෙදි අලවන ගම් එකකින් මිලදී ගත් බෝඩරය සාරි දාරය දිගේ පරිස්සමට අලවා ගන්න. සාරි රෙද්ද මේසයක් උඩ දිග හැරගෙන මෙය කල යුතුයි .ඉක්මනට වේලෙන ගම් වර්ගයක් ගත්තොත් මෙය ඉක්මනට හදාගත හැකියි. පසුව සාරිය අවශ්‍ය විදිහට රෑලි තියාගෙන අතේ මසා ගන්න. එහෙම කරගෙන තියා ගත්තොත් හරිම ලේසියෙන් අවශ්‍ය වේලාවට සාරිය ඇදගත හැක. තනි පාට සාරියට ලේස් රෙද්දකින් හැට්ටය මසා ගත්තොත් ගොඩක් ලස්සනයි . වියදම අඩුවෙනුත්, ලස්සනටත් තමන්ගෙම අතින් තමන්ටම අදින්න සාරියක් හදාගත්තම කොච්චර වටිනවාද . මම ඉන්නෙ ලංකාවෙ නෙමේ . මට අවශ්‍ය විදිහ සාරියක් මේ රටේ දි හොයා ගන්න බැරි උනා ඒ නිසයි මේ සාරි හදාගත්තේ. ඒත් එයින් මම ලොකු සතුටක් ලැබුවා.





Comments


bottom of page