top of page

ලෙමන් ලුනුදෙහි

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 30, 2020
  • 1 min read

Updated: Apr 30, 2020


ree

ලෙමන් ලුනුදෙහි

දෙහි,ලෙමන් වැනි දෑ ගස් වල හැදෙන කාලෙට,අපට එදිනෙදා ප්‍රයෝජනයට අවශ්‍ය ප්‍රමානයටත් වඩා පලදාව හැදෙන නිසා, අපට පුලුවන් ඒවා අපතේ නොයවා පසුව ප්‍රයෝජනයට ගැනීම සදහා කල් තබා ගැනීම සිදු කර ගැනීමට.

ඒ බැවින් මම දෙහි ලෙමන් හැදෙන කාලයට ඒවා අපතේ නොයවා ලුණු දෙහි හදන්නෙමි


මෙහෙමයි මම ලෙමන් වලින් ලුණු දෙහි හැදුවේ

දෙහි හොදට හොදලා හතරට පලන්න. ඉන්පසු පැලුම් ඇතුලට ලුණු කැට දමා අවන් එකේ දැමීමට හැකි විදුරු බාජනයක එම ලෙමන් අසුරා අවන් එකෙ පැය බාගයක් පමණ තද රස්නෙ තැම්බෙන්න හරින්න. එවිට දෙහි ටික හොඳට තැම්බිලා ජුස්(දෙහි ඉස්ම)විදුරු බාජනයට එකතු වෙලා තියෙනවා දකින්න ලැබේ.. පසුව එය එලියට ගෙන කැලි මිරිස් , සීනි ටිකක් එකතු කර විදුරු බොතල් වල හොදින් අසුරා තබාගන්න පසු ප්‍රයෝජනයට.මෙයට විනාකිරි ටිකකුත් එකතු කරන්න පුලුවන් දෙහි වල තිත්ත ගතිය නැති කර ගැනීමට .

ree


ree


ree


ree


ree

Comments


bottom of page