
🌺🌺මට හිමි ඔබයි🌺🌺 (52 වෙනි කොටස
- Prisila Godahewa

- Nov 24, 2020
- 5 min read
💞මට හිමි ඔබයි💞
https://www.facebook.com/groups/2653780434897311/permalink/2770175009924519/
විවාහ වී කොළඹ සිට මන්නාරමට ආ අපිට.... ඇවිත් තුන්වන දින වනවිට, අපටම කියා පදිංචියට යා හැකි කුළි ගෙයක් හොයාගැනිමට හැකිවීම ලොකු ජයග්‍රහණයක් ලෙස අප දෙදෙනා දුටුවෙමු. ඒ අපි දෙදෙනාගෙ එක්වීමෙන් පසු මුල්ම නවතැන විය. එහි බොහෝ අඩුපාඩු තිබුනද, ඉතා සරලව සැහැල්ලුවෙන් අපේ විවාහ ජීවිතය පටන් ගැනිමට ලැබුනු සුන්දර තැනක් විය.
මන්නාරමට ඇවිත් තුන්වන දින උදේ පාන්දර, අපි නැවති සිටි තානායමේ සිට අප කලින් මිලදී ගෙන තිබූ හාල්, තුනපහ ඇතුළු බඩු මුට්ටු රැගෙන, අපේ අලුත් වාහනය උන බයිසිකලේ නැග, අපේ අලුත් ගෙට ගෙවදීම සදහා ගියෙමු.
එහි අපි කලින් මිලදී ගෙන ලෑස්ති කරගත් භූමිතෙල් ළිපේ කිරිබතක් මම සාදා ගත්තෙ රමේෂ් බිද ගා දුන්, පොල්ගෙඩිය මිරිකා කිරි ලබාගෙනය. දෙදෙනා එකට එකතුවී, මුළින්ම අප පදිංචි වු නිවසේ කිරිබතක් උයාගැනිමට ලැබිම අපට විශාල සතුටක් විය.
ලක්ශ්මි දුන් අලුත් කරවල, රතුලූනු, මිරිස්, තක්කාලි ,දමා මම රසට හදාගත් කරවල බැදුම සමග අප දෙදෙනා කිරිබත් කෑවේ ඉතා සතුටෙනි.
“මං ගිහින් කරත්තෙක අපේ ලී බඩු ටික අරගෙන එන්නම්.... රෑට අපට නිදාගන්න ඇඳ හදා ගන්නත් ඕනනේ..."
“ආ ඒක හොඳයි. මං ගෙදර ඉන්නම්. ඔයා ගිහින් එන්න...."
රමේෂ් පැය දෙකකට විතර පසු කරත්තයකින් අප මුදල් ගෙවා ඇනවුම් කර තිබූ බඩු මුට්ටු ගෙනාවේය.
අප දෙදෙනා බඩු මුට්ටු නියමිත තැන්වල තබා ගෙවල් අස්කර දැම්මෙමු. ඒ හැටි බඩු මුට්ටු නැති ගේ ඇතුළ හරි පිරිසුදුවට නිදහස් බවක් පෙන්වීය.
“මට හරි සතුටුයි රමේෂ් මේ වගේ ගෙයක හරි අපට ඉක්මනට නවතින්න ලැබුනු එක.....
“මටත් එහෙමයි... අපිත් අපේ මේ ගෙවත්තේ එළවළු ටිකක් වවා ගමු....?.
“මටත් හිතුණා.... අපි අනිත් පාර කඩමණ්ඩියට ගියාම උදැල්ලක් ගමු. අපට එළවළු ඇට රාමයියාගෙන් ඉල්ලගන්න පුළුවන්. රාමයියා ඊයේ කතා කරන වෙලේ මට කිව්වා වත්තේ එදිනෙදා ගෙදරට කන්න ඕන කරන එළවළු, පලතුරු වගා කරගන්න කියලා. ඒක අපට අරපිරිමැස්මට හොඳයි. එතකොට හාල්, තුනපහවලට විතරනේ වියදම යන්නෙ...."
එදින හවස
රාමයියා සහ ඔහුගේ බිරිඳ ලක්ශ්මි දරුවත් කර පින්නාගෙන ලොකු ගෝනියක්ද බයිසිකලේ, පිටිපස ගැටගසාගෙන අපේ ගෙදර ආවේ ඔවුන්ගේ බයිසිකලයෙනි.
“මේ මොනවද බරටම උස්සාගෙන...?
“අපි ඔය දෙන්නට කන්න එළවළු, ලූනු මිරිස්, කරවල ගෙනාවා...."
“අනේ බොහොම ස්තුතියි රාමයියා .. ..."
“මම රෑට කන්න මාළු කරිත්, ඉදිආප්ප, කිරිහොදිත් ගෙනාවා...." ලක්ශ්මි කීය.
ඇය තල් කොළ වලින් සෑදු පෙට්ටියක කෑම ගෙනත් ඇත. හොදි ජෑම් බෝතලයක ඇත. එය ඇරිය විට ඉතා හොද උලුහාල් සුවදක් මිශ්‍ර දිවකට පිනා යන සුවදක් විහිදුනි. මහා විශාල ඉදිආප්ප ලොකු පීරිසියක ප්‍රමානයක් ගනී....එයින් ඉදිආප්ප තුනක් කෑවත් ඇති යැයි මට සිතේ....
“අනේ අපි හින්දා ඔය දෙන්නා ගොඩක් මහන්සි වෙලා....මම සතුටෙන් කීය.
“ඒක මොකක්ද? අපි උදවු කරන්න ඕනෙනෙ. අලුත බැඳලා ආපු දෙන්නෙක්නෙ....සෙල්වම් මගේ මාමාගෙ පුතා, එයා කියපු නිසා අපි හොදට ඔය්ගොල්ලන්ට සලකන්න ඕනේ..."
ඔවුන් එදා අපිත් සමඟම රෑ කෑම ගෙන බොහෝ වේලාවක් කතා කරමින් ඉඳ යන්නට ගියේ හොඳටම රෑ වෙලාය.
“අනිත් දවසේ සිංහල කෑම කාලා යන්න අපේ ගෙදර එන්න.... මං හෙට ඉඳන් උයන්න පටන් ගන්නවා...."
“ආ ඇත්තටම නිත්‍යා ... අපි සිංහල කෑම වැඩිය කාලා නෑ....අපි යාපනෙන් පිට කවදාවත් කොළඹ ගිහිනුත් නෑ... ඒ හින්දා අනිත් පාර ඔයාගෙ කෑම කාලා යන්න එන්නම්..."
අලුත් ගෙයි පදිංචියෙන් පසු, ඊලග සුමානේ රමේෂ් වැඩ බාර ගත්තේ මන්නාරම් දිස්ත්‍රික් කාර්‍යාලයේය. ඔහුට එහි හොඳ ස්ථානයක් හිමි විම ලොකු දෙයක් විය.... ඔහු ඉතා හොඳින් උවමනාවෙන් කවදත් රාජකාරිය කළ කෙනෙකු විය.
"මගේ මේ රස්සාව නිත්‍යා ,තාවකාලික පත්වීමක් ....මාව වැඩි කාලයක් නොගොස් වෙන කොහේට හරි ආන්ඩුවේන් මාරු කරයි....ඒ හින්දා අපි ඕනෑවටත් වඩා බඩු මුට්ටු ඇරගෙන ගෙවල් දොරවල් පිලිවෙල කරගන්න ඕනේ නෑ...තියෙන විදිහට අපි ජිවත් වෙමු...."
"ඔව් රමේෂ් ...අපට මේ මුළින් හදාගත් දේවල් හොදටම ඇති, අපට ජීවත් වෙන්න...අපි පස්සේ හෙමිහිට බඩු මුට්ටු ඇරගෙන දියුණු වෙමු..."
"මම වැඩට ගිහාම ඔයාට තනියම ගෙදර ඉන්න පළු වෙයිද...? මම ඔයාට ගෙදර වත්තේ බිම කොටලා පාත්ති හදලා දෙන්නම්...එතකොට ඔයාට එළවළු වගා කරන්න පුලුවන් කම්මැලි යන්නත් එක්ක. ...."
"...මට ගෙදර වැඩ කරලා, එළවළු පළතුරු පාත්ති වලට සාත්තු කරාම පාළු නැති වෙයි.....හැබැයි රමේෂ් මටත් මොකක් හරි ජොබ් එකක් කරන්න තියෙනවා නම් තමයි හොද..."
"මෙහෙ ගෑනු අයට ජොබ්ස් හරි අඩුයි නිත්‍ය.....පිරිමි අයටත් කරවල වේලන වැඩ තමයි වැඩිපුර තියෙන්නේ ....මම හෙමිහිට ඔයාට ජොබ් එකක් හොයලා බලන්නම්...ඔයා හොදට ඉගෙන ගත්ත එකේ ඒක, ප්‍රයෝජනයට ගන්න ඕනෙ තමයි ...ටිකක් ඉන්න මම ඔයාටත් ජොබ් එකක් බලනකම්.... එතකම් ටිකක් ගෙදරට වෙලා ඉන්න...ඊටත් ඔයා තව දෙමළ හොදට කතා කරන්න ඉගෙන ගන්න ඕනේ...මෙහෙ මිනිස්සුන්ට හරියට ඉංග්‍රීසි කතා කරන්න බෑ...."
"ඔව්...මතක් තේරුනා ඒක..."
"අර අල්ලපු ගෙදර ගෑනු කෙනා එක්ක, එයාගෙ බබාලා එක්ක ඔයා දෙමලෙන් කතා කරන්න ....එතකොට ඔයාට දෙමළ ඉක්මනට ඉගෙන ගන්න පුලුවන් වෙයි....ඒ වගේම ඔයාට මම නැති වෙලාවට පාළුත් නැති වෙයි..."
"මම උදේට නැගිටලා ඔයාට දවල්ට ගෙනිහින් කන්න බත් උයලා දෙන්නම්..."
"ඔව් ..ඒකනම් හොදයි නිත්‍යා ...නැත්නම් මට කඩෙන් කන්න ගියොත් ලොකු වියදමක් යයි....අපි දෙන්නා ගෙනාපු සල්ලි දැන් ඉවරවෙන්න ලගයි...මේ මාසේ අන්තිමට පඩිය හම්බවෙනකම් අපි දෙන්නා පරිස්සමට සල්ලි ටික වියදම් කරගන්න ඕනේ..."
"අපට රාමයියලා, එළවළු මිරිස්, ලූණු ගෙනත් දෙන නිසා, හාල් තුනපහ වලට විතරයි අමතර වියදමක් යන්නේ...ඒ නිසා අපට අමාරු වෙන එකක් නෑ...."
රමේෂ් උදේ රැකියාවට යන්න පටන් ගත් පසු මම වත්තේ එළවළු සිටුවන්න පටන් ගත්තෙ මගේ පාළුව තනිකම යන්නත් වගේම, ඒවා වලින් ගෙදර වියදම පිරිමහ ගන්නට ලැබෙන නිසාත් ය.
ඉරිදා රමේශ් ගෙදර ඉන්න දින, වත්ත පුරා කොටා පාත්ති සකස් කර දුන්නේ සතුටිනි.
රාමයියා ගෙනත් දුන් එළවළු හා පලතුරු ඇට මා සිටෙව්වේ රමේෂ් සාදා දුන් පාත්තිවලය. රමේෂ් හැමදාම වැඩ ඉවර වී ගෙදර ආ පසු එළවළු පාත්තිවලට සාත්තු කරයි. වතුර දමයි.... අප දෙදෙනා එකතු වී අපට අවශ්‍ය එළවළු හා පලතුරු වත්ත පුරාම සිටෙව්වේ හරිම ආසාවෙනි.
අහිංසක දෙමළ ජනයා පදිංචි වී සිටි මන්නාරම් දිස්ත්‍රික්කය අපේ විවාහයෙන් පසු අපේ මුල්ම නවාතැන විය. අපට එහි වාසය ඉතා ප්‍රියජනක විය. වටපිටාවේ මිනිස්සු අප සමඟ මිතුරු වූහ. ඔවුහු කිසි වෙනස්කමක් නොකර අප දෙදෙනාට හොඳින් සැලකූහ. මා සිංහල කෙනෙකු බව ඔවුන් දැන නොසිටියහ. කෙසේ වෙතත් ඔවුන් අපට හොඳින් සැලකීම මට සතුටක් විය. මම ඔවුන් සමඟ දෙමළෙන් කතා කරමින් මගේ දෙමළ භාෂා හැකියාව වැඩිදියුණු කර ගනිමින් උන්නෙමි.
සෙනසුරාදා ඉරිදාට හවස් වරුවේ මාත් රමේශුත් අපේ බයිසිකලයේ නැග මන්නාරමේ ලස්සන පැති, වෙරළ තීර දිගේ ඇවිද යන්නෙමු .... නිතර අවට ඇති කෝවිල් වලට ගොස් වැදපුදා ගන්නෙමු ... අපේ මුල්ම වාහනය උන බයිසිකලේ නැග මන්නාරම වටේ යන්නෙමු ....
"මට ඔයා කෝවිල් ගිහාම වදින හැටි කියලා දෙන්න රමේෂ් .....මම ආසයි ඒවා ඉගෙගන්න ...."
"ඔයා කෝවිල් යනකොට නිත්‍යා ...සාරියක් ඇදලා, ඔලුවේ මල්ගහලා යන්න ඕනේ...එතකොට තමයි ඔයා හින්දු කෙනෙක් විදිහ හොදටම පෙනෙන්නෙ...." රමේෂ් ඔහුගෙ කැමැත්ත මගේ හිත නොරිදෙන ලෙස කියයි.
ඇත්තටම මගේ හිත සතුටින් තියමින් මා හරියට තේරුම් ගනිමින් මා ආදරයෙන් බලා ගන්නා රමේෂ් ගැන මගේ හිතේ ඇත්තේ ලොකු ආදරයකී...
#####
අපි රාමයියා සහ ලක්ශ්මිගේ උදවු ඇතිව...
අවුරුද්දක පමණ කාලයක් මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉතා සතුටින් කිසි කරදරයක් නැතුව ජීවත් වුනෙමු .
ඒ කාලය තුල හින්දු ගෘහණියක ලෙස ජීවත්වීමට අවශ්‍ය හැම දෙයක්ම මම හොදින් ඉගෙන ගෙන සිටියෙමි. මට දෙමළ භාශාව කතා කිරිමටද සාමාන්‍ය ප්‍රමානයට හැකියාව ලැබින. අප දෙදෙනා කසාද බැද අවුරුද්දක් ගෙවි ගියත් ඒ කාලය තුල අප දෙදෙනා කවදාවත් කොළඹ බලා නොගියෙමු. නමුත් ඉදහිට, රමේශ්ගෙ අම්මා, තාත්තා හා නංගි අප දෙදෙනා බලන්න ,මන්නාරම් ඇවිත් යෑම රමේශ්ට මෙන්ම මටත් ඉතා සතුටට කාරනයක් විය.
මන්නාරමේ පදිංචියට ඇවිත් වසරක් ගෙවි ගියේ ....මගේ ජීවිතය එහෙන් පිටින්ම සතුටින් වෙනස් කරමින් ය. වෙනස් පරිසරයක, වෙනස් ජාතියක, වෙනස් ආගමක අය සමග මට ජීවත්වන්නට ශක්තිය ලැබිම ලොකු දෙයකි. දැන් හින්දු භක්තියකු ලෙස ජීවත් වන මට, එම ආගමේ දෙවිවරුද ,හොදින් උදව් කරමින් මා ආරක්ශා කරන්නේ යැයි මම නිතර සිතන්නෙමි.
මම සිංහල දෙමව්පියන්ට දාව ඉපදුන සිංහල කෙනෙකු බවත්, අමතක කරමින් මම නියම හින්දු ජාතිකයකු ලෙස දැන් ජීවත්වෙන්න පටන් ගෙන ඇත.
හින්දු ජාතිකයන්ගේ තයිපොංගල්, දීපවාලි වැනි අවුරුදු උත්සව, මම ඒ විදිහටම චාරිත්‍ර ඉටුකරමින්, රමේශ් සතුටු කරනවා වගේම, මාත් සතුටු වන්නෙමි .
සුමානෙකට සැරයක් සෙනසුරාදාට රමේශ් සමග කෝවිල් යන්නේ සාරියක් ඇද ඔලුවේ මල් ගසාගෙන, ඒ වෙනුවෙන්ම පේවිගෙනය.
හින්දු ජාතිකයන් ලෙස ගෙදරදි රමේෂ් කන්න කැමති ,තොසේ, ඉඩ්ලි, වඩේ මුරුක්කු හොදින්ම සාදන්නේ නියම හින්දු ගෘහණියක් ලෙස හරි සතුටිනි...
මන්නාරම් ඇවිත් අවුරුද්දකට විතර පසු අප දෙදෙනා කච්චේරියට ගොස් අපේ විවාහය ලියාපදිංචි කලේ.... රමේශ් ගෙ දෙමව්පියන් හා සරෝජා සෙල්වම් මන්නාරමට ගෙන්වාගෙන ඔවුන් සාක්ශියට අත්සන් කරවමින් ය..
අපේ ආදරකතාව පටන්ගත්දා සිට කරදර භාදක මැදින් ගෙවිගිය කාලය නිමා කරමින් විවාහ දිවියට ඇතුලත් වු දිනට පසුදින, අප අපේම ලොවක් සොයා සියලු නෑහිතමිතුරන් අමතක කර මන්නාරමට විත් ගෙවී ගිය කාලය ,කවදාවත් අමතක නොවන සුන්දරම කාලයක් විය... මා බලාපොරොත්තු වී හුන් ලෙසම අපේ විවාහයෙන් පසු ගෙවුනු කාලය සැහැල්ලුවෙන් ගෙවුනු සුන්දර කාලයක් විය......
අපේ විවාහයෙන් අවුරුද්දකට පසු අපට ආරංචි උන දෙයින් මමත් රමේශුත් ඉතා කළකිරිමට පත්විය.
දිනක් රමේෂ් වැඩ ඇරී නිවසට පැමිණියේ හිත නරක් කරගෙනය.
“මොකද අද අනේ මූණ නරක් කරගෙන..?
“මාව යාපනේට මාරු කරලා, දැන් අපට එහේ යන්න වෙනවා..."
“අයියෝ... ඇයි ඒ...අනේ මට බයයි රමේෂ් යාපනයට යන්න...අනික, අපි හොඳට වගා කරලා වත්තපිටිය හාදාගත්තා විතරයි...."
“ඒ වුණාට මාරුවීමක් දුන්නාම නොයා බෑනේ. මට නිල නිවාසයකුත් එහේ හම්බ වෙනවා.... බඩුත් තියෙනවලු නිල නිවාසයේ...මට කච්චේරියේ ලොකු පත්වීමක් දීලා මාව එහෙට අරින්නේ...."
“ අනේ... ඒ උනාට.. යාපනයේ දැන් ආයෙත් ටික ටික ත්‍රස්තවාදී කරදර තියෙනවානේ...අපි එහේ ගිහින් කොහොමද....? .
“ඒක ඇත්ත... මටත් තියෙන ප්‍රශ්නෙ, දැන් ටික ටික දෙමළ, සිංහල පොඩි පොඩි කෝලාහල තියෙනවා ඒ පළාතේ....ඒ පැත්තෙ ගිහින් අපට ප්‍රශ්නයක් වෙයි කියලා මටත් බයයි නිත්‍යා ....."
“ඔයාටත් බයද රමේෂ් ....? මටත් හරි බයයි රමේෂ් එහෙ යන්න.... මං සිංහල නිසා අපට ප්‍රශ්න ඇති වෙයිද?....
- හෙට හමුවෙමු -
* ප්‍රිසිලා ගොඩහේවා *and




Comments