
🌺🌺මට හිමි ඔබයි 🌺🌺
- Prisila Godahewa

- Nov 22, 2020
- 5 min read
💞මට හිමි ඔබයි💞
(45 කොටස )
🌺🌺🌺පළවන කොටසේ අවසානය අද🌺🌺🌺🌺🌺https://www.facebook.com/groups/2653780434897311/permalink/2759511657657521/
අපේ විවාහය....
වැල්ලවත්තේ කෝවිලක, ඉතා සුළුවෙන්, කෝවිලේ චාරිත්‍ර වලට අනුකූලව කිරීමට ලෑස්ති කර තිබුනේ රමේෂ්ගෙ කොළඹ පදිංචි නැන්දා හා මාමා විසිනි.
දින දෙකක් ඇතුලත කෝවිලේදී විවාහ චාරිත්‍ර සිදුකොට, අප දෙදෙනා යාපනයට පිටත් කර හැරීමට ඔවුන් කළබලේ සියල්ල ලෑස්ති කිරිමට හේතුව ,රමේෂ් මීට මාසෙකට පමණ උඩදි සැකපිට හමුදාව විසින් රැගෙන ගිය නිසා බැව් මට තේරුනි...... දමිළ ජාතික රමේෂ් සිංහල ජාතික මා හා විවාහ වීමට, ඔවුන්ගේ දෙමව්පියන්ගෙ කැමත්ත වහා ලැබි ඇත්තේ .....බහුතරයක් සිංහල ජනයා ජීවත් වන මෙරටේදී මා රමේෂ් ගේ බිරිඳ ලෙස ජීවත් වීම, ඔහුට යම්කිසි කරදරයක් සිදුවන්නට තිබෙන අවස්තාව අඩුවිය හැකි බැවින් වන්නට ඇත.
"අපි කෝවිල ඇතුලට යමු රුවිනි ..."සරෝජා මගේ මව මෙන් මා ලඟට වී ඉදිමින් මට කළයුතු දේ පැහැදිලි කරයි.
රමේෂ්ගේ නෑදෑයින්, යාළුවන් විසිදෙනෙක් පමණ සහභාගි වුන, අපේ හදිසි විවාහය සදහා ඔවුන් සමග, අපි කෝවිල තුළට ඇතුල් උනේ පාවාහන් රහිතවය.....
කෝවිලේ ප්‍රධාන පූජකයා ඇතුළු තව පූජකයින් දෙදෙනෙකු සුදු වේට්ටි වලින් සැරසි...උඩුකය නිරුවතින් ,අපේ විවාහයේ චාරිත්‍ර ආරංභ කිරිමට සැරසී උන්හ.
කොවිල තුලට ආ අප දෙදෙනාව කෝවිලේ ඇති සියලු දේව රූප හා දේවාල ළඟට එක්ක ගොස් අප වැන්දවූයෙ ඔවුන් ය.
තව පූජකයන් දෙදෙනෙකු අපේ විවාහ මංගල්‍යයේ වැඩ කටයුතු ආරංභ කිරීමට සියල්ල සූදානම් කරමින්, මගුල් මංඩපය ලඟ ඉන්නා බව පෙනේ... ..
අප දෙදෙනා විසින් සියලු දේවාල වැඳපුදා ගත් පසු දේවාලයේ කොනක සාදා තිබූ අපේ මංගල මංඩපය යැයි සිතිය හැකි අසුන ලගට අපව කැදවා ගෙන ගියේ රමේෂ්ගෙ අම්මයි........
එම මංඩපය ඉදිරිපිට හතරැස් ගිනිමැලයක් දල්වා ඇත.....ඒ තුළින් සුවද දරකෝටු රතු පාටට ගිනිදළු දමමින් එහෙමෙහෙ නටයි..... මල්මාලා, කහවතුර, කපුරු, තෙල් මල්, සින්දූර්, පැන් ආදිය ළං කොට තිබුණු මංගල පෝරුව මත අප වාඩි කරවා පූජකයන් විසින් ශ්ලෝක කියවන්නට පටන් ගත්තේය....
ගිනිමැලයේ සුවඳ දර කොටු, කපුරු, හදුන්කූරූ, සුවඳ දුම්, මගේ නාස්පුඩු තුලින් ඉහලට ඇදී යද්දී මා සිටින්නේ අමුතුම ලස්සන, පිරිසුදු ,පාවෙන ලෝකයකැයි මට සිතේ......පූජකවරුන් හා රමේෂ් කියන කියන දෑ කරමින් සිහිනෙන් මෙන් මම හින්දු චාරිත්‍රවලට මුහුණ දුන්නේ මගේ සිංහල කුල සිරිතට නැගි, පළවෙනි සිංහල මඟුල් පෝරුවද සිහිවෙද්දීය.....
හින්දු චාරිත‍්‍ර වලට අනුව අප දෙදෙනාට මගුල් මංඩපය ඉදිරිපිට තිබු ගිනි මැළය ඉදිරිපිට, විවාහ වී විශාල මල්දම්, එකිනෙකාට පළදවන්නට නියම විය. ඉන්පසු ගිනි මැළය වටේ යෑමටද සිදුවිය...එය "සප්තපදි" යනුවෙන් හදුන් වනවා බව මට, සරෝජා වේලාසන කියා දී තිබුනි.... ගින්න වටා රවුමි හතක් අප දෙදෙනාට යන්නට සිදුවිය.....එම ගින්න වටා යමින් "අග්නි" දෙවියන්ගෙන් අයැදිනුයේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඔවුන්ගේ හදවත් සහ සිත් සමිබන්ධ කරන ලෙසට බව මම සරෝජාගෙන් වේලාසන ඉගෙන ගෙන තිබීම, මේ අවස්තාවේ ඉතා ප්‍රයොජනවත් විය......එහිදි පූජකයින් කියන මන්ත්‍රය " වේද" මන්ත‍්‍රය නමින්ද හදුන්වන බව දැන උන්නෙමි.
විවාහ දිනයේ මනමාලයා විසින් මණමාලිගෙ ගෙළේ පලදන තැල්ල..."තාලිය" රමේෂ් මගේ ගෙලේ පැළදවූයේ.....පුජකයා දුන් කහ නූලක එය එල්ලාය..... එය මගේ ගෙළ පළන්දා රමේෂ් මගේ මුහුණ දෙස බලා සැහැල්ලුවෙන් සුනාසුන කල මගේ හිතටද ලොකු සැහැල්ලුවක් මිශ්‍ර සතුටක් ඇතිවිය.......
ඉන්පසු
හින්දු විවාහයේදී කාන්තාවගේ කකුලේ, සැමියා විසින් මුදුවක් පැලදවීමේ චාරිත‍්‍රය එනම් "මින්චි දැමිම" යනුවෙන් හදුන්වන චාරිත්‍රය සිදුකරන ලදී...
ගිනිමැලය වටා යමින් කෙරුණු චාරිත්‍ර වලට පසු, මිරිස් ගලක් උඩ මගේ පය තබා රමේෂ් විසින් මගේ පයේ දෙවැනි ඇගිල්ලට රිදී මුදුවක් පැළදවිය......එම මොහොතේ ඔහුගේ අතේ ඇගිලිවල පහස මගේ කකුලේ වැදුන කල, මගේ මුළු ශරීරයම හිරිවැට්...
මුළු සිරුරම අමුතුම හැඟීමකින් පිරී ඉතිරි ගියේය .... ඒ මොහොතේ කවදාවත් ඇති නොවුනු විදිහේ... ලොකු බැදීමක් මගේ හිතේ ඔහු වෙනුවෙන් ඇති වුන බව, මගේ හිතට තදින්ම දැනින........ඒ නැකත් මොහොතේ , මම නියමාකාරයෙන්ම ගතෙන් හා සිතෙන්ද රමේෂ්ට බැඳුණේ යැයි මට සිතේ....ආදරයෙන් බැදී උන් අප දෙදෙනාගේ විවාහයේ, පළමු වැනි බැඳීම, මේ මොහොතේ සිට ආරංභ උනා යැයි මට සිතේ....
කෝවිලක,සියලු හින්දු චාරිත්‍රානුකූලව කෙරුණු අපේ විවාහය මගේ සිතේ ඇති කළේ සතුටක් සමග ලොකු සැහැල්ලුවකී....
හින්දුන් තුළ නව විවාහයට එලබෙන යුවල විසින් ශාක රෝපණය කිරිමේ චාරිත‍්‍රයක් පවතින බවද මම දැනන් උන්නෙමි. ....මෙහිදි උණ වැනි ශාකයක් මාත් රමේශුත් සිටුවනු ලැබුවේ....එම ස්ථානයේ තිබු පස් පිරවු භාජනයකය.
මනමාළිය හා මනමාලයා විවාහ දිනයේ එසේ පැළයක් සිටවනු ලබන්නේ...පවුල් දිවියේ සාර්තකත්වය උදෙසා යන්න මට පවසා තිබුනේද සරෝජායි. ... එම ශාකයට "පටිටු" නමින් රෙදි කඩක්ද ඔතනු ලැබුවේය.... ඒ චාරිත්‍ර වල අදහස, විවාහයේ දි දුක සතුට සියල්ලම එක ලෙස දරා ගැනිමටත්,රඵ කටුක උපද්‍රව වලින් ආරක්ෂා විමට එම පැලය සිටවනු ලබන බවත්ය. ...
මහා අමුතු...මා නොදන්නා බොහෝ චාරිත්‍ර වලට මට මුහුණ දීමට සිදුවුනත්....මම ඒ සියලු දේට ඉතා ආශාවෙන්, උනන්දුවෙන් සහභාගි වුනේ...මුළු ජිවිත කාලයක් රමේෂ් සමග එකට ඉන්න යන ගමන.... සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවායැයි හිතින් පතමින්‍ය. ඒ සියලු චාරිත්‍ර අලුත් විවාපත් යුවලකට මුළු ජිවිත කාලයටම ඉතා සතුටින් සහයෝගයෙන් ජීවත් වීමට තරම් වටිනා චාරිත්‍ර බව මට සිතෙන්නට විය.
“ඇයි ඔයා බය වෙලා වගේ රුවිනි ..."
රමේෂ් මගේ අතින් අල්ලා හෙමිහිට ඇසීය.
“නෑ නිකං, මට හරිම සතුටුයි..... ඒ වගේම අපේ ගෙදර අය මෙතැන නැති එක ගැනත් ටිකක් දුකයි....
මං සිනාසී කීවෙමි.
“දැන් කෝවිලේ චාරිත්‍ර ටික ඉවරයි...."
“ඊට පස්සේ අපි මොනවද කරන්නේ...?
“ ඊට පස්සේ විවාහයට ආව නෑදෑයන්ට සංග්‍රහ කරන්න තියෙනවා..... යං එහා පැත්තේ පොඩි ශාලාවක් අපි බුක් කළා...
එතැනට ගිහින් තමයි අපි කෑම කන්න ඕනේ..."
හින්දු කෝවිලේ එක් පසෙකට වෙන්න තිබූ පොඩි කෑම ශාලාවේ දිග මේසයක කෑම වර්ග වගයක් තබා ඇත.... සියලු නෑහිතවතුන්ට කෑම ගැනීමට මේස හා පුටු තබා තිබූ අතර, සියල්ලෝම කෑම මේසයෙන් කෑම බෙදා ගනිමින් මේසපුටුවලට ගොස් කෑම කන්නට පටන් ගත්හ.
“අපේ මඟුල් කෑම මේසෙත් ඉතින් එළවළු විතරයි රුවිනි ...."
“කොච්චර හොඳද....අද වගේ විශේෂ දවසක සතුන් මරන්නේ නැතුව, මේ වගේ මස්මාළු නොකා ඉන්න එක....හරි වටිනවා.."
මංගල සාදයේ කෑම මේසයේ බත්, එළවළු, ව්‍යාංජන, වඩේ, මුරුක්කු, තෝසේ, ඉට්ලි, සාම්බාරු වැනි කෑම වර්ග තබා ඇත.... සියල්ලෝ අපේ විවායෙන් පසු පැවැත්වු භෝජන සංග්‍රහය භුක්ති විඳ අප දෙදෙනාට ආශීර්වාද කර පිටව ගියහ.
රමේෂ්ගේ.... අම්මාගේත්, තාත්තාගේත්, දෙපා නැමැද මම හා රමේෂ් ආශීර්වාද ලබා ගත්තෙමි. ඔවුන් මා සිප වැලද ගෙන සුභ පැතුවේ... ඇත්තටම හිත හොඳින් යැයි මට සිතේ.... මගේ කියන්න කිසිම කෙනෙක් නැති මංගල සාදයේ මා කොන් නොවුණේ සරෝජා, සෙල්වම් හා මගේ රැකියා ස්ථානයේ මිතුරිය ෂර්මිලා හා නිහාල්ද පැමිණ සිටි බැවිනි.
“ඔය දෙන්නට සුබම සුබ විවාහයක් හා සුභ අනාගතයක් වේවා කියලා අපි දෙන්නා එක හිතින්ම සුභ පතනවා.....!!
මගේ පළමු වැනි මඟුල් ගෙයට වගේම දෙවැනි මඟුල් ගෙයටත් පැමිණි ෂර්මිලා හා නිහාල් මට දෙවැනි වරටත් සුබපතා අපෙන් සමුගෙන ගියේය.
නෑදෑයන් සියල්ලන්ම විසිර ගිය පසු සරෝජා හා සෙල්වම් අපව කැඳවාගෙන ගියේ අපේ ප්‍රථම රාත්‍රිය ගත කිරීමට යොදාගෙන තිබූ වැල්ලවත්තේ හෝටලයකටය. අප කෝවිලෙන් පිටව හෝටලය වෙත යන විට රෑ අට පමණ වී තිබුනි..... සරෝජා හා සෙල්වම් අපේ ඇඳුම් බෑග්, අපට නැවතීමට නියමිත කාමරයේ තබා... අපෙන් සමුගත්තේ සුභ අනාගතයකට සුභ පතාය.....
අප දෙදෙනා කාමරය තුලට ගිය විට.... මා දුටු දෙයින් මගේම ඇස් අදහාගත නොහැකි විය.....
හෝටල් කාමරය පුරාම .... නැවුම් සුවද දෙන, විවිදාකාර මල්වලින් සරසා තිබුනි..... අපගේ නිදන ඇඳ නවුම් මල් මාලාවලින් එල්ලෙන ලෙස ආවරණය කර ඇත.නැවුම් සුවද මල්, ඇඳටද ඉස, මුළු කාමරයම සරසා තිබුණේ හිතාගන්නවත් බැරි තරම් ලස්සනටය.
“ කාමරය ලස්සනද රුවිනි ....? රමේෂ් මා දෙස බලා ඇසුවේ දිලිසෙන ඔහුගෙ ඇස් හීන් කරමින්ය....
“අනේ පුදුම ලස්සනයි. මට හිතාගන්න බැහැ...මේ මම දකින්නේ හිනයක්ද කියලා ..."
“මං ඔයාට කිව්වනේ.... මං කෝවිලේ චාරිත්‍ර ඔක්කොම ඉවර වෙලයි ඔයාව කසාද බඳින්නේ කියලා.....දැන් හරිනේ...."
“මට හරි සතුටුයි රමේෂ් ...... ඔයා නම් ඇත්තටම හොද ආදරවන්තයෙක් රමේෂ්..... ඔයා මගේ මුළු ජීවිත කාලයටම හොඳම හොඳ ආදර සැමියෙක් වෙයි කියලා මට හිතෙනවා....."
“ඔයත් මේ ලෝකේ ඉන්න හොදම, ඇත්තම ආදරවන්තියක් රුවිනි ..... ඒ නිසානේ මොන ප්‍රශ්න තිබුනත්, කරදර මැද්දේ ඔයා මාවම හොයාගෙන ආවේ....."
“💞මට හිමි ඔයයි💞 💞 රමේෂ්....මාව අයිති ඔයාටයි රමේෂ් ...."
මම රමේෂ් බදාගෙන ඔහුට තුරුලු වුණෙ....පුදුමාකාර සතුටකිනි.... රමේෂ් මගේ නළල සිප මා ආදරෙන් වැලඳ ගත්තේ කවදාවත් අත නොහරින ලෙසටය.
* 💞මට හිමි ඔබයි💞 නවකතාවේ දෙවෙනි කොටසින් හමුවෙමු ....*
*ප්‍රිසිලා ගොඩහේවා *
විනෝදාංශයක් ලෙස ඉඩ ලැබෙන විදිහට මා ලියන නවකතා, දිගටම කියවමින් සිටින ඔබ සියලු දෙනා, මේ group එකේදී ,නම් වශයෙන් මට දකින්න ලැබෙන නිසා, ඒ ගැන මට ඇත්තේ සතුටකී....ඒ වගේම මගේ නවකතා කියවමින් දිගටම මගේ හැකියාවන් අගේ කරමින් ,මා දිරිමත් කරමින් මා වෙනුවෙන් like එකක් comment එකක් දමමින් මට සතුටක් ගෙන දෙමින් මගේ ලේඛන හැකියාව තවත් දියුනු කර ගැනිමට දිරියක් දෙන ඔබ සියලු දෙනාටම මගේ ආදරය මේ මොහොතේ පිරිනමන්නටද කැමතිය.... ඔබ සියලු දෙනාට බොහොමත් ස්තුතියි ....💞💞💞💞💞



Comments