top of page

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Nov 22, 2020
  • 6 min read

💞මට හිමි ඔබයි💞

( 41 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2754787141463306/

රමේෂ් මුවින් නොදොඩා මගේ හිතේ ඇති දුක දුරු වී හිත සන්සුන් වෙන තෙක් හඬන්න ඉඩ දුන්නේ මා දෑතින් බදාගෙනය..... අප දෙදෙනා තනිකර සෙල්වම් හා සරෝජා ගේ තුළට ගියේ සතුටින්‍ වන්නට ඇත.... හිත සැහැල්ලු වෙනකම් රමේෂ්ගේ පපුවේ මුණ ඔබාගෙන ඇඩු මම, ටික වෙලාවකට පසු ඔහුගෙ මූණ බැලුවෙමි.


"මට මහන්සියි රුවනි...අපි හෙමිහිට කතා කරමු..."

මා අත හරමින්, රමේෂ් මගේ ඔළුව අතගා කීය.


"රුවිනි...රමේෂ් එක්ක පස්සෙ කතා කරන්න පුලුවන්නේ....දැන් එයාට වොෂ් එකක් දාගන්න දෙන්න ..." සරෝජා සාලේ සිට කියන හඩ ඇසින....

"සෙල්වම් ,...රමේෂ්.. ඔය දෙන්නම ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.... උදේ ඉඳන් ඇඳපු ඇඳුම පිටන් කෝච්චියේ ඇවිත් මහන්සිත් ඇතිනේ.... මං ඔයගොල්ලන්ට කෑම ලෑස්ති කරන්නම්.... රුවිනි අපි මේ දෙන්නට කන්න කෑම ලෑස්ති කරමු.....ඔය මදෑ දැන් ඇඩුවා... දැන් හෙමිහිට කතා කරගන්න බැරියෑ...."


මමත් සරෝජාත් කුස්සියට ගියේ ඔවුන් දෙදෙනාට කෑම ලෑස්ති කරන්නටය.


"ඔයා අද ගොඩක් සතුටින්...මෙහෙ ආවට පස්සෙ රුවිනිගෙ මූනේ සතුටක් දැක්කමයි..."


"මට ඉවසිල්ලක් නෑ සරෝජා ....රමේෂ්ට මොකද උනේ කියලා දැනගන්නකම්. ..."


"දැන් මේ ආව ගමන් ඒවා අහන්න එපා රුවිනි ....හෙමිහිට පස්සෙ අහන්න ..."


රමේශ්ගෙ පැමිනිම මට සතුට උතුරා යන, ඇස් අදහාගත නොහැකි දෙයක් විය.. ...


මාසෙකට කිට්ටු කාලයක් සරෝජාගෙ ගෙදර ඇතුලේ හිරවී, දුකෙන් කදුලෙන් දවස ගෙවු මට.... රමේශ්ගෙ පැමිනීම නිසා මගේ හිත සතුටින් පිරි ඉතිරි යන්නට පටන් ගෙන බව දැනින..... මාස තුනකට අදික කාලයක් දකින්න, හමුවන්න නොහැකිව සිටි අප දෙදෙනාට අද දවසේ එක වහලක් යටදි හමුවන්නට ලැබීම,කෙතරම් නම් අගේද...?


ටික වේලාවකින් රමේශ් නාගෙන ,කොට කලිසමක් ඇදගෙන විත් සාලයෙන් වාඩිවිය. ඔහුව දුටු මොහොතේ පටන් මගේ හිත කියාගන්න බැරි තරම්.... හැගිම් ගොන්නකින් පිරි ඇත..... නමුත් රමේෂ්ගෙ මුහුනේ මා දුටු පසු සතුටක් ඇතිවුනත්....ඊට යටින් දුක් මුසු පෙනුමක්ද ඇත.

ඔහු සාලයේ වාඩිවී සිටි සෙටිය උඩින් මාද ඔහුට ලංවී වාඩිවී‍ය.... ඔහු මගේ කර වටා අත දමාගත්තේ කතාබහක් නැතුවමය.... මාස තුනකට අදික කාලයක් අප දෙදෙනා නොදැක, හමුනොවි ඉද..., අද මේ හමුවුන මොහොතේ දෙදෙනාටම දෙදෙනා ගැන තිබුන ආදරය තවත් වර්දනය වී අලුත් බවක් දැනෙන්න පටන් ගෙන තිබුනි.....


"කොහොමද රුවිනි ...ඔයාට මෙහෙ හොදද..? සෙල්වම් මට කිව්වා ඔයාට වෙච්ච හැම දෙයක්ම...කොහොම හරි ඔයා මෙහෙ ආව එක හොදයි...."


"ඉතිං කියන්න ඔයාට මොනවද උනේ කියලා ...මම මේ මුළු මාසෙම හරිම බයේ හිටියේ ඔයා ගැන..."


"හරි දැන් මම ඔයා ලග ඉන්නවනේ...අපි ඒවා පස්සෙ කතා කරමු..."


සරෝජාත් සෙල්වමුත් අපේ ලගින් ඇවිත් වාඩි විය. අප හතර දෙනාම සාලේ දිග සෙටියේ වාඩි වී ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කෙරුවෙමු.


" එහෙනම් ඔය දෙන්නා එන්න රෑට කන්න....අපි දෙන්නත් රෑට කාල නෙමේ හිටියේ..." සරෝජා සැමට කතා කලාය.


“එන්න, රමේෂ් අද රෑට මං තෝසෙ හැදුවා ... ඔය දෙන්නට හොදටම බඩගිනි ඇතිනේ එන්න කන්න..."

රමේෂ්ද, සෙල්වම්ද ද සමගින් මාත් සරෝජාත් කෑම කන්නට පටන් ගත්තෙමු.


සෙල්වම් හා රමේෂ් පහුගිය දවස් වල සිදුවුන සිදුවීම් කියන තෙක්....මාත් සරෝජාත් නොවිසිල්ලෙන් පසු විය.


"අපි යාපනේ ගිහින් දවස් පහක් උනාට .....අපට පෙරේදා වෙනකම් රමේෂ් හොයාගන්න බැරි වුනා... අපි ගොඩක් එහේ මෙහේ ගියා, රමේෂ් හම්බුවෙලා රුවිනි ඇවිත් ඉන්න බව කියන්න.... අන්තිමට රමේශ්ව හම්බවුනේ වව්නියාවේ එයාගෙ යාළුවෙක්ගෙ ගෙදරදී....."


"එතකොට ඔයාව මෙහේ හමුදාවේන් එක්ක ගිහිල්ලා කොහේද දැම්මේ ..."


" මෙහේ ඉදන් යාපනේ හමුදා කදවුරකට, ඊට පහුවෙනිදම එක්ක ගියා...මට හොදට කන්න දීලා සැලකුවා...මගෙන් ගොඩක් විස්තරත් ඇහුව්වා....ඊට පස්සෙ සෙල්වම්ලා අපේ මාමට පනිවිඩයක් ඇරලා තිබුනනේ.... මාව එහේට එක්ක ගියා කියලා .......ඉතිං මාමලා යාපනේ... අදුනන මිනිස්ටර් කෙනෙක් එක්ක ඇවිල්ලා ...මම වැරදි නැතිබව පෙන්නලා,....මාව බේර ගත්තා...ඊට පස්සෙ තමයි මම වවුනියාවේ අපේ ගෙදර ගියේ......අපේ අම්මලා මම ගෙදර ඉන්නවට කැමති උනේ නෑ....ඒ නිසා මම වවුනියාවේ මගේ යාලුවෙක්ගෙ ගෙදර ගියා....මට කොළඹ එන්න හිතුනෙම නෑ..... හැබැයි අපේ අම්මලා කොළඹ වැල්ලවත්තේ අපේ නැන්දලාගෙ ගෙදර ටික දවසකට නවතින්න එන්න ඉන්න කොට, මමත් එන්න හිතන් හිටියේ....එතකොට තමයි සෙල්වම්ලා මාව පෙරේදා හොයාගෙන ඇවිත් ඔයාගෙ විස්තර කිව්වේ ... ඒ වෙලේම අපි අපේ ගෙදර ගිහින් අපේ අම්මලාට ඔයා ගැන කිව්වා...."


"එහෙනම් ඇයි ඔයාව හමුදාවෙන් ඇවිත් මේ ගෙදරදී එක්ක ගියේ..."


"ඔයා නැති කාලේ, මම මෙහේ ඇවිත්... සෙල්වම්ගෙ ගෙදර ටික දවසක් නැවතිලා හිටියනේ....ඒ කාලේ මේ අවට වටපිට ගෙවල්වල මිනිස්සු තමයි ඔත්තුව දීලා තියෙන්නේ සැක සහිත පුද්ගලයෙක් මෙහෙ ඇවිත් නැවතිලා ඉන්නවා කියලා ....ඔත්තුව දීලා තියෙන්නේ මම කොටියෙක් වෙන්න ඇති කියලා ..."


"ඒ කියන්නේ මේ අවට ගෙවල්වල අයද ඒක... කරලා තියෙන්නේ .....ඒකද ඔයගොල්ලෝ කුස්සිය පැත්තෙන් හොරෙන් වගේ කරුවලේ ගෙට ආවේ...."


"ඔව්...මෙහෙන් ඔය දෙන්නා ආපහු යනකම් ඒ අයට පේන්න නැති වෙන්නම ඉන්න ඕනේ....නැත්තම් ආයෙත් ප්‍රශ්න එන්න පුලුවන් ...."


"ඒ විතරක් නෙමේ...තව කවුද මම ගැන පොලීසියට කියලා ....ඒ සැකෙත් එක්ක තමයි මාව ඇවිත් එක්ක ගිහින් තියෙන්නේ ....."


"එතකොට ඒ කවුද ..? අපේ මාමලාද....?


"කොළඹ ඉතිං මට තරහ කාරයින්ට කියලා වෙන කවුරුත් නෑනේ...රුවිනිගෙ නෑදෑයෝ වෙන්න ඇති....ඒ අය තමයි එහෙම කරන්න ඇත්තේ කියල මට හොදටම හිතුනා ...."


"අනේ මම ඒ මුකුත් දන්නෑනේ ...එහෙනම් අපේ මාමලත් ඔත්තුව දෙන්න ඇත්තේ ඔයා කොටියෙක් කියලා .. ..ඒ අස්සේ මේ ගෙවල් අවට මිනිස්සුත් කියපු නිසා වෙන්න ඇති ඔයාව ඒ සැකේට එක්ක යන්න ඇත්තේ...."


"මේ කාලේ ඔය වගේ පෞද්ගලික තරහවලුත් පිරිමහ ගන්න කට්ටිය ඉන්නවානේ..."


"මොනව උනත් ඔය දෙන්නා...පුලුවන් ඉක්මනට කොළඹින් පිට වෙලා වෙන කොහේට හරි යන්න...මෙහෙ හිටියොත් ..රුවිනිගෙ නෑදෑයෝ අතින් ඔය දෙන්නා අනිවාර්යයෙන්ම මැරුම් කනවා....."


"කොහොම ..හරි මට සතුටුයි ඔයාට කරදරයක් උනේ නැති එකට..."


"අද අපේ අම්මලත් අපිත් එක්කම කොළඹ ආවා රුවිනි ....ඒගොල්ලෝ අපේ නැන්දලාගෙ ගෙදර ගියා.. ...ඒගොල්ලෝ තව සුමානයකින් ආයෙත් වවුනියාවේ යනවා..."


"රුවිනි දන්නවද...ඔයාට සතුටු ආරංචියක් තියෙනවා කියන්න..." සෙල්වම් සතුටින් මට කීය.


"ඒ මොකක්ද ..?


"රමේශ්ගෙ අම්මලා කැමති උනා, රමේෂ් ඔයාව බදිනවට... අපි ඔය දෙන්නා ගැන ඒ ගොල්ලන්ට කියලා ,කැමති කරගත්තා....හැබැයි ඒගොල්ලෝ දන්නෙ නෑ..ඔයා කලින් බැදපු කෙනෙක් බව...දැන් කොහොමත් ඔයාගෙ හස්බන්ඩ් නැති නිසා....ඔයාට රමේෂ් බදින්න තහනමකුත් නෑනේ... ඒ නිසා තව කල් දාන්නෙ නැතුව ඔය දෙන්නව අපි බන්දලා දෙන්නයි හැදුවේ...රමේෂ්ගෙ අම්මලා ඒකට කැමැත්තෙන් තමයි අද අපිත් එක්ක කොළඹ ආවේ...අපි වැඩිය කල් නොයවා...අනිද්දට වැඩිය කාටවත් නොකියා ඔය දෙන්නා කෝවිලේ කසාද බදින්න ලෑස්ති කරා...රමේෂ්ගෙ නැන්දලා ඒවා ලෑස්ති කරනවා කිව්වා.. ....ලොකුවට මුකුත් වෙඩින් එකක් ගන්න විදිහක් නෑ...කොවිලේ බැදලා ඔය දෙන්නා....ඊට පස්සෙ කොළබින් ඈතකට යන්න ....ඔය දෙන්නා කොළඹ ඉන්න එක හරි අවදානම් ...ඒකයි අනිද්දටම අපි දිනය දාගත්තේ ....."


මට ඒ ආරංචිය නිසා ඇතිවුන සතුට දරාගන්න බැරි විය. මම රමේෂ්ගෙ මුහුන බැලුවෙ සතුට උතුරා යද්දියි..... ඔහුත් ඒ ඇසිල්ලෙන් මා දෙස බැලීය.... දෙදෙනාට දෙදෙනාගේ දෑස් මුණ ගැසුනෙ කියාගන්න බැරි තරම් සතුටකිනි.


“මොනවා වුණත් දෙන්නම කසාද බැදලා පුලුවන් ඉක්මණට කොළඹින් කොහේ හරි ඈතකට යන්න....එතකම් හෙට දවසෙත් ඔය දෙන්නා පරිස්සම් වෙලා ඉන්න.... රුවිනිගෙ නෑදෑයෝ දැන් පිස්සු හැදිලා වගේ ඇති...."


“ඒක නම් ඇත්ත. රමේෂ් ටිකක් හැංගිලා ඉන්න..... ඔයාව තමයි රුවිනිගෙ නෑදෑයෝ හොයනවා ඇත්තේ. අහුවුණොත් ඔයාට මොන කරදරයක් කරයිද දන්නෑ....."


"ඔයා පරන ඔෆ්ස් එකෙන්නුත් අස්වුනා කියලා සෙල්වම් කිව්වා ..."


“ ඔව් මං දැන් කොළඹ ඔෆිස් එකට යන්නේ නෑ. මං අස්වුණානේ....මම කොහොමත් වේලාසන , මාරුවීමක් ඉල්ලලා තිබුනා ඔයාට මතකනේ..."


"ඔයාට වෙන ඔෆ්ස් එකකට මාරුවීමක් හම්බ වෙනකම් ඔයා නිකම්ම ගෙදරට වෙලා හිටියද ඒ දවස්වල.......?."


“මං කොහොමද ආයෙත් ඒ ඔෆිස් එකට යන්නේ රුවිනි ..? අපේ ඔෆිස් එකේ අයයි, අහලපහළ අයයි හැමෝම දැක්කානේ එදා ඔයාගේ බාප්පා මට ගහනවා. මම ලැජ්ජාවට ඊට පස්සේ ඔෆිස් ගියේ නෑ. මං එතැනින් ඉල්ලා අස්වුනේ ඒකයි....."


“අනේ දෙවියනේ ඔයාට මං හින්දා එහෙනම් රස්සාවත් නැති වුණා..

මං වගේ පව්කාරියක්.

මට මං ගැන කේන්තියකුත්, රමේෂ් ගැන දුකකුත් ඇතිවුනි.


"ඒ උනාට ඔයාට කියන්න හොද ආරාංචියක් තියෙනවා ...ඔයාට මතකනේ මම මාස හතරකට විතර ඉස්සෙල්ලා කොහේ හරි ඈත පලාතකට යන්න ඔෆ්ස් එකෙන් ඉල්ලපු මාරුවීමට... මට කන්කසන්තුරේට පත්විම ලැබුනා...මේ මාසේ අන්තිමට මට එහේ ඔෆ්ස් එකට යන්න පුලුවන් ..."


"අනේ රමේෂ් ඒක නම් කොයිතරම් හොද, සතුටු ආරංචියක්ද..අපි දෙන්නා දිහා දෙවියො බලලා..."


"ඔව් ...දැන් අපට බැදලා කෙලින්ම එහේ පදිංචියට යන්න පුලුවන් ....දැන් අපේ අම්මලත් කොළඹ ඇවිත් ඉන්න නිසා, අනිද්දට අපි කොවිලේ බැදලා...ඊට පහුවෙනිදාටම කන්කසන්තුරේට යමු...මොනව උනත් ඒ මට පුරුදු පැත්තනේ..."


"මටයි සරෝජාටයි හරි සතුටුයි ....ඔය දෙන්නට ආයෙත් එකතු වෙන්න ලැබෙන එක...අපි දෙන්නා හරි බයේ හිටියේ..රුවිනි මගුළ කඩාගෙන එදා රෑ මෙහේ ආවට පස්සෙ..."


"ඔය දෙන්නට ගොඩක් පිං...අපි දෙන්නට කරදර උන වෙලාවේ අපට කරපු උදව් වලට..."


"දැන් ඔක්කොම හරිනේ...දෙන්නත් එක්ක හෙට දවසේ ගෙදරට වෙලාම ඉන්න. අනිද්දට අපි කෝවිලට ගිහිල්ලා බන්දලා දෙනකම්..."


“හොඳටම රෑ වුණා සරෝජා ... අපි නිදාගන්න යමු....මම මේ සුමානෙම වැඩට ගියෙ නෑනේ... හෙට උදේ මං වැඩට යන්න ඕනේ..."

සෙල්වම් කීය.

සෙල්වම් කෑම මේසයෙන් නැගිට, නිදා ගන්න යෑමට සැරසි ඇත.


"තැන්කියු සෙල්වම් අපි වෙනුවෙන් ඔයා ගොඩක් මහන්සි උනා....."


"යාළුවෝ වෙනුවෙන් මෙහෙම දෙයක්වත් කරන්නෙ නැත්නම් වැඩක් නෑනේ..."


“එහෙනම් අද රමේෂ්ගේ කාමරයේ වෙනදා වගේම රුවිනිට නිදාගන්න දෙන්න....අද රෑට රමේෂ් සාලේ නිදා ගන්න...රෑට ඒ කාමරේ පැත්තට එහෙම යන්න එපා රමේෂ්...හොදද..?

සිනාසෙමින් සෙල්වම් විහිළු කළේ රමේෂ්ටය.


“මං කොහෙද එතකොට නිදාගන්නෙ.....?


“ඔයා මේ සෙටියේ නිදා ගන්න....තව දවස් දෙකක් මේ හිටිය විදිහටම වෙනම ඉදලා....අනිද්දට දෙන්නා රමේශ්ගෙ අම්මලත් එක්ක කෝවිලට ගිහිල්ලා, දෙවියන් ඉස්සරහ බැදලා එක කාමරයක නිදා ගන්න යන්න පුලුවන් ....එතකම් ඉවසලා ඉන්න... රමේෂ් ඔයා යන්නෙ එහෙම නෑ රුවිනිගෙ ගේ කාමරය පැත්තේ...මම ඔයගොල්ලන්ට වැඩිය වැඩිමල් නිසා, කියන්නේ....

සරෝජා බොරු තරහක් ගෙන රමේෂ්ට කීවාය.


“බයවෙන්න එපා. මට හදිසියක් නැහැ.... මං රුවිනිව දෙවියන් ඉදිරියේ හරියටම කසාද බැඳලා තමයි රුවිනි ගේ කාමරයට යන්නේ...."


“හරි හරි හැමදේම වෙලාවට හරියයි.... අපි එහෙනම් නිදා ගන්න යනවා. රමේෂ් මේ කොට්ටේ, රෙද්ද එහෙනම් සෙටියට දාලා නිදාගන්න.....


සරෝජා හරියට මගේ අක්කා කෙනෙක් වගේ යැයි මට සිතේ.... ඇය අප දෙන්නා ගැන, හැම දෙයක් ගැනම හරියට සිතන්නීය.


“ගුඩ් නයිට් එහෙනම් දෙන්නටම.."

සරෝජාත්, සෙල්වමුත් අපට රෑට සුබ පතා නින්දට ගියේ විදුලි පහන් නිවා දමාය...


“රමේශ් එහෙනම් ඔයාටත් මහන්සි ඇතිනේ.... ඔයත් ගිහින් නිදාගන්න.."

මම රමේශ්ගෙ අත තදින් අල්ලා මිරිකා සමුදුන්නේ තව දෙදිනකින් අපට එකට මුණ ගැසි, එක කාමරයක නිදා ගත හැකි යන බලාපොරොත්තුවෙනි.


රමේෂ් සෙටියේ ඇලවුණේ මට ගුඩ් නයිට් කියමින්‍ ය....නමුත් ඔහුගේ දෙනෙත මා දෙසට යොමුවි ඇති බව මට පෙනින..... සෙල්වම් හා සරෝජා සාලයේ විදුලි පහන් නිවා දමා ඔවුන්ගෙ කාමරයට ගිය කල, මම රමේෂ් ඇලවී නිදා සිටින සෙටිය වෙත ගොස් ඔහු ලගින් ඉද ගත්තෙමි .


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page