🌺🌺මට හිමි ඔබයි 🌺🌺
- Prisila Godahewa

- Nov 22, 2020
- 3 min read
💞මට හිමි ඔබයි💞
(35 වෙනි කොටස)
https://www.facebook.com/groups/2653780434897311/permalink/2748411322100888/
"මෙහෙමයි රුවිනි ...අපි හරියට දන්නෙ නෑ රමේෂ් කොටි ත්‍රස්තවාදීයෙක්ද නැද්ද කියලා තවම....එයාව ප්‍රශ්න කරන්න එක්ක ගියේ....එයා හොද ගතිගුණ තියෙන කෙනෙක් කියල විතරයි මම දැනගෙන හිටියේ... එයාව ගොඩක් කාලයක ඉදන් මම දන්නවා.....එයාගෙ, අපේ නෑදෑයෝ ඔක්කොම ඉන්නේ යාපනේ....මගේ මල්ලිගෙ හොදම යාළුවා රමේෂ් ...ඒකයි අපි එයාව ආශ්‍රය කරන්නේ...අපි දන්න විදිහට නම් එයා කොටි සාමාජිකයෙක් නෙමේ...කවුරු හරි එයාගෙ තරහ කාරෙක් කියලා ,එයාව සිඅයිඩි එකෙන් ගෙනිච්චා කියලයි මම හිතන්නේ...."
"මම එයා ගැන හොදට දැනගෙන හිටියා සෙල්වම් .....එයා එහෙම කෙනෙක් නෙමේ ..."දෑසින් කදුලු ගලාගෙන යද්දි මම සෙල්වම්ට කීවෙමි.
"හැබැයි මම දන්න තරමට රමේෂ් ඉස්සර එහෙම කෙනෙක් නෙමේ ....ඒ උනාට ඔයාගේ මාමලා, බාප්පලා දවසක් එයාට බස් හෝල්ට් එකේදි බිම දාගෙන ගහපු දවසින් පස්සේ එයා ගොඩක් කේන්තියෙන් හිටියේ සිංහල මිනිස්සුත් එක්ක...ඒත් එයා අද හවස් වෙනකම් ඔයා එනකම් බලාගෙන ඉදලා ඇඩුවා...මට පුදුම ඒකයි...."
" අනේ අපි එයා වෙනුවෙන් දැන් මොනවද කරන්නේ සෙල්වම් ..." මම දෙනෙතින් කදුළු ගලායද්දී ඇසුවෙමි .
"බැරෑරුම් ප්‍රශ්නයක් රුවිනි ....එයා වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා අපටත් මොනව වෙයිද දන්නෑ....ඒකයි ප්‍රශ්නය ..."
"අනේ එහෙම කියලා කොහොමද ...? අනේ රමේෂ්ට උදව් කරන්න සෙල්වම් ....ඔයා එයාව පොඩි කාලේ ඉදන්නේ දන්නේ....මම ඔයාට වදින්නම්..." මම දෑත් එකතුකර සෙල්වම් ලගට ගියෙමි.
"ප්‍රශ්නෙ තියෙන්නේ ...මිනිහා අර ආන්ඩුවේ කන්තෝරුවේන්, ගිය මාසේ අස්වෙලා, ඒ කියන්නේ ඔයාගෙ බාප්පලා කරපු කරදරයෙන් පස්සේ... කන්කසන්තුරේට පත්විමකට ඉල්ලුම් කරලා...ඒ නිසා හමුදාවෙන් වැඩියෙන්ම මිනිහව සැක කරනවා...."
"රමේශ්ව මම අදුනගන්න කොට එයා එහෙම කෙනෙක් නෙමේ ....., එයා වෙනස් උනානම් මේ මාව හම්බ නොවුනු කාලෙ තමයි ...මට දුකයි සෙල්වම් ....එයා මගේ මිනිස්සු කරපු දේවල් නිසා, නරක කෙනෙක් උනාවත්ද කියලා ....
"
"අපි රමේෂ්ගෙ පරන ඔෆ්ස් එකේ ලොක්කා හම්බවෙලා රමේෂ් වෙනුවෙන් උදව්වක් ගන්න පුලුවන්ද බලමු...."
"අනේ...ඔයාට ගොඩක් පිං සෙල්වම් ..රමේෂ් වගේ හොද කෙනෙක් වෙනුවෙන් කරන උදව් වක් කියලා හිතාගෙන කරන්න....මම කවදාවත් ඔයදෙන්නව අමතක කරන්නෑ..."
"දැන් ගොඩක් රෑවෙලා රුවිනි ...අපි නිදාගමු...හෙට උදේට මම රමේශ්ගෙ පරන ඔෆ්ස් එකේ බොස්ව හම්බවෙන්න ගිහින් බලන්නමි..."
"ලොකු උදව්වක් සෙල්වම් ...."
"රුවිනි ඔයා ඔය ඉස්සරහ කාමරේ අද නිදාගන්න ...ඊයෙ පෙරේදා රමේෂ් නිදාගත්තෙත් ඔය කාමරේ තමයි ...එයාගෙ ඇදුම් ඔක්කොම ඒ කාමරේ තියෙන්නේ..."
"තැන්ක්ස් සරෝජා ,සෙල්වම් ...මට මේ නවාතැන් දීලා කරන උදව් වලට..."
"ගුඩ් නයිට් රුවිනි ..."
"මට නම් ගුඩ් නෑ....ඒත් ඔයගොල්ලන්ට ගුඩ් නයිට්..."
මම සරෝජලාගෙ ගෙදර ඉස්සරහ කාමරයට නිදාගන්න ගියෙමි . පහුගිය දවස් වලත්, අද දවසෙත් රමේශ් නිදාගත්, ඔහු සැරිසැරූ කාමරයේ ඔහුගෙ ජීවන සුවද ඇතැයි මට සිතේ...ඔහු නිතර පාවිච්චි කල විළවුන් සුවද කාමරය පුරා විහිදි ඇත. කාමරයෙ බෝල කූඩූවේ ඔහු නිතර අදින ශර්ට් දෙකක් එල්ලා ඇත. මම ඒ ශර්ට් එක එතනින් ගලවා අතට ගෙන පපුවට තුරුල් කරගෙන නහයට ඔබා ගත්තෙමි. ඒ ශර්ට් එකෙන් ඔහුගෙ ජීවන සුවද විහිදී ගියේ...අපේ පරන පුරුදු සියලු හමුවීම් මතක් කර දෙද්දීය. ඒ සුවදත් සමග, මගේ දෑස් නැවතත් තෙත් උනි. මම ඒ ඔහුගේ විලවුන් සුවද රැදි ශර්ට් එක තුරුලු කරගෙන, ඔහු පහුගිය දවස්වල නිදාගත් ඇදේ...ඔහු හිස තියපු කොට්ටයට ඔලුව තියාගෙන නිදාගන්න උත්සහ ගත්තෙමි. ඊයේ උදේ මනාලියක මෙන් ලෑස්ති වීමට නැගිටගත් මොහොතේ පටන්...මම දැන් වෙනකම් එක විනාඩියක් ඇස් පියවා නැත. නමුත් මගෙ ඇස් මායිමකට නිදිමත ගතියක් නැත. මම දෙලොවක් අතර අතරමං වී ඇත.
මම මගේ ආදරය නිසා...
දෙමව්පියන්ට අකීකරු උන...ඔවුන්ව ලෝකයා ඉදිරිපිට ලැජ්ජාවට පත්කර...ඔවුන්ට ඔලුව කෙලින් තියාගෙන සමාජය වෙත යන්නට බැරි තත්ත්වයකට පත්කර, බොහෝ කරදරකම් වලට, අමාරුකම් වලට පත්කල නරක, නපුරු, අත්මාර්තකාමී කෙල්ලක්මි. ඒලෙසම මම දැන් වෙන කෙනෙකුගේ බිරිදකී...මගේ සැමියාට ඔහුගෙ නෑදෑයින්ට සමාජයට මුහුන දෙන්නට බැරි තත්වයකට ඔවුන් පත්කල අධම, නපුරු ආත්මාර්තකාමි ගැහැනියක් ලෙස.... මගුල් දවසේ පැනගිය මෝඩ,අධම ගැහැනියක්ද වෙමි....
රමේශ්ගෙ ආදරය වෙනුවෙන්....මගේ මුළු නෑදෑ පරපුර, සැමියාගෙ පරපුර අමතක කර...මගේ ආදරවන්තයා සෝයා ආ අධම නිවට ගැහැනියට දෙවියන් වහන්සේ දඩුවම් දී ඇත. දීගේ.. කඩාගෙන පැරණි පෙම්වතා සොයා ආ මට අද ඔහුද අහිමි වී ඇත....ඒ අනුව මගේ අනාගතය කෙසේ, කොයි ලෙස විසදේවිදැයි කාහට කිව හැකිද...?
රමේශ්ගෙ සුවද රැදි ඔහුගෙ ඇදුම තුරුල් කරගෙන....ඔහු සැතපුන ඇදේ නිදා ගෙන ,ඔහු සමග ගත කල සුන්දර දින ගනන්, මතකයට නගා ගන්නට උත්සහ කලත් මට...හිටි හැටියේ මා භීතියකින් වෙව්ලන්නට විය...දෙවියනේ ..රමේෂ් කොටි ත්‍රස්තවාදීයෙක්ද.
..ඔහු මම නිසා...එසේ ත්‍රස්තවාදීයෙක් වුවාද...? නැතහොත් මා මුණ ගැසෙනවිටත් ඔහු ත්‍රස්තවාදීයෙක්ද...? දෙවියනේ ..
ඔහු අපේ සිංහල පරපුර වනසා දමන්නට උත්සහ ගන්නා, ත්‍රස්තවාදීයෙක් නම්....
මම කෙසේද ඔහු සමග ඉරනම් ගමනක් යන්නට පෙරුම් පුරන්නේ...ඔහු ඇත්තටම කොටි ත්‍රස්තවාදීයෙක් නම්... ඔහු මා මොන විදිහේ දඩුවම් වලට පත්කර මා කවදාහෝ මරා දමයිද...?.මා පමනක් නෙව...මගේ නෑදෑ පරපුර, සිංහල ජාතිය නැතිකරලීමට ඔහු තීරනය කර ඇත්නම්...මම මගේ ජාතියට කරන්නට සැරසෙන්නේ කොයිතරම් නම් අසාධාරණයක්ද..? ඔහු අදින් පසු නැවත නොආවොත් මගේ අනාගතය කෙලෙසද විසදෙන්නේ....මගේ ඔලුව අවුල්වී මට උන ගැනී එන ලෙසක් දැනේ.... මගේ දෙනෙතින් කදුලු ගලා ගොස්...ඔලුව තියා සිටි කොට්ටය තෙත්විය...
ඈත ගෙයක ඇතිකරන කුකුලකු හඩලන සද්දෙද මට ඇසුනු පසු...හෙමිහිට මගේ දෙනෙත් පියවි යනවා මට දැනින.
- සදුදාට හමුවෙමු -
* ප්‍රිසිලා ගොඩහේවා *



Comments