top of page

🌺🌺මට හිමි ඔබයි🌺🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Nov 22, 2020
  • 4 min read

💞මට හිමි ඔබයි💞

( 27 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2740376292904391/

වැලහින්නක් සේ කදුළු පෙරමින් මා අඩද්දී... බාප්පා, මා කූලි රියේ පිටුපස ආසනයට තල්ලු කර දොර වසා දැම්මේය. ඒ සැනින් කූළි රතය ඉගිල්ලුනි....මම පිටුපස ආසනයේ සිට පසු පස හැරි බස් නැවතුම දෙස බලනකල, රමේෂ් වටකරගත් බස් නැවතුමේ මිනිසුන් මට දැක ගත හැකි විය.... මගේ දෑසේ කදුළු සීදී ගොස්... මට දත්මිටි කැවිනි....වාහනය තුල සිටින බාප්පා හා මාමා සමග මට ඇතිවුනේ කියාගත නොහැකි තරහකි. මම වචනයක්වත් ඔවුන් සමග කතා නොකර, ඉදිරිපස ආසන ඇන්දෙන් හිස තියාගත්තෙමි.


බස් නැවතුමේ මිනිසුන් ඉදිරිපිට කිසිම වරදක් නැතිව රමේශ් බිම දමාගෙන අතින් පයින් ගැසූ මාමා බාප්පා හා ඔහුගේ යාළුවා.....මා බලහත්කාරයෙන් ඔවුන් ආ වාහනයට නංවාගෙන අපේ ගෙදර ආවේ අක්කලාග් ගෙදර නොයාය. මේ මොනවාද අප දෙදෙනාට උනේ කියා මට හිතා ගැනීමට වත් කාලයක් නොවිය. මගේ කමුල තවමත් රිදුම් දෙන්නේ මාමා මට, බස් නැවතුමේදී ගැසූ පාරටය......අනේ දෙයියනේ බාප්පා, හා මාමා රමේෂ්ට ගහනකොට රමේෂ් නිකම්වත් ඔවුන්ට අත නොඋස්සා....ඔවුන්ගෙන් බේරෙන්න බිම පෙරලී පාරවල් වලකා ගන්නට හැදු හැටී මතක් වෙන හැම මොහොතකම ....මගේ දෙනෙතින් කදුළු කඩා වැටී මට ඉකිගැසි ඇඩෙයි.....අනේ දෙවියනේ රමේශ් අහිංසකයෙක් වගේ ඔවුන්ගේ පාරවල් ඉවසාගෙන හිටි හැටි.... අප දෙදෙනා නිතර බස් එකට නගින්න එන බස්නැවතුමේ හිදිනා බොහෝ දෙනෙක් අප දෙදෙනාව දනී. ඒ මිනිසුන් ඉදිරිපිට උන මේ සිදුවීම, ලැජ්ජාව අප දෙදෙනා කොහොමද ඉවසා දරා ගන්නේ.... පව්, බස් නැවතුමේ සිටි මිනිස්සු හැමෝම ,ඒ උන සිදුවීමෙ දූටු නිසා... මින් පසුව, ආයෙත් කොහොමද රමේෂ් හා මම ඒ බස් නැවතුමට යන්නේ.... දෙවියනේ, රමේෂ්ට වුණේ මොන තරම් ලැජ්ජාවක්ද....? මට බාප්පාත්, ලොකු මාමාත් එක්ක ඇති වුණේ කියාගත නොහැකි තරමේ, පුදුම තරහකි.


ඔවුන් මා කෙළින්ම එක්ක ආවේ අපේ ගෙදරටය....මා එක්ක ආ සැනින්, මගේ පරන පුරුදු කාමරයට දමා දොර වසා දැම්මාය. මම කාමරයේ සිට කදුළු පෙරමින් ඉකිගසමින් අඩන්න ගත්තේ රමේෂ්ට උන අසාධාරණය ඉවසාගත නොහැකිවය.


අම්මා සැරෙන් සැරේ කාමරයට විත් මට කන්නට බොන්නට දේ කාමරයේ මේසය උඩින් තියා, මට නොසෑහෙන්න නොනවත්වා බැනමින් එළියට යන්නේ කාමරයේ දොර වසා යතුරද රැගෙනය.


“දැන් ඉතිං උඹ රස්සාවට ගිහින් ඉවරයි..... මං කිව්වා ඔය මඟුල නවත්වන්න කියලා....අපට ගැලපෙන තැනක එකෙක් උනානම් බන්දලා දෙන්න තිබුනා...රෙද්දක් ඇදගෙන උබව අපට දෙමලෙක්ට බන්දලා දෙන්න පුලුවන්ද ...කියන දේ අහල ඕක නවත්තලා දැම්ම නම් මේ කරදර මුකුත් නෑනේ...

අම්මා මා කාමරයට වී, නොකා නොබි අඬන විට කියයි.

“අර ගාල්ලේ මිනිස්සු දැනගත්තොත් මොනවා හිතයිද...මොනව වෙයිද...? තව සුමාන දෙකකින් කසාද බඳින්න ඉන්න ගෑනි වෙන මිනිහෙක්ට තුරුල් වෙලා පාරේ යනවා.....ෆිල්ම් හෝල් ගානේ යනවා....යන්තම් තාම ඒ මිනිස්සුන්ට ඒවා ආරංචි වෙලා නෑ..."


“හොඳ වෙලාවට අපි අද බස් හෝල්ට් එකට ගියේ.... මට ආරංචි වුණා,දෙන්නත් එක්ක. හැමදාම ජෝඩු දාලා බස් හෝල්ට්එකට එනවා කියලා. ඒ හින්දා තමයි අපි අද ගිහින් බලන් හිටියේ....

බාප්පා පුරසාරම් දොඩවයි.


ඇයි දෙයියනේ මේ මිනිස්සු ,මේ ජාති භේදයක් නිසා අපේ ආදරය කඩා බිද දමන්න දඟලන්නේ.... ඔවුන් එදා රමේෂ්ට කළ ලැජ්ජාව....මට මතක් වෙන හැම මොහොතකම මගේ පපුව පිච්චි යන තරම් දුකක් දැනේ....ඒ සිදුවීමත් සමග ගෙදර සියලු දෙනා ගැන මගේ හිතේ ඇතිවී ඇත්තේ කියාගත නොහැකි තරහකි. මම ඒ තරහින් නොකා නොබී කේන්තියෙන් පසුවුනේ , ඉද හිට කාමරයට එන, අම්මා, සෝමා, නැන්දා හා නැන්දාගෙ ළමයින් සමගද තරහින් පුපුරමිනි.


දැන් මම මගේ කාමරය ඇතුලත හිරකාරියක්ය. අම්මා කෑම බීම මගේ කාමරයටම සැපයු අතර ගෙදර කවුරු හරි, මගේ තනියටද තබා තිබුනී. මට රස්සාවට යන්න නොලැබීම මා දැඩි ලෙස කණගාටුවට පත් කර තිබුනි. රැකියාවට මා නැවත නොඑන බවට පනිවිඩයක් අය්යා අත ඇරපු බව පැවසුවේද අම්මාය...


"දැන් එන සුමානේ කසාද බැන්දට පස්සෙ ...ගාල්ලේ පදිංචියට යන්න වෙනවනේ....එතකොට රස්සාවට කොහොමත් යන්න වෙන්නෙ නෑනේ....ඒ නිසා විජිත් පුතාට කිව්වා මම කන්තෝරුවට දැනුම් දෙන්න කියලා , රුවිනි රස්සාවෙන් අස්වෙනවා කියලා ..."

අම්මා එය කිව් දිනේ මම ඉකි ගසමින් ඇඩුවේ...මම පාසැලේන් අස්වු පසු අමාරුවෙන් හොයා ගෙන, ආසාවෙන් කරපු රස්සාවෙන් මාව මොවුන් අස්කර ඇති දුක ඉවසාගන්නට නොහැකිවය.


මම දැන් ගේ ඇතුලේ හිර කාරියක් වී ඇත...මගේ පස්සෙන් කවුරු හෝ මට දැන් තනි රකියි....


එදා ඒ උන සිදුවීමෙන් පසු, මට ගෙදරින් එළියට යන්නට බැරිවුන නිසා.... රමේෂ්ව දකින්නවත්, පණිවුඩයක් අරින්නවත් ලැබුණේ නැත..... හිරකාරයෙක් වගේ මට ගෙදරට වී සිටින්නට විම හා ගෙදර අය මගේ මගුලට කළබලේ ලෑස්ති වීම මට ඉවසා සිටිය නොහැකිය .


අහම්බෙන් දිනක් මගේ කාමරයට අම්මා කැදවාගෙන ආවේ ශර්මිලාවය. ඇය දැක මගේ සතුට ඉහවහා ගියේ....මෙපමණ දවසක් මා සිටි කරදරකාරී නොසන්සුන් ගති මග හරිමින්‍ය.

" අනේ ශර්මිලා කොහොමද ?...ඔයා ආපු එක නම් මට හරිම සතුටුයි ...." මම ඇය බදාගත්තේ සතුටින් ඉපිලෙමින්ය. ඇය මට ලොකු චොකලට් පැකැටුවක් ගෙනවිත් තිබුනි.


"ඔෆිස් එකේ බොස් කිව්වා ඔයා වැඩට ආපු නැති නිසා, ගිහින් බලලා එන්න කියලා ....ඔයා ආයෙත් කවද්ද දැන් වැඩට එන්නේ...." අම්මාද අපේ කාමරයෙන් එළියට නොයා, අපේ කතා බහට කන්දෙයි.

අපි මගේ කාමරයේ සිට කතා කරන දේට, අම්මා කන්දී සිටින නිසා,අපට නිදහසේ කතා කිරීමට හැකියාවක් නැත.


"ඇයි ළමයො....අපි කන්තෝරුවට පනිවිඩයක් යැව්වනේ ...රුවිනි ආයෙත් වැඩට එන්නෙ නෑ කියලා ...ඒක ඔය ළමයා දන්නෙ නැද්ද ...?අම්මා ශර්මිලාගෙන් ඇසුවේ නොකැමැත්තෙනි.


"අනෙක ළමයෝ....රුවිනි එන සුමානෙ කසාද බැදලා ගාල්ලේ පදිංචියට යනවා...ඒ නිසා කොහොමත් එයාට ඊට පස්සෙ රස්සාවට යන්න වෙන්නෑ...."


මම රැකියාවට නොගිය නිසා , රමේෂ්ගෙන් පනිවිඩයක් ඇරන් , ෂර්මිලා මා බලන්නට එන්න ඇතැයි මට සිතේ.... ඇය අපේ ගෙදර ආවේ තව ඔෆිස් එකේ මගේ යාළුවෙක් සමගය.


“සුමානෙකින් රුවිනි වැඩට ආපු නැති නිසා අපි බලන්නයි ආවේ ඇන්ටි......?

ෂර්මිලා අම්මාට බැගෑපත් ලෙස කීය.


ඇය මගෙත් රමේශ් ගෙත් දේ...අම්මා ඉදිරිපිට කතා නොකර,ඔෆිස් එකේ වැඩ ගැන, විස්තර අම්මාට ඇහෙන්න කතා කරයි. අම්මාද කාමරයෙන් එළියට නොයා අප ඉන්න තැනටම වී අපේ කතාබහට සවන්දීගෙන හිදී. අම්මා අප ලග නිසා මට රමේෂ් ගැන විස්තරයක් අහන්නවත් විදියක් නැත. ෂර්මිලා පැමිණ ඇත්තේ රමේෂ්ගේ පණිවුඩයක් රැගෙන බව මට හොඳටම තේරි ඇත. අම්මා ශර්මිලාට තේ හදන්න කියා සුමනාට කියන්න.....,කාමරයෙන් එළියට ගිය වහා....ෂර්මිලා වටපිට බලා මට දුන් සුදුපාට හතරට පහට නවපු කොළය මම විගහින් හැට්ට කර අස්සේ දමා ගත්තෙමි. අනිවාර්යයෙන්ම එය රමේෂ්ගෙන් පණිවුඩයක් බව මම වටහා ගත්තෙමි.


“රුවිනිගේ මඟුල් ගෙදර එන මේ මාසේ 14 වැනිදා.... ඔය ළමයි දෙන්නත් එදාට අනිවාර්යයෙන්ම එන්න....දහවෙනිදට මේ ගොල්ලන්ගේ විවාහය ලියාපදිංචි කරනවා...ඒ උත්සවය නම් අපි ලොකුවට ගන්නෑ....මගුල් ගේ නම් දන්න කියන අයට කියලා ගන්නයි ඉන්නේ...ඔය ළමයිනුත් මගුල් ගෙදරට එන්න...

"

අම්මා ෂර්මිලාටත් මගේ අනෙක් යෙහෙළියටත් ආරාධනා කලාය.


“හා ඇන්ටි....අපි නොවරදවාම එන්නම්..."

ෂර්මිලා අම්මාට කීවේ සතුටිනි.


ෂර්මිලාලා තේබී පැයක් පමණ මා සමග ඉද යන්න ලෑස්ති වීය. ඔවුන් කාමරයෙන් එළියට යන විට මං අම්මාට හොරෙන්.... ෂර්මිලාගේ කනට කර ...


"14 වැනිදායින් ඉස්සර මම එයාව හොයාගෙන එනවා කියන්න" කියා ශර්මිලාට හොරෙන් කීවෙමි.


ශර්මිලාලා ඇවිත් ගියායින් පසු.... ,අම්මා කාමරයෙන් එළියට ගිය වහා, මම ශර්මිලා මට හොරෙන් දී ගිය ලියුම, මගේ හැට්ට කර ඇතුලෙන් ගෙන පොතක් ඇතුලේ දමාගෙන, පොත කියවන ලෙස එය කියවුවෙමි.


ආදරනීය රුවිනි ,

මම මේ ලියුම ලියන්නේ කළබලේ ...එදා ඔයාගේ මාමලා මට බස් නැවතුමේදී පහර දී ගියායින් පසු මම නැවත වැඩට නොගියෙමි. ඒ ලැජ්ජාව ඉවසා ගන්නට බැරි කමටයි. ...මම දැන් වවුනියාවේ අපේ ගෙදර ඉන්නේ...

මම මේ ලිපියේ පහල ලියා ඇති ලිපිනයට ඔය පුලුවන් ඕන වෙලාවක යන්න. ඒ අපි එදා ට්‍රිප් එක ගිය සරෝජාගෙ ගෙදර ලිපිනයයි ....ඔයා එහේ ගිහින් නවතින්න. මම ඊට පස්සෙ කොළඹ එන්නම්....අපි ඊට පස්සෙ කසාද බැදලා කොහේ හරි ඈතකට යමු. ඔයාට පුලුවන් උන ගමන් ගෙදරින් පැනලා සරෝජාගෙ ගෙදර යන්න. එයාගෙ ලිපිනය නො.17, පන්සල පාර, මහරගම .


මේ ඔයාගේ ආදර

-රමේශ් -


රමේෂ් ඉංග්‍රීසියෙන් ලියා තිබු ලියමනේ, ලිපිනය මම මගේ පරණ පොතක ලියා තබා...රමේෂ් ඒවු ලිපිය පොඩි පොඩි කෑලී වලට ඉරා දැමුවෙමි.


-සදුදාට නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page