🌺බැද්දේ කුමරිය 🌺
- Prisila Godahewa

- Jan 27, 2022
- 10 min read
🌺 බැද්දේ කුමරිය 🌺
(23 වෙනි කොටස)
https://www.facebook.com/groups/2653780434897311/permalink/3083396145269069/
සුනිලා, දරුවා පහසුවට ඇදේ නිදිකර රෙද්දකින්ද වසා පැත්තකින් කොට්ටයක්ද තිබ්බාය.....ඒ නම් පුතා බිමට පෙරලි වැටෙයි කියා පරිස්සමට වෙන්නට ඇත. මම ඇඳ ලඟ හිටගෙන, ඈ කරනා, සියලු දේ ඇයගේ, පසුපසට වී ආසාවෙන් බලාසිටියෙමි. මම පුතා ඇදෙන් තියා අහවර නිසා, දැන් මා මෙතනින් යා යුතුය..... නමුත් පුතා වගේම මට, සුනිලාද දමා , ඇය සිටිනා තැනින් යාමට නොසිතේ....
පුතාඇදේ පහසුවට නිදිකර අහවරවි, සුනිලා හෙමිහිට කෙලින්වි මාදෙස බැලුවේ පුදුමයෙන් මෙන් ය....ඇය මා දුටුවේ ඒ මොහොතේය. තවමත් ඇය පිටුපසින්, මම සිටගෙන ඉන්නා බව දැක ඇය බය උන පෙනුමක් තිබුනි....
"අය්යා තාම මෙතනද..? එහෙනම් අය්යා නිදාගන්න යන්න ...මමත් නිදියන්න හදන්නේ ....මම හිතන්නේ අක්කලත් නිදාගන්න ගියා..."
මගේ ලඟම හිටගෙන, මගේ මුහුන දෙස බලාගෙන, හෙමිහිට ඇය කතා කරන්නේ, ඇයගේ සද්දෙට පුතා නැගිටියි කියා බයෙන් මෙන් ය,.... කාමරයේ ඇති මළානික එළියෙන්, ඇගේ ඇස්දෙස කෙලින්ම බලාසිටිනා මට, ඇගේ දෑස් තුල ලියවි ඇත්තේ .... පුදුමය , අපහසුව,
හා බලාපොරොත්තු දහසක් පිරි බැල්මක් බව තේරුනි. ඇගේ නිල්වන් දෑස් ....කාමරයේ මලානික එලියෙන් දිලිසෙයි. ඒ දෑස් වල ඇති කාන්තිය, බැල්ම සුන්දර සිරියාව, මගහැර මම කෙසේ මෙතනින් යන්නද...?
"මල්ලි තාම නිදිනැද්ද...?දැන් හොදටම රෑ වුනා...ගිහින් නිදාගන්න ...."
අක්කා කාමරයේ දොර රෙද්ද මෑත් කර එසේ කිව්වේ..... අපි දෙදෙනා එක ලඟ සිටිනවා දැක බයවෙලා වගේම කේන්තියෙන් මෙන් මට අණකරය..... සුනිලා මා නොදුටු ගානට පුතා ලඟ දෙකට නැමි මොනවද කරන්න පටන් ගත් අතර ,මම හෙමිහිට කාමරයෙන් එළියට ආවේ, අක්කා අප දෙදෙනා එක ලඟ සිටිනවා දැකීම ගැන, ලැජ්ජාවෙන් හිස බිමට හරවාගෙනය...... අක්කා තවමත් කේන්තියෙන් මා දෙස බලා හිදි....මම බිම බලාගෙන මගේ කාමරයට ගියේ අක්කා ගැන කේන්තියෙන් වගේම, මට ඇතිවුන ලැජ්ජාවෙනි.
එදිනෙන් පසු අක්කා නිතර මා ගැනත් සුනිලා ගැනත් ඇහැ ගහගෙන ඉන්නා බව හොදින්ම තේරුනි ....අපේ හොර අල්ලන්නට මෙන් කොයි වෙලෙත් අක්කා අපේ පසු පසම ගැවසෙන්න පටන් ගෙන ඇත.....අක්කාගේ ලොකුම ආසාව....මාළිගෙ අවුරුද්දේ දානෙන් පසු, මාව ජයන්තිට කසාඳ බන්දා දී මාළිගෙ දේපළ සියල්ල මට අයිතිකර දීමටය....තවමත් නිරවුල් ලෙස නොලියා ඇති මාළිගෙ දේපළ මාහට හිමිවෙන්නේ....මා ජයන්ති විවාහ කරගත්තොත් පමනක් බව අක්කා දනි...එබැවින් මගේ කැමත්ත, අකමැත්ත ඇයට වැඩක් නැත....මගේ නැවත විවාහය ජයන්ති සමගම සිදුවිය යුතුබව අක්කා විශ්වාස කරයි. කවදා හෝ අනිවාර්යයෙන්ම එය සිදුවන දෙයක් බව අක්කාගේ විශ්වාසයයි....
එබැවින් ලඟකදි සිට, අක්කා, සුනිලා හා මාදෙස බලන්නේ සැකයකිනි...... එයට හේතුව මම නිතර සුනිලා සමග කතාබහට යන නිසා වන්නට ඇත.....සාමාන්‍යයෙන් වැඩිය කා සමගවත් කතා බහට නොයන මම , සුනිලා සමඟ වැඩිපුර කතා කිරිම ඇයට, පුදුමයට කාරනයක් වී ඇත.......සුනිලා ඇගේ ගෙදර සිටිම, ඇයට පහසුවක් උනත්...දැන් නම් ඇයට සුනිලා ගෙදර තියාගැනිම කරදරයක් උන ගානය..... ඇය දැන් දැන් නිතර සුනිලාගෙ වැරදි දකියි. ඒවා මා සමඟද කියයි......
අක්කා, සුනිලාගෙ මඟුල් ගෙදර මතක් කරමින් මට ඇහෙන්න, ඇගේ අනාගත සැමියා ගැන, ඇයගෙන් නිතර විස්තර අසයි......ඒ වගේම, මගේ පුතා බලාගන්න පුලුවන් වැඩිහිටි කෙනෙක් සොයා දෙන්න කියමින්, ගමේ දන්න කියන සියල්ලන්ට කියන්නේ...වැඩි දවසක් නොයා සුනිලා ගමේ ගෙදර යවන අදහසින් බව මට තේරුම් යමින් තිබේ.....
කෙසේ හෝ අක්කාට හොරෙන් මම නිතර සුනිලා සමග කතා කරන්න මඟ පාදා ගන්නෙමි ..... අක්කා ගෙදරින් එහෙට මෙහෙට වෙන්න ඇර මම පුතා බලන්න යන ලෙස සුනිලාගෙ කාමරයට යන්නෙමි .... මාව මග අරින්න ඕන කමක් සුනිලාටද දැන් නැති ගානය...ඇයද මම මෙන්ම අපේ සමාගම ප්‍රිය කරන ගානය.
ඇය මම ගෙදර ඉන්න වෙලාවට මගේ කෑම බීම ලඟටම ගෙනත් දෙයි.......මගේ කන්තෝරු අදින් ඇදුම් සෝදා මැද තබයි...මගේ කාමරය ඉතා පිලිවෙලට අස්කර අතුගා දමයි...... මම උදේ වැඩට යාමට පෙර නැගිට ,මට බත් මුලක් සාදා දෙයි.....ඇයගේ මේ වැඩ පිලිවෙල නිසා මම තව තවත් ඇය කෙරේ බැදෙන්න පටන් ගෙන ඇත....
මා මෙන්ම සුනිලාද මා කෙරේ බැදි ඇති බවක් මට වැටහෙන්නේ ඇගේ බැල්මෙන් හා කතා බහෙනි. ඇගේ ලෙන්ගතු හැසිරිම නිසා, එන්න එන්නම මම තව තවත් ඈ කෙරේ බැදෙන බවක් මටම දැනේ....ඇගේ සුන්දර රූසපුව නිසා, දැන්නම් මට ඈ අමතක කර දැමිමට නොහැකි ගානය.....
අක්කා ගෙදර , ලඟ නැති වෙලාවට ඇය පුතා රැගෙන විත් මගේ අතේ තබා ඔහු හුරතල් කරන්නේ මගේ ඇඟේ ගෑවෙන්න නොගෑවෙන්න ලඟින් ඉදිමින් ය.
මමත් ඇයගෙ ඒ හැසිරිමට රුකුල් දෙන්නෙමි. මගේ මුලු හිතම ඇය කෙරේ බැදි ගොස් ඇතැයි මට සිතේ. ඇයත් මට කැමති බව ඇගේ බැල්මෙන්, කතාබහෙන් තේරේ.. ....නමුත් මගේ හිතේ තිබෙනා දෙය, ඇයට කියන්න තරම් ශක්තියක් මට තවමත් ඇති වි නැත. එයට හේතුව...සුනිලා තවමත් කසාද නොබැදපු තරුනියක් වීමත්... මම කසාද බැද බිරිඳ මියගිය, දරුවෙක් සිටින පියෙක් වීමත් නිසාය..... මම සුනිලාට කැමති වුවත්......මාළිගෙ මළගෙයි උනුසුම යන්නට මත්තෙන්,...., ඇයට මගේ හිතේ තියෙනා කැමැත්ත, ආදරය, කෙලින් කීම මා වැනි, දැන උගත් කෙනෙක්ට ඔබින්නේ නැතැයි මට නිතර සිතේ.......මාළිගෙ තුන් මාසේ දානේ පහුවුන පසු ,ඇයට මගේ හිතේ තියෙනා දේ.... කිව යුතුයි කියා මම සිතා ගත්තෙමි ....එතකම් ඇයට එය නොකියා ඉන්නට, තවත් ඉවසා සිටිමට,මම හිතට ගත්තෙමි.... .
සුනිලා, අක්කලාගෙ ගෙදර ඇවිත්, ටික දිනකට පසු.... දිනක් මම වැඩ ඇරි ගෙදර ගිය පසු අක්කා කිව් දෙයින් මගෙ හිත කඩා වැටින.
"සුනිලගෙ අය්යා අද දවල් ඇවිත් රෑ වෙන්න ඉස්සර ගෙදර යන්න ඕනේ කියලා, සුනිලත් අඩගහගෙන ගියා.. වැඩි දවසක් යන්න ඉස්සර සුනිලගෙ මඟුල ගන්නවලු......අපටත් මඟුල් කියනවා කිව්වේ......අපි කොහොමද ඕවායෙ යන්නේ...මේ ළමයින් එක්ක...මල්ලිට පුලුවන් උනොත් , සුනිලාගෙ මඟුලට ගිහින් එන්න...හරි නෑනේ...මේ දරුවා ඉපදුන මොහොතේ ඉදන් ආදරෙන් බලාගෙන මෙච්චර මේ දරුවා ලොකු කර දුන්නේ එයානේ...මොනව හරි හොද තෑග්ගක් හරි සල්ලි හරි මඟුලට ගන්න කියලා දෙන්න ඕනේ......"
"ඇත්තද...? අපරාදේ මම එනකම් ටිකක් ඉන්න කියන්න තිබුනනේ...එහෙම නැත්තම් හෙට යන්න කියන්න එපෑ....."
"ඔයා ආවට පස්සෙ, ඒගොල්ලෝ යන්න හිටියනම්, අද සුනිලාලට ගමේ යන්න වෙන්නෑ....සුනිලගෙ අය්යට අදම ගමේ යන්න ඕනෙ කිව්වා..."
"දැන් සුනිලා ගිය නිසා,අක්කට තමයි, දරුවා තනියම බලාගන්න වෙන්නේ..."
"නෑ...චූටි නැන්දා ටික දවසකට මෙහේ නවතින්න එන්නම් කිව්වා ...හෙට නැන්දා එයි එතකොට මට අමාරුවක් වෙන එකක් නෑ..."
"එහෙමද.....?.එහෙනම් හොදයි...."
සුනිලා ගමේ ගිය දිනයේ පටන් මට, අක්කලාගෙ ගෙදර, සොහොන් පිටියක් උන ගානය..... සුනිලා නැති ගෙය හොදටම පාලුවට ගොස් ය.....කවදාවත් මට මෙතරම් පාලුවක්, තනිකමක් මගේ හිතට දැනි නැත.... විවාහයෙන් පසු, මාළි අපේ දරුවා හම්බවෙන්න අම්මා තාත්තාගෙ ගෙදර ගියාට පසුව වත් මට කවදාවත් මෙතරම් පාලුවක් තනිකමක් දැනි තිබුනෙ නැත.... සුනිලා ගෙදර ගිය එක ගැන මම තනියම දුකෙන් තැවුනෙමි.
සුනිලා ගමේ ගිය පසු, ඇය ගැන විස්තරයක් දැන ගැනිමට මට, අවස්තාවක්, ඉඩක් ලැබුනෙම නැත. සුනිලාට ලියුමක් ඇර විස්තර දැනගන්නවා ඇරෙන්න වෙන විදිහක් එයට ඇත්තේම නැත.
මේ වන විට, ශාන්ත අය්යලා, සුනිලාගෙ රුවන්ගම කැලෑවේ මිනුම් කටයුතු ඉවරකර, මින්නේරිය පැත්තෙ වන සංරක්ශිතයක කිට්ටුව, මිනුම් කටයුතු කරමින් හිදියි. ඒ නිසා සුනිලා ගැන තොරතුරක් දැන ගන්නටම හැකියාවක් ඇත්තෙම නැත..... සුනිලා ගැන ඇති මතකය, හිතයට සගවාගෙන මම තනියම දුක්වුනෙමි.
සුනිලා ගමේ ගිය පසු, මම නැවත කොළඹ බෝඩිමක නැවති කන්තෝරු යන්නට පටන් ගත්තෙමි..... මා සමග සිරිදාසත් එම බෝඩිමේ නැවති සිටි නිසා, මගේ පාලුව, තනිකම යාන්තමට මඟ හැරි ඇත.
සුමාන දෙකකට විතර සැරයක් සෙනසුරාදා ඉරිදාට මම, අක්කලාගෙ ගෙදර ගොස් මගේ පුතා බලා එන්නෙමි. මගේ පුතා බලා ගන්නට දැන් ගමේ ගෑනු කෙනෙක් අක්කලාගෙ ගෙදර ඇවිත් නැවති ඇත. මම යන වෙලාවට, ඇයගේ වේතනය හා පුතාගේ පිටිකිරි අඩුපාඩු කම්, අක්කලාගේ ගෙදර අඩුපාඩු ,කෑම බඩු ගෙන ගොස් එහි දමන්නෙමි.
කාලෙකට පසු අපි කළුතර මාළිලාගෙ ගෙදර ගියේ ......මාළිගෙ තුන්මාසෙ වැඩකටයුතු ගැන කතා කරන්නය. එයත් හොදටම දින කිට්ටු වු පසුයි .
මම කළුතර ගිය දින ජයන්ති පැමින, මගේ ලඟින්ම ඉදගෙන මගේ ආවතේව කටයුතු කරන්න පටන් ගත්තාය. ඇය කවදාටත් වඩා සතුටින් උදම්ව ඇත. විච්චූර්ණ ඇදුම් ආයිත්තම් ඇද, තොල් නිය රතු කර ඇති ඇය, මා සමග බලෙන්ම කතාවට එයි....මට ඇය වදයක් ලෙස පෙනෙයි....ඒත් ඒ සියල්ල ඉවසාගෙන මම මාළිගෙ දානේ, බණ කටයුතු වෙනුවෙන් මහන්සි උනෙමි .
මාලිගෙ තුන් මාසේ දානය ඉතා ඉහලින් කළුතර මාලිගෙ මහ ගෙදර මුලු ගමේම නෑදෑයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වින. අපේ ගමේ නෑදෑයින්ද මගේ කන්තෝරුවේ හොදම යාලුවොද, මාළිගෙ මළ ගෙදර ආ සියලූම නෑහිතමිතුරන් ද එයට සහභාගී විය. නමුත් සුනිලා මාළිගෙ තුන්මාසෙ දානෙට සහභාගි නොවින..... සමහර විට සුනිලා හදිසියේ කසාද බැන්දාද දන්නේ නැත.....ඇය ගැන විස්තර අහන්න දැනගන්න ක්‍රමයක් මට ඇත්තෙම නැත. මේ වනවිට ශාන්ත අය්යා මින්නේරිය පැත්තෙ වන සංරක්ශිතයක් කිට්ටුව මිනුම් කදවුරු ගසාගෙන වැඩය. සුනිලාගෙ ගමේ මිනුම් කටයුතු අහවර වී නොබෝ කාලයකින් ගමට පාර කැපෙන බවත් අපට කිව්වේ ශාන්ත අය්යායි.
පුතා දැන් මුනින් හැරෙයි, කිරි සිනා නඟමින් බාගෙට හිනාවෙයි...... මගේ පෙනුම ඇති ඔහුව දැන්, ඔළුව කෙලින් අතට වඩා ගෙන සිටිය හැක..... මාළිගෙ තුන් මාසෙ දානේ දින, ගෙදර ආ සියලූ නෑදෑයින් යාළුවන් අතට, පූජා වට්ටියක් සේ අතින් අතට ගිය පුතා, ගැන හැමෝම කතා බහ කල දෑද මට වටින් පිටින් ඇසින.
ඔහුදෙස හැමෝම බැලුවේ අනුකම්පාවෙනි.
‘‘අනේ අම්මා නැති කිරි දරුවා..... මොනව උනත් නැන්දා දරුවා හොඳට හදා ගන්න බව නම් පේනවා......‘‘
දරුව ඉතා හුරුබුහුටි ලෙස හැදී හොද සෞඛ්‍යයකින් පසුවීම හා ඔහුගෙ හුරතල් පෙනුම සැමගේ සිත් හොරා ගෙන ඇත...... නෑ හිතමිතුරු සැවොම මගෙත්, මාළිගෙත් දරුවා සුරතල් කරන්නේ අනුකම්පාව පිරුනු ආදරයකිනි. දරුවා ද කිරි සිනාපාමින් ඕන කෙනෙක්ගෙ අතට යන්නේ තමන්ගෙ අම්මා, කවුද කියා නොදැනනය.
‘‘මේ කිරි දරුවෙක් එක්ක සුමල් පුතාට හැමදාම තනියම ඉන්න බෑනේ ... ඉස්සරහ කාලේ වෙන කසාදයක් කර ගත්තොත් හොඳයි නේද?’’
දානේ ගෙදර ආ නෑදෑයින් තැන තැන කතා කරනවා මටද ඇසේ... ..
‘‘කොහොමත් දරුවා හදා ගන්නෙත් සුමල් පුතාගෙ අක්කනේ.... එයාට ඉතිං ඒ හැටි බරක් නෑ.....එයා තාම තරුණයිනේ. වෙන කසාඳයක් කරගෙන ජීවිතේ ඉදිරි කාලේ සතුටින් ගත කරන්නයි තියෙන්නේ......‘‘
හැමෝගෙම අදහස වුණේ මා නැවත කසාඳයක් කර ගත යුතු බවය. මා හට විවාහ ජීවිතය ගැන ඒ හැටි විශේෂත්වයක් නොතිබුණ කාලෙක, මට මාළි කසාඳ බැඳ දුන්නේ තාත්තා හා අක්කාගෙ උවමනාවටය..... ඉදිරි කාලයේද ඒ දෙන්නා කැමති දෙයක් කරනවා ඇරෙන්න , අලුත් විවාහ ජීවිතයකට නැවත ඇතුල් වෙන්නට මට උවමනාවක් නැත.
තාත්තා නම් මාව තේරුම් ගත් ගානය. නමුත් අක්කා නම් එසේ නැත. ඇයට පේන කීමේ හැකියාවක් ඇතිබව මම දනිමි. මම සුනිලාට ඕනෑවට වඩා ලං වෙනවා දුටු ඇය, නිතර අප දෙදෙනා මග හරින්න කටයුතු කල හැටිත්, හිටි හැටියේ සුනිලා මටවත් නොකියා, අතුරුදන් වි ගම ගිය හැටිත්, මට සැකයක් ඇතිකර තිබුන දෙයකි .....
සුනිලාගෙ මඟුල දැන් ඇරන් ඇතයි නිතර කියමින්, අක්කා මගෙ හිතේ ඇය ගැන ඇති කැමැත්ත බලාපොරොත්තුව, නැති වෙන ලෙස නිතර කතා කියයි.
අක්කත්, ශාන්ත අයියත් මගේ දරුවා....ඔවුන්ගේ දරුවෙක් ලෙස හදාගන්න භාර ගැනීම මගේ හිතට ලොකු සැනසිල්ලක් ඇති කර ඇත...... මට දරුවෙක් තනියම හදා ගන්න තරම් ශක්තියක් නැති නිසා අක්කා හා අය්යා එයට ඉදිරිපත් වීම, මට කවදාවත් අමතක කර නොහැකි ලොකු උදව්වකි......දරුවන් දෙදෙනෙක් සිටින අක්කා ලඟ, ඇයගේ තවත් දරුවෙක් ලෙස මගේ දරුවාද හැදෙන එක මට සතුටකි.
මම දැන් කොළඹ කුලී ගෙදරක පදිංචි වි හිදින නිසා,... අක්කලාගෙ ගෙදර මගේ දරුවා සිටිම මගේ හිතට නිදහසකි, සතුටටකි........මට ඉද හිට අක්කලාගෙ ගෙදර ගොස්, මගේ පුතා ඉදහිට දකිමින් ඔහු ලොකු වෙන හැටිද බලාකියා ගැනිමට හැකි විම සතුටකි. ...
පුතා බලා ගෙන ඉදිද්දී ටිකෙන් ටික ලොකු වෙයි...... අක්කාගේ දුවත්, පුතත් චූටි මල්ලියාට සලකන්නේ, ආදරය කරන්නේ ඔවුන්ගෙම සහෝදරයෙකුට ලෙසය. දැන් දරුවාගේ සියලූ වැඩකටයුතු කෙරෙන්නෙ අක්කාගෙ උදව්වට ආ ගෑනු කෙනා අතිනි. ඇය ඒ ගෙදර නැවතී සිටීම අක්කාට ඉතා පහසුවක් වි ඇත.
මම කොළඹ සිට අක්කලාගෙ ගෙදර යනවිට, දරුවාට අවශ්‍ය පිටි කිරි, කෑම බීම අක්කාට ගෙන ගොස් දෙන්නෙමි. ඇය ඒවා බාර ගන්නෙ එතරම් කැමත්තෙන් නොවේය.
‘‘මල්ලි මොකට මේවා උස්ස ගෙන එනවද? මට පුළුවන් දරුවගෙ වියදම් බලාගන්න.....‘‘
‘‘ඒ වුණාට මගේ යුතුකමනේ..... අක්කා කොච්චර මහන්සි වෙනවද දරුවා හදාගන්න.‘‘
මම දැන් නැවති සිටින කොළඹ මගේ කන්තෝරුව කිට්ටුව බෝඩිමේ සිරිදාසද නැවති හිදී. සුමාන දෙකකට සැරයක් මම පුතාව බලන්න අක්කලාගෙ ගෙදර ගොස් , පුතාව වඩාගෙන සුරතල් කරමින් මුළු කාලයම පුතා සමඟ ගත කරන්නෙමි. මාළිගේත්, මගේත් හැඩරුව ඇතිව ඇති දරුවා දකින විට මට මාළි මතක් වී කඳුළුද උනයි..... කිරි සිනා පාමින් මා සමඟ හුරතල් වෙන දරුවා මට, මාමා කියයි..... පුතා අම්මා කියා අක්කාට කතා කරන්නේය....ඒ අක්කාගෙ දරුවන් දෙදෙනා මෙන් ය. ශාන්ත අය්යාට තාත්තා කියා අමතන්න අක්කා නිතර පුතාට උගන්වයි.
පුතා ශාන්ත අයියාට ද දැන් තාත්තා කියයි. ඒ අක්කාගෙ දරුවන් දෙදෙනා මෙන් ය.... එය නම් මගේ හිතට ඇතිකර ඇත්තේ ලොකු දුකකි. මම එහි ගොස් නැවතී සිටින මුළු කාලයේම දරුවා සෝදා කවා පොවා නිදි කරවන්නෙමි. ඔහුව තුරුල් කරගෙන නිදා ගන්නෙමි. මට තුරුල් වී දරුවා නිදාගෙන සිටිනා විට මට ඇති වන්නේ දරා ගත නොහැකි දුකකි. අක්කා නම් කියන්නෙ දරුවාට අම්මා නැති වුණ එක වැඩිහිටියෙක් වනතෙක් කිව යුතු නැති බවය..... දරුවා මට තාත්තා කියා කතා කල යුතු නැතැයි කියාද අක්කා කියයි. .... ඇය කියන්නෙ පුතා ඇයටත් ඇයගෙ සැමියාටත් අම්මා, තාත්තා කියපු දෙන් කියායි .... මා එහි නැවතී සිටිනා කාලවල අක්කා, පුතා ලවා මට මාමා කියා කතා කරවන්නට උත්සහ කරවයි. අක්කා කවදත් කරන්නෙ හරි දේවල් ය. එබැවින් ඇය කරන කියන දේ වලට මා ද කැමත්ත පල කරමි. අම්මා නැති මාව පොඩි කාලයේ බලාගත්තේ අක්කාය. ඒ කාලයේ පටන් ඇය මට අම්මා වී සිටියාය. දැන් ඇය මගේ පුතාට ද අම්මා වී හිදි.... ඇය කරන කියන හැමදේකට ම කැමැත්ත පළ කරමින් මම දැන් මගේ ජීවිතය, ඇයට ඕනෑ ලෙස, ගෙන යමි.
‘‘මල්ලි දැන් මෙහෙම ඉඳල හරියන්නෑනේ. මං පුතාව හදා ගන්න එකේ, මල්ලි දැන් ජයන්තිව කසාඳ බැදලා මාළිලාගෙ ගෙදර නැවතුනා නම් හොදයි නේද ? දැන් මාළි නැතිවෙලා අවුරුද්දකුත් පහු වුණා. පුතා තාම දන්නෙ නෑ ඔයා එයාගෙ තාත්තා කියලා..... මං මගේ දුවල, පුතාලා දෙන්නටත් කියල තියෙන්නෙ මල්ලිට ඒවා කියන්න එපා කියල. පුතා මටයි, ශාන්තටයි අම්මා, තාත්තා කියන එකේ මල්ලි දැන් වෙන කසාඳයක් කරගන්න.....‘‘
‘‘විවාහ ජීවිතේට මගේ ඒ තරම් කැමැත්තක් නෑ අක්කා.‘‘
‘‘එහෙම කියල බෑ. තාත්තත් කිව්වා ඔයා එක්ක මේ ගැන මට කතා කරන්න කියල. තාත්තත් දැන් වයසයි. ඔයා තනිකඩය වෙලා ඉන්න එක තාත්තට දුකක්. ඔයා තාත්තා ගැන හිතල දැන් මාළිගෙ නංගි, ජයන්තිව කසාඳ බඳින්න කැමති වෙන්න....ඒ මිනිස්සු මට නිතර පනිවිඩ එවනවා මේ මඟුල කරලා දාමු කියලා ...ජයන්තිත් තව වයසට යනවා....අපි මෙච්චර දවස් ඒ ගැන කතා නොකර හිටියේ මාළිගෙ අවුරුද්දේ දානය ඉවර වෙනකම්...දැන් ඒකට කාලේ හොදයි ....‘‘
‘‘අනේ අක්කේ මං ඔය මගුලට කැමති නෑ.....‘‘
"මොකක්ද කිව්වේ..."
" මම ජයන්ති කසාද බදින්න කැමති නෑ.....‘‘
"මේ මොන කතාවක්ද මේ කියන්නේ....මම ඒ මිනිස්සුන්ට පොරොන්දු වෙලා ඉවරයි ..."
"ඔයා පොරොන්දු උනාට,මම පොරොන්දු උනේ නෑනේ ..."
"ඔයාගෙ දරුවා මම හදාගන්න ගත්තේ....ඒ පොරොන්දුවත් උඩ...."
"මොකක්ද ඒ පොරොන්දුව ...."
"ඔයාගෙයි ජයන්තිගෙයි මඟුල ඉවරවෙලා ටික කාලයක් යනකම් මම දරුවා හදාගන්නම් කියලා ....ජයන්ති ඉස් ඉස්සෙල්ලා කසාද බදින්න කෙල්ලෙක්.....ඒ නිසා එයා කැමති නෑ, දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් එයා බදින බව එයාගේ යාලුවො නෑදෑයින් දැන ගන්නවට....ඒක නොදැනෙන්න තමයි මේ දරුවා මාළිගෙ ගෙදර නොතියා අපි මෙහෙ එක්ක ආවේ........දරුවා එහෙ හිටියනම් , ජයන්තිගෙ නෑදයො යාළුවොත් ඒක දැනගන්න නිසා....."
"දැන් මොකක්ද එයාට තියෙන ප්‍රශ්නය මගෙ දරුවාද?....මගෙ දරුවට කැමති නැත්නම් ,මොකටද මාව බදින්න හදන්නේ......? මගෙ දරුවට අකමැති ගෑනියෙක් මට ඕන නෑ....එයාට හොද වෙන තරුණ කොල්ලෙක් බැදගන්න පුලුවන්නේ..."
"ඔයා මාළිව කසාද බදින කොටත් ....මාළිගෙ අම්මලා එයාට දේපළ ලියලා තිබුනේ නෑ....කොහොමත් ඒවා එයාට කවදහරි අයිති වෙන නිසා....දැන් මාළිගෙ අම්මලාට ඕන, ඒගොල්ලන්ගෙ දේපළ පිටට නොයන ලෙස ඔයා ඒ පවුලෙම කෙනෙක් බදිනවා දකින්නයි...ඔයාට වෙන කෙනෙක් බැදලා ඒ ගෙදර ගිහින් ඉන්න බෑනේ....ඒ දේපළ ඔයාටත් අයිතියි....ඒත් ඒ මිනිස්සු කැමති ඔයා ඒගොල්ලන්ගෙ පවුලේ කෙනෙක්ම බදිනවට....නැත්තම් ඔයාට ඒ ගෙවල් දොරවල් මොනවත් හම්බවෙන්නෙ නෑ....."
"ඒක හරි වැඩක්නේ ...... මට අයිතියක් නැද්ද මට ඕන කෙනෙක් කසාද බදින්න.......මට කොහොමත් ඒ දේපළ වලින් ඇති වැඩක් නෑ.....ගෑනි නැතුව දේපළ මොකටද....මට ඕනේ නෑ කාගෙවත් දේපළ ...."
"ඇයි මෝඩයෝ තේරෙන්නෙ නැද්ද....උඹ වෙන කසාදයක් බැද ගත්තොත්....මාළිගෙ අම්මලා උඹට සතපහක් දෙන එකක් නෑ......අර දරුවට කැමැත්තෙන් දෙන දෙයක් විතරයි.... මාළිගෙ නමට මොනවත් දේපළ ඒ මිනිස්සු ලියලා තිබුනෙ නෑ......ඒ නිසා උඹටත් මොනවත් හම්බවෙන්නෙ නෑ....ඒ නිසා ඒ මාළිගෙ අම්මලා, ජයන්තිටයි එයාගෙ මල්ලිටයි තියෙන දේපළ ඔක්කොම පස්සේ ලියලා දායි....මොකද උඹ වෙන ගෑනියෙක් ඒ ගෙදරට ගෙනාවොත් ඒ කිසිදෙයක් උඹට දෙන එකක් නෑ.... හම්බවෙන්නෙත් නෑ...ළමයත් අපටම හදාගන්න වෙයි...."
"මොනවද අක්කේ මේ කියන්නේ....අක්කා ඇයි ඔයතරම් තන්හාවක් මාළිලාගෙ දේපළ වලට ... ...."
"උඹට ඕවා තේරෙන්නේ නෑ....අපි මාළිව උඹට කසාද බන්දලා දුන්නෙත්, ඒ ගැනත් හිතලා....දැන් නිකන් අපරාදේ ඒ දේපළ වෙන කාටවත් අයිති වෙන්න දෙන්න බෑ.....මාළිගෙ අම්මලා කිව්වා ජයන්ති කසාද බැන්දහම, මල්ලිට කළුතර ඒ ගෙදරම නවතින්න පුලුවන් කියලා ....එතකොට ඔය ආන්ඩුවේ කන්තොරුවෙ, කුරුටු ගගා ඉන්න ඕන නෑ....ඒ පවුල් දෙකේම දේපළ පාලනය කරගෙන සැපට ඉන්න පුලුවන් ....දරුවත් තමන්ගේ ළගම තියාගන්නත් පුලුවන් ......"
"මට ඕන දේපළක් නෑ.....ගිය පාරත් අක්කලාට ඕන විදිහට මම කසාද බැන්දා....අක්කලා මට මාළි හොයල දුන්නෙ මාළිට තිබුන දේපළ වල කෑදර කමට කියලා මම දැනගත්තේ,...මාළිව බැන්දට පස්සෙ ......අක්කා දන්නෙ නැතුව ඇති..... අපට නොකියපු ලෙඩක් මාළිට තිබුණා.... ඒක හංගලා තමයි ඒ අය මට මාළිව කසාඳ බන්දලා දුන්නේ.....මාළි බැදපු දවසේ ඉදන් මොනවද බෙහෙත් වගයක් මට හොරෙන් බිබි හිටියේ ....දරුවා හම්බවෙන්න ආව ගමන් ....මට තනියම ඉන්න ඇරලා අම්මලා ලඟට ගියා.....ඒ මිනිස්සු ඒ නිසා තමයි, මාළිගෙ නමට මොනවත් දේපළ ලියලා තිබුනෙත් නැත්තේ.....‘‘
"හානේ....මම ඒක දැනගෙන හිටියෙ නෑනේ....මොකක්ද මාළිට තිබුන අසනීපය.....?ඇයි අපට හැංගුවේ.....?කොහොම උනත් දැන් මාළි නෑනෙ මල්ලි..... මටත් ඒ ගැන හිතුනා..... අයියත් මට කිව්වා, මාලි හරි ලෙඩ පාටයි කියලා ..... කසාඳ බඳින්න ඉස්සර ඉදන්ම ..... හැබැයි ජයන්ති එහෙම නෙමේ.....අලුත් තාලෙට ඉන්න කැමති ලස්සන ළමෙක්.....ඔය පොඩ්ඩක් විච්චූර්ණ ඇදුම් ඇන්දට, ගතිගුනෙත් ඇති වරදක් නෑ....මල්ලිට එයත් එක්ක සතුටෙන් ඉන්න පුලුවන් ...."
-නැවත හමුවෙමු --
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments