🌺බැද්දේ කුමරිය 🌺
- Prisila Godahewa

- Jan 27, 2022
- 12 min read
🌺 බැද්දේ කුමරිය🌺
(13 වෙනි කොටස )
https://www.facebook.com/groups/2653780434897311/permalink/3078139855794698/
කුස්සියේ වලං පිඟන් සෝදා අස්පස් කර සුනිලාද , ඉස්තොප්පුවට පැමිණ ඉස්සරහ දොර උළුවස්සට හේතුවි මාත්, ජුවානිස් අප්පුහාමිගේත් කතාබහ අසා සිට්න්නීය.
"අප්පුහාමි... කෝ මේ ගෙදර අනික් කට්ටිය....?
"පොඩි පුතා හේන් රකින්න යනවනේ ....හවස් කොරේ ගිහාම ආයෙත් එයා එන්නේ හෙට උදේට ....අනෙක් ළමයි ටික කසාද බැඳලා වෙනමනේ ඉන්නේ....මායි සුනිල කෙල්ලයි විතරයි රෑට ගෙදර ඉන්නේ...."
" එහෙමද....?මේ මාසේ අන්තිමට කොළඹ රේස් කෝස් පිට්ටනියේ ලොකු සංදර්ශනයක් තියෙනවා....... ඒ අවට විශ්වවිද්‍යාල භූමියෙ ප‍්‍රදර්ශනයකුත් තියෙනවා......කොළඹ මිනිස්සු දැම්ම ඉඳන් ඒකට, හරි උවමනාවෙන් ලෑස්ති වෙනවා. .....හැම පිට පළාතකින්ම වගේ මිනිස්සු ඒ උත්සවය බලන්න එයි කියලා බලාපොරොත්තුවෙන් ඒ උත්සවය ලෑස්ති කරන්නේ......... . ජුවානිස්ලා කොළඹ ආවොත් ඒ උත්සවයත් බලලා යන්න පුලුවන් ..... ඒ වගේ විශේෂ අවස්ථාවක තමයි කොළඹ යන්නත් ඕනේ.....කොළඹ ඉන්න අපිත් ඒ උත්සවය පටන් ගන්නකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.....සුනිලට උනත් කොළඹ ආවොත් ඒවා බලාගන්න පුලුවන් ..."‘
‘‘අනේ තාත්තෙ මාවත් එක්ක යන්නකෝ කොළඹ ......අපි ලොකු අයියාවත් එක්ක ගෙන යමු....මහත්තයා එන්න කියන එකේ අපි යමුකෝ....ආයි ඉතිං කවදා යන්නද...මහත්තයා උදව් කරන්නම් කිව්වනේ..."
‘‘කවද්ද මහත්තයා ඔය උත්සවය හරියට ම තියෙන්නේ.....‘‘
‘‘මාසෙ අන්තිම සුමානේ දවසක පටන් ගන්නේ...... සුමානයක් ප‍්‍රදර්ශනය තියෙනවා. ජුවානිස්ලා එනවා නම් රුවන්වැල්ලෙන් කොළඹ බස්සෙක ඇරන්, කොළඹ පිට කොටුවට එන්නකෝ.... මං එතනට එන්නම් එක්ක යන්න......‘‘
‘‘මහත්තයා මේ ගමන වාඩියෙ දවස් කීයක් ඉන්නවද?’’
‘‘මේ ගමන නම් වැඩි දවසක් ඉන්නෙ නෑ....ඉරිදා හවස ආපහු යනවා.......මේ ආවෙත් අය්යා ගෙදරට පනිවිඩයක් එව්වෙ නැති නිසා බලලා යන්න කියලා.... අනිද්දට මම ආයි කොළඹ යනවා..... මං අයියා ගෙදර ආවෙ නැති නිසා බලලා යන්න ආවේ.... අක්කගෙ කරදරයට......‘‘
‘‘අපි කොළඹ යන්න එනවනම් අනිද්දට, මහත්තයා කොළඹ යන්න ඉස්සර කියන්නම්....... මගේ නම් දැන් කාලේ ඉවරයි මහත්තයා .... මේ සුනිලා කෙල්ලයි, එකිගෙ අයියයි ආස ඇතිනේ කොළඹ අලුත් දේවල් බලන්න..... අපට පුළුවන් කමක් තියෙන වෙලේ ඒවා කරල දැම්මහම හොඳයිනේ... ..බලමු මහත්තයා එහෙනම් අපට කොළබ යන්න පුළුවන්ද කියලා.......දැන් එහෙනම් නිදාගමු හොඳටම රෑ වුණානේ.....‘‘
‘‘මහත්තයාට මං ඉස්තෝප්පු කාමරය හැදුවා.....අලුත් කොට්ට උරයක් ඇද රෙද්දක් එහෙමත් දැම්මා.... එහෙනම් මහත්තයා ඉස්සරහ කාමරයට ගිහින් නිදාගන්....‘‘ සුනිලා කීවාය.
"මං හිටියෙත් හොදටම මහන්සි වෙලා.....දැන් රෑ දොළහටත් ලග ඇති.....එහෙනම් මම නිදාගන්නම් අප්පුහාමි ...."
" හොදයි මහත්තයා ....අද මම මේ ඉස්සරහ කාමරේන් එලියේ බූරු ඇදේ නිදා ගන්නවා....මහත්තයාට මොනව හරි උවමනාවක් උනොත් මට කතාකරන්න......ඔය තියෙන්නේ ඉස්තෝප්පු කාමරය මහත්තයා ....ගිහින් නිදාගන්න ..."
අප වාඩි වි සිටි ඉස්තෝප්පුවේ පැත්තක තිබුනු කාමරයේ දොර ඇර ඇත..... ඒ ඇතුලේ කුප්පි ලාම්පුවක් දැල්වෙන බව පෙනේ..... මම අප්පුහාමි කිව් පසු, එහි ඇතුලට ගියේ දවසම ඇවිද ඇගේ තිබුන දැඩි මහන්සිය හා සීතල වතුරෙන් නා ගෙන බත් කෑ පසු එන නිදි, හා බුදි මතේ සිටි නිසයි......
මම කුප්පි ලාම්පු එළියෙන් එළිය වුණු පුංචි කාමරය ඇතුලට ගියෙමි .... කාමරය ඇතුළත තනි ඇඳක්, මේසයක් හා කැටයම් අල්මාරියක් ඇත. ....එහි තිබූ තනි ඇද උඩින් වාඩි ගත් මම....., හෙමිහිට එහි ඇල වුනෙමි. ඇඳට දා තිබූ ඇඳ රෙද්දෙනුත් කොට්ටෙනුත් විහිදුනේ සැවන්දරා කොළ, හා කපුරු මිශ‍්‍ර අලූත් සුවඳකි.... නුපුරුදු පුංචි ගෙදර, පුංචි කාමරය තුළ එතරම් බඩු මුට්ටු නොතිබුණි. සුනිලා කිව් ලෙස වෙනදාට එම කාමරයේ නිදාගන්නෙ සුනිලාගෙ බාල සහෝදරයායි..... අද ඔහු මේ වනවිට හේනේ පැලේ , පැල් රකින්න ගොස් බව කීවේ අප්පුහාමිය. මට ඔහු දෙතුන් ගමනක්ම ගමේදී හමු වී ඇත. ඒ මිනුම් වාඩිය හදන්න ආ දිනවලය.....ඉතා අහිංසක ගතිගුණ ඇති ඔහු අක්කාට සහ පියාට ඉතා ආදරය කරන්නෙකි.
‘‘මහත්තයා මං වතුර එක්ක ගෙනාවා. ඇතුලෙන් තියන්නද?‘‘
කාමරයේ දොර ලඟ එළියෙ ඉඳන් සුනිලා කතා කරයි.
‘‘ආ... සුනිලා ඇතුළට ඇවිත් තියන්න.‘‘
සුනිලා කාමරය තුළට විත් වතුර වීදුරුව මගෙ බූරු ඇඳ ලඟ ඇති ලෑලි මේසෙ උඩින් තිබ්බාය. මා ඇඳේ වාඩි වී ඇසි පිය නොහෙලා ඈ දෙස බලා සිටියේ ආසාවෙනි.... පිට දිගට මුදා හැර ඇති ඇගේ දිගු වරලසෙන් තවමත් නාමල් සුවඳ විහිදේ. ඇගේ ඇස් කුප්පි ලාම්පු එළියෙන් තරු කැට දෙකක් සේ එළිය විහිදුවයි..... කුප්පු ලාම්පු එලියෙන් ඇගේ සෙවනැල්ල කාමර බිත්තියේ එහෙ මෙහෙ යන්නේ යෝද සෙවනැල්ලක් ලෙසය....
‘‘මහත්තයාට තව මොනව හරි රෑට ඕන උනොත් කියන්න.... තාත්තා ඔය පිලේ ඇඳ උඩ නිදා ගෙන ඉන්නවා. ඇහෙනවානේ දැනටමත් සද්දේ...."
මිහිරි හඬින් සිහින්ව සිනාසෙමින් ඇය කිව්වේ පියා දැනටමත් ඇඳට වැටී ගොරවන සද්දෙනි.
‘‘මං යනවා මහත්තයා.... එහෙනම් නිදාගන්න.‘‘
ඇය මා දෙසට හැරී හෙළුෑ ලයාන්විත බැල්මෙන් මගේ හිත අමුතුම උද්යෝගයකින් පිරී ඉතිරි ගියේය.... එය මගේ හිතට මෙන් ම ගතට ද දැනුණේ අමුතුම වේගයකිනි..... මට පිටුපා දොරෙන් එළියට යන ඇය දෙස මා බලා උන්නේ ඇයගේ රූපයට වශීවය......
මගේ හිතට ගතට දැනුණේ අමුතුම හැඟීමකි. කසාද බැද සිටින මගේ ජීවිතයට මින් කවරමදාකවත් නොදැනුණ මේ හැඟීම, මටවත් හිතාගන්නට බැරිය ..... මං මොනවද මේ හිතන්නෙ මං හෙට අනිද්දාට පියෙක් වෙන්න සිටින කෙනෙකිය..... මගේ බිරිඳ මාළි....මගේ දරුවා ලැබෙන්න කල් බලමින් හිදි..... අක්කාගේත්, තාත්තාගේත් උවමනාවට මාළි කසාඳ බැන්ද මට කිසිම දවසක මේ මොහොතකට පෙර හිතට දැනුණු හැඟීම දැනී නැත .... මට වඩා වසර දෙකක් වැඩිමල් මාළි නිතරම ඈලි මෑලිව දවස ගෙවයි. කිසිම කඩිසරකමක් නැති ඇය මලානිකව මාව පිළිගනිද්දී මා හට කිසිම හැඟීමක් ඇති නොවෙයි.... නමුත් මම ඇගේ සැමියයි. මොනවද මේ මං හිතන්නෙ මට වඩා අවුරුදු ගනනාවක් බාල පුංචි කෙල්ලක් ගැන ඇයි මට මේ වගේ අමුතු හැඟීමක් ඇති වන්නේ..... පිබිදුනු සිතින් කයින් සිටි මට නින්ද ආවේ එළිවෙන ජාමයේ ය.
මම නිදා සිටින නිවසේ, හතර වටින් කුකුළන් හඬලන සද්දෙත්,, කුරුල්ලන් ගේ මිහිරි නාදයෙනුත් ...... සුනිලාගෙ කටහඬිනුත් අවධි වුණ මම ඇස් පිස දමමින් ඇය දෙස බැලූවෙ.....මම මේ දැන් කොහේද ඉන්නේ කියා අමතකව ගොස් තිබු බැවිනි.....
‘‘මහත්තයා නැගිටින්න..... මෙන්න මං තේ ගෙනාවා......‘‘
මුතු දසන් පෙන්වා සිනාසෙමින් මා දෙස කාමරයේ දොර ලග සිට බලා සිටි සුනිලා.....කාමරය තුලට විත් කාමරයේ එකම ජනේලය ඇර දැම්මාය..... ඒ තුළින් හිරු එළිය ගෙට විත් ලා හිරු රැස් වැදී සුනිලාගේ මුහුණ දිලිසෙන්නට විය..... ප‍්‍රබෝධමත් ලෙස කතා බහ කරමින් මුතු සිනා පාමින් මා දෙස බලන ඇය නිවසක ශ‍්‍රියාකාන්තාවක යැයි මට සිතේ....
උදේට මම නැගිට තේ හදා කතා කරන තෙක් නිදියන මාළිගේත්, සුනිලාගේත් වෙනස මට වැඩි වැඩියෙන් දැනෙන්නට විය.
‘‘මහත්තයා බලන්න... මේං මං එළ කිරි එකක් ගෙනාවා..... නැගිටලා බොන්න. අපේ වැස්සි අලූත පැටියෙක් දැම්මනේ. එකිගේ කිරි.... මහත්තයාට එළ කිරි බීලා පුරුදු ද දන්නෑ.....‘‘
‘‘මට පුරුදුයි සුනිලා....අපේ ගෙදරටත් ඉස්සර, උදේට ගමේ කෙනෙක් එළකිරි ගෙනත් දෙනවා.....‘‘
ඇය ගෙනත් දුන් වතුර වීදුරුවෙන් කට සෝදා ජනේලයෙන් එළියට විසි කළ මම .... ඇය දුන් වතුර කවලම් නොකළ ඝනකම් පිරිසිදු රස එළ කිරි වීදුරුව බිව්වේ ආසාවෙනි.... එළකිරි කෝප්පය තුලින් ඉගුරු රසක්ද එයි.....ඉඟුරු කෑල්ලක් එළකිරිවල ඇති ශීත ගතිය නැතිවෙන්නට දමන බව තාත්තා කියන බව මතකය. එළකිරි සීත බීමක් නිසා, ඒවා බිව් පසු සමහරුන්ට සෙම හැදෙන නිසා එසේ කරනවා ඇත....අපේ තාත්තා වෙද මහත්තයෙක් නිසා එසේ කරනා බව අපි දන්නවා වගේම, මේ ගමේ ගොඩේ මිනිසුන්ද ඒවා අත්දැකීමෙන් දන්නා හැට්.....
‘‘මහත්තයා උදේම වාඩිය පැත්තෙ යනවද.....? මං අද උදේට හාල් පිට්ටු හැදුවා. දඩ මසුයි, පොල් කිරියි, ලූණු මිරිසුයි එක්ක හාල් පිට්ටු හරි රසයි...... මහත්තයා කාලම යන්න..... .‘‘
‘‘මං කවදාවත් හාල් පිටිටු කාලා නෑ.....ඒ මොනවද...? බලමු අද කාලා. උදේට කාපු ගමන්ම මං වාඩිය පැත්තට යන්න ඕනේ සුනිලා.... ජුවානිස් ගෙදර ඉන්නවද? ....කොහාටවත් ගිහිල්ලද...?
‘‘ තාත්තා නම් උදේට කාලා, අන්න වත්තෙ පැත්තෙ මිරිස් පැලවලට සාත්තු කරනවා......‘‘
"මම එහෙනම් මූණ හෝදගෙන එන්නම්..."
"ඔව් මහත්තයා , පිට්ටු නිවෙන්න ඉස්සර එන්න කන්න..."
උදේ ආහාරය ගෙන අහවර වූ පසු මම, ජුවානිස් සමඟ වාඩිය බලා යන්නට බැද්ද පැත්තට යන්නට ගියේ, සුනිලාට බොහෝ ස්තූති වන්ත වෙමින් ය. ...
අපි දෙදෙනා , වාඩියට යන විට ශාන්ත අයියා ඇතුළු සියල්ලෝ ම මිනුම් වැඩ කටයුතුවලට යන්න ලෑස්ති වී සිටියෝය....
‘‘ඈ..... මේ සුමල් මල්ලි.... මොකද මේ උදේ පාන්දර.....?‘‘ ශාන්ත අයියා මා දැක පුදුම වී ඇසුවේය.
‘‘මෙච්චර උදෙන් කොහෙ ඉඳන් ද ආවේ.....‘‘
‘‘ඊයේ හවස මෙහෙ එන්න ඇවිත් මට පාර වැරදුනානේ..... වෙලාවට ගමේ ආච්චි කෙනෙක් මාව ජුවානිස්ලගෙ ගෙදරට ගිහින් බැස්සුවා..... ඊයේ රෑ....ජුවානිස්ලගෙ ගෙදර හිටියේ...... මහ රෑ කැලේ....මේ පැත්තට එන්න එපා කියල ජුවානිස් කියපු නිසා රෑ එහෙ නැවතුනා...... මං මේ ජුවානිස්ලගෙ ගෙදරින් උදේටත් කාලයි ආවේ......‘‘
‘‘හොඳ වෙලාවට.....ජුවානිස්ලා හම්බවුනේ.... මොකට ආවද මහ රෑ....පිස්සුද මේ කැලේ එන්නේ......දන්නෙ නැද්ද මේක කැලෑවක් කියලා..... නපුරු සතෙකුට එහෙම අහුවුනානම් මොකද වෙන්නේ......‘‘ අයියා කේන්තියෙන් කීවේය.
‘‘ඒක තමයි මහත්තයා මං මේ සුමල් මහත්තයා භයවෙයි කියල ඊයේ රෑ කිව්වේ නෑ..... ඔය සුමල් මහත්තයා ඊයේ රෑ ආපු පාරේ තිබුන ඇල්ල පැත්තේ අපේ ගමේ මිනිස්සුවත් හවස හයෙන් පස්සේ යන්නෙ නෑ...... එතන තනි පිරිමි බිලි ගන්න තැනක්. ... සුමල් මහත්තයාගෙ වෙලාව හොඳ නිසා බේරිලා ඇවිත් තිබුණේ.‘‘
‘‘ඒ කිව්වේ මොකද්ද ජුවානිස්.‘‘
"මහත්තයා ඊයේ රෑ එනකොට ඇල්ලක් හම්බුන කිව්වා නේද....ඒ ඇල්ලට කාලෙකට උඩ දී ගෑණු කෙකෙන් පැනලා මරුණා..... ඊට පස්සේ තනි පිරිමි හතර දෙනෙක් ම ඔය පාරෙන් එද්දි ඇල්ලට වැටිලා මැරුණනේ..... ගමේ මිනිස්සු කියන්නෙ ....රෑ වෙලා එන වෙලාවට ඇල්ල ලග කවුද ගෑණු කෙනෙක් ඉන්නවා දැකපු අයත් ඉන්නවා කියලා..... හොල්මන් තියෙනව කියල මිනිස්සු රෑ වුණාම ඇල්ල පැත්තෙ යන්නෙ නෑ.‘‘
‘‘මගේ අම්මෝ.....මගේ ඇගේ මයිලූත් කෙලින් වුණා.... හැබැයි මම පාර දිගට ම ඉතිපිසෝ ගාතාව කිය කියා ආවේ..... ඒ හින්දද දන්නෑ මං හොල්මන් දැක්කෙ නැත්තේ.‘‘
‘‘සෙල්ලම් නෙමේ... මීට පස්සෙ එහෙම රෑ වෙලා මේ පැත්තේ එන්න එපා..... මොනවහරි උනොත් මට තමයි වග කියන්න වෙන්නේ.‘‘
‘‘අක්ක තමයි කිව්වේ අයියා මාසෙකට කිට්ටුවෙලත් ගෙදර ආවෙත් නෑ පණිවිඩයක් එව්වෙත් නෑ ගිහින් බලන්න කියල.....‘‘
‘‘යසෝමට පිස්සු...... මං කියල තියෙනවා මම කැලේ වැඩට ගිහාම ගෙදර එන වෙලාව හරියට කියන්න බැ කියලා ...... මං ගැන බය වෙන්න එපා කියලා.‘‘
########
දින දෙකක්ම මිනුම් වාඩියේ ගත කොට නැවත මම කොළඹ බලා ආවේ ඉරිදා හවසය..... කොළඹ එන්න ප‍්‍රථම ජුවානිස් මා හමුවන්න පැමිණ කිව්වේ ඔවුන් කොළඹ කච්චේරියේ වැඩය කරගන්න කොළබ එන බවයි....
"දැන් කවදා විතරද අප්පුහාමිලා කොළඹ එන්න හිතන් ඉන්නේ....?"
"අර අපේ කෙල්ල කිව්වේ ....මොකක්ද කොළඹ උත්සවයක් තියෙනවා කියලා....ඒකත් බලලා කොළඹ කච්චේරියේ වැඩත් කරගෙන එන්න තමයි හිතාගෙන ඉන්නෙ ....ඒකිවත් කොළබ එක්ක යන්න කියලා බේරෙන්න බෑ මහත්තයා ....කවදාවත් සුනිලා කොළඹ ගිහින් නෑනේ මහත්තයා ..."
"ඉතිං සුනිලවත් කොළබ එක්ක එන්න....මගේ නෝනවත් සුනිලට අදුන්නලා දෙන්න බැරියෑ...."
"කමක් නැද්ද මහත්තයා ...අපි ඇවිත් මහත්තයාට කරදරයක් වෙයිද...?
"මොන කරදරයක්ද...? ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා ...."
"අපි එහෙනම් මේ මාසේ අන්තිම සුමානෙ කොළඹ එන්නද මහත්තයා ..."
"ඔව්....ජුවානිස්ලා පිටකොටුවට එන වෙලාව කියලා මට ලියුමක් දාන්නකෝ.... එතකොට මම පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට එන්නම් ජුවානිස්ලා එක්ක යන්න ... ?
"බොහෝම ස්තුතියි මහත්තයා , එහෙනම් අපි එන දිනය වෙලාව කියලා ලියුමක්
දාන්නම්...... "
දින දෙකක් රුවන්ගමට නුදුරු බැද්දේ, ශාන්ත අය්යලා සමග ගත කල මම , නැවත කොළඹ රැකියාවට යෑමට පෙර
කලුතර මාළිගෙ මහ ගෙදර බලා ගියේමි. මම ඇය නැවත බලන්න එනතෙක් මාළි ඇගේ දෙමව්පියන්ගෙ නිවසේ බලා හිදින බව මම දනිමි.
මාසයකට පසු මම ඇය බලන්න ඇගේ මහ ගෙදරට ගිය කල මට, මාලිගේ පෙනුමේ ලොකු වෙනසක් දුටිමි......මාළිගේ උදරය තව ඉදිරියට නෙරාවිත් කකුල් ඉඳිමී බෙල්ල වටා තද කළු පැහැ ගැන්වී, ඇය තවත් තරබාරු වී සිටිනු දැක ගත හැකි විය. ඇය ඉතා අපහසුවෙන් ඇවිදියි. ඇයගෙ මවත් මෙහෙකාරියනුත් ඇයගේ අතට පයට උදව් කර දෙයි.... ඇයගෙ මව ඉතා ඕනෑකමින් ඇයට ඇප උපස්ථාන කරමින් ඇය පසුපසම හිදියි..... නොයෙකුත් කෑම වර්ග හදා කන්නට දෙයි.... ඇයව පන්සල් එක්ක යයි, ළගපාත ගමේ ගොඩේ ඇවිදින්න එක්ක යයි...... ඇයට ඇගේ මහගෙදරදී සියලූම සැප පහසුකම් ලැබෙන නිසා, ඇය දැන් මා හා කොළඹ යාමට අකමැති යැයි මට සිතේ....ඇය දැන් අපහසුවෙන් ඉන්නා තත්ත්වය අනුව, මටද ඇය කොළඹ කැදවාගෙන යෑමට නොසිතේ.... රැකියාවට යන ගමන් මට ඇයගේ ආවතේව කටයුතු කිරිම්, උයාපිහා දීම් කොහෙත්ම කල නොහැකි බව මම දනිමි. ඇයගෙ දෙමව්පියන් සේවකයින් ඇයට සලකන ආකාරයට මට කෙසේවත් ඇය බලාකියා ගැනිමට නොහැකි උනත්....මගෙ වගකිම ඇය මගේ ගෙදර කැදවාගෙන යෑම නිසා මම ඇයට ගෙදර යන්නට කතා කලෙමි.
‘‘අපි ගෙදර යන්නෙ නැද්ද මාළී....? ගෙදර පාළුවට යනවා.....‘‘
මං ඇයට ගෙදර යන්න කතා කළෙමි.
‘‘ගෙදර ගිහින් කොහොමද....? කවුද මට උදව් කරන්නෙ.....ඔයාට බෑනේ හැමදාම මට කෑම උයල පිහලා ගෙවල් අස්කරලා දෙන්න....ඔයත් වැඩට යන්න එපෑ.... ඊටත් දවස් දවසට මම තනියමනෙ ගෙදර ඉන්නේ......මට හදිස්සියක් උනොත් කවුරුත් ගෙදර නෑනේ.....ඊටත් මම කොළඹ ඉන්න ආසත් නෑ.... එහේ හරිම රස්නෙයි.... ටැප් වතුර පාවිච්චි කරන්න මම ආසම නෑ.... මම මේ ඉන්න විදිහට බබා හම්බ්වෙනකම් අම්මලා එක්ක ඉන්නම් .. . පස්සෙ බබා හම්බුනාම කොළඹ එන්න බැරියැ ...... ඔයා වැඩට ගිය වෙලාවක මට අමාරු උනොත් උදව්වටවත් කවුරුත් නෑනේ.......‘‘
මාළි කොළඹ යාමට අකමැත්තෙන් කීවාය.
‘‘ඒක තමා සුමල් පුතා.... දරුවා හම්බ වුණාට පස්සෙම මාළි කොළඹ ගියොත් නේද හොඳ......? දුවගෙ තනියටවත් කවුරුත් එහේ නෑනේ......‘‘
ඇගේ මව ද ඇයගේ පැත්තට කතා කරයි. මට හැමදාම අක්කලාගෙ ගෙදරට වෙලා ඉන්නටත් බැරිය..... රජයෙන් හම්බුන නිළ නිවාසය නිතරම වසා දමා තිබෙන එකත් අපරාදේය......මාළි නැතත් මම අපේ නිළ නිවාසයේ තනියම හරි පදිංචියට යා යුතුය .
දින දෙකක් මාළිගෙ මහ ගෙදර නැවති සිටි මම, මාළිගෙ දුක සැප බලා නැවත කොළඹ මගේ නිළ නිවාසය බලා පැමිනියෙමි .......එම නිවස උනත් පාලුවට යාමට දීමට නොහැක .... තනියම උයාපිහාගෙන කා මෙහි සිට රැකියාවට යන්නට මම සිතා ගත්තෙමි.....අක්කලාගෙ ගෙදර සිට පැයක් එකාහමාරක් එක දිගට කෝච්චියේ වැඩට යෑමත් මට දැන් එපා වි ඇත....
මම නැවත කොළඹ එද්දි....මාලි මට අතේ ගිනියන්න පුලුවන් ප්‍රමානයට හාල් තුනපහ ලෑස්ති කර දුන්නේ....මම තනියම කුළී නිවසේ උයාපිහාගෙන කා එහි සිට වැඩට යන බව ඇයට කිව්වාට පසුයි....
කොළඹ නිවස කිසිවෙක් නැති නිසා පාලුවට ගොස් ඇත.....මම ගෙවල් දොරවල් අස්පස් කර මිදුලද අතුපතුගා පිලිවෙලට අස්පස් කරගෙන එහි සිට වැඩට යන්න පටන් ගත්තෙමි.....උදේ පාන්දර නැගිට බතක්, පරිප්පුවක්, බිත්තර ,කරවල වැනි දෙයක් සාදාගෙන මම දවල්ට බත් මුලක්ද මුල් දිනවල ගෙනගියෙමි. ටික දවසක් එසේ කැම උයාගෙන කාපු මම පසුව කන්තෝරුව ලග කඩේකින් තුන් වේලම කෑම කන්න පටන් ගත්තේ ...උයන්න කම්මැලි කමටය.
සුමාන දෙකකට විතර පසු මට ජුවානිස් එවා තිබු ලියුමක් ලැබුනි...... එම සුමානෙම සෙනසුරාදා හවස දෙක වනවිට කොළඹ පිටකොටුවේ, බස් නැවතුමට ඔවුන් එනවා යැයි කියා ජුවානිස් එවා තිබූ ලියුම දැක මට පුදුම සිතිනි.....මාළි බලන්න කළුතර ගොස්, නැවත කොළඹ ඇවිත් , රැකියාවට යන්නට පටන් ගත් පසු මට ජුවානිස්ලා කොළඹ එන්න අවශ්‍ය යැයි කියපු කතාව එහෙන් පිටින්ම අමතකව ගොස් තිබුනි....
මම සිකුරාදා වැඩ ඇරී වේලාසන ගෙදර ගොස් නිල නිවාසය කළබලේ පිරිසිදු කරන්න පටන් ගත්තෙමි. .... අප අලූත එම නිවාසයට පදිංචියට ආ බැවින් ඒ හැටි ගෘහ භාණ්ඩ ද එහි නොතිබිණි. කාමර දෙකකින් සමන්විත නිල නිවාසය මා අතුපතු ගා පිළිවෙලකට අස්පස් කළේ සුනිලාද කොළඹ එන බව සිතින් සිහිපත් කරමින් සතුටින් ...... ඇගේ පැමිණීම මතක් වෙද්දී මගේ හිතට අමුතුම හැඟීමක් ඇති වී නැති වී යයි. අමාරුවෙන් එය වලකා ගත් මා දින ගණනකින් උයා පියා නොතිබුණ කුස්සියට අවශ්‍ය හාල්, තුනපහ බඩු ලඟ කඩෙන් ගෙනත් තැබුවේ සුනිලා ඇතුළු අනිත් අයට සංග‍්‍රහ කිරීමට ය.
සෙනසුරාදා උදේ රැයින් නැගිට වත්ත පිටිය ද සුද්ද කළ මා බතක් උයා, පරිප්පු තෙම්පරාදු කර කෙලවල්ලන් මාළු උයා තක්කාලි සම්බෝලයක් සෑදුවෙමි...... මාළි දරුවා ලැබෙන්න ආ මුල් කාලයේ ඇයටත් එක්ක කෑම උයා පිහා දීමට පුරුදු වූ මට දැන්, තනියම උයාපිහා ගැනීමට හොඳටම හැකිය.
ගෙදර පාළුවට යන බැවින් සුමානයකට දෙකකට නිල නිවාසයට මා පදිංචියට යන බව වේලාසන අක්කට හා මාළිට පවසා අක්කලාගෙ ගෙදරින් පිට වුන මම සුනිලා ඇතුළු අනිත් අය කවදාහෝ කොළඹ එන බව කාටවත් නොපැවසූවෙමි. ශාන්ත අයියාට ජුවානිස් කොළඹ යන බව පවසා ඇති නමුත් ඔවුන් මෙතරම් ඉක්මනට කොළඹ ඒවි යැයි අයියාද සිතනු නැත.
සෙනසුරාදා දවල් වරුවේ කොළඹ කොටුව බස් නැවතුමට, මම යන විටත් ජුවානිස් හා ඔහුගේ පුතාත්, සුනිලාත් මා එන තෙක් බස් නැවතුමේ බංකුවක වාඩි වී සිටිනු ඈත දීම දැක ගත හැකි විය.
මල් වැටුණු සාරියක් ඇඳ සිටි සුනිලා අද මට මහ ගෑණියක් ලෙස පෙනෙයි..... මා දුටු වහාම ඔවුන් තිදෙනාම සතුටින් ඉපිල ගිය බවක් පෙනින........ ජීවිතේට කොළඹට ඇවිත් නැති සුනිලා, ඔවුන් අතරමං වේ යැයි බියෙන් සිටින්නට ඇත.
‘‘ආ... ජුවානිස් මාමේ..... ගොඩක් වෙලාද ඇවිත්..... මට පොඞ්ඩක් බස් එක පරක්කු වුණා. . කොහොමද ගමන මහන්සිද..? මොනවද මේ බරටම උස්සාගෙන ඇවිත් තියෙන්නෙ.‘‘
‘‘අපි මේ ගමේ පළතුරු , එළවළු ,හකුරු, කෙසෙල් එහෙම මහත්තයාට ගෙනාවා....සුනිලා කැවුම් හැලප එහෙමත් හදාගෙන ආවා......‘‘
‘‘අනේ මොකට මහන්සි උනාද....? යං... යං...ඉක්මනට....අපට තව බස් එකකින් යන්න තියෙනවා අපේ ගෙදරට.‘‘
ජුවානිස් අප්පුහාමි ,සුනිලා හා ඇගේ වැඩිමහල් සහොදරයා කොළඹ ඇවිත් තිබුනේ....ජුවානිස්ගෙ කච්චේරියේ වැඩය කර ගැනිමට හා කොළඹ ටිකක් ඇවිද ඒවා දැකබලා ගැනිමටද කියා මම දනිමි.
අපි නිවසට යන විට හවස හතරට ලං වි තිබුනි. ඔවුන්ට ගෙදර තිබෙන වැඩිපුර කාමරය පෙන්වා නාන කාමරයේ වතුර පයිප්ප පවා පාවිච්චි කරන විදිහ මට පෙන්වා දීමට සිදුවිය......
"තුන් දෙනාට දවල්ට කෑම කන්නත් බැරි වෙන්න ඇතිනේ....මම බත් උයලා තියෙන්නේ....මූණ කට හෝදගෙන ඇවිත් බත් කාලා හිටිය නම්...... කෑම මේසෙට නම් ඇරියෙ නෑ....මට ඕවා තේරෙන්නේ නෑ....සුනිලා තාත්තටයි, අය්යටයි බත් බෙදල දෙන්නකෝ......"
"හා මහත්තයා ....අපරාදේ මහත්තයා මහන්සිත් වෙලා අපි නිසා...."
"ඕක මොකක්ද ....ආගන්තුකයින්ට අපි හොදට සලකන්න ඕනනේ...."
ජුවානිස් සහ ගුණපාල මූණ කට සෝදා ගෙන විත් මා උයා තිබූ බත් මාළු පිනි....., සුනිලා පිඟානෙටම බෙදා දුන් කල කන්නට විය....ඔවුන් උදේ පාන්දරින් ගමේ සිට ආ නිසා දවල්ට කෑම කන්නට නොලැබෙන්න ඇතැයි සිතා මම කෑම උයා තබා තිබුන එක හොදට ගියාය..... කෑම උයා තැබුවත් ඒවා මේසයට අරින්න තරම් දැනීමක් මට නොතිබුණි.
‘‘ඇයි සුනිලා කෑම කන්නෙ නැද්ද?’’
‘‘මට තවම බඩගිනි නෑ මහත්තයා..... අපි බස් එකේ එනකොට වඬේ කෑවා..... මං නාගෙනම ඇවිත් කනවා. හරි දාඩියයි....මෙහේ හරි රස්නෙයි.....‘‘
"එහෙනම් සුනලා ගිහින් නාගෙන එන්න...."
ජුවානිස් බත් කා සාලේ පුටුවක වාඩිවී ඇස් පියාන ඉදියි....උදේ පාන්දරින් ආ නිසා ඔහුට මහන්සි ඇතියි සිතේ . ....ගුණදාස ගෙයින් එලියේ අඹ ගහ යට බංකුවෙ වාඩිවී සිටින්නේ උඩුකයට කමිසයක්ද නැතුවය. මොවුන්ට මේ කොළඹ , ගමේ සිසිලස හොදටම නැති බව දැනි ඇති ගානය....
සුනිලා නාගෙන කොණ්ඬේ පිට දිගට මුදා හැර වතුර බේරෙන්නත් දමා ගෙන, අත් බෝරිච්ච දම් පාට, සුදු පාට මල් ගවුමක් ඇඳ කුස්සියට ආවේ බත් කන්නටය.....ඇගේ සුන්දරත්වය මම ,අනිත් දෙදෙනාට හොරෙන් විඳගත්තෙ හිතේ සතුට උතුරා ගලා යද්දීය...... මුළු ගේම අද එළිය වී ඇත..... සුනිලා ගේ එහා මෙහා යන විට මුළු ගේ ම පිරී ඇත්තේ වාසනාවන්ත සිරියාවන්ත බවකිනි. අද නම් සිරියකාන්තාව මගෙ ගෙදරට වැඩම කල ගානය....
"කෑම රසද සුනිලා ....මම දවල් උයලා තිබ්බේ සුනිලලා බඩගිනි වෙලා එයි කියලා හිතලා....."
"හරි රසයි මහත්තයා ....අපි නිසා මහත්තයා ගොඩක් මහන්සි වෙලා......වෙනස් රසක්....හැමදාම මම උයන ඒවාමනේ මට කන්න වෙන්නේ....අද ඒ නිසා ගොඩක් රසට කෑවා....කොච්චර හොදද මහත්තයාට උයන්න පුලුවන් වෙච්ච එක...."
"මොකද හිතෙන්නේ කොළඹ ගැන සුනිලා ....?
"තාම ආවා විතරනේ.... මහත්තයා ....මම නම් කැමතියි ....මිනිස්සු ගෙට වෙලා තම තමන්ගෙ වැඩ කරගන්නවා වගේ......ගමේ වගේ ඕපාදූප හොයහොයා ඇවිදින්නෙ නැති පාටයි ....
"මට මහත්තයා කියන්න ඕන් නෑ සුනිලා ....මට අය්යා කියන්න ..."
" හා...හා....බලමුකෝ...
පුරුද්දට කියවෙනවා...."
"කොහොමද ජුවානිස් අප්පුහාමි කොළඹ ...?
‘‘මට නම් මේ සුලඟත් අමුතුයි මහත්තයා...... ගමේ උන් කියන්නෙ කොළඹ කොන්ක‍්‍රීට් වනන්තරයක් වගේ කියලනේ...... ඇත්තටම ගොඩක් රස්නෙයි වගේ මේ පැත්ත.... අපේ පැත්ත තරම් හුළෙඟ් සනීපයකුත් නෑ..... ඊටත් වැඩිය මේ වාහන සද්දෙ තමා ඉවසන්න බැරි.....‘‘
ජුවානිස් කියා ගෙන කියා ගෙන ගියේය. ඔහුට නම් දැනටත් කොළබ එපාවුන ගානය. ඔහු උඩුකයට ඇදුමක් නැතුව සරම් පිටින් ඉන්නේ....රස්නෙ වැඩි නිසා වන්නට ඇත.
එදින රෑ වනවිට ගෙයි ලයිට් දැම්ම වෙලේ නම් සුනිලත්, ජුවානිසුත්, ගුණදාසත් පුදුමයෙන් වගේ විදුලි බුබුළු දිහා බල බල සිටියේ පොඩි උන් ලෙසය.......
"අප්පේ මේ එලිය පලාතම එළිය වැටුනා....බලන්නකෝ දවල් වගේ හරි ලේසියිනේ වැඩ රාජකාරි කරගන්න ..."
"දැන් ගමට පාර කැපුවහම ජුවානිස්ලගෙත් ගමටටත් විදුලිය එයි...."
"එහෙම උනොත් නම් හරි ලේසියි...පොඩි ළමයි ඉන්න තැන්වල හරි කරදරයි , බයයි කුප්පි ලාම්පු පත්තු කරගෙන ඉන්න එක...."
නාන වතුර මල් ,වතුර ටැප්, ලයිට්, දිලෙසෙන සිමෙන්ති පොළොව, හොඳින් සිමෙන්ති උලා සුදු තීන්ත ගා ඇති බිත්ති හැමදෙයක් ම ඔවුන්ට ඇති කළේ පුදුමයකි.
‘‘සුනිලා මේ පැත්තට ආස ද?’’
‘‘ඔව් මහත්තයා. මං හරි ආසයි. ....අලූත් දේවල් බලන්න.... අපි දැන් කවද්ද ප‍්‍රදර්ශනය බලන්න යන්නේ.‘‘
‘‘අද ප‍්‍රදර්ශනය පටන් ගන්නෙ..... අපි හෙට උදේට කෑම කාලාම යමු. දවසම ඇවිදින්න පුළුවන්.......‘‘
ජුවානිස් ,ගුණදාස සමග කරුවල වැටුනට පසු ගෙයින් එළියට බැස පාර දිගේ... වටපිට බලමින්, ඇවිදමින් ලයිට් එළියෙන් එළිය වී ඇති පාර දිගේ හෙමිහිට ඇවිද ගෙන යන්නේ අවට පරිසරය ගැන දැන ගැනිමටය.......
‘‘සුනිලත් එනවද පාරට ඇවිදල වටපිට බලන්න යන්න .....‘‘
‘නෑ මහත්යා මං රෑට අපට කන්න දෙයක් උයන්නම්...... මහත්තයා අපට දවල් උයල තිබුණ ඒවාත් ඉවරයිනේ....මිරිස් මාළු විතරයි ඉතුරු වුනේ......‘‘
‘‘සුනිලා උයල දෙනව නම් මට බඩ පිරෙනකම්ම කත හැකි .......සුනිලට රසට උයන්න පුළුවන්නේ....‘‘
‘‘මට මේ ලිප පත්තු කරන්න තමා බැරි.....අපි ඉතිං දර වලින්නේ උයන්නේ..... මහත්තයා. මට උදව් කරනවද මේ ලිප පත්තු කරන්න .....?‘‘
සුනිලා කුස්සියේ එහෙ මෙහ යමින් එළවලූ කපමින්, පොල් මිරිකමින් උයන හැටි මං බලාගෙන හිටියේ කුස්සියේ මේසේ ලඟ තිබුණ පුටුවේ වාඩිවීය...... මම බලා සිටිනා බව දැනී ඇය මුතුවන් දසන් පෙන්වා හිනා වී,
‘‘මොනවද අය්යා මං දිහා බලාගෙන කරන්නේ.‘‘ ඇසුවා ය.
"ලස්සන බැලූවා. සුනිලා කැමති නැද්ද මෙහෙ නවතින්න.‘‘
‘‘මං කැමතියි කොළඹ රස්සාවක් කරන්න .....ගමේ ජීවිතේ හරි කම්මැලියි......අය්යගෙ නෝනාට දැන් බබා හම්බවෙන්න ලඟද....?....මහත්තයාලා ලඟදි නේද කසාද බැදලා තියෙන්නේ....අපේ තාත්තා කිව්වා ....ශාන්ත මහත්තයාලා පහුගිය කාලේ සුමානයක් විතර වාඩිය වහල කොළබ මහත්තයාගේ මඟුල් ගෙදර යනවා කියලා ගියා කියලා ......ශාන්ත මහත්තයා තාත්තට කියලා ගොඩක් ලොකුවට මහත්තයාලගෙ මඟුල ගත්තා කියලා ....මට කිව්වනම් මාත් එනවා මඟුල් ගෙදර ....මම කවදාවත් ලොකු මඟුල් ගෙදරක ගිහින් නෑ......ඒ උනාට මහත්තයා දන්නවද....අපේ ගමේ මගේ වයසේ යාලුවො දෙන්නෙක්ම කසාද බදින වෙලේ මම තමයි ඒ දෙන්නට, සාරිය අන්දලා.....වේල් එකත් ඔලුවට දැම්මේ....කොහෙන්වත් ඉගෙන ගෙන නෙමේ....පත්තරයක තිබුන පින්තූරයක් බලාගෙන තමයි කලේ.....මම තමයි ගමේ ගොඩක් අයට ඇදුම් මහලා දෙන්නේ....මම ඇදුම් මහන මැශිමක් මගේ සල්ලි එකතු කරලම ගත්තනේ....ලීනි අය්යත් සල්ලි ටිකක් දුන්නා.....‘‘
"මාලිට කොහෙන්ද සල්ලී...?
"අපේ ගෙදර මම කිකිලියෝ හදනවනේ....උන්ගෙ බිත්තර කඩේට විකුනලා ගත්ත සල්ලි එකතු කරලා මැශිම ගත්තේ ....."
"සුනිල හරි දක්ශයිනේ...."
"මහත්තයාගෙ නෝන මොනවද ගෙදර නිකන් ඉන්න වෙලාවට කරන්නේ....?
සුනිලා මාළිව මතක් කළ විට මගේ ඔළුව කකියන්නට විය..... මට මාළි මුණ ගැහෙන්න ප‍්‍රථම සුනිලා හම්බ වුණා නම් කෙතරම් අගේද.......? එහෙනම් අපට කෙතරම් සතුටෙන් සිටිය හැකිද.....? ඈලි මෑලි ගෙදර වැඩට අකමැති මාළි ,මේ ගේ ඇතුළේ හැසිරුණු ආකාරයත් සුනිලා ගේ ඇතුළේ මුවැත්තියක් වගේ දුව පැන සතුටින් වැඩ කරන හැටිත් දකින විට මගේ හිතට ඇතුළ්කලේ දුකකි.....
එදින රෑට කන්න සුනිලා ගමෙන් ගෙනා කොස්මදුළු බෑගය සුද්දකර කිරිකොස් උයා....කරවල තෙල් දමා ගත්තේ ....කුස්සියේ ලිප් පත්තු කරන, වැඩය මම කියා දුන් පසුය......ඇය සමග මම කුස්සියේ සිටියේ පුදුම සතුටකිනි....ජුවානිස් හ ගුණදාස අපට නිදහසේ කතා කරන්න හැර අප මග හැර සිටිම ,අපට නිදහසේ කතා කිරිමට හැකි විය.....
එදින රාත්‍රීයේ, සුනිලා ගෙදර තිබුන එකම අමතර කාමරයේ නිදා ගත් අතර ,ජුවානිස් හා ගුණදාස ගෙදර සාලේ පැදුරු දෙකක් දමාගෙන නිදාගත්තේ....රස්නෙ වැඩියි කියමින.
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments