top of page

💞බැද්දෙ කුමරිය 💞

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 13, 2020
  • 8 min read

( හතරවන කොටස)

ශාන්ත අය්යා ආන්ඩුවේ මිනුම් රැකියාවක් කල කෙනෙක්‍ය. එබැවින් අක්කලාගෙ ගෙදර නැවති සිටි කාලයේ මට ශාන්ත අය්යා සමග, ඔහු ආන්ඩුවේ ඉඩම් වල මිනුම් කටයුතු කරන ආකාරය බැලීමට යන්නට ලැබීම වගේම, මහ කැලේ ගොස් මිනුම් කූඩාරම් වල නැවති ඉද එන්නටද අවස්තාව ලැබුනි. එය නම් ජිවීතේට කවදත් නොලැබෙන අලුත්ම අත්දැකීම් ගොන්නක් විය.


සතා සිව්පාවා ජීවත්වන මහ කැලේ කූඩාරම් ගසාගෙන මිනුම් මහත්තයලා වැඩ කරන හැටි ත්‍රාසජනක මතක ගොන්නක් ඇති නැවුම් අත්දැකීමකි.


වැඩි කාලයක් නොගොසින්ම ලිපිකරු විභාගයෙන් හොඳින් සමත් වී සිටි මා හට කොළඹ දෙපාර්තමේන්තුවක ලිපිකරු රැකියාවක් ලැබීම අක්කාට හා තාත්තාට ගෙන දුන්නෙ සතුටකි. ආන්ඩුවේ රැකියාවක් කරනවා තරම් වැදගත් රැකියාවක් ගම්වල මිනිසුන්ට වෙන නැති තරම්‍ ය. අම්මා අක්කා ගෙදර නැති වුන පසු ,ගෙදර නැවති සිටිමට අකමැති මම, කොළඹ අලුත් රැකියාව භාර ගැනීමට යන්න ලෑස්ති උනේ පුදුම ඕනෑකමකිනි. බෝඩිමක නැවති රැකියාවට යෑම, ගමන් පහසුව ගැන බැලීමේදි හොද තීරණයකි.


"දැන් මල්ලි කොළබ යනකොට මල්ලිගෙ කාර් එකත් ගෙනියනවද?


මම අක්කලාගෙ ගෙදර නැවති සිටි කාලයේ….නිතර මගේ වාහනය එලවාගෙන යන්නට කැමැත්ත දැක්වු ශාන්ත අය්යාට ඒ ගැන නම් තිබුනේ කලකිරිමකි. ඒ මම කාර් එක කොළබ ගෙනියයි කියන සැකයයි.


"කොළබ ගිහින් හරියට බෝඩිමක් එහෙම හොයාගෙන පිලිවෙලක් උනාට පස්සෙ වාහනය ගෙනියනවා…. එතකම් වාහනය අක්කලාගෙ ගෙදර තිබුනාවේ… අය්යට බැරියැ මම නැති දවස් වලට ඒක පදින්න."


කොළබ බෝඩිමක නැවති කොළබ කන්තෝරුවේ රැකියාව කරන්න යන්න ලැබුන එක ගැන මට තිබුනේ සතුටකි. ඒ ගැන තාත්තා හා අක්කාද පුදුම විදිහට සතුටු විනි. ඒ කෙසෙ වෙතත්, සුමාන දෙකකට සැරයක් සිකුරාදා ගමේ ගොසින් අක්කා, බබා, තාත්තා බලා ඒමටත්, මගේ කාර් එකේ ගම වටා,යාලුවො සමග රවුම් ගසා ඒමටත් අමතක නොකෙරුවෙමි.


කොළබ පදිංචියට ගොස් වැඩි දවසක් යන්නට මත්තෙන් ,මට මගේ කාර් එක ගැන අහන්න ලැබුනු ආරංචිය නිසා නැවත මට ගමේ යන්නට එපා විය.

ඒ ශාන්ත අය්යා මා නැති අතරේ කාරය පදවාගෙන ගොස් කොහේදෝ හප්පා වාහනය නැවත හොද තත්ත්වයට ගන්නට බැරි තරම් සවුත්තු කර තිබීම නිසයි.... ඒ අනතුරෙන් අය්යාටද තුවාල උන බව ආරංචි වී වත්, මම ඔහු බලන්න ගමේ නොගියෙමි, ඒ මගේ වාහනය මට නැති වුන සොවිනි. එතනින්ම මගෙ වාහන ආසාවද නැති වී ගියේය. ගමේ යෑම ඒ සමගම බොහෝ දුරට නැතිවි ගිය නිසා. අක්කා ඒ ගැන සිටියේ අසතුටිනි.


"මල්ලි තාත්තා සනිප නෑ ඇවිත් බලලා යන්න" දෙතුන් වතාවක් ඇය එවු ලියුම් කඩදාසි වලින් පසු මම නැවත ගමේ ගොස් තාත්තා බලා ඒමට හිතා ගත්තෙමි.

අක්කා හා ඇගේ වැඩිමල් දියනිය බලන්න ගිය ගමනේ, අක්කා නැවත දරු උපතකට ලෑස්ති බව මට පෙනින….


කොළබ කාන්තෝරුවෙ රැකියාව කරන අතර මට ලංකාවේ විවිධ ප්‍රදේශ වල රජයේ රැකියාව නිසා ,ලැබුනු උසස් වීම් සමග නිතර එහෙ මෙහෙ වෙනත් දිස්ත්‍රික්ක වලට යන්නට සිදු විය. මාස ගනන් ඒ ප්‍රදේශ වල නැවති සීටිමටද සිදු විය. ඒ තුලින් මට විවිධ අත්දැකීම් ජීවිතයට ලබා ගැනිමට හැකි විය. සෙල්ලක්කාර ජීවිතයකට කැමති මම ඒ ගමන් විනෝද ගමන් ලෙස සලකා ගියේ බොහෝ සතුටිනි.


ඒ මාස ගනන් නැවති සිටි ප්‍රදේශ වලින් මඩකලපුව ,යාපනය ,නුවර, වාලච්චේන ආදි ප්‍රදේශ මගේ සිත් ගත් තැන් විය. එයින් යාපනය නගරය, අවුරුද්දක කාලයක් රැකියාව කල මට සිත් ගත් විශේෂම නගරය විය. එය තරම් සරුසාර ස්වයංපෝෂිත ,රතුලුනු, මිරිස් ,එළවළු වගාවෙන්, හා තල් නිපයුම් පිරි දිස්ත්‍රික්කයක් මා මින් පෙර නොදැකපු ලස්සන පාරාදීසයක් විය. එහි ජිවත්වු දෙමළ සිංහල මිනිසුන් තුල තිබු එකමුතු කම, හැදියාව, සහයෝගිතාවය, තනිකර සිංහල මිනිසුන් සිට් ගමකවත් නොතිබුනු තරම්‍ය. ආඩි ලිංවලින් වතුර ඇද කරනා එළවළු, රතුලුනු මිරිස් ගොවිතැනින් මුලු යාපන අරධද්විපයම සරුසාර බිමක් විය. එකිනෙකාට උදව් කරගනිමින් වගා කටයුතු වලින් ජිවත් වු දෙමළ මිනිසුන් ඔවුන්ගේ දරුවන්ට වෙර වීරිය යොදා අද්‍යාපනය අතින් හොදින් ඉහලටම ඉගැන්වීමට උත්සහ ගත්තෝය. එහි ප්‍රතිඵලද ඔවුන් නොඅඩුව විදි බව ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරා විශේෂ ඉහළ රැකියාවල, ඉහළ පුටුවල ඔවුන් නිරතවිම එහි සක්ශියකි. එකල ලංකාව වටේ ඇවිදමින් ,සිරි නරබමින් රැකියාව කරන්න ලැබිමත් මගේ වාසනාවක් යැයි මට සිතේ...


තාත්තා චූටි නැන්දා සමඟ ගමේ මහ ගෙදර නැවතී සිටියේ ය. තාත්තාගේ බෙහෙත් සාප්පුවේ වැඩට අය සිටිය නිසාත්...ඔහුට කරන්න වැඩ තිබුන නිසාත්..අක්කත් මමත් ගෙදර නෑ කියා පාලුවක්, පාඩුවක් ඔහුට නොවීය.... මා සුමන දෙක තුනකට සැරයක් සෙනසුරාදා, ඉරිදා ගමේ ගොස් තාත්තාගෙ හා චූටි නැන්දාගෙ දුක සැප බලා පැමිණෙන්නෙමි.

‘කාලය එසේ ගෙවී යද්දී අක්කාට දෙවැනි දරුවා ද ලැබිණි. දෙවෙනි වර ඇයට ලැබුණේ පුතෙකි. දැන් අක්කාටත්, ශාන්ත අයියාටත් දරුවන් දෙදෙනෙක් සිටිති. මම නිවාඩුවට ඔවුන්ගේ නිවසේ ගොස් ඉදහිට නැවති ඉදින්නෙමි..


ලංකාවේ විවිද ප්‍රදේශ වල රැකියාව කල මා හට රැකියාවෙන් උසස් වීමක් ලැබිණි. උසස් වීමෙන් පසු මා හට රජයේ නිවාසයක් පදිංචියට ලැබිණි. නමුත් එහි පදිංචියට යෑමට මා හට කිසිම අවශ්‍යතාවයක් නො තිබුණි. මම රජයේ නිළ නිවාසය භාර නොගත්තෙමි. එය භාර ගැනීම පසුවට කල් දමා..අක්කලාගෙ ගෙදරත් බෝඩිං වලත්, රට වටේ සංචාරය කරමින්, යාලුවො සමග විනෝද ගමන් යමින්, කෙළිලොල් ජීවිතයක් ගත කලෙමි .


‘‘මල්ලි දැන් රස්සාවකුත් හම්බ වෙලා පිළිවෙලක් වෙලා ඉන්න එකේ කසාඳයකුත් කරගත්ත නම් හොඳයි නේද?’’


‘‘අනේ... අපෝ මට නම් දැන්ම කසාඳ එපා.‘‘


‘‘එහෙම කියල බෑ මල්ලි. දැන් තාත්තත් වයසයි. තාත්තා මට කිව්වා ඔයාට කියන්න කියල දැන් කසාඳයක් ගැන හිතන්න කියල.‘‘


අක්ක කියන්නෙ මගේ හොඳට යැයි මට සිතේ.


"හා එහෙනම් බලන්න..මාත් වයසට යනවනේ...කවද හරි මම ගැන බලන්න කෙනෙකුත් එපෑ…."


අක්කාගෙ විවාහයෙන් පසු අවුරුදු දහයක් පමන ගෙවි ගොස්‍ය.. ඒ කාලය තුළ මා කොළඹ හා ලංකාව වටා ගොස් තනිකඩ ජීවිතයට හොඳින් ම පුරුදු වී උන්නෙමි.


‘‘ යාලුවොත් එක්ක රස්තියාදු ගහපුවයි, අයියත් එක්ක කැලේ කූඩාරම් ගහගෙන ඉන්න යන ඒවටයි දැන් ඉතිං ආයුබෝවන් කියන්න වෙයි මල්ලි .... අන්න තාත්තා මල්ලිට ගෑණු ළමයෙක් කසාද බන්දලා දෙන්න හොයනවා.‘‘


‘මේ දැන්ම...


‘‘ඒවා තාත්තට කියන්න. අන්න එන සුමානේ අපටත් තාත්ත ගමේ එන්න කිව්වා. මල්ලිත් එක්ක මල්ලිගෙ මණමාලි බලන්න යන්න.‘‘


ඊට පසු සුමානේ මාව තාත්තා, පුංචි නැන්දා හා අක්කයි, අයියයි සමඟ මණමාලියෙක් බලන්න එක්ක ගියේ කුළියට ගත් වාහනයකිනි.... මණමාලිය බලන්න අප ගියේ මාතර පැත්තේ තිබූ ගෙයකටය.


දහවල් ආහාරය ඔවුන් අපට හොදින් ලෑස්ති කර තිබුණි. අතුරුපස වලින්ද අඩුවක් නොවීය. හොඳින් දවාලට ආහාර ගෙන අප නැවත ගමට යන ගමනේ දී අක්කා මුළින්ම මණමාලි ලස්සන මදි යැය ඇගේ විරෝධතාවය පළ කළේය….. චූටි නැන්දා ද ගෙයි බඩු මුට්ටු වටින ඒවා නොවේ යැයි කියා එම මගුල හොද නැතැයි හොද මදි යැයි කීය. .... ශාන්ත අයියත්, තාත්තත් අක්කටයි, චූටි නැන්දටයි දිනුම දී එම මණමාලිව එතනින්ම කපා දමන ලදි.


මා බලන්න ගිය පළවෙනි මණමාලි වගේම තව හත් අට දෙනෙක්ම මා හට බලන්න යන්න සිද්ද විය... මගේ මනමාලි ...මගේ කැමැත්ත අකමැත්තට වඩා.. අක්කාගෙත්, චූටි නැන්දාගෙත් කැමැත්තට සොයන ලද්දකි….


‘‘දැන් මල්ලිට නේද මණමාලි බලන්න යන්නේ…..හැමදාම යන හැමතැනම...ඔයාගෙයි නැන්දගෙයි කැමැත්තනෙ බලන්නේ .... නිකමටවත් මල්ලිගෙ කැමැත්ත අහන්නෙ නැත්තෙ ඇයි?’’

දිනක් ශාන්ත අයියා අක්කාට, සැර කර ඇසුවේ චූටි නැන්දා ඉදිරිපිටය.


‘‘එයාට ඕවා තේරෙන්නෙ නෑ. රට වටේ ඇවිද ඇවිද ඉන්නව විතරයි .... කොහොමද එයා ගෑණු තෝරන්නේ…..අපිට හොද කෙනෙක් තමයි එයත් බදින්න ඕනේ…..‘‘


අවුරුද්දක් පමණ මණමාලියො බලන්න මාව එහෙ මෙහෙ එක්ක ගිහින් මට දැන් මනමාලියන් බැලීම එපාම වී ඇත…. . හැමදාම මණමාලියන් බලන්න ගොස් බඩකට පිරෙන්න කෑම කාවිත් අක්කයි, චූටි නැන්දයි මණමාලිගෙ, ගෙදර නැදෑයින්ගෙ, දෑවැද්දේ හෝ ගෙදර අඩුපාඩු කියයි….. තාත්තා හා ශාන්ත අයියා ඒ දෙදෙනාට අවශ්‍ය දෙයක් කරන්න දී කට පියාගෙන ඉදී.... මා හට ද මණමාලියක් හෝ ගැහැණු ළමයි ගැන ඒ හැටි හැඟීමක් නොතිබුණි. යාලුවො එක්ක ක්ලබ් ගිය කාලේ... නොයෙකුත් විච්චූර්ණ ඇදුම්, තට්ටම් පෙනෙන්න තරම් කොට ඇදුම් ඇදගත්, අඩි උස සපත්තු දාගත්, තොල් නිය පාට කරගත් ඕන තරම් ගෑනු ළමයි මම දැන හදුනගෙන තිබුනත්...කිසි දින ඒ ගැහැණු ගැන මට හාදකමක් ඇති කරගන්නට නොසිතුනි. මට ඒ කාලයෙත් දැනුත් විවාහ වීමට ද ඒ හැටි ආසාවක් නොතිබෙන්නේ මන්දැයි මා නොදනිමි.


අවසන් වතාවට අප කලුතර බලන්න ගිය මණමාලිට, අක්කා හා චූටි නැන්දා කැමැත්ත දුන්නේ මගේ කැමැත්ත වත් නොඅසාය…. ඇයට විශාල දෑවැද්දක් ඇති ඉහළ පෙළපතක එකම ගැහැණු ළමයා, ඇය වීම ඇගේ විශේෂත්වය විය…. මා හට නම් ඇයගෙ කිසිම ලස්සනක් දකින්න නොලැබුණි. මට වඩා වසර දෙකක් පමණ වැඩිමල් ඇයට අක්කාත්, චූටි නැන්දාත් කැමති වෙන්න ඇත්තෙ ඇගේ දෑවැද්දට ඇති කැමැත්ත නිසා යැයි මා හට සිතේ…..

තාත්තා ද දවසින් දවස වයසට යන බැවින් අවසානයේ මා එම මඟුලට කැමැත්ත දුන්නේය. වැඩියෙන්ම අක්කා සහ නැන්දාගෙ කැමැත්ත ලැබුනු පළවෙනි යෝජනාව නිසත්, නැතහොත් මට තවත් මණමාලියෝ බලන්න යන්න වෙන නිසාවෙනුත්‍ එය එසේ සිදුවිය.


‘‘එහෙනම් ඉතිං මඟුල් ගෙදරට දැන් ලෑස්ති වෙන්න වේවි.... ඒ පැත්තතෙන් නම් මුළු ගමට ම මඟුල් කියයි….. එකම ගෑණු ළමයනේ. ඒ ගමේ හොඳ නමක් තියාගෙන ඉන්න මිනිස්සුලූ... ඒ ගෑණු ළමයාටත් කාලයක් තිස්සේ මණමාළයෝ හොයලා හරි ගිහින් නෑ…. ඒ ළමයා මල්ලිව දැක්පු ගමන් මල්ලිට කැමතියි කියලනේ...කපුරාල අපි එහේ ගිහින් ඇවිත් දවස් දෙකක් යන්න ඉස්සර ඇවිත් පනිවිඩය කිව්වේ…..‘‘


‘‘හැබැයි ඉතිං අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ඒ ළමයා පුතාට වඩා වැඩිමල් එක තමයි කොස්සකට තියෙන්නේ....‘‘


‘‘ ඕවා එච්චර වැදගත් නෑ තාත්තේ.. .. හොඳට සල්ලි තියෙන එකම මදෑ සැපට ජීවත් වෙන්න.‘‘


‘‘මල්ලිත් නිවාඩු වෙලාවට ඒ පැත්තෙ ගිහින් එන්න …. මනමාලිත් එක්ක ටිකක් කතා කරල දැන හඳුනගන්නකෝ…..මගුල් ගෙදරින් ඉස්සර දෙන්නා දැන හදුනාගන්න එක හොදයිනේ….‘‘


මනමාලියෝ බලන්න ගොස් ඇතිවි සිටි මාත් ශාන්ත අය්යාත් අක්කාගෙ හා නැන්දාගේ අවසාන කැමැත්ත ලැබුන නිසා විවේක සුවයෙන් පසු උනෙමු.

කොළබ රාජකාරිය කරන අතර විවේකයක් ලැබුනු විට මම අක්කලාගෙ ගෙදර දුවන්නේ අක්කගෙ දුවත් පුතත් දකින්න ඇති ආසාවටය.... ඒ යන වෙලාවට කොළබින් ඔවුන්ට රස කැවිලි සෙල්ලම් බඩුද ගෙන යාමට අමතක නොකරමි. ඔවුන් ඒ නිසා මම එනකම් සිකුරාදා දිනට මග බලාන ඉන්නේ නොවිසිල්ලෙනි. මම අක්කලාගෙ ගෙදර ගිහාම ශාන්න අයියා සමගද විහිලු තහලු කරමින් දොඩමළු වෙමින් කල්ගත කරන්නේ සතුටිනි. අප දෙදෙනා හොද මස්සිනාලා දෙදෙනෙක් බව පවසමින් අක්කා සතුටුවනවා මා දැක ඇත.


"මල්ලි දැන් කවද්ද මාලි බලන්න කලුතර යන්නේ...වැඩිය පරක්කු කරන්න එපා…ඉක්මනට ගිහින් එන්න..."


"එන සුමානෙ දිහාවට සිරිදාස එක්ක ගිහින් එන්නම්…"


අක්කාගෙ කීම නිසා මම එක සෙනසුරාදාවක මගේ රැකියා ස්ථානයේ යහළුවකු වන සිරිදාස සමඟ ඔහුගේ කාර් එකෙන් කලුතර, මගෙ අනාගත මනමාලි බලන්න ගියෙමු.


කලුතර විශාල කලුවර මැංගුස් වත්තක් අයිනේ... පොල් ගස් වලින් වටවුන විශාල වත්තක මාලිගෙ සොල්දර ගෙය පිහිටා තිබුනි. ආරුක්කු බූරුක්කු වලින් හැඩවුන ඒ නිවස වලව්වක හැඩ ගත්තේය. පවුලේ එකම දියනිය වුන ඇයට මේ සියලු දේපල හිමිවන බැව් දැනගෙන අක්කා ඇයට කැමති වී මට ජෝඩු කරපු බව නම් මට වැටහේ. ….මට මේ දේපල වලින් නම් ඇති වැදගත්කමක් නැත. අක්කාගෙ හා තාත්තාගෙ හිත සතුටු කරනු සදහා මම ඇයට කැමති වුන බව පමනක් මම දන්නෙමි.

ඇයගෙ මවත්, පියාත් තව නෑදෑයින් දෙදෙනෙකු ද අපව ඉතා ආදරයෙන් පිළිගෙන කෑම බීම දී හොඳින් සැලකුවෝය. මාලිනි නොහොත් මගේ අනාගත බිරිඳ, ඇය ඉතා සතුටින් මා සමඟ එදින කතා කළාය. ඇයගෙ පාසැල් දිවියේ තොරතුරුද ඇයට හිමි දේපල පිළිබඳවද ඇය මට නිතර නිතර මතක් කර දුන්නාය. මට ඒ කිසි දේක වැදගත් කමක් නොවුනු අතර….අක්කාගෙ කීමට ඇය මුණ ගැසි කතා කරන්නට ආගමනක් පමනක් විය.

.

විශාල සොල්දරයක් සහිත ඇගේ ගෙදර දොරජනෙල් සුදු බීරලු හා ලේස් රෙදි වලින් සැරසි ඇත.... ආරක්කු දෙකකින් වෙන්වුන ලොකු සාලේ ගාම්භීර පුටු පහේ සෙට්යක්, කැටයම් කවිච්චි දෙකක් විශාල කලුවර කැටයම් පෙට්ටගමක්ද ඇත. අඩි හයේ පිත්තල කුකුලා පහන පිත්තල මල් වාස් වලින් ගේ ඇතුලත සැරසී ඇත.


"අපේ අම්මලා, ඔයාගෙ අක්කලා එක්ක, අපේ මගුල් ගෙයට දිනත් දාගෙන තියෙන්නේ….වැඩි දවසක් නැති නිසා අපට ඒවට ලෑස්ති වෙන්න වෙයි නේද?..…"


මාලි කිසි කෝළගතියක් නැති ලෙස මාසමග කතා කරයි.


"මට නම් ඕවා තේරෙන්නෙ නෑ....අක්කලා නැන්දලා ඒවා ලෑස්ති කරයිනේ…"


"අපේ මගුල්ගෙදර වැඩ අක්කලාට ඕන විදිහටද කරන්නේ…මාලිනි ඇසුවේ අකමැත්තෙන්


"ඔයාට හොද විදිහක් බලන්න… මට නම් ඕවා ගැන කිසි දැනුමක් නෑ….මම හොද මගුල් සූට් එකක් මහ ගන්නවා...අක්කා කිව්වා ඔයාට රත්තරං බඩු හදල දෙන්න ඕනේ කියලා ….ඇට් හෝම් එකේ, අපේ ගෙදර වැඩ තාත්තා අක්කලා ලෑස්ති කරනවා කිව්වේ…මම කොළබ වැඩ නිසා මට ඒවට එන්න වෙලාවකුත් නෑ..."


"අපේ අම්මලා නම් මගුල් ගෙදර, පලවෙනි දවස හොදට ගන්න දැම්ම තියා ලෑස්ති වෙනවා...මුලු ගමම එයි අපේ මගුල් ගෙදරට...ගොක්කොළ, පොල් වලින් තොරනකුත් ගහනවා කිව්වේ...ඔයත් අපේ මගුල් ගෙදර වැඩ ගැන ඕන කමින් බලන්න…. ."


එදින දහවල් ආහාර මේසය ඉතා සරුවට තිබුනි. වෙනම තිබු විශාල කෑම කාමරයේ පුටු දොලෙහෙ කෑම මේසයට සුදු මේස රෙද්දක් එලා ඇත. එකම පාට ඔටුන්න සලකුන තියෙන කෑම පිගන් බන්දේසි, කරදීසි පලන්ගන් වලට බෙදා ලස්සනට තිබුන කෑම මේසයේ, රීදී හැදු ගෑරැප්පුද තියා ඇත…..කොතනින් කෑම කන්න පටන් ගන්නද කියා සිතා ගැනීමට බැරි තරම්‍ය.. .කෑම මේසේ පුටු ඉස්සරහින් මේසේ උඩ කෑම කන බත් පිගාන මුනින් නමා ඇත. ඒ ඉස්සරහින් තව කරදීසියක් වැනි පිගානක්ද නමා ඇත. ඒ පිගාන නම් බත් කලා කන්න මීකිරි තිබෙන බව අගවන පිගාන බව නම් මම දනිමි.


පිගානෙට බෙදාගන්නට බැරි තරමට මාලු පිනි ව්‍යාංජන වලින් මේසය පිරි තිබුනි. මම කොහොම වෙතත් මගේ යාලු සිරිදාස නම් බඩ කට පිරෙන්න ඉස්මුරුත්තාවට යන ලෙස කෑම කන්නේ අවට සිටින මාලිගෙ දෙමව්පියන් ගැනද නොතකාය.…..

ඉදින හවස් වෙනකම් මාලිගෙ ගෙදර ,ඇයත් සමග කතා කරමින් ඉද හවසට නොයෙකුත් කැවිලි සහිත තේ මේසයෙනුත් තේ බී අප නැවත ගෙදර ආවෙමු.


"උබ මාලි බලන්න කලුතර යන හැම දවසකම මාවත් එක්ක පලයං හොදද........මම මාසයකට ඇතිවෙන්න කෑවා...එහෙම කැමක් නම්....මතක ඇති කාලෙකට කාල තිබුනේ නෑ....සිරිදාස තවමත් කෑම මතක් කර තලු මරයි....


"උබව නම් මම ආයි ඒ පලාතේ එක්ක යන්නේ නෑ....ලැජ්ජාවෙ බෑ... කිබුලෙක් වගේ කෑම ගිලගෙන ගිලගෙන ගියා...ඒ මිනිස්සු මොනව හිතුවද දන්නෑ...."


"කෑම දිහා බලන් ඉන්නද උබ කියන්නේ...දීලා ඇද්ද...මම ....බෝඩිං කෑම එපා වෙලා ඉන්න නිසා.. ....


සිරිදාස සමග එසේ ඒ ගමන ගොස් ආවට පසු මම මාලිනි ගැන සිතන්න පටන් ගත්තෙමි.


"මල්ලි අපි එන සුමානෙ රුවන්වැල්ලෙ ආණ්ඩුවේ ඉඩම් මනින්න යනවා.....මාස තුනක් විතර කැලේ ඉදින්නයි හිතාගෙන ඉන්නේ....මල්ලිගෙ මගුලට නිවාඩු දාලා තමයි මට එන්න වෙන්නෙත්.... කැමතිනම් මල්ලිත් එන්න....‘‘


‘‘ශා....නියමයිනේ අය්යේ.... මමත් එන්නම්….ආයේ.කසාද බැන්දට පස්සෙ ඔය ගමන් යන්නත් ලැබෙන්නෙත් නෑනේ....මම දවස් දෙක තුනක් නිවාඩු දාලා යන්න එන්නම්..අය්යේ....‘

- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page