💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 12, 2021
- 4 min read
💥ගිමන් හරිමි💥
(42 වෙනි කොටස)
😓අවුරුදු දොලහකට (12)පසු ....
මීට අවුරුදු දොළහකට පෙර ,ජවිපෙ කළබල කාලේ අතුරුදන් වු මගේ සැමියා වන සුමිත් කුමාර ,අදටත් ජීවත් වි සිටිනවාද, මරණයට පත් වූවාද යන්න මම අදටත් නොදනිමි.
ඔහුගෙ අතුරුදන් වීමෙන් ටික කාලයකට පසු.......
එම කාළයේ, අවසානයට බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම ජවිපෙ අරගලය මර්දනය කර දැමිමට සමත් විය......ජවිපෙ නායකයා උන රෝහණ විජේවීර, 1989 නොවැම්බර් 13 වැනිදා මරණයට පත්වු බව රජය නිවේදනය කිරිමත්....,.
උපතිස්ස ගමනායක ඇතුළු ජවිපෙ නායකයින් බොහොමයක් මරණයට පත් වි ඇති බවත් රටේ සාමාන්‍ය ජනතාවට දැනගන්නට ලැබුනි.... තව පිරිසක් විදේශ ගතව ඇත....දස දහස් ගණනක් තරුණයන්ට සිරගත වීමට සිදු විය. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි විය.. ...දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ පමණි.
මගේ සැමියා වන සුමිත් කුමාර අතුරුදන් වනවිට තුන් මසක ගැබනියක වී සිටි මට, තව දියණියක් ලැබුනේ ඔහුගෙ අතුරුදන් වීමෙන් මාස හයකට පසුයි. දෙවන වරට ද මා හට ලැබුණේ දියණියකී....ඇයට දැන් අවුරුදු 12 කී. වැඩිමහල් දියණියට වයස අවුරුදු දහතුනාමාරකි. ඔවුන් දෙදෙනාම දැන් ගමේ පාසැලට යති.
සුමිත්ගෙ අතුරුදන් වීමෙන් පසු මම පාදුක්කේ ගෙදර අම්මත් සමග පුවක් කපමින් ....ඒ ලැබෙනා සොච්චම් මුදලින් දරු දෙදෙනා පාසැල් යවමින් බොහෝ දුඛ්ත ජීවිතයක් ගත කරමින් හිදියෙමි.
වැඩිමහල් දියණිය අවුරුදු හතෙන් ලොකු ළමයෙක් වීමත්, ලොකු මල්ලිලා දෙන්නා පසුගිය අවුරුදු 12 තුල විවාහ ජීවිතයට ඇතුලත් වීමත් අපේ ජීවිත වල සිදුවුන අලුත් සිදුවීම් විය.
ලොකු මල්ලි කසාද බැද ඒ නංගි සමග පාදුක්කෙ අපේ ගෙදරම ඇවිත් පදිංචි වීමත් ඒ අතර වෙයි.... සුමිත්ගෙ අතුරුදන් වීමෙන් අවුරුදු පහකට පමණ පසු,ලොකු මල්ලිගෙ යහළුවෙක් උන තිලක් සමග මම ගෙන ගිය සම්බන්ධය අවුරුදු තුනක් පමණ තිබි එයත් නැතවි ගියේය. අනෙක් සියලු කටයුතු සාමාන්‍ය පරිදි කෙරිගෙන යයි.
"දුලීකට තාම අවුරුදු තිහක්වත් නෑනේ....ඒ නිසා ආයෙත් කසාදයක් කරගන්න තියෙන්නේ ...."
මාව දකින කවුරු උනත් අපේ අම්මාට කියන්නේ එසේය.
"ඔය අපේ කොල්ලන්ගෙ යාලුවො නම් ඒකිට බැල්ම දාගෙන ඉන්නවා...ඒ උනාට උන් ඒකි දිහා බලන්නේ කසාද බදින්න නෙමේ සෙල්ලමට....ඔය පොඩි කෙල්ලො දෙන්නෙක් එක්ක ඒකිව කවුරුත් භාර ගන්න කැමති නෑ.... "
"අනේ මන්දා...ඒකි ඔය සෙල්ලමට එන උන් නිසා අමාරුවෙ වැටෙයිද දන්නෑ ...තාමත් හරියට යමක් කමක් තේරෙන වයසක නෙමේනෙ ඒකි ඉන්නේ...."
"දූලිකා කෙල්ලො දෙන්නට පන ඇරලා....මුළු දවසෙම පුවක් කපනවා...වත්තේ එළවළු වගා කරලා මොනව හරි විකුනලා කීයක් හරි හොයාගන්නේ කෙල්ලො දෙන්නා ඉස්කෝලේ අරින්න...."
"කොච්චර ලස්සන උනත් වැඩක් නෑ....ඒකිගෙ අවාසනාව.....කසාද බැදලා යන්තම් අවුරුදු දෙකයිනේ මිනිහා එක්ක එකට ජීවත් වෙන්න වාසනාව ලැබුනේ....."
"ඕවා ගිය ආත්ම වල ගෙනාපු පව්... හරියට ඉන්න හිටින්න තැනක් නෑ.... කන්න අදින්න නෑ...ඉපදුන නිසා ජීවත් වෙනවා විතරයි ...."
පාදුක්කේ අම්මලාගෙ ගෙදර,දරු දෙදෙනා සමග පදිංචි වි සිටින මට, දැන් අම්මා පෙනෙන්නේ බොහෝ වෙනස්වය. ඇය දැන් මම පොඩිකාලේ සිටි නපුරු අම්මාම වි ඇත.... ඇය කොයි වෙලෙත් මගේ වැරදි , අඩුපාඩු සොයමින් වටපිට අය සමග මට බැන වදී.... වැරදි කියයි.... ඇයට දැන් මා රුස්සන්නෙම නැතිය. ඇය මගේ දරුවන් දෙදෙනාටද කැමති නැත. ඇය නිතර ඔවුන් දෙදෙනාට බනින්නේ....
"කාලකන්නි කෙල්ලෝ....තාත්තෙක් නෑ...ඉපදෙන්න ඉස්සෙල්ලම තාත්තා මරාගත්තා..." කියමින්‍ය.
බාප්පා මා සමඟ කතා කරනවාටත් අම්මා දැන් කැමතිම නැත. බාප්පා අම්මාට හොරෙන් මගෙ, තාත්තා නැති දරු දෙදෙනාට ඉදහිට පැණි රස කෑමක් ගෙනත් දෙයි...පොඩි උන් ඒවා අම්මාට හොරා කන්නේ කාමරේ මුල්ලකට වී හෝ වත්ත පල්ලෙහා ගස් මුල්ලකට ගොස්‍ය. වැරදිලාවත් අම්මා ඒවා දුටුවොත් බාප්පාට කෑ ගසයි....
"තමුසෙ මොකද හොරෙන් එක එක ඒවා උන්ට ගෙනත් දෙන්නේ...ඇයි අර අරකිගෙ හොර මිනිස්සු ඉන්නේ, උන්ට කියලා ළමයින්ට කන්න ගෙන්න ගන්න බැරියෑ....."
අම්මා මල්ලිලාගෙ යාළුවො පාවා දෙමින් මට නිතර කෑ ගසයි.
"මට බෑ තව පවුලකට කන්න දෙන්න...උඹ ළමයි දෙන්නටත් එක්ක වෙනම එළියේ කුස්සියක් හදාගෙන උයා ගනින්...."
වැඩි දවසක් නොගොසින් මම ගෙයින් එළියෙ මඩුවක් ගසා ගෙන වෙනම උයාගෙන කන්නට පටන් ගත්තෙමි.
ඇය මට දැන් පෙනි පෙනිම වෙනස්කම් කරයි. මට මේ ගෙදරින් යන්න කියා පල නොකියා පලා බෙදයි.... මම දැන් තනියම, දරු දෙදෙනා ජීවත් කරවන්නෙ, පුවක් කපා හම්බවෙන සොච්චමෙන්ය.
අම්මා බාප්පා ගැන වැරදියට හිතුවට, බාප්පා කවදත් හිත හොඳය...දරුවන් නැති ඔහු මගේ දරුවන් දෙදෙනාට ආදරය කිරීම, අම්මාට රුස්සන්නේ නැතිය. බාප්පා නිසා අම්මා මට වෙනස්කම් කරනවා යැයි මම දනිමි. හරිහමන් රස්සාවක් නැතුව , මම මේ ගෑනු දරුවො දෙන්නෙක් එක්ක කොහේ කියලා යන්නද...? අම්මාගෙ ඇනුම් බැනුම් අසාගෙන මෙතනම වැටිලා ඉන්නවා හැර.
අම්මා නැති වේලාවක් බලා මම බාප්පාට, කොහේ හෝ මට රස්සාවක් හොයා දෙන්නෙ කිව්වේ, මුළු දවසම අම්මත් එක්ක මේ ගෙදර ඉද ඇතිවි තිබුන නිසයි ....
"අනේ බාප්පෙ මට දැන් මේ ගෙදර ඉදලා ඇතිවෙලා තියෙන්නේ ...මට මොනවා හරි රස්සාවක් හොයලා දෙන්න බලන්න ...මේ කෙල්ලො දෙන්නට කොහොම හරි හොදට උගන්න ගන්න ඕනේ...මේ පුවක් කපලා හම්බවෙන සොච්චම කාලා ඇදලා ළමයි දෙන්නා ඉස්කෝලේ අරින්නත් මදි....අම්මා කැමති නෑ මම මේ ගෙදර ඉන්නවාට ...ඒ උනාට මම කියලා කොහේ යන්නද...අතේ සල්ලි තියෙනවා නම් කාමර කෑල්ලක් හරි කුළියට ඇරගෙන යන්න තිබුනා..."
"මම බලන්නම් දන්න කියන ගෙදරක වැඩකාර වැඩක්වත් උඹට ලෑස්ති කරලා දෙන්න පුළුවන්ද කියලා ..."
"අනේ ඒක නම් ලොකු දෙයක් බාප්පේ..."
"මම අලුතින් බ්‍රොකර් වැඩක් කරලා, අලුත් ජෝඩුවකට ගෙයක් විකුනුවා.... ඒ නෝනයි මහත්තයයි එන සුමානෙ ඒ ගෙදර පදිංචියට එනවා...බලමු මම ඒ නෝනාටවත් කතා කරලා ,උඹට ඒ ගෙදර වැඩක් වත් ඉල්ලලා දෙන්න පුළුවන්ද කියලා ...
බාප්පා කාලයක සිට ගෙවල් විකුනන බ්‍රෝකර් වැඩ කරයි. ඊට අමතරව ඔහු තැඹිලි හා පොල් ගස් නැග ඒවා කඩා බාදී ගානක් හොයා ගනී... මම ගෙදර වත්තේ පිටියේ වගා කර ඇති එළවළු පළතුරු ඔහු කඩපලට ගෙන ගොස්, විකුනා, ඒ මුදල් මට ගෙනවිත් දෙයි.
මම දැන් වෙනම ලෑලි කුස්සියක් ගෙදරින් පිට හදාගෙන, කෑම උයන නිසා, අම්මා බාප්පා හා මල්ලිලා කන්න කැමති කෑමක් මම හදපු වෙලාවට, ළමයි අතේ ඒවා අම්මාට යවන්නටද අමතක නොකරමි.
"දුලීකා ...මම උඹට කිව්වේ ලගදි බ්‍රෝකර් වැඩක් කරලා , එහා පාරේ ගෙයක් විකුනුවා කියලා ....වැඩි ඈතක් නෑ....ඒ ගෙදරට ආවේ තරුණ ජෝඩුවක්....මම ඒ නෝනගෙන් අහල බැලුවා ගෙදර වැඩට උඹව එවන්නද කියලා ..."
"අනේ බාප්පා ,ඒ නෝනාගෙන් ඇහුව්වද...? ලොකු පඩියක් නැති උනත් මොකද...නෝනගෙ පරණ ඇදුම් ටිකක් වත් මට ඉල්ල ගන්න පුලුවන්නේ..."
"මම නෝනට කතා කරා, නෝනා මහත්තයාගෙන් අහල කියන්නම් කිව්වා....."
"බාප්පට පිං...මට මේ ළමයි දෙන්නා ලොකු කරගන්න කාගෙ හරි උදව්වක්, රස්සාවක් දැන් ඕනම වෙලාව...."
"මම ඒ නෝනට ආයෙත් අනිද්දා දිහාට කතා කරලා බලන්නම් .."
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments