top of page

ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 12, 2021
  • 6 min read

💥ගිමන් හරිමි💥

( 37 වෙනි කොටස )

මාත් සුමිතුත් මීගමුවේ සිට පාදුක්කේ අම්මලාගෙ ගෙදර විත් දින තුනක් එහි නැවති සිටියේ බොහෝ සතුටිනි.... අම්මා මටත් සුමිත්ටත් බොහෝ හොදින් සැලකීම නිසා මට තව තවත් ගෙදර නැවති සිටින්න සිත් විය.


"සුමිත් පුතා තව ටික දවසක් මෙහේ ඉඳලම නේද නුවර යන්නේ...?


"වැඩි දවසක් ඉන්න බෑ නැන්දම්මේ, ගාමිණි අය්යා ඉක්මනට නුවර එන්න කිව්වා, ලොරියෙ වැඩට..."


"එහෙනම් ඔයා නුවර ගිහාම,... මීට පස්සෙ සිකුරාදා රෑට මෙහෙ ඇවිත් ඉරිදා හවසට ආපහු යන්න.... දරුවා හම්බ වෙලා මාසයක් දෙකක් ගිහාම මං නුවර පදිංචියට යන්න එන්නම් ඔයා එක්ක..... හැබැයි නුවරින් අපට කුලියට ගෙයක් හොයා ගන්න ඕනේ...ඔයගොල්ලන්ගෙ ගෙදර නම් මට ගිහින් නවතින්න බෑ...."


"ඔව්..... අපේ අම්මයි, අක්කයි එක්ක නම් ඔයාට ඒ ගෙදර ඉන්න බෑ තමයි ..."


"සුමිත් පුතේ, දුලීකාට දැන් තව මාසයයි දරුවා හම්බ වෙන්න තියෙන්නේ ...ඒ නිසා පුතා නිතර නිතර මෙහෙ ආවනම් හොදයි....දන්නවනේ මේ දවස් වල මේ

ජවිපෙ කළබල නිසා මිනිස්සු හැමෝම ඉන්නෙ බයේ.... රෑ පානේ පාරට බහින්න බයයි, හවස් වෙනකොට කඩවල් වහගන්නවා, රෑට ගෙවල් වල ලයිට් නිවන්න කියනවා...සුමිත් පුතාත් ඔය රෑට එහෙමෙහෙ යන්නේ පරිස්සමට...."


"හොදයි නැන්දම්මේ...මම පරිස්සම් වෙන්නම්....අපේ අම්මත් කියලා එවලා තිබුනා ජ.වි.පි කලබල නිසා, පුලුවන් තරම් ගෙදරට වෙලා පරිස්සම් වෙන්න කියලා ...."


සුමිත් මාව පාදුක්කේ අම්මලාගෙ ගෙදර නවත්වා, ඉරිදා හවස නැවත නුවර බලා පිටත් වුනේය. මම නැවතත් අම්මත්, මල්ලිලාත්, බාප්පාත් සමඟ පාදුක්කේ නවාතැන් ගත්තෙමි.


"ඔය සුමිත් ළමයා නුවර ඉදන් මෙහෙ ආවම , ආපහු යන දවසට රෑවෙන්න ඉස්සර ගෙදර යවපන්...මේ ජ. වි.පි. කරදර කාරයෝ වෙන පලාත් වලින් එන කොල්ලෝ සැකේට අරන් ගිහින් ප්‍රශ්න කරනවලු...පොඩ්ඩ බැරි වෙනකොට වෙඩි තියලා මරලා දානවා...පේනවනේ අතන මෙතන ටයර් දර සෑයවල් වල පිච්චෙන මිනී...."


"ඔව් අම්මේ මටත් ඒ ගැන බයයි තමයි ...මල්ලිලාට පරිස්සමින් ඉන්න කියන්න ඕනේ, රෑපානේ අතන මෙතන යන්නෙ නැතුව ....දෙවියන්ගෙ පිහිටෙන් අය්යා පල්ලියේ නැවතුන නිසා හිතට හොදයි ..."


හැම සිකුරාදාකටම නුවර සිට, සුමිත් මට කන්න බොන්න ආස දේ රැගෙන පාදුක්ක බලා බසයෙන් එයි. ඔහු ආ දිනවලට මම බොහො සතුටින් හිදින්නෙමි. ඔහු ගෙදර එන දවසට මම වත්තේ පිටියේ ඇති අලුත් එළවළු කඩා රසට උයා ඔහු එන තෙක් බලා හිදින්නේ නොවිසිල්ලෙනි.


"අනේ මන්දා බං... බාප්පට හරි හමන් කුළී වැඩක් වත් කරගන්න විදිහක් නෑ....මේ ජවිපෙ කැරළි කාරයන්ගෙ වැඩ නිසා, ලාම්පු පත්තු කිරීමට භුමි තෙල් ටිකක් ගන්න ...., පාන් පිටි , හාල්, අල, ලුණු සීනි වැනි බඩු මොනව ගන්න ගියත්, පෝලිම් වල ඉන්න ඕනේ දවසම...පුදුම කරදර කාලයක් ..."


"උඹ දන්නවද දුලීකා ,....මිඩ්වයිෆ් නෝනා මට බැන්නා උඹට තව අවුරුදු දහඅටක්වත් නැතුව ළමෙක් හදාගන්න යනවා කියලා .....උඹ ඔය වත්තේ පිටියේ තියෙන අලබතල කාලා හරි, ඇගට ශක්තිය ගනින්... දරුව හම්බවෙන්න ගිහාම නැත්නම් උඹට අමාරු වෙයි...."


"ඔව්..මගේ හරි වයස අහල මටත් මිඩ්වයිෆ් නෝනා බැන්නා..."


දවසින් දවස මගේ බඩ ඉදිරියට නෙරා විත්, මට මහත් අපහසුවක් දැනෙමින් තිබුනි. මගෙ කකුල් ඉදිමී ඇවිදීමටත් අපහසු ගතියක් ,මහන්සියක් ඇත. ගෙදර , වත්තේ මම එහේ මෙහේ ඇවිද යන්නේ බොහෝ අපහසුවෙනි. මිඩ්වයිෆ් නෝනා නිතර ගෙදර වැඩපල කර, වත්ත වටේ ඇවිදින්න කිව්වත්, මට පැත්තක් අල්ලන් නිදියනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න පුදුම කම්මැලි කමක් ඇත. ගෙදර දොරේ හැම වැඩක්ම වගේ අම්මා මට කර දෙයි...අම්මා මම කන්නට ආස දේ නිතර හදා දෙයි. ඒ වගේම අහල පහල ගෙවල් වල අදුනන ගමේ ගැහැණුන් මට විවිධ කෑම වර්ග හදා ගෙනැවිත් දෙයි. සැවොම මගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් ඔවුන්ට පුළු පුළුවන් දේ කරයි. මතක ඇතිකාලයක කාගෙවත් ආදරයක් කරුණාවක් නොලබපු මම , මගේ විවාහයත්, දරු උපතට ලෑස්ති වීමත් සමග සැමගේ ආදරයට කරුනාවට ලක්වීම මගෙ වාසනාවක් කියා මට සිතේ... සැමගේ ආදරය කරුනාව, ඇප උපස්ථාන ලැබිම නිසා මගේ හිත සතුටින් බරව ඇත.


1989 මේ දිනවල, රටේ බොහෝ ජ.වී.පී. කරදර තිබුන කාලයකි.... නිතර ම රට තුළ විශ්වවිද්‍යාල, ඉස්කෝල, හා තරුණ කොල්ලො කෙල්ලෝ විසින් මෙම අරගලය ගෙනගිය නිසා, රජයට තිබුනේ විශාල කරදර ගොන්නකී....ඔවුන්ව මර්දනය කිරිමට රජය විසින් ගෙනගිය වැඩපිලිවෙළ නිසා, මුළු රටේම පොලිසි, හමුදාවට වැඩ අදික කාර්‍ය්බහුල කාලයක් විය. එබැවින් සාමාන්‍ය ජනයා මේ ජි.වි.පි. කළබල නිසා බොහෝ අපහසුතාවයන්ට පත්වි තිබුන කාලයක් විය. සාමාන්‍ය ජනයා බොහෝ සැකෙන් බයෙන් ජීවත් උන කාලයක් විය. තරුණ දරුවන් කරන කලබල අතර අතන මෙතන මිනිසුන් මරා දමා තිබෙන මිනී, ඉද හිට පාලු තැන්වල, පාරවල්, හංදි වල පිලිස්සෙන මිනී, මරා දමා තිබෙන තරුණ දරුවන් නිතර දකින්න ලැබේ....පොලීසියෙන් හමුදාවෙන් වගේම ජවිපෙන් දෙන අණද පිළිපදින්නට සාමාන්‍ය ජනයාට සිදු විය. කාගේ අණක් පිළිපදිබවාද කියා තේරුම් ගත නොහැකිව, සාමාන්‍ය ජනයා භිතියට ලක්ව සිට් කාලයක් විය.

"ඔව්...ඔය සුමිත් ළමයට කියපං සිකුරාදා රෑට එන්නෙ නැතුව සෙනසුරාදා උදේට මෙහෙ එන්න කියලා ...මේ කළබල කාලේ ගොඩක් පරිස්සම්වෙන්න ඕනේ..."


මම ලග නැතුව ,සුමිත් නුවර සිටිමත්, නිතර රෑට එහෙ මෙහෙ ඔහු බසයෙන් ගමන් කරනා බැවින්ද මම ඔහු ගැන බොහෝ බියෙන් සිටියෙමි.

රෑ බෝ වෙන්න ඉස්සර ඔහුට සිකුරාදාට ගෙදර එන්න කිව්වත් එසේ ඔහුට කළ නො හැකි ය.නුවර සිට පාදුක්කට ඒමට පැය පහකටත් වඩා කාලයක් යයි.... බස් ගමනාගමන මේ කාලයේ අඩපණ වි ඇත.

මුළුටටම ජේ.වී.පී. කරදර නිසා බයෙන් සැකෙන් ජීවත්වන්ට සිදු වි ඇත. බයෙන් සැකෙන් හැම කෙනෙක්ම ජීවත් වුණ කාලයක මම දරු උපතකට සැරසෙමි.

දවස පුරා භයෙන් සැකෙන් ජීවත් වන මම රෑ වන විට තනියම දරුගැබ බදාගෙන නිදාගන්නෙමි.


"දැන් දුලීකට දරුව ලැබෙන්න කාලයත් හරි...ඉස්පිරිතාලේ ගිහින් නැවතුනා නම් හොදයි නේද..?


"ඒ උනාට මිඩ්වයිෆ් නෝනා කිව්වෙ, අමාරු වෙන කම් ඉදලා ඉස්පිරිතාලේට යන්න කියලනේ...වේලාසන ඉස්පිරිතාලේ නවත්ත ගන්නෙ නෑලු දැන්, ලොකු අසනිපයක් නැත්නම්..."


"දරුවගෙ ඇදුම් එහෙම ලෑස්තිද ...හදිස්සියක් උනොත්..."


"ඔව්, ඒවානම් මම දුලිකා එක්ක එකතු වෙලා ලෑස්ති කරලා තිබුනා...මේ කෙල්ලට කිසි දෙයක් හරියට තේරෙන්න වයසක නෙමේනෙ ඉන්නේ...."


"කොහේද හරියට දහඅට පිරෙනකම් ඉන්න බැරුව කසාද බැන්දා..මිඩ්වයිෆ් නෝනා විතරක් නෙමේ දැන් දරුවා හම්බවෙන්න ගිහාම දොස්තර මහත්තයාලගෙනුත් බැනුම් අහන්න වෙනවා...."


"දුලීකගෙ අම්මා කෙල්ලට බැන්නට, දුලිකගෙ අම්මත් දහඅට පිරෙන්න ඉස්සෙල්ලා නෙව මිනිහ එක්ක පැනලා ගිහින් ළමයි හැදුවේ.. ...අම්මා කරපු දේම නෙව දුවත් කරලා තියෙන්නේ ..." බාප්පා කීය.


"මේ...දන්නවද... අද හවස හය වෙනකොට කඩ සාප්පු වහලා දාලා, පාරේ යන වාහන නවත්වන්න කියලා, ජ. වි.පි. කාරයෝ තුන්ඩු දාලා ගිහින්...අන්න මිනිස්සු කඩි කුලප්පුව හැදුනා වගේ බඩුමුට්ටු ඇරන් ගෙවල් වලට දුවනවා....."


"මට භූමිතෙල් ටිකක් ගෙන්න ගන්නත් ඕනේ...."


"මොනවත් ගේන්න දැන් නම් කඩේ යන්න බෑ.. ...."


"අනේ මන්දා මේ රටට මොනව වෙන්න යනවද කියලා ..."


"අද රෑට ගෙවල් වල ලයිට් දාන්නත්, පහන් පත්තු කරන්නත් එපා කියලා ..."


"මේ ජ.වි.පි කාරයෝ මොනව කරනවද කියලා මම දන්නෑ....අර පොඩි කොල්ලො දෙන්නට ගෙට එන්න කියපං දුලීකා ...දැන් ඔය සෙල්ලම් කලා ඇති..."


"අපට පහන් පත්තු කරන්න භූමිතෙල් ටිකයි තියෙන්නේ .... බැරි වෙයිද බෝතල් භාගයක් වත් ගෙනත් තියන්න...."


"අපොයි ...පිස්සු ද දැන් නම් යන්න බෑ....දැන් හයට ළඟයිනේ...රෑ වෙන්න ඉස්සර අපි ඉක්මණට කාලා නිදා ගමු....."


ඉස්සර හවස් වෙනකොට කඩේ පැත්තෙ යන බාප්පා...යාලුවො සමග අරක්කු අඩියක් ගසා, කතා කරමින් ඉද , ආපසු ගෙදර එන්නේ රෑ බෝ උන පසුයි....නමුත් මේ ජ.වි.පි. කලබල නිසා, බාප්පා දැන් වේලාසන ගෙදර එන්නට පුරුදු වි ඇත. අම්මා නම් එයට කැමතිය.


"අඩියක් ගහපු දවසක් මතක නෑ.... කොහේද මේ යක්කු කසිප්පු ,අරක්කු බොන වුන්ගෙ කටවල් කපනව කියල තියෙනවනේ....ඒ නිසා කවුරුවත් පේන්න බාර් ගානේ ගිහින් බොන්නෙ නෑ බයේ..."


"ඒක නම් හොඳ වැඬේ බේබද්දන්ට.... ඒකට නම් මාත් කැමතියි...."


බාප්පා හවසට, රෑවෙනකොට බී ගෙන එන එක අම්මා නුරුස්සයි....ඒත් බාප්පාට එය අදාළ නැත. නමුත් ජ්.වි.පි එකෙන් කසිප්පු බොන ඈයින්ගේ කටවල් කපනවා කිව්වට බයේ, බාප්පත් බාර් ගානේ ගොස් බොන එක නැවති තිබුනි.


" දුලීකා ....අර පොඩි කොල්ලන්ට ආයෙත් කියපං ඉක්මණට ගෙදර එන්න කියලා.... අන්න උන් වෙලේ සරුංගල් අරිනවා තාමත්...."


මම බඩත් උස්සා ගෙන ඕවිටේ කෙළවරට ගොස් මල්ලිලාට කෑ ගැසුවෙමි.


" මල්ලී...ඉක්මණට හෝද ගෙන ගෙදර වරෙල්ලා. ජ.වී.පී. උන් තුන්ඩු දාලාලූ හවස හයෙන් පස්සෙ පාරේ යන්න එපා ගෙවල් වලට වෙලා ඉන්න කියලා ..."


ගමේ මිනිස්සු කුලප්පු වෙලා වගේ පාරේ එහේ මෙහෙ දුවමින් ගෙවල්වලට යනවා පෙනේ.... වැඩ ඇරී ගෙදර යන මිනිසුන් බඩු මලූ ද උස්සාගෙන හනි හනිකට හවස හයෙන් ඉස්සර ගෙවල් බලා යති.


1988 මේ දිනවල, රටේ ජ.වී.පී. කරදර තිබුන කාලයකි... රට තුළ විශ්වවිද්‍යාල, ඉස්කෝල හා තරුණ කොල්ලො කෙල්ලෝ විසින් මෙම අරගලය ගෙනගිය නිසා, රජයට තිබුනේ විශාල කරදර ගොන්නකී....ඔවුන්ව මර්දනය කිරිමට රජය විසින් ගෙනගිය වැඩපිලිවෙළ නිසා මුළු රටේම පොලිසි හා හමුදාවට වැඩ අදික කාර්‍ය්බහුල කාලයක් විය. එබැවින් සාමාන්‍ය ජනයා මේ ජි.වි.පි. කළබල නිසා බොහෝ අපහසුතාවයන්ට පත්ව තිබුන කාලයක් විය. තරුණ දරුවන් කරන කලබල අතර, අතන මෙතන මරා දමා තිබෙන සිරුරු , පාලු තැන්වල, පාරවල්, හංදි වල පිලිස්සෙන මිනී, නිතර දකින්න ලැබේ....පොලීසියෙන් හා හමුදාවෙන් වගේම ජවිපෙන් දෙන අණද පිළිපදින්නට සාමාන්‍ය ජනයාට සිදු විය. කාගේ අණක් පිළිපදිබවාද කියා තේරුම් ගත නොහැකිව, සාමාන්‍ය ජනයා භිතියට ලක්ව සිට් කාලයක් විය.

හිටි හැටියෙ වේලාසන කඩ සාප්පු වහන්න කියා, ලියුම් කරදහි කඩවලට දා යන ජිවිපි සාමාජිකයන් නිසා, වෙලදාමක් හරියට කරගන්න බැරිව වෙලෙන්දෝ අපහසුවෙන් ගත කල කාලයක් විය. වෙළෙන්දන් , ලොකු ව්‍යාපාරිකයන් ගෙන් ඔවුන් කප්පම් ගැනීම, බැංකු වෙළද ආයතන කඩා සොරකම් කිරීම් නිසා, මහ ජනතාවට තිබුනේ මෙතැකැයි කියන්න බැරි කරදරය.

රෑට ගෙවල්වල ලයිට් නිවන්න කියා කියන දවසට මිනිසුන්ට ඒවාට ද යටත් වෙන්න සිදු වෙයි. රට තොට තිබුණේ ඉතා කරදරකාරී බිහිසුණු කාලයකය. හමුදාවට, පොලීසියට හා ජිවිපියට යටත්ව ගෙවි ගිය කාලය ගැන කියන්න බැරු තරම් අමාරුකම් ගොඩකි.....


අම්මා කුස්සියට කරුවල වැටෙන්න පෙර වේලාසනම, රෑට කන්න කෑම සාදයි. මල්ලිලා වෙලේ සෙල්ලම් කරමින් සිට අත පය හෝදාගෙන ගෙට ආවේ මම කතා කල සැනින්‍ය. වෙනදා අප කියනා දෙයක් කනට නොගන්නා උන්, ජිවිපි කාරයෝ මතක් කල සැනින් කියන ඕන දෙයක් කරයි. රටේ ලොකු පොඩි සැවොම මේ භීශන සමයට තැති ගැන්වි ඇති හැටි....


"කරුවල වැටෙන්න ඉස්සර මේ තියෙන දෙයක් කාලා නිදිය ගනිල්ලා....අද එළි පේන්න පහන් පත්තු කරන්නත් බයයි...වැඩියම මේ කොල්ලෝ ඉන්න ගෙවල් වලට තමයි උන් ගෝනිබිල්ලෝ එක්ක එන්නේ...ඉක්මනට කාලා නිදියගනිල්ලා...."


අම්ම කිව් ලෙස අපි සියල්ලෝ ම වේලාසනම රෑට කෑම කා ඉක්මණින් නිදාගන්න ගියෙමු.


සුමිත් සුමානෙකට සැරයක් මා බලන්න ආවත්,දැන් මගේ හිතට ඔහු ගැන ඇත්තේ බයකි.... හිතට නිදහසක් නැත...ඔහු ගාමිණි මාමා ලග දැන් හොදින් වැඩ කරගෙන හිදින බව දැනගෙන හිටියත්, මට ඔහු ගැන ඇත්තේ බයකි.... අද රෑ ජිවිපි එකෙන් කී දෙනෙක් මරලා දමාවිද.... කාගේ ඔලූවට අද රෑ වෙඩි තියා මරා දමයිද.... හැම දිනකම, මිනිසුන් උදේට නැගිටින්නෙ කාගේ මිනීයක් පාරක කානුවක දකින්න ලැබේ ද කියා බියෙනි.


සුමිත් ගෙදර නැති දිනට මම මල්ලිලා දෙන්නා සමග මගේ පුරුදු කාමරයේ නිදාගන්නෙමි..... සුමිත් නැති දිනට, රෑට මම තනියම කාමරේ ඉන්න කැමති නැති නිසා මම ,මල්ලිලා දෙන්නා අපේ කාමරයට ගනිමි.


වේලාසන කා බී මල්ලිලා දෙන්නා සමග නිදා ගත් මට , රෑ දහය විතර වෙනකොට කොන්ද දිගේ තද වේදනාවක් එන්නට පටන් ගත්තාය.... ඒ සමග උදරයේ ඉවසන්න බැරි වේදනාවක්ද සැරෙන් සැරේට එන්නට පටන් ගත්තේ මට කෙදිරි ගා ඇඩෙන්න තරම් අමාරුවෙන්‍ය. මම මුළින් එය වැඩිය ගණන් නොගත්තත්, එය එන්න එන්නම වැඩි වෙමින් මට වේදනාව ඉවසා ගත නොහැකි විය.... මගේ මුවින් කෙදිරියක් ඇසෙන තරමට ඒ වේදනාව වැඩි විය.....


"අක්කේ ඇයි අඩන්නේ....?

මාගේ කෙඳිරිය ඇසී පොඩි මල්ලි මගේ ඇද ලගට විත් ඇසීය.


"අනේ....මල්ලියේ අම්මට කතා කරපං...මට හරි අමාරුයි , මගේ බඩ රිදෙනවා ...."

මම එසේ කිව් සැනින් මල්ලි කාමරයෙන් එළියට දිව්වේ බිම එළා තිබු පැදුරේ පැටළි වැටි වැටිය.


ටික වෙලාවකින්, ඇස් පොඩිකර කර අම්මා කාමරයට ආවාය.


"ඇයි දුවේ මොකද...කෙදිරි ගාන්නේ....?


"අනේ අම්මේ මගේ බඩ රිදෙනවා.... ඉන්න බෑ. කොන්ද දිගේ වේදනාවක් එනවා.... මා කෙඳිරි ගාමින් අඬන්න විය.


"දෙවියනේ.... මේ මොන වින්නැහියක්ද වෙන්න යන්නේ.... අද පාරටවත් බහින්න එපා කියල ජේ.වී.පී. කාරයෝ තුන්ඩු දාල ගිය දවසක්.... වාහනයක්වත් පාරේ යන්නෙ නෑ.... උඹව කොහොමද මම ඉස්පිරිතාලෙ ගෙනියන්නේ.....?


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page