top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jan 18, 2021
  • 1 min read

💞ඔබ සියලු දෙනාට ලැබුවාවු 2021 අලුත් අවුරුද්ද සුභදායී ,නීරෝගීමත් වසරක් වේවායි ආදරෙන් ප්‍රර්තනා කරමි.... !!💞

මේ ලැබුවාවු අලුත් අවුරුද්දේ මගේ තවත් අලුත් නව කතාවක් වන "ගිමන් හරිමි " නවකතාව, ඔබලා වෙත ගෙන එමට සූදානමින් ඇති බව සතුටින් කීමට කැමැත්තෙමි.


මගේ අලුත් නවකතාව වන "ගිමන් හරිමි " නවකතාව ලිවීමට මූලික වු, ප්‍රදාන චරිතය , මට කාලයකට උඩදි මුණ ගැසී, අශ්‍රය කරන්නට ලැබුනු , මගේ හිත තදින් සංවේදී කරවු අපූරු චරිතයක් වේ. ඇගේ සත්‍ය චරිත කතාව ,ඇගේ උදව් ඇතිව, මාහට පුලුවන් උපරිමයෙන් ලිවිමට ගත් උත්සහහයක් ලෙස "ගිමන් හරිමි" නවකතාව මගේ අතින් ලියවුනි.


කොළඹ මුඩුක්කු පේළියක, අන්ත දිළිදු පවුලක ඉපිද, එහි හැදි වැඩි අනේකවිධ දුක්ඛිත කරදර කම්කටොලු වලට මුහුණ දුන් දුලීකා නම් අහිංසක දැරියකගෙ සත්‍ය කතාව "ගිමන් හරිමි" නමින් මට ලියන්නට සිත් වුනි.


දෙමව්පියන්ගෙන් හරි හැටි ආදරයක් කරුනාවක් නොලද, දුලීකා නම් පවුලක එකම ගැහැනු ළමයා ලෙස උපත ලද ඇය ,සහෝදරයන් හතර දෙනෙක්ගෙ එකම සහෝදරියයි.

ඇගේ දැඩි අදිශ්ඨානයත් උත්සහයත් නිසා අනේකවිධ දුක්ඛිත කරදර ගොන්නක්, ඉවසා දරාගෙන, නොයෙකුත් අත්දැකීම් මැදින් ගමන් ගත් ඇගේ ජීවිතය අද වන විට, යම්කිසි නිදහස් ස්තානයකට ගෙන යන්නට ඇය සමත් වුන හැට් මේ කතාව තුලින් ඔබලාට දැකගන්නට ලැබේ.... ඇයගේ සංවේදී උත්සහවන්ත, ජීවිත කතාව ලගදිම ඔබලා වෙත ගෙන එන්නට සියල්ල සුදානම්ය. "ගිමන් හරිමි" නවකතාව සමග නැවත මුණ ගැසෙමු.


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page