top of page

*කුරක්කන් සහ ආටා පිටි තෝසේ *

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • May 25, 2020
  • 1 min read

උදේ ආහාරයට හරිම ලේසියෙන් අඩු කාල වේලාවකින් හදා ගත හැකි මෙම තෝසේ, ගොඩක් පෝශ්‍ය දායක ආහාරයක් වෙයි.

කුරක්කන් පිට් මේස හැදි තුනක් හා ආටා පිටි කෝප්ප දෙකක් හෝ තුනක් හොදින් ඇල් වතුරේ උකුවට දියකර ගන්න. එයට ලුනු අවශ්‍ය පමන එකතු කරන්න .

තාච්ච්යක් ලිපේ තියා එයට තේහැදි දෙකක් පමන තෙල් එකතු කර එයට අබ ඇට තේ හැදි භාගයක් එකතු කර බැදෙන්න හරින්න .පසුව එයට හීනියට කපාගත් බීලූනු ,කරපිංචා , උලුහාල් ටිකක් හා දෙකට තුනට කඩා ගත් මිරිස් කරල් එකතු කර බැදෙන්න හරින්න . එය පසුව මුලින් අනාගත් පිටි මිශ්‍රණයට එකතු කර හොදින් කවලම් කර නොන්ස්ටික් පෑන් එකකට වක්කර තෝසේ හදාගන්න . අවශ්‍ය නම් මෙම පිටි මිශ්‍රණයට හොදින් ගසා ගත් බිත්තර‍‍‍‍‍‍‍‍යක්ද එකතු කරගත් හැක.එවිට තෝසේ හොදින් සැහැල්ලුවට රසට ලේසියෙන් හදාගත හැක.

මෙම තොසේ කෑමට කරපිංචා , මිංචි කොල මිශ්‍ර පොල් සම්බෝලයක්, පරිප්පු , එලවලු මිශ්‍ර සාම්බාරු හොදි, මස් හෝ මාළු කරි සාදා කෑමට ගත හැක.




 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page