top of page

🌏කොන්ත්‍රාත්තුව🌏 (39 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 5 min read

හංසිනි විසින් ඇගේ කුසේ...., මුදලට හදාගත් අනුන්ගෙ දරුවා.... ලොකු මහත් කරමින් දැන් ඇය ජීවන සටන ආරංභ කර ඇත.....,


කීර්ති සමඟ ඇය අලුත් පවුල් ජීවිතයක් ආරංභ කලත්, ඔවුන් දෙදෙනා අතර ලොකු ආදර සම්බන්ධයක් පෙනෙන්න නැත.....,


හංසිනි විසින් ඇයගේ දරුවාට පියෙක් අවශ්‍ය නිසා කිර්තිව කසාඳ බැදපු බවක් පමනක් බැලූ බැල්මට පෙනේ......හංසිනිව මෙම කොන්ත්‍රාත්තුවට සම්බන්ධ කර, කීර්ති ඇයට කල අසාධාරණය නිසා, කීර්ති ඇය භාරගත් බවක් පෙනෙන්න ඇත...... ඔවුන් දෙදෙනා මේ සුදු දරුවාට, තමන් අම්මා තාත්තා බව හැඟෙව්වට..., කීර්ති හා හංසිනි සමග සිටින මේ පුංච් සුදු දරුවා ඔවුන්ගේ නොවන බව නම්, ඕන කෙනෙක්ට බැලු බැල්මට පෙනෙයි. එබැවින් ඔවුන් දැන්, ලංකාවේ ජීවත් වන්නේ කැමැත්තකින් නොවන බවත් වැටහේ.....


අවුරුදු පහකට වැඩි කාලයක් සමදරා අක්කා සමග එක වහලක් යට ජීවත් උනත්, කීර්ති අය්යාට හා සමදරා අක්කාට, දරුවන් නොසිටි බව මම දැනන් උන්නෙමි...... ඒ හේතුව නිසා, හංසනිට ඔහුව ලේසියෙන්ම අයිති කරගන්නට හැකියාව ලැබෙන්නටද ඇති.... එබැවින් සමඳරා අක්කා කීර්ති අය්යාව කැමැත්තෙන්ම දික්කසාද කරන්නත් ඇති.....කීර්ති අය්යා කිව් ලෙස, සමදරා අක්කාද දැනටත් නැවත විවාහයක් කරගෙන ඇත..... හංසිනිට දරුවා නිසා, වෙන කිසි දෙයක් කරගන්නට බැරි කමට කීර්තිව කසාඳ බැන්දත්..... ඔවුන් දෙදෙනාගේ වයස දිහා බැලුවම, හංසනී වගෙ තරුණ කෙල්ලෙක්ට, කීර්ති වගේ දික්කසාද උන කෙනෙක් ගැලපෙන්නෙ නැතැයි මට සිතේ.... හංසනීට හොද තරුණ කොල්ලෙක් කසාද බැද ගන්නට නොහැකි වීමට, මාත් වග කිව යුතුය....ඒ ගැන මට තිබෙන්නේ මෙතැකැයි කියන්න බැරි තරම් දුකකි....එබැවින් හංසිනි වෙනුවෙන් මම, මොනයම් හෝ උදව්වක් කල යුතු බව මගේ හිතට තදින්ම දැනේ....


මේ සුදු දරුවා අද මෙරටේ ජීවත් උනත්, ඔහුගේ දෙමව්පියන්ගේ හා ඔහුගේ නිජබිමට....., ඔහුට හා හංසනීට යන්නට උදව් කිරීමට මට හැකියාව ලැබුනහොත්.... ,හංසිනිගෙ සුන්දර තරුණ කාලය, විනාශ කර දැමු මට, ඒ පාපයෙන් මිදීමටද හැකියාවක් ලැබෙනුද ඇත......


කීර්ති හා හංසිනි , සුදු දරුවාගේ බෙහෙත් හේත් වලට ඔවුන්ගෙ අතේ තිබුන මුදල් සියල්ල වියදම් කර ඇති බවත්, එබැවින් දැන් ඔවුන් මිලමුදල් අතින් බොහෝ අඩුපාඩු ඇතුව ජීවත් වෙන බවත් පෙනෙන්න ඇත....


හංසනි හා ඇන්ජලාලගෙ

පුංචි සුදු පුතාව දැක බලාගත් මම..., එදින ඔවුන්ගේ ගෙදරින් නික්ම ආවේ, ඔවුන් වෙනුවෙන් මොනවා හෝ උදව්වක් කරන අදහස ඇතුවය....


මම හංසිනි සමග කතා කරන මොහෝතේ...., හංසනීගේ තුරුලේ සිටින ,ඇන්ජලාගෙ සුදුපුතා දිහා, මම නොනවත්වා ඇස්පිල්ලන් නොගසා බලා සිටියෙමි...... තඹ පාට කොන්ඩය, බළල් ඇස් ඇති දරුවාගේ අතපය තම්බපු ඉස්සන්ගේ පාටය....අනේ දෙවියනේ , ඔස්ට්‍රේලියානු දෙමව්පියන් යුවලකට දාව ,හංසනීගේ කුසේ හැදුන දරුවා...., හංසිනි සමග සිංහල වචන කතා කරන හැටි....මට ඔවුන් දෙදෙනා දෙස බලා සිටින්නට බැරි තරම් දුකක් දැනේ.....මගේ දෙනතට උනා එන කඳුළු මම බිමට වැටෙන්න නොදී, වලක්වා ගත්තේ බොහෝම අමාරුවෙනි.


පර්චස් දහයේ, පුංච් නිවසේ..., සාලය මැද බිම වාඩිවී, බාල සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරන දරුවා...., මේ සුදු දරුවා ගැන මට ඇතිවි ඇත්තේ පුදුමාකාර දුකකී ....


"පුතාගේ නම මොකක්ද හංසිනි ....?


"ඔන්ඩ්‍රේ හංසන සමරකෝන්.... "


"පුතාගෙ පෙනුමට ගැලපෙන නමකුත් දාලා තියෙන්නේ ...."


"කීර්ති තමයි නම දැම්මේ.....මායි කීර්තියි බදින්න ඉස්සෙල්ලම ,කීර්ති පුතාට එයාගේ වාසගම දුන්නා...අම්මා තාත්තා කසාඳ බැදලා නෑ කියලා තමයි උප්පැන්න සහතිකේ, දෙමව්පියන් විවාහකද කියන තැන දාන්න උනේ...."

" ඒකට කමක් නෑ හංසිනි .....ලොකු දෙයක් කීර්ති ළමයට වාසගම දුන්න එක.....අපි එහෙනම් දැන් ගිහින් එන්නම් හංසිනි .....මගේ දුවත් වාහනේ නිදි...ඒකයි ස්ටීව් සර් ගෙට ආවේ නැත්තේ....මම ඔයාට ඔස්ට්‍රේලියාවට ගිහාම කෝල් එකක් දෙන්නම්......අපිත් එන සුමානේ ඔස්ට්‍රේලියාවට යනවා....මම පුලුවන් ඉක්මනට ඔයගොල්ලන්ව ඔස්ට්‍රේලියාවට ගන්න වැඩ ටික කරගෙන යන්නම්.... ..."


"හොදයි මිස්...බොහෝම ස්තුතියි.... අපිව බලන්න ආවට..."


"මම ගිහින් එන්නම් පැටියෝ.....මම ඇන්ජලාලගේ චුටි සුදු පැටියව ආදරෙන් වඩාගෙන සිප ගත්තෙමි. මගේ දෙනතට නැවත කදුළු ගලා එයි....

මම ගෙනාපු ලොකු චොක්ලට් පෙට්ටියක් චූටි පුතාගෙ අතටත් දුන්නෙමි ...., ඔහු එය දෝතීන්ම බදාගෙන ....

ටැන්කු ඇන්ට් කීවේය....


මොන අසනීප අමාරු ඇතුව ඉපදුනත්, දැන් දරුවා නීරෝගී පෙනුමෙන් හිදී....නමුත් තවමත් ඔහු වෛද්‍ය උපදෙස් පිට බෙහෙත් වර්ගයක් ගන්නා බව හංසිනි කීයයි.


ඇන්ජලා හා ටෙරික් ගෙ දරුවා...දැන් හංසනි ලඟ හැදෙන හැටි දැක, මට ඇතිවි තිබුනේ දුකක් මිශ්‍ර සතුටකි.....


"ස්ට්ව්...ඔයා දැක්කා නේද අර දරුවා....?


"ඔව්... මට එයාව දැකලා ඇස් අදහාගන්න බැරි උනා.... ආයේ ඉතිං දෙකක් නෑ.... ටෙරික්ගෙ කපාපු පලුව, අපරාදේ ඒ මිනිස්සු ස්කෑන් එකයි, අනෙක් රිපෝට්ස් බලලා, දරුවා අත හැරලා, ගම් රටවලුත් අත් හැරලා, අපෙනුත් ඈත් වෙලා, වෙන රටකට ගිහින් හැංගිලා ඉන්නෙ...."


"ඒක තමයි , හංසනිට කොච්චර දුක හිතෙන්න ඇද්ද... මේ මිනිස්සු මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් හංසනීට හම්බවෙන්න ඉන්නෙ කියලා දැනගත්තහම, හංසනීවයි දරුවයි අත ඇරලා දාලා යන්න ගිහාම.......ඒ මිනිස්සු මේ අහිංසක කෙල්ලට කරපු දේට.....දුන්න දුකට....ඇන්ජලයි ටෙරිකුයි හිතින් හරි දුක් විදින්න ඕනේ......මම ඒ දෙන්නට නිදහසේ ඉන්න දෙන්නේ නෑ...."


ස්ට්ව් හා අපේ දරුවා සමග ඔස්ට්‍රේලියාවේ සිට... දෙමාපියන්, නෑදෑයින් බලන්න ලංකාවට ඇවිත් සුමාන දෙකක කාලයක් ලංකාවේ නැවති සිටි මම , මට අතපසුවි තිබුන ලොකු වැඩ කොටසක් කරගත්තෙමි....

හංසිනි හා ඇන්ජලාලගෙ දරුවා දකින්න ලැබුන එක ඒ හැම දේටම වඩා මට වැදගත් දෙයක් විය.


"සුමාන දෙකකට කියලා ලංකාවට ආවත්, මම ලංකාවේදී කරගන්න ඕන වැඩ ගොඩක් කරලා ඉවර කර ගත්තා ස්ටීව්....මේ පාර ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ හංසිනිව ඔස්ට්‍රේලියාවට ගන්න විදිහක් කල්පනා කරන්න ඕනේ ස්ටීව්.....පව් හංසිනි දරුවා හදාගෙන සතුටින් ඉන්නෙ කිව්වට, ගොඩක් අමාරුකම් ඒගොල්ලන්ට තියෙන පාටයි.... කොහොම හරි දරුවා ඔස්ට්‍රේලියාවට ගෙනත් දරුවාට හොද අධ්‍යාපනයක් ලබා දීලා දරුවා හොද තැනකට ගේන්න ඕනේ...."


ලංකාවට ඇවිත් ගෙවුනු සුමාන දෙක ඉවර වි, අපි ආපසු ඔස්ට්‍රේලියාව බලා නැවත පියාසර කෙරුවෙමු.....


ඔස්ට්‍රේලියාවට ගිය වහා නැවත රැකියාවට යෑම සඳහා අපට ,අපේ දරුවා දිවා සුරැකුම් මද්‍යස්තානයක නවත්වන්නට සිදු විය..... එය අකමැත්තෙන් හෝ අපට කරන්න සිදුවි ඇත. වෙන අපට කරන්නට විකල්පයක් නැත. අපේ රැකියාව ආරක්ශා කරගැනීමට වගේම අපට ජීවත් වීමට අවශ්‍ය මුදල් රැස් කර ගැනිම සඳහා, අපේ දරුවා දවල් දවසෙම දිවාසුරැකුම් මද්‍යස්තානයක හැදේ...


"ස්ටීව් ඔයා දන්නවද අද මම මොනවද කරන්න හදන්නේ කියලා ....?"


"ඔයා ඔය මොනවද කරන්න හදන්නේ.... ඔයාගෙ ඵොන් එක ඇරන්....?


" ඔයාට මතකද එදා හංසනීලගෙ ගෙදර ගිය වෙලේ, මම හංසනියි, දරුවයි එක්ක ගත්ත පින්තූර ටික.....දරුවත් එක්ක මම කතා කරන කොට ගත්ත වීඩියෝ එක....ඒ පින්තූර ටික මම දැන් මගේ ෆේස් බුක් එකට අප්ලෝඩ් කරනවා......, අපිත් එක්ක තරහ වෙලා කතා නොකර හිටියට, ඇන්ජලයි ටෙරිකුයි මගේ ෆෙස් බුක් එකේ ඉන්නවානේ.... ,අපි බලමු ඒගොල්ලෝ හංසිනිවයි දරුවවයි අදුනගනියිද කියලා.. ..."


" ඔයාට පිස්සුද ...? එහෙම කරන්න එපා චතුරි .....ඒගොල්ලො ඔය දරුවගේ ඵොටෝස් දැකලා හංසිනිට කරදර කරයිද දන්නෙ නෑ දරුවා ඉල්ලලා...."


"මේ පාර මම හංසනීගෙ පැත්තෙ ඉන්නේ.....ඒ ළමයට වෙච්ච අසාධාරණය නිසා, කොහොම හරි ඒකට සාදාරණයක් හංසනිට කරන්න ඕනේ..... "


"ඒ උනාට අපරාදේ ඔයා ඒ ඵොටොස්, ෆේස් බුක් එකට දැම්මේ....ඒගොල්ලෝ අතේ අර ලෝයර් හදපු ලියුම තවම තියෙනවා ඇති....ඒ ගොල්ලෝ නඩු මඟට බැස්සොත්...."


"නඩු මඟට බැස්සොත් මම වියදම් කරගෙන ,හංසනීගෙ පැත්ත ගන්නවා..."


"ඇන්ජලාලා, හංසනිට හොදට ගෙව්වනෙ ඒ කොන්ත්‍රාත්තුවට .... ඒ දරුවා හදාගන්න එක වෙනුවෙන්...දැන් තව සල්ලි නොදි ළමයා ඉල්ලයිද දන්නේ නෑ....."


" ඒගොල්ලන්ට එහෙම කරන්න දෙන්න බෑ....ඒකට මම ඇක්ශන් ගන්නවා...හංසිනිගේ තරුණ ජීවිතය නාස්ති කරලා ,ඒගොල්ලෝ ඒ ළමයා අමාරුවෙ දැම්මා කියලා ...ඇන්ජලාගෙන් හංසනිට දඩයක් ඉල්ලලා දෙන්න ඕනේ....."


"හංසනීට ඒ ගොල්ලන්ගෙ සල්ලි වලින් වැඩක් නැති වෙයි.....හංසිනි ඇන්ජලාට ළමයා දෙන්නෙත් නෑ....ආයෙත් ඇන්ජලාගෙ සල්ලි ගන්නෙත් නෑ ,ඒක මම දන්නවා...."


"ඒ උනාට අපි උත්සහ කරලා බලමු...."


හංසනිත් මමත් ඇයගේ දරුවත් සමග ගත්ත පින්තූරයකුත්, කිර්ති, හංසිනි හා සුදු දරුවා සමග ගත් පවුලේ ජායාරූප දෙකක් මගේ fb ගිනුමේ පලකර විනාඩි දහයක් ගියේ නැත......එංගලන්තයේ සිටින ඇන්ජලාගෙන් මට ටෙලිෆෝන් කෝල් එකක් එන බව මට පෙනින.....


"ස්ට්ව්...ස්ටීව්...මේ මගේ ඵෝන් එකට ඇන්ජලාගෙන් කෝල් එකක් එනවා..., ලංඩන් වල ඉදන් ....ශුවර් එකටම අර මම දැන් fb එකේ දැම්ම හංසනීගෙයි බබාගෙයි පින්තූර දැකලා වෙන්න ඇති....මොකද දැන් කරන්නේ, මම කතා කරන්නද..?


" මම ඔයාට කිව්වේ....දැන් බලන්න... ,හංසනීගෙ දරුවා හංසනිට නැති වෙන වැඩක් වෙන්න යන්නේ.....ඔයා මොනව කරනවද මන්දා....හංසනිට කරදරයක් වෙන්න පුලුවන් දැන් ඇන්ජලාගෙන්......ඔයා ආයෙමත් හංසනීට නිදහසේ ඉන්න නොදෙන වැඩක් කරලා කියලයි මට හිතෙන්නේ....."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page