top of page

🌏කොන්ත්‍රාත්තුව 🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 5, 2021
  • 6 min read

🌏කොන්ත්‍රාත්තුව🌏

(41 වෙනි කොටස)

💥අවසාන කොටස💥


හංසිනිට රැකියාවක් සොයා දෙන්න මම ගත් උත්සහයන් සියල්ල අපතේ ගොස් ඇත....


"මම හිතපු තරම් ලේසි නෑ හංසනීට රස්සාවක් හොයලා දෙන්න..., අපි දැන් මොකද කරන්නේ ස්ටීව්....ඒ කට්ටිය ටික දවසකට හරි මට මෙහෙට ගෙන්න ගන්න ඕනේ ...."


"එහෙනම් අපි ඒගොල්ලෝ මෙහෙට ටුවර් එකක් යන විදිහට ගෙන්න ගමු...ඒ ආවාම අපි කීර්තිට ජොබ් එකක් හොයලා පිළිවෙලක් කරන්න බලමු...."


අවසානයේ , ස්ටීව්ගෙ මාර්ගයෙන්, හංසිනි, කීර්ති හා දරුවාව විදේශ චාරිකාවක් එන ලෙස ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අපට හැකි විය.....


"චතුරි මිස් අපට මේ රටේ මාස තුනයි නේ, විදේශීකයන් ලෙස ඉන්න පුලුවන් වෙන්නේ....ඊට පස්සේ අපට මොකද වෙන්නේ....?"


"ඔව්.....මම අපේ දුවව දවල් දවසට නවත්තලා යන දිවාසුරැකුම් මද්‍යස්තානයේ අයිතිකාරිනිය හරහා ඔයාට මෙහේ ස්තිර පදිංචිය සදහා විසා ගන්නයි මේ දවස්වල උත්සහ කරන්නේ.....ඒ නිසා ඔයා මෙහෙ ඉන්න කාලේ, පුරුදු වෙන්නත් එක්ක, දවල්ට ඒ දිවාසුරැකුම් මද්‍යස්තානයේ වැඩට යන්න... ඔයාට පුතාව තියාගෙන එතන වැඩ කර ගන්න පුලුවන් විදිහට මම දේවල් කතා කරගන්නම්......"


"ඒක නම් ලොකු දෙයක් මිස්....මගේ ඉංග්‍රීසි දැනුම තමයි ඉතිං මදි.....ඒ වගේ තැනක රස්සාවක් කරන්න යන කොට..."


"ඔයාට ඉංග්‍රීසි ලියන්න කියවන්න පුලුවන් නිසා, දන්න විදිහට ඉංග්‍රීසියෙන් කතා කරලා ඉගෙන ගන්න බලන්න හංසිනි ....හැබැයි ඉතිං දිවාසුරැකුම් මද්‍යස්තානයේ ඔයාට පිරිසිදු කරන, උයන පිහන වැඩ තමයි මුළින් කරන්න වෙන්නේ....එහෙම තමයි මේ රටවල, ඒ වගේ වැඩ කරාට ප්‍රශ්නයක් නෑ....මම ඉස්සර යුනිවර්සිටි යන්න ආව කාලෙත් ඔය වගේ ඩේකෙයාර් වල වැඩට ගියා, පොඩි ළමයින් බලා ගන්න ගියා...මේ රටේ ඒවගේ වැඩ කලාට කාටවත් ප්‍රශ්නයක් නෑ....පාරවල් අතුපතුගාන කෙනා, බාත්රූම් හෝදන කෙනා කියලා ,කවුරුත් කොන් කරන්නෙ නෑ.....හැමෝම කරන්නේ මොකක් හරි රස්සාවක් කියලා ඕන කෙනෙක් අතර පිළිගැනිමක් තියෙනවා ...."


"ඒක ලොකු දෙයක් මිස්..."


"ඒ උනාට හංසිනි දන්නවද.....ලංකාවෙන් ඇවිත් ඉන්න අපේ මිනිස්සු නම්, පංති පරතර ඇතුව තමයි මිනිස්සු ආශ්‍රය කරන්නේ...."


"ඒ කිව්වේ...මිස්..?


"සාමාන්‍යයෙන් ලංකාවෙන් මේ රටට ඇවිත් ඉන්න ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගිය අය, ලොකු ජොබ් කරන අය එහෙම....

ඒගොල්ලන්ට වඩා ඊට පහලින් පොඩි ජොබ් කරන්න මේ රටට ඇවිත් ඉන්න අයව, සල්ලි නැති අයව එහෙම ආශ්‍රය කරන්නෙ හරි අඩුවෙන්....මඟදි හම්බවුනාම කතා බහ කරනවා තමයි ...ඒ උනාට තමන්ගේ පෝසත් උගත් පංතියේ අයගේ සංගම් වලට ඒ දුප්පත් ,උගත් කම අඩු අයව ගාව ගන්නේ නෑ....ඒ නිසා මේ ඔස්ට්‍රේලියාවට ඇවිත් ඉන්න ලංකාවේ අය....නොයෙකුත්

සමිති සංගම් සිය ගානක් හදාගෙන, බෙදාගෙන ඉන්නේ.....යාලුවො ආශ්‍රය කරන්නෙත් එහෙමයි....."


"ඒ කියන්නේ චතුරි මිස්...ලංකාවේ මිනිස්සු පිටරට ගියත්, ලංකාවේ පුරුදු ඒ රටවලටත් ගෙනිහින්...එහෙමද..?


"ඔව් හංසිනි ...ලෝකේ කොහේ ගියත් ලංකාවේ මිනිස්සු තමන්ගේ හොද ගතිගුණ වගේම නරක ගතිගුනත් තමන් ඉන්න තැන් වලට ඇරගෙන යනවා..."


"චතුරි මිස් කවදා ඉදන්ද මම දැන් අර ඩේකෙයාර් එකේ වැඩට යන්නේ....?අපි මේ ගෙදර ඉන්න එකට ස්ටිව් සර්ගෙ අකමැත්තක් නැද්ද මිස්...."


"අපෝ නෑ...එයා මම කැමති දෙයක් කරන්න මට අවසර දීලා තියෙන්නේ ....එයා ලඟදිම කීර්තිටත් මොකක් හරි රස්සාවක් හොයලා දෙයි...."


"මිස් වැඩට ගිහාම මම මේ ගෙදර වැඩ කටයුතු ටික කරලා , උයලා පිහලා, මිස්ලගෙ බබාත් බලාගන්නම්....මේ දවස් වල බේබිව ගෙදර තියලා යන්න චතුරි මිස්... මමත් ආසයි මිස් වෙනුවෙන් යමක් කරන්න ..."


"කොහොමද දැන් "ඔන්රේ පුතාට හංසිනි ...? මේ රටේ සීතලට එයා කැමතිද...?


"මට හිතෙන්නේ ගොඩක් කැමතියි වගේ, ලංකාවේ ඉන්න කාලේ එයා රස්නෙ දවස් වලට හරි අමාරුවෙන් හිටියේ....ඒත දැන් මේ සීතලට එයා ගොඩක් කැමත්තෙන් වගේ හැසිරෙන්නේ.....එයා හරි පහසුවෙන් ඉන්නවා ..... අපි අර හවසට ගෙවල් ලඟ පාර්ක් එකට ගිහාමත් එයා හරි ආසාවෙන් සෙල්ලම් කරනවා....එහෙමෙහෙ ඇවිදින්න යන්නෙත් හරි සතුටින්....ඉස්සර සුදු පුතාට මම, ලංකාවේදී බත් කවාගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද..? ඒ උනාට "ස්ටීව්" සර් කන්න කැමති කෑම ,මගේ සුදු පුතා හරි ආසාවෙන් දැන් කන්නේ....දැන් බත් කටේ තියන්න කැමති නෑ....අනේ මන්දා මේකා සුද්දෙක් වගේම වෙන්න හැදෙන හැටි...,මගේ බඩේ ඉපදිලත්...."


"ඔයාගේ බඩේ ඉපදුනාට මෙයාගෙ ජාන වෙනස් කරන්න බෑනේ ..."


හංසිනිලව ඔස්ට්‍රේලියාවට ගෙන්න ගෙන අපේ ගෙදර නවත්ත ගත්තාට පස්සේ, මට ගෙදර දොරේ වැඩ වල ලොකු පහසුවක් දැනෙන්න පටන් ගෙන ඇත..... උදේ පාන්දරට මම වැඩට යන්න නැගිටින විට, හංසිනි වේලාසන නැගිට මට දවල් කෑමත්, ස්ටීව්ට දවල්ට සැන්විචර්ස්ද ,දරුවෝ දෙන්නට වෙනම කෑමත් ලෑස්ති කර තබයි.... අපි වැඩට ගියාට පසු, අපේ රෙදි සෝදා, මැද, ගෙවල් දොරවල් අස්පස් කරන වැඩද, රෑට කෑම හදලා තියෙන වැඩද හංසිනි කරන නිසා, මට පුදුම පහසුවක් කාලයකට පස්සේ දැනෙන්න පටන් ගෙන ඇත....කීර්ති උනත් ගෙවල් දොරවල් අස්පස් කරන වැඩ කරන්නේ කැමැත්තෙනි.


"කීර්ති, ඔයාට මම වැඩ කරන කොම්පැනි එකේ ක්ලිනින් ජොබ් එකක් තියෙනවා ....පඩිය හොදයි ,ඔයා හෙට මාත් එක්ක වැඩට යන්න එන්න..."


"ලොකු උදව්වක් සර්...මට ඕන වැඩක් කරන්න පුලුවන් ..."


"ස්ටීව් ....හරි වැඩේනේ, ඇන්ජලා මට අද ඉන්ග්ලන්ඩ් ඉදන් කෝල් කලානේ...එයාට කවුද කියලා , අපේ ගෙදර ලංකාවේ පවුලක්, ළමෙක් එක්ක ඇවිත් නැවතිලා ඉන්නවා කියලා..... ඇන්ජලා මගෙන් අහනවා ඒ හංසනියි ඒගොල්ලන්ගෙ පුතයි නේද කියලා ..."


"ඉතිං ඔයා මොකද කිව්වේ..."


"බොරු කියන්න බෑනේ ...මම ඔව් කිව්වා..."


"ඉතිං...? එයා මොකද කිව්වේ...?


"මට හංසනීව කැමති කරවලා... ,ඒගොල්ලන්ගෙ දරුවා ඒගොල්ලන්ට ඇරන් දෙන්නලු...."


"ඉතිං...හරි වැඩේ...ඔයා මොනවද කිව්වේ....?


"මම කිව්වා, සොරි ඇන්ජලා කියලා .....හංසිනි ළමයවනම් කොහොමත් ඔයගොල්ලන්ට දෙන එකක් නෑ....ඒ උනාට මම කියන්නම් හංසනීට, ඒගොල්ලන්ගෙ දරුවා ඇවිත් බලලා යන්න ඉඩ දෙන්න කියලා ....." "ඔන්රේ" පුතාට ඉගෙන ගන්නත් , බෙහෙත් හේත් වලටත් පුලුවන් නම් ඒගොල්ලන්ට උදව් කරන්න කියලා මම කිව්වා...නැත්නම් ඒ ළමයට දුක් විදින්න සිද්ද වෙයි කියලා ..."


"ඉතිං..ඇන්ජලාලා ....හංසනීට උදව් කරන්නම් කිව්වද...?


"ඇන්ජලාගේ අම්මයි තාත්තයි අපේ ගෙදර එනවා කිව්වා දරුවා බලලා යන්න...මොනව උනත් ඒ මිනිස්සුන්ගෙත් මුණුපුරා ...දකින්න ආස ඇති...."


"ඉතිං ඔයා ඒගොල්ලන්ට හංසනීගෙ දරුවව පෙන්නනවද...?


"වෙන මොනවා කරන්නද ස්ටීව්... ඔන්න ඔහේ බලලා යන්න කියමු...ඇන්ජලාලා ,

හංසනීට කරපු වැරැද්ද නිසා, ඒගොල්ලෝ බයේ ඉන්නේ මාත් එක්ක දරුවා ගැන කතා කරන්න ..."


"ඔයා එහෙනම් හංසනීට කියන්න ,ඇන්ජලාගෙ අම්මලා,දරුවා බලන්න එනවයි කියපු කතාව..."


" ඔව් කියන්න ඕනේ.......හංසිනි මෙහෙට එන්න...."


"ඇයි මිස්..."


"ඇන්ජලාලා දැනගෙන ඔයාලා ඔස්ට්‍රේලියාවට ඇවිත් ඉන්න කතාව..., අද මට කෝල් කරලා කිව්වා..."


"අනේ මිස් ඒගොල්ලෝ ඇවිත් මගේ දරුවට අයිතිවාසිකම් කියයිද..?


"නෑ...ඒගොල්ලෝ තේරුම් ඇරන් ඉන්නේ, ඒගොල්ලන්ගෙ දරුවා අමතක කරලා දාලා ඒගොල්ලෝ පැනලා ගිය නිසා, දැන් දරුවා ඉල්ලන එක වැරදියි කියලා ..."


ඇන්ජලා මට දුරකථන ඇමතුමක් දී දවස් දෙකක් ගියේ නැත...සෙනසුරාදා දිනක හවස් වරුවේ, අපේ ගේ ඉදිරිපිට නවත්වපු සුඛෝපභෝගී වටිනා වාහනයෙන් බැස අපේ ගෙදරට ආවේ ඇන්ජලාගෙ දෙමව්පියන්ය...


"කොහොමද චතුරි ...? ඔයාට ඇන්ජලා කියන්න ඇතිනේ අපි එන බව..."


"ආන්ටිලා එන බව කිව්වට...., අද එනවයි කියලා කිව්වේ නෑ..."


එවලේ, හංසනි ගෙදර කුස්සිය පැත්තෙ වැඩ කරමින් සිට් අතර, මගේ දුවත්, හංසනිගේ පුතත් සාලයේ මැද සෙල්ලම් කරමින් සිටියේය. ගේ ඇතුලට කෙලින්ම ආ ඇන්ජලාගෙ මව නැවතුනේ හංසනීගේ දරුවා ලඟය..... දරුවා කිසි ගානක් නැතුව සෙල්ලම් කරමින් ඉදි...ඇය ගෙනා සෙල්ලම් බඩු පාර්සල් දෙක දරුවන් දෙදෙනාගෙ අතින් තිබ්බ කල ඔවුන් ඇයට ස්තුති කර ඒවා ගත්තේය....


"බලන්න චතුරි ...ඇන්ජලාගෙයි,ටෙරික්ගෙ‍යි වැඩ.....මම මේ පරණ කතන්දර මුකුත් දන්නේ නෑනේ...දෙන්නත් එක්ක මඩමක ළමෙක් ඇරන් එංගලන්තයට ගිහින්, ඒ, ඒගොල්ලන්ගෙ ළමයා කියලා හැමෝටම කියලා.... ඒ මදිවට ඒගොල්ලෝ මඩමක, අනුන්ගේ ළයෙක් හදාගෙන ඉන්නවා .......ඒ දෙන්නගෙ ළමයා මේ කොහේ වත් හැදෙද්දි..."


"එහෙම කියන්න එපා ආන්ටි...හංසිනි මේ දරුවට නියම අම්මා කෙනෙක්ගෙ ආදරේ දීගෙන දරුවා හදන්නේ..."


"ඔයා ඉස්සරහ කාලේ මේ ගොල්ලන්ට මොනවද කරන්න හදන්නේ චතුරි ....."


"හංසනිගේ හස්බන්ඩ් ඇවිත් ඉන්න නිසා, අපට මේ තුන් දෙනා දිගටම මෙහෙ නවත්ත ගන්න බෑ.....ඒගොල්ලන්ට නවතින්න තැනක් හදලා දෙන්න ඕනේ...ඒගොල්ලන්ට රස්සා හොයලා දෙන්න ඕනේ, දරුවා ලොකු කරගන්න ,හොදට උගන්වන්න උදව් කරන්න ඕනේ...."


"හංසනි කැමති නැද්ද දරුවා අපේ දුවට භාර දෙන්න...?"


"නෑ ආන්ටි ...ඒක නම් සිද්ද වෙන්නේ නෑ...මට ඒ ඉල්ලීම හංසනිගෙන් ඉල්ලන්නත් බෑ.....හංසනීටම හිතිලා, ඇන්ජලාට දරුවා දුන්නොත් මිසක්...."


"හරි එහෙනම් ...හංසනීලට කියන්න , ඉස්සර ඔයගොල්ලෝ නැවතිලා හිට්ය අපේ අම්මගෙ ගෙදර ඇවිත් පදිංචි වෙන්න කියලා .... මම ඒ ගෙදර ඇන්ජලාලගෙ දරුවා නමට ලියලා දාන්නම්.....මොනව උනත් මේ, ඇන්ජලාගෙයි ටෙරික්ගෙයි දරුවනේ...අපි කොහොමද මේ ළමයව අහක දාන්නේ, ළමයට දුක් දෙන්නේ....?

මම මේ දරුවට ඉගෙන ගන්න යන ඔක්කොම වියදම් දරන්නම් චතුරි .....හංසනී ලඟ දරුවා හැදුනාවේ...අපි නිතර ඇවිත් දරුවා බලලා යන්නම්....."


"ඒක නම් ලොකු දෙයක් ආන්ටි..."


වැඩි කාලයක් නොයා කීර්තිට, ස්ටීව්ගෙ රැකියා ස්තානයේම සුළු රැකියාවක් ලැබුන අතර, හංසනිට දිවාසුරැකුම් මද්‍යස්තානයේ රැකියාවක්ද ලැබුනි....අපේ දරුවා වගේම, හංසනිගෙ දරුවාද දැන් දවල් දවසට, දිවාසුරැකුම් මද්‍යස්තානයේ හැදෙන්නේ, හංසනීගේද දැඩි රැකවරණය ඇතුවය.


මාස හයක් විතර යනවිට, ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ නවතින්න විසා හදාගන්නට හැකිවනු ඇතැයි ,ස්ටීව් විශ්වාස කරයි...... ඒවා නම් ස්ටීව් හරහා කර ගන්නට ලැබිම මගේ හිතට සතුටකි.....


ඇන්ජලාගෙ මව කිව් ලෙසම, ඇය ඔවුන්ගේ පරණ ගෙදර "ඔන්රේ " පුතාගේ නමට ලියා තිබුනි..... ඉදිරිකාලයේ ඇන්ජලාට අයිති දේපළ වලින් භාගයක්

"ඔන්රේට" ද අයිති වන බවක් ඇන්ජලා මට කීයයි....


හංසිනි ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස තුනක් විතර යන විට, ගැබනියක් වීම මට විශාල සතුටක් ගෙන දුන්නකි..... ඇය නැවත මවක් වීම, මටත් වඩා ඇන්ජලාලා සතුටට පත්ව ඇත. ඒ කාලය වනවිට ඇන්ජලාලා නැවත එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාව බලා පදිංචි වීමට පැමින තිබුනි.


මේ වන විට හංසිනි හා කීර්ති , ඇන්ජලාගෙ ග්‍රැනීගේ ගෙදර,

"ඔන්රේ" සමග පදිංචි වී සතුටින් ජීවත් වෙති.....

මෙවර හංසිනිගේ දරුගැබ ඇතිවුන පසු, ඇයට ඇතිවුන නොයෙකුත් අපහසුකම් නිසා, ඇගේ වැඩිමහල් පුතා වන "ඔන්රේව හංසනීට හරියට බලාගන්නට නොහැකි වි ඇත.... එබැවින් ඇන්ජලා හා ටෙරික් නිතර හංසනිලගෙ ගෙදර පැමිණ "ඔන්රෙව" ඔවුන්ගේ ගෙදර රැගෙන යයි.... ඒ හංසනීගෙ හා කීර්තිගෙ කැමැත්ත ඇතුවය....


සමදරා සමග අවුරුදු පහක් එක ගෙදර ජීවත් උනත්, පියෙක් වෙන්න වාසනාව නොතිබුනු කීර්ති...., අවුරුදු ගානකට පසු, ඔහුගේ දරුවෙක්ගෙ මුහුණ බලන්න බොහෝ කැමැත්තෙන් පසු වෙයි.....ඔහු හංසනීට බොහෝ ආදරයෙන් සැලකීම, මගේ හිතටද සතුටකි.


හංසනිට දෙවන දරුවා ලැබෙන්න ආපසු, හංසනි රැකියාවට යෑම නතර කර දැම්මාය.... දැන් කීර්ති මහන්සි වි රැකියා දෙකක් කරන්නේය.... ඇන්ජලා හා ඇගේ මව, "ඔන්රේ පුතුට අවශ්‍ය සියලු දේ සතුටෙන් සපයති.....


ඇන්ජලාලා මඬමෙන් ඇරන් හදාගත් ගැහැනු දරුවත්, "ඔන්රේ" පුතාත් , මගේ දියනියත් දැන් පාසැල් යන වයසේ පසුවන අතර, හංසිනි හා කීර්තිගේ අමාරුකම් දැන් බොහෝ දුරට මඟ හැරී ඇත.....


හංසිනි ඇගේ දෙවැනි පුතා ලැබුනු පසු..., ඒ දරුවා වෙනුවෙන් දැන් මහන්සි වෙන නිසා..., ඇයගේ ලොකු පුතා වන "ඔන්රේ " බොහේ වෙලාවට ඇන්ජලා හා ටෙරික් සමග ඔවුන්ගේ සුඛෝපභෝගී නිවසේ නැවති හිඳියි......


"මේ රටේ "ඔන්රේට" විතරයි අම්මලා දෙන්නෙක්, තාත්තලා දෙන්නෙක් ඉන්නේ...කොච්චර වාසනාවන්ත දරුවෙක්ද...?


"අම්මා" කියමින් හංසිනි අමතන, ඔන්රේ පුතා.....

"මමි" කියමින් ඇන්ජලා අමතයි....


දරුවකු ලබන්න වාසනාව නොතිබුනු මගේ මිතුරියට...., වෙන කෙනෙකුගෙ කුසේ දරුවකු හදා දීමට මට හැකියාව ලැබුනා වගේම.... අඟහිඟකම් මැද ජීවත්වුන හංසනීගේ මුළු පවුලම හොද තැනකට ගෙන ඒමටත් මට හැකියාව ලැබීම ගැන මම අද බෙහෙවින් සතුටට පත්ව ඇත....ඒ වගේම අම්මා තාත්තා නැති ,ළමා මඩමක සිටිය ගැහැනු දරුවෙක්ට..., ඔස්ට්‍රේලියාවේ කෝටිපති දෙමව්පියන් දෙදෙනෙක් ලඟ සැප විදින්න, වාසනාව ලැබී ඇත...එයත් මගේ කොන්ත්‍රාත්තුව නිසා සිදු උන දෙයකි.


අවසානයේ...... කොන්ත්‍රාත්තුව නිර්මාණය කල මගේ හිතට, සැනසිල්ලක් ලබා දෙමින්....කොන්ත්‍රාත්තුව සෑම කෙනෙක්ටම වාසි දායි ලෙස අවසන්වි ඇත....කොන්ත්‍රාත්තුවට සම්බන්ධ වූවන් සියල්ලෝ දැන් තම තමන්ගෙ යුතුකම් ඉශ්ට කරමින් සතුටින් ජීවිත ගමන් ආරංභ කිරීම කොන්ත්‍රාත්තවේ නිර්මාතෘ වු මට බෙහෙවින් සතුටට කාරනයකි.....


*ප්‍රිසිලා ගොඩහේවා *


අදින් අවසන් උන, කොටස් 41 කින් සමන්විත, "කොන්ත්‍රාත්තුව" නම් නවකතාව සමඟ, එක දිගට රැදි සිටි ඔබ සැමට බොහෝමත් ස්තුතියි......😍


එක දිගට මා සමඟ රැදෙමින් "කොන්ත්‍රාත්තුව" නම් අලුත් මාදිලියේ නවකතාව කියවු ඔබ සැමට, ඒ ගැන හිතට දැනුන පුංච් අදහසක් මා වෙනුවෙන් සදහන් කරනවා නම්.... එය මගේ ලේඛන දිවියේ, ඉදිරි ගමනට බොහෝ වැදගත් වේවි යැයි මම විශ්වාස කරමි.

ස්තුතියි.


😍නැවත අලුත් නවකතාවක් සමඟ මුණ ගැසෙමු....😍 🌹🌹

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page