top of page

🌏කොන්ත්‍රාත්තුව 🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 5 min read

🌏කොන්ත්‍රාත්තුව🌏

( 37 වෙනි කොටස )


හංසනීට මගෙන් උන අසාධාරණය ගැන කළකිරි ලංකාවට ආ මට....., කීර්ති අය්යා, ඇයත් ඔහුත් ගැන කිව් දෙයින් මගේ හිතට පොඩි අස්වැසිල්ලක් දැනුනත්.... කීර්ති අය්යාගේ කළින් බිරිද සිහිවි මගේ ඉහමොළ රත් වින......කීර්ති අය්යාගේ කළින් බිරිඳ වන සමදරා අක්කා, අපට ටිකක් ඈතින් නෑකමක් තියෙන කෙනෙක්ද වෙයි....


හංසිනිව ,නොදන්න කොන්ත්‍රාත්තුවකට සම්බන්ධ කල මම, ඒ හරහා ,මේ වන විට තවත් පවුලක් කඩාබිඳ දමා ඇති බව මට පසක් වි හමාරය.... කීර්ති අය්යා හා සමදරා අක්කා යන දෙදෙනාගේ කසාඳය කැඩීයාම...., හංසනීව මම මේ කොන්ත්‍රාත්තුවට ඈදා ගෙන තවත් පාපයකට හවුල් කරුවකු වී ඇත.... මම නිර්මාණය කරපු, නොදන්න කොන්ත්‍රාත්තුව නිසා දැන්, පවුල් දෙක තුනක්, කරකවා, පටලවා අතහැර මම ඉන්නා හැටි....


ස්ටීව් හා චූටි දුව සමඟ ලංකාවට ආ මුල් දිනේ සිට මගේ හිතේ තිබුනේ...., පුලුවන් ඉක්මනට හංසිනි මුණගැසී ඇයගේ විස්තර දැනගැනීමේ උවමනාවයි.....

අපි ලංකාවට ඇවිත් තුන්වන දින

කීර්ති අය්යා අපිව හම්බවෙන්න ආවා වගේම.... ඔහු අපව හංසිනි බලන්න, ඔහුගෙ ගෙදරට කැඳවාගෙන ගියේද ඔහුගෙ වාහනේමය....


"අනේ මට සමාවෙන්න කීර්ති අය්යේ මම මේ පහුගිය කාලේ උන හැම දෙයක්ම දැනගත්තේ ලඟදි...."


"ඒ උනාට එහෙම කියලා ඔයාට හංසනීට උන කරදරයෙන් බේරෙන්න බෑ...ඒ අහිංසක ළමයා තාමත් දුකෙන් ඉන්නේ, ඔයගොල්ලෝ කරපු ජරා වැඩේ නිසා...."


" මට හරි දුකයි හංසිනි ගැන....ඒකයි මේ දේවල් දැනගත්ත ගමන් මම ලංකාවට ආවේ....දැන් හංසිනි මොනවද කරන්නේ කීර්ති අය්යේ....? හංසිනියි ඔයයි කොහේද දැන් ඉන්නේ...? එතකොට ඔයාගෙ ඉස්සර වයිෆ් සමදරා අක්කා ...?


"හංසනි, ඇන්ජලා දුන්න සල්ලි වලින් පොඩි ගෙයක් ගත්තානේ, ඒකේ තමයි මමත් දැන් පදිංචි වෙලා ඉන්නේ....මම ඒ ගෙදර පදිංචියට ගිහින් අවුරුද්දක් විතර වෙනවා.... "


"එතකොට සමදරා අක්කා ...?"


"මම හංසනීගේ කරදර වලට උදව් කරන්න ගිය විදිහට... ,මොන ගෑනිද කැමති වෙන්නේ තමන්ගෙ මිනිහා ඒ වගේ මිනිහෙක් නැති ගෑනියෙක්ට උදව් කරනවට.....මම සමදරාට වැරැද්දක් කියන්නේ නෑ....එයත් පව්....දවසක් සමදරා ඇවිත් හංසනීට බැනලා ගහන්නත් ගිහින් මගෙන් උදව් ගන්නවා, මාව එයාගෙ ගමන් වලට එක්ක යනව කියලා ......අන්තිමට සමදරාම මාව ඩිවෝස් කලා...,ඉතිං අන්තිමේ මම හංසනීව කසාද බැන්දා...හංසිනි මට වැඩිය අවුරුදු අටක් විතර බාලයි....ඒ උනාට වැඩි වයසක් නෑනේ..."


"එතකොට හංසිනි දැන් රස්සාවක් කරනවද...?කීර්ති අය්යා කොහේද දැන් වැඩ කරන්නේ....?


" හංසිනි රස්සවකට කියලා ගෙදරින් යන්නේ නෑ.... මම නම් හොරණ පැත්තේ ගාමන්ට් ෆැක්ටරි එකක වැඩට ආවා...යන්න එන්න ලේසි නිසා...."


"හංසනී එතකොට රස්සාවකට නොයා ගෙදර නිකන් ඉන්නවද...?


"හංසනී ගොඩක් උත්සහ වන්ත කෙනෙක් ....එයා පොඩියට ගෙදරම මැහුම් වැඩ පලක් දාගෙන ඉන්නවා දැන්....අපේ ගාමන්ට් ෆැක්ටරි එකේ ඇදුම් මහලා ඉතුරු වෙන රෙදි කෑලී ගෙනිහින් තමයි හංසනි, පොඩි ළමයින්ගෙ ඇදුම් මහලා, මහරගම පමුණුවේ තොග කඩවලට දාන්නේ....මම එයාට ඒවට උදව් කරනවා ....."


"එතකොට එයාගෙ ගෙදර අය...?


"අම්මයි තාත්තයි ඉදල හිටලා ඇවිත් එයාව බලලා යනවා හංසනීගෙ මැහුම් වැඩ වලට, තනියට ලොකු නංගි ඇවිත් ඉන්නවා...ඒ ළමයත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කරලා , තව ඉගෙන ගන්න බෑ කියලා ,හංසනීගෙ මැහුම් වැඩ වලට උදව් කරගෙන ඉන්නවා...."


"ඒක නම් මට ලොකු සතුටුක්...කොහොමත් හංසිනි උත්සහ වන්ත කෙල්ල..."


"මොනව උනත් හංසනීලගෙ ගෙදර හැමෝම ගොඩ ගියේ ඇන්ජලා දුන්න සල්ලි වලින්....ඒ නිසා වෙන්න ඇති ඇන්ජලා මිස්ලට හංසිනි මුකුත් කියන්නෙ නැත්තේ.....ඒ උනාට ,ඇන්ජලා මිස්ලා, හංසනීට දුන්න ඔක්කොම සල්ලි දැන් ඉවරයි.....ඒකයි මැහුම් වැඩ වලට එයා ගොඩක් මහන්සි වෙන්නේ....ඊට අමතරව දැන් හංසිනි මොන්ටිසෝරි කෝස් එකකුත් කරනවා, ඉස්සරහ කාලේ ගෙදර පොඩියට මොන්ටිසෝරියක් දාගන්න හිතාගෙන...."


" හරිම සතුටුයි මට.....මොනව උනත් හංසිනි හරි දෛයිර්ය වන්ත කෙල්ල ....නැත්නම් අවුරුදු විසි පහක් වගේ කාලේක අර වගේ තාත්තා බේර ගන්න, කසාඳ නොබැදම දරුවෙක් හදාගන්න කොන්ත්‍රාත්තුවකට බැදෙන්නෙ නෑනේ ...."


"ඔව්...හරිම උත්සහ වන්ත ගෑනියෙක් තමයි....."


කොළඹ සිට අපි හංසිනි මිලදි ගෙන තිබුන ගෙදරට නැතහොත්, කීර්ති අය්යා හා හංසිනි පදිංචි වෙලා සිටින හොරණ ගෙදරට යනවිට හවස පහ පසු වී තිබුනි....


පර්චස් දහයක ඉඩමක තිබුන පොඩි නිවසේ පිටුපස, හංසිනි ගමේ ගැහැනු දෙදෙනෙක් දාගෙන ඇදුම් මසන වැඩක් කරගෙන යන බව ඇසීම මට සතුටට කාරනයක් විය.


අපි සෙනසුරාදා හවස් වරුවක එහි ගිය නිසා..., වැඩ කරන ගෑනු අය පේන්න නොසිටියාය... . ගෙදර ඉස්සරහ දොර ඇර තිබුනත් කවුරුවත් පේන්න නැත..... අපේ වාහනයේ සද්දය ඇසී වයසක් ගෑනු කෙනෙකු ගෙයි පිටිපස්සෙ සිට ඔලුව දමා බලා ගේ ඇතුලට යනවා පෙනින....


" වාහනෙන් බැහැලා එන්න චතුරි නංගි අපි යමු ගෙට.... "


කීර්ති අය්යා වාහනය ගෙයි මිදුලේ නවත්වා, මට ගේ ඇතුලට යන්නට කතා කලේය. මගේ හිත දෙගිඩියාවෙන් බරව් ඇත...හංසිනි මාව දැන් කෙසේ භාර ගනීද, මට බනීද...? එලවා ගනීද කියා මගේ හිතේ සැකයක් ඇත....කෙසේ නමුත්, ඔහු සමග ගෙට යන්නට මම වාහනෙන් බැස්සෙ හංසිනි වෙනුවෙන් ගෙනා තෑගි බෝගද රැගෙනය.


"ස්ටීව් දුවට වාහනේ "ඒ,සි" එක නිසා සැපට නින්ද ගිහින් තියෙන්නේ.... ඔයා වාහනෙන්ම දුවත් එක්ක ඉන්න.... මම කීර්ති එක්ක ඇතුලට ගිහින් හංසිනි හම්බවෙලා එන්නම්... "


සුදානම් ශරීරයෙන් මම, කෝකටත් කියා දුවත් ස්ටීව්වත් වාහනය ඇතුලේම තියා, වාහනයෙන් බැස්සෙමි .


"ඔව්...චතුරි ,ඔයා ඇතුලට යන්න මම දුව එක්ක වාහනෙන්ම ඉන්නම්...."


මම කීර්ති අය්යා සමග ඔවුන්ගේ ගෙදර දොරකඩට ගියේ....හිතේ සැකෙන් හිත ගැහෙද්දීමය....


ගේ ඇතුලේ සිට ගැහැනු කෙනෙකු එනවා පෙනේ....


ඒ ගැහැනු කෙනා හංසිනිය.....


ඇගේ අතේ එල්ලි එන අවුරුදු දෙකක විතර පිරිමි ළමයා දැක මාව ගල් ගැසී දිවකට වේලි ගියේය ..... අනේ දෙවියනේ ...මේ....??


"ආ...චතුරි මිස්...කොහොමද ? හංසිනි මාව දැක සුපුරුදු ලෙස සිනාසී කතා කලාය..... ඇය ඉස්සර හිටියාට වඩා, බොහෝ පිරිපුන්ව වැඩී හොද සනීපෙට, ලස්සන වි ඉන්නා හැටි දැක මට පුදුම සිතිනි...ඊටත් වඩා ඇයගේ අතේ එල්ලි ඉන්නා, හුරුබුහුටි විදේශිය සුදු දරුවා දැක මට ඇතිවුනේ කලන්ත ගතියකී....දෙවියනේ මේ...., ටෙරික් ගේ කපාපු පළුව මෙන් ඇති පිරිමි දරුවෙක්,.... හංසිනි සමග සිටින්නේ, ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවා බව හංසනිගෙන් මට අසන්න අවශ්‍ය තාවයක් නොවීය....ඒ ඔවුන්ගේම දරුවා බව ඕන කෙනෙකුට බැලූ බැල්මට පෙනේ...


"අම්මි.... අම්මි.....?


කියමින් මාව දැක දරුවා, හංසනීගේ ගවුම් සායේ එල්ලි ඇයගෙ පසු පසට ගියේය....


"මේ ඔයාගෙ අම්මගෙ යාළුවෙක් සුදු පුතේ......"


දරුවාව වඩා ගත් හංසනී, ආදරෙන් ඔහුව සිපගත් හැටි දැක මට ඇතිවුනේ පුදුමයකී....


"හංසනී...මට හරි පුදුමයි...මේ දරුව ගැන මම දැනගෙන හිටියෙ නෑනේ...කවදාවත් මට කීර්ති අය්යා කිව්වෙත් නෑ..."


"මොනව කියන්නද මිස්, මගේ බඩට දරුවෙක් දීලා, දරුවා අඩුපාඩු ඇතුව ඉපදෙන්න යන්නෙ කියලා දැනගත්ත ගමන් මාව අතහැරලා , ටෙලිෆෝන් නොම්බරත් වෙනස් කරගෙන ගිය මිනිස්සුන්ට මම තව මොනව කියන්නද.....මේ දරුවා දැන් මගෙ...මගෙ පන, මම දැන් කවුරු ආවත් මේ දරුවා කාටවත් දෙන්නෙ නෑ....


"ඔව් හංසිනි ,ඔයාව අමාරුවෙ දාලා ගිය ඒ දෙන්නට මේ දරුවාගේ අයිතිවාසිකමක් නෑ තමයි ....මේ ගැන ඒගොල්ලෝ දැනගන්නවත් අවශ්‍ය තාවයක් නෑ.....හරිම ආත්මාර්තකාමි මිනිස්සු ...කොටින්ම ඒ දෙන්නා ඔයාව මග ඇරියා කියලා දැනගත්ත ගමන්ම, මම ඒගොල්ලන් එක්ක තිබුන ඇයි හොදැයියත් අත හැරලා දැම්මා. ...ඇත්තට කියන්න හංසිනි මේ පාර මම ලංකාවට ආවේ ඔයාව හම්බවෙලා , මගෙනුත් ඔයාට උන වැරැද්දට සමාව ඉල්ලලා ඔයාට පුලුවන් උදව්වක් කරන්න හිතාගෙන....."


"මම දැන් ගොඩක් හොදට, සතුටින් මේ දරුවයි කීර්තියි එක්ක ඉන්නවා මිස්...., මට මිස්ගෙන් මුකුත් උදව් අවශ්‍යතාවයක් නෑ..."


"මට කීර්ති අය්යා කිව්වා, ඔයා ගැන...."


"මම පොඩියට මැහුම් වැඩ පලක් කරගෙන ඉන්නවා මිස්....කීර්ති මට ඒකට උදව් කරනවා....තව අවුරුද්දකින් පුතාව මොන්ටිසෝරි දාන්න ඉන්න නිසා, මම මේ දවස් වල මොන්ටිසෝරි කෝස් එකකුත් කරනවා, එතකොට පුතා එක්කම මට මොන්ටිසෝරියක රස්සාවකට යන්නත් පුලුවන්....."


"ශා කොච්චර දෙයක්ද ඔයා මොන්ටිසෝරි කෝස් එකක් කරන එක..... ඔයා කැමති නැද්ද පුතත් එක්කම ඔස්ට්‍රේලියාවේ ඇවිත් එහෙ රස්සාවක් කරගෙන සතුටින් ඉන්න...මේ දරුවට උනත් කවදාහරි ඒ වගේ රටක හිටියොත්, හොදට ඉගෙන ගෙන ගොඩක් ඉදිරියට යන්න පුලුවන් වෙයිනේ.....ඇත්‍තටම බැලුවොත් මේ දරුවා නියම වශයෙන්ම ඔස්ට්‍රේලියාවේ පුර වැසියෙක්...."


"ඇත්තටම මිස්, මම දැන් මේ දරුවත් එක්ක පාරේ බැහැලා යන්නෙ හරි අමාරුවෙන්.... , මේ දරුවා කීර්තිගෙ නෙමේ කියලා මුළු ගමම දන්නවා.....ඒ වගේම, මම කොළඹ ගිහින් සුද්දෙක් එක්ක ඉදලා හදාගත්ත දරුවෙක් කියලා හැමෝම හිතන්නේ....පුතා හම්බවුන අලුත මම කසාද බැදලා නැති බව දන්න නිසා ගමේ මිනිස්සුන්ගෙන්, කොල්ලන්ගෙන් බේරිලා හිටියෙ හරි අමාරුවෙන්.....කීර්ති අය්යා ,විතරයි මට උදව්වට කියලා හිටියේ.....අන්තිමට කීර්තිගෙ නෝනාත් මට ඇවිත් බැනලා ගහන්නත් ගියා....ඊට පස්සේ, කීර්තිගෙ නෝනම එයාව දික්කසාද කරානේ මම නිසා...., අන්තිමට පුතා හම්බවෙලා අවුරුද්දකට පස්සේ තමයි මම කීර්තිව කසාඳ බැන්දේ...."


"ඒ කාලේ කීර්ති හරි ආසාවෙන් හිටියනේ ඔස්ට්‍රේලියාවේ යන්න....එහෙව් එකේ ඔය දෙන්නට ඔස්ට්‍රේලියාවේ ඇවිත් පදිංචි උනානම් පුතාටත් හොදනේ...."


"ඒක නම් ඇත්ත චතුරි මිස්..... මටත් හිතෙනවා මේ දරුවත් එක්ක කොහේ හරි රටකට යන්න.... මේ දරුවාගෙ නෑදෑයෝ ,පරම්පරාව ඉන්න රටකට ගියොත් කවදාහරි මේ දරුවට සෙතක් වෙයි කියලා මටත් හිතෙනවා මිස්...මේ ගමේ මිනිස්සුන්ට, මේ දරුවා ග්‍රහලෝකයකින් ආව කෙනෙක් වගේ....මම දැන් මේ ළමයා ගමේ අයට පේන්න තියා ගන්නෙත් නෑ.... "


"හරි අපි එහෙනම් මෙහෙම කරමු....ඔයාගෙ මොන්ටිසෝරි කෝස් එක හදරලා ඉවර උන ගමන් මම ඔයාව ඔස්ට්‍රේලියාවට ගන්න බලන්නම්..... මට ටික කාලයක් දෙන්න. මම කොහොම හරි උත්සහ කරලා ඔයාව අපි ඉන්න රටට ගන්නම්...ඉස්සෙල්ලා ඔයාට පුතත් එක්ක එහෙ එන්න පුලුවන් ......පස්සෙ තමයි කීර්තිට එහෙ එන්න වෙන්නේ.... ඔයාට දරුවටත් එක්ක එහෙ ඇවිත් පදිංචි වෙන්න පුලුවන්.....ඔයාට මගෙන් උන වැරැද්දට මම ඔයාට ඔස්ට්‍රේලියාවට යන්න උදව් කරන්නවා...."


"ලොකු දෙයක් මිස්...මේ දරුවට වගේම මටයි කීර්තිටයි නිදහසේ කොහේ හරි ගිහින් ඉන්න තියෙනවා නම්......"


"මට තව දෙයක් දැනගන්න ඕනේ හංසිනි ....ඔයාගෙ දරුවා මන්දබුද්දික දරුවෙක් කියලා කතාවක් ගියේ කොහොමද ...?


"දෛයිවය කියන්නේ ඕකට තමයි මිස්.......මේ දරුවා අයිති වෙන්න තිබුනේ මට....ඒකයි එහෙම වෙන්න ඇත්තේ ....මේ ළමයා ඉපදුන වෙලේ, අසමානතා ගොඩක් තිබිලා ගොඩ ආව දරුවෙක්...., දොස්තරවරුන්ගෙ පිහිටෙන් තමයි, අද පුතා හොදට ඉන්නේ....ඒ උනාට ඇන්ජලා මිස්ලා දුන්න ඔක්කොම සල්ලි වියදම් කරලා තමයි මම දරුවා මේ තරමට ගොඩ දාගත්තේ ...හොද කර ගත්තේ ...... මට පුතා හම්බවුන දවසේ ඉදන්, වෙච්ච දේවල් මිස් අහන්න කැමති නම් මම කියන්නම්...."


"ඔව් හංසිනි ....මට ඒ දේවල් දැනගන්නම ඕනේ...ඇන්ජලාලා ඔයාට බොරුවක් කරාද කියලා මට දැනගන්නම ඕන වෙලා හිටියේ........"


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page