🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Dec 3, 2021
- 4 min read
🌏කොන්ත්‍රාත්තුව🌏
( 31 වෙනි කොටස )
ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින චතුරි මිස් විසින්, ඇන්ජලා හා ටෙරික් සර්ට දරුවකු නැති ප්‍රශ්නය හමුවේ...., අනාගත සුභ සිහින පෙන්වමින්, මුදල් තන්හාවක්ද මට ඇතිකර, භාරදූර කොන්ත්‍රාත්තුවකට මාව සම්බන්ධ කර, දැන් මාස නමයක්ද ගෙවි ගොස් හමාරය. ඒ මුදල් තන්හාව උඩ, මට මගේ පවුලේ, බොහෝ ප්‍රශ්න වලට පිළියමක් සකසා ගන්නටද ලැබුනි. අපේ පවුලේ සියලු අඟහිඟකම් මග ඇරි ගොස්, තාත්තාගෙ අසනීපය සුව වී, නංගිලා මල්ලිලාට සැපවත් ජීවිතයකට මග පෙන්වන්නට මට හැකි වුනේ, මුදල් තන්හාව මත, මා හරියට නොදන්න, කොන්ත්‍රාත්තුවකට අත්සන් කල නිසාය..... මගේ ඉදිරි කාලයේ අනාගත සුභ සිහින දකිමින්, අනුන්ගේ දරුවකු කුස තුල හොවාගෙන, මම බොහෝ අපහසුවෙන් ගත කාලය දැන් නිමා වෙමින් යයි....
මාව ඉස්පිරිතාලෙට එක්ක යනවා වගේම, මගේ හා ඉස්පිරිතාලේ සියලු වියදම් දරමින්,
ඉපදෙන්න ඉන්න දරුවට අවශ්‍ය සියලු දේ සකසා දෙමින්, කීර්ති සර් නිතර මා බලන්න, සමනලි අක්කලාගෙ ගෙදරට එන්නේ, හරියට ඔහුගෙ දරුවෙක් ලැබෙන්න ඉන්න බිරිඳ දකින ලෙසය....
"හංසිනි " තව සුමානයකින් ඇන්ජලා මිස්ලා ලංකාවට එනවා,....ඒ ආපුවහම ,ඔයාට දරුවා හම්බවෙලා සුමාන දෙකකින්, දරුවත් ඇරන් ඒගොල්ලෝ එංගලන්තයට යන්න අවශ්‍ය ඔක්කොම දේවල් ලෑස්ති කරගෙනලු එන්නෙ.... ඒ ආපුවහම ඔයාගේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි සල්ලි ටිකත් ඔක්කොම ඔයාට දීලා ඉවර කරලා, මේ කොන්ත්‍රාත්තවෙන් ඔයාව නිදහස් කරලා ගොල්ලෝ යයි..... "
"ඔව් ඔය විස්තර ඇන්ජලා මිස් මට කෝල් කරලා කිව්වා.....මාස නමයක කාලය ගෙවිලා ගියේ හරි ඉක්මනට ....හරියට අද ඊයේ වගේ....කොහොම හරි මම මේ බලාගෙන ඉන්නේ මේ දරුවා හම්බවුන ඉක්මනට, දරුවා ඇන්ජලා මිස්ලට භාර දීලා, මගෙ අම්මලා තාත්තලා බලන්න යන්නෙ කවද්ද කියලා ....."
ලක්ශ අනූවකට ,අනුන්ගේ දරුවෙක්ට මගේ බඩේ ජිවය ලබා දෙන්නට කටයුතු කල මම, මගේ පවුලේ අනෙක් අයගෙ සුභ සිද්දිය සදහා කල මේ කැපකිරීම මේරටේ තව කවුරුවත් කර ඇත්තැයි මට සැක සහිතය...
මාස නමයක කාලයක් මගේ බඩේ තියාගෙන, මගේ ලෙයින් පෝශනය කර හදපු දරුවා මම දැන් සල්ලි වලට විකුනන්න හදන හැටි.....නමුත් එකම දෙය.... මම විකුනන්නේ ඔවුන්ගේ දරුවා, ඔවුන්ටමය..... මම මගේ පවුල වෙනුවෙන් ,අසනීප තාත්තා ගොඩ දාගන්නට කළ මේ කැපකිරිමට කවදා හෝ ඔවුන්වත් මට සමාව දෙයිද...?
කාලය ගෙවී ගොස් මගේ කුසේ හැදෙනා දරුවාගේ මාස නමය සම්පූර්ණ වි ඇත. මේ වන විට මම මේ දරුවා නිසා ඉන්නේ, බොහෝම අපහසුවකිනි. නිදියන්න ගියත්, වාඩ්වෙලා හිටියත් ඇවිදින්න ගියත් මගේ ඇඟේ තියෙන අපහසුකම් ගැන නම් කියලා වැඩක් නැත.... කවදා කොයි මොහොතේ මේ දරුවා බිහි කර මම මේ කොන්ත්‍රාත්තුවෙන් මිදෙන්නේ කවදාද කියා මම සිහින මවමින් ඉදින්නෙමි....
කීර්ති සර් කිව්ව විදිහටම, ඇන්ජලා හා ටෙරික් සර් ඔස්ට්‍රේලියාවේ සිට, ලංකාවට පැමින දවසට පසුදින, මම ඉන්න හොරණ ගෙදරට ආවේ කිර්ති සර්ගෙ වාහනයෙනි.... ඔවුන් වාහනය පිරෙන්න, මට හා දරුවට ඇදුම් පැළඳුම් රට කෑම බීම රැගෙන විත් තිබුනි.
"කොහොමද හංසිනි ...."
"හොදයි මිස්..."
"හංසිනි දැන් හිටියට වඩා ලස්සන වෙලා, මහත් වෙලා......"
"මගේ මේ මහත නම් ,දරුවා හම්බුන ගමන් ඉක්මනට අඩු කරගන්න ඕනේ මිස්...."
"චතුරි මිස්ටත් ඔයාට වගේම බබෙක් හම්බවෙන්න ඉන්නවානේ ...එයාට තව මාස තුනක් විතර තියෙනවා බබා හම්බවෙන්න....."
"ඔව් මට චතුරි මිස් කෝල් කරලා කිව්වා..."
ඇන්ජලා මිස් මගේ ලඟට විත්, මගේ බඩ අතගාමින්, ඔවුන්ගේ දරුවා එහෙ මෙහෙ පෙරළෙමින් ඉන්නා හැටි බලා හිටියේ ඇස්වල කදුළු පුරෝගෙනය.... ටෙරික් සර්ත් මගේ බඩේ එහෙට මෙහෙට දඟලන හැටි බලා ඉද හෙමිහීට එය අත ගෑවේය.... කවදාවත් තමන්ගෙ කියන්න දරුවෙක් හදාගන්න බැරි ඔවුන් දෙදෙනා, ඔවුන්ගෙ ජාන වලින් හැදි, මගේ ලෙයින් පෝශනය උන ,ළඟදීම මෙලොව එලිය බලන්න ඉන්න දරුවා දෙස පුදුමාකාර සතුටකින් බලා හිදියි....
අම්මා තාත්තා කෙනෙක්ට තමන්ගෙ කුළුදුල් දරු පැටවකු මෙළොව එලිය දකින්න ලං උන විට දැනෙන සතුට, ප්‍රබෝධය මට ඔවුන්ගෙ මුහුනෙන් පෙනේ....
"හංසනි.....ඔයාට මේ බබා හම්බ වෙන්න යන රෝහල් ගාස්තු ,වියදම් ඔක්කොම මේ ඇන්ජලා මිස් මට දුන්නා, වියදම් කරන්න කියලා.....ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නෑ....ඔයාට ඕන වෙලාවක උදව්වක් ඕන උනොත් මගෙන් ඉල්ලන්න....."
කීර්ති සර්, වෙනදා වගේම ඇන්ජලා මිස් හා ටෙරික් සර් වෙනුවෙන් පෙනී සිටිමින් මගේ උවමනාවන් සපුරන්න බලයි.
"තව සුමානයයි තියෙන්නේ ඔයාට බබා හම්බවෙන්, බබා හම්බවෙලා සුමාන දෙකකින් අපි බබාව එංගලන්තයට ගෙනියනවා. අපිත් එක්ක නර්ස් කෙනෙකුත් බබා බලාගන්න රට යනවා. පස්සෙ කාලෙක බබා ලොකු උනාම අපි, එංගලන්තයේ ඉදන් ඔස්ට්‍රේලියාවට යනවා....එතකොට ඔයාවත් අපි කවදා හරි ඔස්ට්‍රේලියාවට ගෙන්න ගන්නම්කෝ..."
"මාත් ආසයි ඔස්ට්‍රේලියාව බලලා යන්න එන්න නම්..... මේ බබා හම්බවෙන්න තව සුමානයයිනේ තියෙන්නේ මාත් මේ කොන්ත්‍රාත්තුවෙන් මිදෙන්නේ කවද්ද කියලා බලන් ඉන්නේ මිස්......"
"ඒ වගේම හංසිනි ඔයාට හෙට හොස්පිටල් යන්න තියෙනවා නේද ? තව සුමානයකින් බබා හම්බ වෙන්න ඉන්න නිසා ...."
"ඔව් කීර්ති සර් හෙට අන්තිම දවස ඩොක්ටර්ට පෙන්නන්න තියෙන....සර් මාව හෙට එක්ක යන්න එනවද....?
" ඔව් මම හෙට උදේ එන්නම්.....එහෙනම් හැම දේම හරි නේ, ඇන්ජලා මිස් පොරොන්දු උන අන්තිම සල්ලි ටික දරුවා ලැබුනට පස්සෙ හංසිනිට ලැබෙයි....."
"සල්ලි වලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා ....."
"ඔව් ඒක හොදයි ....ඔයාට තිබුන මුදල් ප්‍රශ්න නිසාමනේ, ඔයා මේ දෙයට කැමති උනේ, ඒ නිසා, ඒ සල්ලි නාස්ති කරගන්න එපා....එහෙනම් හංසිනි මම හෙට උදේ ඔයාව හොස්පිටල් එකට එක්කගෙන යන්න එනවා, ඔයා ලෑස්ති වෙලා ඉන්න....
"හොද්යි කීර්ති සර් ..."
තව සුමානයකින් මගේ බඩේ සිටින දරුවා මෙලොවට බිහි වෙන්න සුදානම්ය. මේ දරුවා මගෙ බඩින් බිහිකර ඇන්ජලා මිස්ට භාර දී නිදහස් වන්න....දැන් මම සිහින මවමි....ඒ තරමට අපහසුවකින් මම දැන් පසුවේ.....මගේ මුළු ජීවිත කාලෙම රස්සාවක් කරලා හම්බ කරලවත් මට මේ වගෙ ලක්ශ ගානක් හොයා ගෙන ඉතිරි කරගන්න හම්බවෙන්නෙ නැති බව මම දන්න නිසා...., මම මේ ආකාරයට හෝ සොයා ගත් මුදල ගැන මට ඇත්තේ ලොකු සතුටකි...ඒ එක්කම තව සුමානයකින් මම මේ දරු ගැබෙන් නිදහස් වෙන එක ගැන නිදහස් හැඟිමක් තිබුනත්.....
ඉදහිට මගෙ ගැබේ දඟලන දරුව ගැන දැන් දැන් මට ලොකු ආදරයක්ද ඇතිවේ..., වෙන යුවලකගේ දරුවෙක් උනත්, මොහු දැන් මගේ ලෙයින් පෝශනය වෙමින් හැදෙන දරුවෙකි. ...මේ දරුවාට, ඇන්ජලා හා ටෙරික් යන දෙදෙනාට හා සමානව මටත් අයිතියක් ඇතැයි මට දැන් දැන් සිතේ.....මේ දරුවා ඔවුන් දෙදෙනාගේ ජාණ වලින් හැදුනත්, මගේ ලෙයින් පෝශනය වි දරුවා හැදේ...., ඔහුගෙ ශරීරයේ අයිතිය දැන් මටත් ඇති බව ඇයි මට දැන් නිතර නිතර හිතෙන්නේ ....දරුවට මට අයිතියක් තිබුනත්, දරුවාට මගේ පැත්තෙන් බැලු කල පියෙක් නැතිය..... මම තවම නීත්‍යානුකූලව කසාද බැද නැත. මම දරුවෙක්ට උපත ලබා දෙන්නට පමනක්, මුදලට මවක් වි ඇත. ...පවුලේ අගහිගකම් නිසා මට මෙවැනි තත්ත්වයකට මුහුනදෙන්නට සිදු උනත්, මේ දරුවා ගැන ආශාවක් ඇතිවුනත්, මේ මගේ දරුවකු නොවන බව මට දැන් හොදින් තේරේ.....
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments