top of page

🌏කොන්ත්‍රාත්තුව 🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 4 min read

(26 වෙනි කොටස)

"ස්ටීව්... අපි හෙට ඔස්ට්‍රේලියාවට යන්න ඉස්සර හංසනිව ගිහින් බලලා එමුද .....? එයා මේ දවස්වල කොළඹ එයාගෙ බෝඩිම ඉන්නවා කියලා තමයි කිව්වේ...."


"ඔව් ඇන්ජලා රට යන්න ඉස්සර මගින් මඟටම කිව්වනේ, අපි ආපහු ඔස්ට්‍රේලියාවට එන්න ඉස්සර ගිහින් හංසිනිව බලලා එන්න කියලා...., එහෙනම් අපි අද හවස කීරිති එක්ක එහේ ගිහින් එමු...."


"අපි එයාට මොනවා හරි හොද කෑම බීම ටිකක් ඇරගෙන යන්න ඕනේ නේද...?.


"ඔව් අපි මොනව හරි හොද ගුණවත් කෑම ටිකක් හංසනිට ඇරගෙන යමු ....දැන් එයා ඇන්ජලාලගෙ දරුවා වෙනුවෙන්, හොදට කාලා බීලා නිරෝගීව ඉන්න ඕනනේ...."


"මට නම් දැන් හෙට ඔස්ට්‍රේලියාවට යනකම් ඉවසිල්ලක් නෑ චතුරි.... අපි මෙහෙ හිටපු මාසේ මම හිටියේ හරි අමාරුවෙන්, මෙහෙ තියෙන රස්නෙ මට හරිම අමාරුයි .... "


"ඉතිං ඔස්ට්‍රේලියාවෙත් සමර් කාලෙට රස්නෙයිනේ...., මේ තියෙන රස්නෙටත් වඩා....,"


" ඒ උනාට, අපි රස්සෙ කාලෙට එහෙ ඒසි දාගෙන නේ ඉන්නේ....., ශොපින් කරන්න ගියත්, ගෙදර හිටියත්, ඔෆිස් ගියත් අපිට රස්නෙ දැනෙන්නෙ නෑනේ ...ඊටත් ඔස්ට්‍රේලියාවේ රස්නෙ කාලේ තියෙන්නේ මාස තුනනේ, ඊට පස්සෙ අවුරුද්දේ මාස නමයක්ම අපි සීතලේ ඉන්නේ......මේ රටේ මිනිස්සු ඒසී නැතුව මේ රස්නෙ හැමදාම කොහොම ඉන්නවද කියලා හිතා ගන්න බෑ චතුරි ...."


" ලංකාවේ අපට, මේ රස්සෙ හොදට පුරුදුයි ස්ට්ව්.....ඝර්මකාලාපීය හා සෞම්‍ය කලාපිය දේශගුණික තත්වයන් තියෙන මේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොටම ඒවා හොදට පුරුදුයි .....

අපේ රටේ ගස්කොළන් හැදිලා තියෙන්නේ මේ දේශගුනයට ගැලපෙන විදිහට.... , ඇලදොලවල් සතා සිව්පාවා හැම දෙයක්ම මේ දේශගුනයට ගැලපෙන ලෙස හැදිලා තියෙන්නේ... ..."


එදින හවස් වරුවේ ස්ටීව් හා මම හංසිනි බලන්න ගියේ කීර්තිගෙ වාහනයෙනි....


"මේ තියෙන්නේ චතුරි නංගි හංසිනි ඉන්න බෝඩිම, ....අපි එදා රෑ එයා හම්බවෙන්න ආවේ මෙතනට තමයි .."


" බොහොම පොඩි තැනක්නේ...."


"එහෙම තමයි මේ කටුනායක රෙදි කර්මාන්ත ශාලා වල වැඩ කරන ළමයි ජීවත් වෙන්නේ....බොහෝම අමාරුවෙන් කියක් හරි හම්බ කරලා ගෙවල් දොරවල් වල ඉන්න අම්මලා තාත්තලාට යවනවා, නංගිලා මල්ලිලා ට උගන්වන්න....දෙමව්පියන් ජීවත් කරවන්න....මේ අහිංසක ළමයි සල්ලි හොයා ගන්නේ මේ වගේ තැන්වල අමාරුවෙන් නැවතිලා ඉදගෙන අමාරුවෙන් රස්සාවල් කරලා තමයි ..."


"පව් අහිංසක ළමයි....හංසිනි උනත් මේ වගේ බරපතළ යෝජනාවකට, කොන්ත්‍රාත්තුවකට කැමති උනේ සල්ලි නිසානේ....එයාගෙ තාත්තගෙ ජීවිතේ ගොඩ දාන්න එයා කොච්චර ලොකු ජීවිත අවදානමක්ද ගත්තේ, එයා කොයි තරම් ලොකු පරිත්‍යාගයක්ද තාත්තා වෙනුවෙන් කලේ...සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ....සල්ලි වලට අලුත් ජීවිතයක් දරුවෙක් උනත් හදන්න පුලුවන්නේ .... "


"අර ඉන්නෙ හංසිනි ....මම අද එයාව ,එක්ක ගෙන යන්න එනවා කිව්ව නිසා ඔය බලාගෙන ඉන්නේ... මම අර හොරණ අදුනන අක්කගෙ ගෙදර හංසිනිව නවත්වන්න එක්ක යන්න හදන්නේ......ඒකයි ඔය හංසනි ඇදුම් එහෙම ලෑස්ති කරගෙන ඉන්නෙ..."


" චතුරි මිස්, මම මේ ලෑස්ති වෙලා හිටියේ අලුත් බෝඩිමට යන්න..."


"ඔයාගෙ ඇඟට කොහොමද හංසනි ? වෙනසක් එහෙම දැනෙනෙවද මේ සුමාන දෙකට......?"


"ලොකු විශේශයක් නෑ මිස්.....පොඩ්ඩක් අප්පිරිය ගතියක් ඔලුවේ කැරකැවිල්ලක් ආවා මේ සුමානේ..... ලොකු වට කියන්න තරම් අමාරුවක් නෑ මිස්......මට නම් මගේ කුසේ හැදෙන දරුවා ගැන කිසි හැගීමක් නෑ මිස්.... එදා හොස්පිටල් එකෙන් ආවට පස්සෙ, ඇන්ජලා මිස් කියපු විදිහට, ගිය සුමානෙත් මම හොස්පිටල් එකට ගිහින් ඩොක්ටර්ට පෙන්නුවා.... ඒ ඩොක්ටර් "අල්ට්‍රා සවුඩ්" ස්කෑන් එකක් කරලා කිව්වා දරුවා ගර්භාශ බිත්තියට ඇලීලා හොදින් ඉන්නවා කියලා ...."


"ඔයාට මතකයි නේද, ඇන්ජලා මිස් ඔයාට කියපු දේවල්....ඒ මිස් ඔයාට දුන්න ටෙලිෆෝන් එක..... එකෙන් ඔයා ඔයාගෙ පින්තූර එහෙම මාස පතා ඇරන් ඇන්ජලා මිස්ට අරින්න.....මොකද ඒ දෙන්නගෙ දරුවෙක් නේ ඔයාගෙ බඩේ දැන් ඉන්නේ...."


"ඔව් මිස්, මට ඩොක්ටත් ඒ ගැන කිව්වා..."


"එහෙනම් ඔයා එන්න අපිත් එක්කම යන්න ...., කීර්ති ඔයාව නවත්වන්න යන තැන අපිත් දැනගෙන හිටියම හොදයි ....අපි එහෙනම් යමු කීර්ති ...."


"දැන් කොහාටද මාව එක්ක යන්නෙ කීර්ති අය්යේ..."


" මගේ අක්කා කෙනෙක්ගෙ ගෙදර... , ඒගොල්ලන්ගේ ගෙදර පිටිපස්සෙ ,මැහුම් වැඩ පලක් තියෙනවා ඔයාට දරුවා ලැබෙනකම්, ඒ ගෙදර මැහුම් වැඩ කරගෙන ඉන්න පුලුවන් ....මම ඒ අක්කට කිව්වා මම අදුනන ළමෙක් කරදරයක් වෙලා ඉන්නේ, දරුවා ලැබෙන කම් එයාට එහේ ඉන්න දෙන්න කියලා ...ඔයා මැහුම් වැඩ පලේ කරන වැඩ නිසා, ඒගොල්ලෝ ඔයාට දෙන කෑම බීම , ඉදුම් හිටුම් වලට ඔයා වෙනම ගෙවන්න ඕනේ නෑ .... මම පුලුවන් හැම වෙලාවෙම හංසිනිව බලලා යන්න එන්නම්..."


"හොදයි අය්යේ, ...එතකොට අය්යා බැදලා ඉන්න අක්කා මේවා දන්නවද...?


" එයාට මම ටිකක් මේවා ගැන විස්තර කිව්වා.... , ඇන්ජලා මිස් මට දුන්න මුදල් , අපේ ගෙදර හදන වැඩේට ගන්න කියලත් එයාට දුන්නා....ඒ නිසා එයාගෙ අකමැත්තක් නෑ මම ඔයාට මේවට උදව් කරනවට ..... එයත් රස්සාවක් කරන නිසා මම ගැන හොයන්න වෙලාවක් නෑ එයාට....මමත් කොළඹ බෝඩිමේ නැවතිලා මේ ගාමන්ට් රස්සාව කරන නිසා, සුමානෙකට, දෙකකට සැරයක් තමයි ගෙදර යන්නේ...එයා නැවතිලා ඉන්නෙ එයාගෙ අම්මලා නංගිලා එක්ක නිසා, එයාට පාලුවක් නෑ..... "


හංසනිට නවතින්න ලැබුන අලුත් නවාතැන හොරණ නගරයේ ඉදන් තවත් km දහයක් විතර ඈතින් පිහිටා තිබුනේය ..... උළු සෙවිලි කල නිවස, ගස්කොළන් වලින් වටවුන නිදහස් පැතතක පිහිටා තිබීම, හංසිනිද කැමති වන්නට ඇත .


එම නිවසේ කාන්තාව, ගෙදර පිටුපස ටකරන් දමා හදාගත් කාමර කෑල්ලක, මහන මැශින් පහක් දමාගෙන , ලොකු ගාමන්ට් වලින් ඉතුරු වන රෙදි ගෙනවිත් ඇදුම් මසා විකුනන්න රස්සාවක් කරගෙන යයි. ගමේ ගැහැනු ඇය ලඟ රැකියාවට එන නිසා, හංසිනිටත් එහි රැකියාව කරන්න ,කීර්ති සකසා දී ඇත..... හංසනීට එයාගෙ ගෙදර අයගෙන්, නෑදෑයෝ ,යාලුවන්ගෙන් මුවා වි ඉන්නට හොදම තැනක් ලෙස මටත් මේ ගෙදර පෙනේ....


"මෙතන හංසනීට කිසි කරදරයක් ,නැතුව නිදහසේ ඉන්න පුලුවන් ...මට පුලුවන් වෙලාවට ඇවිත් හංසනීගෙ අඩුපාඩු බලන්නම් ...."


"හරි එහෙනම් හංසිනි ඔයා පරිස්සමින් ඉන්න....මීට පස්සෙ ඔයාට ඇන්ජලා මිස්ට මොනව හරි කියන්න ඕන උනොත්, ඔයා කීර්ති අය්යට කියන්න..... ඔයාටත් පුලුවන් විදිහට ඇන්ජලා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න බලන්න ..... පස්සෙ කාලෙක ඔයාටත් ඔස්ට්‍රේලියාවේ යන්න පුලුවන් වෙයි, ඇන්ජලා මිස්ලත් එක්කම....."


"හොදයි මිස්..."


"අපි හෙට රට යනවා, එහෙනම් දැන් අපි යන්නම් හංසිනි , ඔයා පරිස්සමට ඉන්න....."


'"හොදයි මිස්, පරිස්සමින් ගිහින් එන්න. මිස්ටත් සර්ටත් තෙරුවන් සරණයි !


"කීර්ති එහෙනම් අපිව ගිහින් බස්සවන්න ..... හෙට අපි ඔස්ට්‍රේලියාවට යන නිසා, ගොඩක් වැඩ තියෙනවා කරගන්න... . තවම ඇදුම් බෑග් පැක් කරලත් නෑ....හවස අම්මලා බලලා එන්න යන්නත් ඕනේ.... අපිට ඔයා කරපු ඔක්කොම උදව් වලට ගොඩක් ස්තුතියි කීර්ති අය්යේ.. ...හංසිනිව හොදින් බලාගන්න ....ඇන්ජලා මිස් ඔයාට නිතර හංසිනි ගැන විස්තර දැනගන්න කතා කරයි. ඇන්ජලා මිස්ලා තව මාස හයකින් ලංකාවට එයි, හංසිනිව බලලා, එයාගෙ ඉතිරි සල්ලි කොටසක් දෙන්නත් එක්ක....කීර්ති අය්යට උනත් ඉස්සරහ කාලේ ඔස්ට්‍රේලියාවට යන්න අවස්තාවක් ඇන්ජලා මිස් හදලා දෙයි.... ඔයා එයාට මේ කරන උදව් වලට...."


"හොදයි චතුරි නංගි...එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමින් ගිහින් එන්න. ඔයගොල්ලන්ට සුභ ගමන්..."


-හෙට හමුවෙමු-

*-ප්‍රිසිලා ගොඩහේවා *


 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page