🌏කොන්ත්‍රාත්තුව🌏
- Prisila Godahewa

- Oct 4, 2021
- 6 min read
(25 වෙනි කොටස)
ඇන්ජලා හා ටෙරික් ලංකාවට පැමිණීමට හේතු වු කරුණ, ඔවුන් හිතුවාටත් වඩා හොදින් ඉශ්ට සිද්ධ කර ගැනිමට හැකි විම ගැන, අනෙක් හැමෝටමත් වඩා මම බොහෝ සතුටට පත්ව සිටියෙමි.
ඔවුන් දෙදෙනාගේ දරුවාගෙ කළලය හංසිනිගේ ගැබේ තැන්පත් කිරිමට හැකි වීම.... ඇන්ජලා හා ටෙරික් ඔස්ට්‍රේලියාව බලා යෑමට පෙර සිද්ධ විම, අපි සියලු දෙනාගේම සතුටට හේතු විය.
ඔවුන් දෙදෙනා නැවත ඔස්ට්‍රේලියාව බලා ගිය අතර.....ඉන් පසු මාත් ස්ටිව්වොත් දින දෙකක් අපේ ගෙදර ගොස් නැවති සිටින්නටද අමතක නොකෙරුවෙමු.
" මේ දෙසැම්බර් සීතල නිසත්, කුඹුරක් අයිනෙ ගෙදර තියෙන නිසත්, මේ දවස්වල, රස්නෙ ගතිය නම් අඩු එක හොදට ගියා.....ඒත් මේ මඳුරුවෝ කෑවාම තමයි සිටීව්ගෙ ඇඟේ ඕනෑවටත් වඩා ලොකු බිබිලි දාන්නේ..."
"අනේ ඔව්...මේ දරුවගේ සුදුපාට අතපය රතුවෙලා පළු දාලා... මේ මඳුරුවෝ කාලා...."
"මඳුරුවෝ ටිකක් කෑවට නම් කමක් නෑ, ලංකාවේන් යන්න ඉස්සර ඩෙංගු හැදෙන්නෙ නැතුව තිබුනොත් හොදයි ..."
"ඔව් අම්මේ, පිටරට පදිංචි වෙලා ඉන්න මිනිස්සු ,නිවාඩුවට ලංකාවට එනකොට, ඩෙංගු මඳුරුවන්ගෙන් කොහොමද පරිස්සම් වෙන්නෙ කියලා හිත හිතා තමයි ලංකාවට එන්නේ...."
"ඕවා නිසාමයි මම ඔය ළමයි දෙන්නා හෝටලේ ඉන්නවට කැමති ....හැබැයි ඉතිං මේ සුදු දරුවා, අපේ එළවළු මාළු කන හැටි දැක්කහම නම් මම හරි ආසාවෙන් බලන් ඉන්නේ....බත් නම් කන්නෙ නැති තරම්, සුදට උයපු එළවළු, බැදපු මාළු මස් තමයි වැඩිපුර කන්නේ...."
"හැබැයි ඉතිං ඒවත් එක්ක එයාට පුරුදු පාන් එහෙම ඔය කන්නේ...."
"අක්කේ දැන් අපි දඹුල්ල අනුරාධපුරයේ යන ගමනට මොනවද ගෙනියන්න ගන්න ඕනේ...""
"අපි ට්‍රිප් එක යන දවසේ උදේට දවල්ට විතරක් ගෙදරින් කෑම ගෙනියමු....රෑට අපි නවතින හොටෙල් එකෙන්ම කෑම ගන්න නිසා, වෙන මොනවත් ඕන නෑ...."
"දැන් ලොකු පුතේ අපි ඉස්සෙල්ලම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වදින්න නේද යන්නෙ...?මම කිරිපිඬු ටිකක් එහෙම හදාගන්නවා එහෙනම් ..?
" හොදයි ,අම්ම්ගෙ ආසාවනේ..., අපි උදේම අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය වදින්න යන්න බලමු...."
"ඇත්තටම ස්ට්ව්, අපේ ඔස්ට්‍රේලියාවේ වෙඩින් එක ඉවර වෙල ලංකාවට ඇවිත්, මෙහෙ හෝම්කමින් එකත් ඇරන්, හනිමූන් ගිහින්, ඇන්ජලාගෙ වැඩෙත් කරලා දීලා, ගොඩක් දේවල් හොදින් කරගන්න පුලුවන් උන එක හිතට සතුටක් නේද....?
"ඔව් චතුරි අපි ලංකාවට ඇවිත් හොදට එන්ජෝයි කලා තමයි ....දැන් නම් මට ආයෙත් ඔස්ට්‍රේලියාවට යනකම් ඉවසිල්ලක් නෑ ......කොහොම හරි මම ලංකාවට ඇවිත් ඔයාගෙ දෙමව්පියන්, නෑදෑයින් ,යාලුවන් ඔක්කොම දැක්කානේ.... අපේ වෙඩින් එක, ලංකාවේ ඔයගොල්ලන්ගෙ සිංහල ක්‍රමයට කරගන්න, දැකගන්න ලැබීමත් මට විශේශ දෙයක්...".
"ඔයා ලංකාවේ ඇවිත් අපිත් එක්ක බලන්න ගිය දේවල් වලින් වැඩියම කැමති මොනවටද...කොයි පළාතටද...?
"මම ගොඩක් කැමති අපි දඹුල්ලේ ගිහින් , ඊට පස්සෙ, අපි නැග්ග අර සීගිරි ගලට....ඇයි ඒ කන්දට සීගිරිය කියන්නේ"
" සීගිරිය හරියට සිංහයෙකුගේ හැඩය ඇති නිසත්, එහි ඇතුළු වීමේ දොරටුවේ ඇති විශාල සිංහ පාද නිසත් , සිංහගිරිය හෙවත් සීගිරිය යන මේ ගලට ලැබෙන්න ඇති....."
"එතකොට මේ ගල මුළින් හැදිලා තියෙන්නේ කොහොමද ?
" සීගිරි ගල, ගිණිකන්දකින් පිට වෙලා සිසිල් වුණු ආග්නේය පාෂාණයන්, දිගුකල් ඛාදනයට ලක්වි නිර්මාණය වූවක් කියා තමයි හදුන්වන්නේ..... සීගිරි ගල අඩි 600ක් පමණ උසයි වගේම, සීගිරියේ මුදුනේ විශාලත්වය අක්කර 3ක් පමණ කියනවා...."
"සීගිරිය, 1982 දී ලෝක උරුමයක් ලෙස නම් කලාලු නේද...?
"ඔව් ස්ටීව්.....මට තව පාරක් උනත් යන්න හිතෙන තැනක් තමයි සීගිරිය......පෙරදිග චිත්‍ර කලාවේ ප්‍රතිමූර්තියක් වු සීගිරි බිතු සිතුවම්..... ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගී.....ජල උද්‍යාන, සිංහල චිත්‍ර කලා නිර්මාණ , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ සියල්ල එකතු කරලා මහා කලා ගාරයක් හා මාළිගාවක් නිර්මාණය කලේ, ක්‍රි.ව. 5 වැනි සියවසේදී රජ කළ සීගිරි කාශ්‍යප රජුයි..... එම කීර්තිමත් කලාගාරය,
මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්, මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නමත් ලැබිලා තියෙනවා කියනවා....ඒ වගේම තවමත් නටඹුන් දකින්න ඇති සීගිරි නගර සැලසුම්කරණයත් ඉතාම වැදගත් දේවල් .... විශේෂයෙන් ජ්‍යාමිතික හැඩතල අනුව මේ සැලසුම් නිර්මාණය කරලා තියෙන බවක් කියන්නේ....."
" සීගිරිය නිර්මාණය කරපු, කාශ්‍යප රජු තම පියා වන ධාතුසේන රජු පණ පිටින් බිත්තියකට බැඳ ජීවිතක්ෂයට පත් කරපු කතාව, එයාගෙ සහෝදරයා වූ මොග්ගල්ලානට උරුමව තිබූ රජකම පැහැර ගත්තා කියන කතාව වගේ දේවල් ගැනත් මට දැන ගන්න ආසයි චතුරි ....."
"ඒ කතා දැනගන්න ඉස්සර, කාශ්‍යප රජුගෙ පියාවන ධාතුසේන රජතුමාගෙ විස්තරත් අපි දැනගෙන ඉන්න ඕනේ .... "
"ඒ කිව්වේ..."
"කාශ්ශප රජුගේ පියා වන ධාතුසේන රජතුමා තමයි ශ්‍රී ලංකාවේ
ක්‍රි.ව.455 සිට 473 දක්වා කාළයේ අනුරාධපුරය අග නගරය පාළනය කලේ, එතුමා මෞර්ය රාජ වංශයේ ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙක්.... ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල ශ්‍රී ලංකාව දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු, මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් වුන කෙනෙක් ...ඒ වගේම.
එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවලා තියෙනවා. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවක්..... ධාතුසේන රජතුමා අපේ ඉතිහාසයට එකතු වෙන්නෙ ආගම සoවර්ධනය කිරීම සහ ආර්ථිකය සoවර්ධනය කිරීම කියන කාරණා එකහා සමාන ප්‍රමාණයකින් ඉෂ්ඨ කරපු පාලකයෙක් විදිහට...."
"ඇයි එහෙනම් එතරම් වටින ධාතුසේන රජතුමාව, ඔහුගෙ පුතා වන සීගීරි කාශ්‍යප ඝාතනය කරන්නේ...."
"පීතෘ ඝාතකයෙක් ලෙස කාශ්‍යප රජු වංශකථාවේ සඳහන් වි තිබුනත්.....අතීත වංශකථා තොරතුරු මගින් හෙළිවන තවත් කරුනක් තියෙනවා ...ඒ කියන්නේ ලක් දිව අභිවෘද්ධියට ක්‍රියා කළ, කාශ්‍යප රජුගෙ පියා වන ධාතුසේන රජුත්, දරදඩු කෙනෙක් බව....."
"ඒ කිව්වේ....?
"සමහර වංශ කතාවල සදහන් වෙනවා, ධාතුසේන රජතුමා කලාවැව හදද්දී භාවනායෝගීව හිටපු රහතන් වහන්සේ නමක් එතනින් අයින් නොවුණ නිසා රහතන් වහන්සේ යටකර පස් දැමීමේ විපාකය මේ විදියට පල දුන් බව.....
ඒවගේම,
දාතුසේන රජු, සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් උන බවත් සදහන් වෙනවා..... "
"ඒ කිව්වේ....?
"ඔය අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට දාව, බිසෝවරු දෙදෙනෙකුට ඉපදුන කාශ්‍යප හා මුගලන් කියලා පුත්තු දෙදෙනෙක් ද දියණියක්ද ඉදලා තියෙනවා...."
" ඒ කියන්නේ, කාශ්‍යප හා මුගලන් රජ බිසෝවරු දෙදෙනෙක්ගෙ ළමයිද? ..."
"ඔව්....ධාතුසේන රජු, ඔහුගෙ සෙන්පතියෙකු වුන තම නැගණියගේ පුතා වු මිගාරට, තම දුවව විවාහ කර දීලා තියෙනවා .... මිගාර දිනක් රජුගේ දියණියට අමානුෂික ලෙස පහරදුන්නා කියලා කිපුණු ධාතුසේන රජතුමා, එයාගෙ සොහොයුරිය වූ මිගාරගේ මවව, නිරුවත් කරලා පුළුස්සා මරා දමන්නට නියෝග කරලා..... ඉතිං ඒ කේන්තියට, තම මාමා වු ධාතුසේන රජුගෙන් පළිගන්නට සිතූ මිගාර මොකක්ද දන්නවද කලේ,....?
"ධාතුසේන රජු එච්චර දරුණු කෙනෙක්ද....ඉතිං මිගාර තමන්ගෙ මාමට විරුද්ධව මොනවද කලේ....?
"මිගාර එයාගෙ මාමා වු ධාතුසේන රජතුමාගෙ පුත් කාශ්‍යප කුමරුන්ව, ඔහුගෙ සහෝදරයා වු මුගලන් සමග තරහ කරවලා තියෙනවා....."
"ඒ කොහොමද ?
"ඒ කියන්නේ, ධාතුසේන රජුගෙ,මුළු රාජ්යම ඔහු, මුගලන් පුතුට පවරා දෙන්නට හදන බව කියමින්.... , කාශ්‍යප කුමරුන්ව ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳවලා..... හේතුව තම මවව ධාතුසේන රජතුමා මැරවු කේන්තියට...."
"ඉතිං මොකද උනේ....?
" ඉන් කිපුණු කාශ්‍යප සිය පියාවන ධාතුසේන රජුව, ඔහු තැනවු කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කරලා.....මම මේවා කියන්නේ කෙටියෙන් ...."
"ඉතිං ඊට පස්සෙ ...."
"ඊට පස්සේ, තම සහෝදරයා වන කාශ්‍යප, සිය පියා මැරූ පලිය ගැනීමට කාශ්‍යපගේ සහෝදරයා වන මුගලන් කුමරු යුද්දයට එන්න සුදානම් වන බව දැනගෙන, ඒ බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටුව තුලට වී එය, මාළිගාවක් හා කළාගාරයක් ලෙස ගොඩනැගූ බව තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.... "
"ඉතිං මොග්ගල්ලාන හෙවත් මුගලන් එහෙම කලාද...?
"කාශ්‍යපට බයේ ඉන්දියාවට පැනගිය මුගලන්, සේනාවක් එක්ක ආපසු ඇවිත් යුද්ධය ප්‍රකාශ කරාලු..... යුද්ධය කෙරීගෙන යන අතරතුරේ දී කාශ්‍යපගේ යුධ හමුදාව, ඔහුව අතහැර ගියා කියනවා.....ඒ නිසා, කාශ්‍යප තම කඩුව මත ඇද වැටී සිය දිවි හානි කර ගත්තා කියලා තමයි පුරාවෘත්තවල හා ජනප්‍රවාදවල සඳහන් වන්නේ.... "
"ඊට පස්සේ...?
"ඊට පස්සෙ මොග්ගල්ලාන තම අගනුවර ලෙස අනුරාධපුරය තෝරා ගෙන තියෙනවා..... සීගිරිය ඉන් පසු, ආරාම සංකීර්ණයක් බවට පත් වෙලා.....සීගිරි කාශ්‍යප රජුගේ ගේ අවසාන ඉරණම පිළිබඳව කියන තොරතුරු අස්ථීරයි.... සමහර පොත්පත් වල කියවෙන්නේ කාශ්‍යපගේ අනියම් බිරියක විසින් ඔහුට වස දීමෙන් ඔහු ඝාතනය වූ බවත්..... "
"චතුරි ඔයා ඔයගොල්ලන්ගෙ රටේ ඉතිහාස තොරතුරු හරි ලස්සනට කියනවා මම හරි ආසයි ඒවා අහගෙන ඉන්න...."
" මමත් ආසයි.... අපේ රටේ ඉතිහාසය ගැන තොරතුරු මම තවම හොයනවා.....ඒ
වගේම , අපේ රටේ ඉතිහාස කතා නොදන්න අයට මම පොත පතේ තියෙන විදිහට, කියලා දෙන්නත් හරි ආසයි......"
මගේ වියදමින් අපේ ගෙදර කට්ටිය දවස් දෙකක විනෝද ගමනක් වගේම, අම්මා තාත්තාව වන්දනා ගමනක් එක්ක ගෙන යන්නට ලැබීමත් මට සතුටක් විය....
ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගිය මට දැන් වයස අවුරුදු තිහකි.....එබැවින් තවත් පරක්කු නොවි දරුවකු ඉක්මනට හදා ගන්න බලාපොරොත්තුව ඇතුව මමත් ස්ටීවෝත් සිටින්නෙමු.
නංගි හා අය්යාගෙ පවුළ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම මගේ අනෙක් බලාපොරොත්තුවද වේ. අම්මා තාත්තාවද කවදාහෝ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට මගේ කැමැත්තක් ඇත.... නමුත් අම්මා ඇගේ නෑදෑ පරපුර දමා, පිටරටක පදිංචියට යන්නට අකමැති බව කියයි. ඇගේ ලොකුම කැමැත්ත, කවදා හෝ ඇය උපන් බිමේම මැරෙන්න බව ඇය නිතර කියන දෙයකි..... ඇයට අවශ්‍ය ගමේ ගොඩේ නෑදෑයෝ හා යාලුවො සමග ජීවත් වෙන ගමන්, පන්සලකට ගොස් බනක් භාවනාවක් කර, සංඝයා වහන්සේලාට දානයක් දී ගමේ පන්සලේ දායක සභාව, මහීලා සමිතිය වැනි සංගම් වලට උදව් උපකාර කරමින් ලංකාවේම පදිංචි වී සිටිමය..... ඇගේ එම ආසාවල් තියෙන කම් , ඔස්ට්‍රේලියාවට ඇය එක්ක ගොස් ඔවුන් එහි පදිංචි කරවා ගැනීම නම් බොරුවකි....... දෙමව්පියන් කැමති විදිහට ජීවත් වෙන්න අරිනවා මිසක් ,අපේ ආසාවට, අපේ ඕනෑඑපාකම් ඉශ්ට කරගන්නට, ඔවුන් නෑදෑයින් යාළුවන්ගෙන් හා උපන් බිමෙන් ඈත්කර පිටරට එක්ක යන එක ගැන නම් මගෙත් හිතේද ඒතරම් කැමැත්තක් නැත.
ඔස්ට්‍රේලියාවේ සිට, ලංකාවට පැමින අපට අපේ මංගල්‍යයේ වැඩ හොදින් ඉවර කරගන්න ලැබීම ලොකු සතුටකී. ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවගෙ වැඩේද, හොදින් සිද්ද කරගන්න ලැබීම නිසා මගෙ හිතට දැන් ලොකු සැහැල්ලුවක් හා නිදහස් බවක් දැනේ......
"ලොකු දුවේ, දැන් ඉතිං මේ පාර ගිහාම , ආයි කවද්ද ඔයගොල්ලො ලංකාවට එන්නේ...? අනේ ඔය ළමයි දෙන්නා ලංකාවට ඇවිත් හිටිය මුළු මාසෙම අපිත් හරියට සතුටු උනා....වැඩි කාලයක් නොයා ආයෙත් ලංකාවට එන්න දුවේ..."
"ඔව් අම්මේ, අපි පුලුවන් ඉක්මනට ආයෙත් ලංකාවට ඇවිත් යන්න එන්නම්කෝ...."
හෙට අපි දෙදෙනා නැවත ඔස්ට්‍රේලියාවේ බලා යෑමට සියල්ල සුදානම් ය..
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments