🌏කොන්ත්‍රාත්තුව🌏
- Prisila Godahewa

- Sep 20, 2021
- 4 min read
(24 වෙනි කොටස)
ඔස්ට්‍රේලියාවේ සිට, ලංකාවට පැමිණි අප දෙදෙනාගේ මංගල්‍යයේ වැඩ, මගේ දෙමව්පියන්ට අවශ්‍ය විදිහට, බොහෝම හොදින් සිද්ධ විම, මටත් ස්ටිව්ටත් සතුටට කාරණයක් විය.
අප සමග ලංකාවට පැමිණි ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවගෙ වැඩේ වෙනුවෙන් මට උදව් කරන්න ලැබීමත්, හිතුවාට වඩා බොහෝම ඉක්මනින්, එය අවසානයේ කරගන්නට ලැබිමත්, මගේ සතුටට හේතුවක් විය.....
අපි හිතුවාට වඩා අවංක කෙනෙක් උන හංසිනි, ඇයගේ පියාගේ වකුගඩු සැත්කමෙන් පසු, අප ලෑස්ති කර තිබු රෝහලට ඇතුලත් වී ,ඇන්ජලා හා ටෙරික්ගෙ දරු කළලය ඇගේ ගර්භාශයේ තැන්පත් කරගත්තේ, ඇගේ කැමැත්තෙන්මය. ඇය මේ වන විටත් පෞද්ගලික රෝහලේ පහසුවෙන් නැවති හිදියි.
ඇන්ජලා හා ටෙරික් ලංකාවට රැගෙන විත්, මෙවැනි දෙයක් වෙනුවෙන් මහන්සි උන මට, මේ සියලු දේ හිතුවාට වඩා හොදින් කර දීමට හැකියාව ලැබීම ගැන, මගෙ හිතට දැන් ලොකු ජයග්‍රාහී බවක්, නිදහස් බවක් දැනෙමින් පවතී....
ඔස්ට්‍රේලියාවේදී මගෙත් ස්ටිව්ගෙත් නිත්‍යානුකූල විවාහය සිදුවුනායින් පසු ලංකාවට ආ මම, එක් වතාවක් පමනක් තනියම අපේ මහ ගෙදර ගොස් අම්මා තාත්තා බලා ආවෙමි......
ස්ට්ව් ටෙරික් හා ඇන්ජලා අපේ මහගෙදර එක්ක යෑමට පෙර ගෙදර පිළිවෙළට අසපස් කර, කෑම බීම ඔවුන්ට ගැලපෙන ලෙස හැදීමට අවශ්‍ය නිසා, අම්මාගෙ ඉල්ලීමට මම මේ වෙනතෙක් ඔවුන් අපේ ගෙදර එක්ක නොගියෙමි .
අවසානයේ අපේ "දෙවැනි ගමනේ " උත්සවයෙන් පසු, ස්ටිව් සමඟ මුල් වතාවට මම අපේ මහ ගෙදර යන දවස උදාවිය.
හෝමාගම නගරයෙන් ටිකක් ඈතට වෙන්න වෙල් යායක් අසළ පිහිටා තිබුන අපේ ගෙදරට, උදේ වරුවේ අපි යන විට අම්මා තාත්තා ,නංගි ,අය්යා, අය්යා බැදපු අක්කා, වගෙම නැන්දා මාමත් අපිව බලන්න අපේ මහ ගෙදරට පැමින සිටියෝය.
"හරිම ලස්සනයි මේ පළාත...කොළඹ වගේ නෙමේ ,මේ ගස්කොළන් නිසා ඇඟට හොද සනීපයක් දැනෙනවා...."
"අර කොළපාටට මොනවද අර ඈතට යනකම් වවලා තියෙන්නේ චතුරි......?"
"ඒ ගොයම්......අපි කන බත් හැදෙන්නේ ඔය කුඹුරු වල.....හැබැයි ඒවට, මුළින් කියන්නේ, වී කියලා , ඊට පස්සෙ කියන්නේ හාල් කියලා , ඊට පස්සෙ ඒවා උයලා ගත්තහම තමයි බත් කියලා කියන්නේ...."
"ආ....අහල තිබුනට දැක්කෙ අද ...හරිම ලස්සනයි ඒ පැල...."
" ශ්‍රි ලාංකික අපගේ ප්‍රධාන ආහාරය තමයි බත්...... ඔය පේන්න තියෙන කුඹුරු ඔක්කොම ඉස්සර අපේ තමයි......මාව රට අරින්න තාත්තා ඕවා මුදළාලි කෙනෙක්ට උගස් කලා....ඒත් පස්සෙ කුඹුරු කරන්න කෙනෙක් නැති නිසා ඒ උගස් කරපු මිනිස්සුන්ටම තාත්තා කුඹුරු ටික විකුනලා දැම්මා......"
"අපි ලංකාවට ආව දවසේ ඉදන් චතුරිගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...බොහෝම ස්තුතියි චතුරි ..."
" "අපි තැඹ්ලි ගෙඩියක් බොමුද ලොකු දුවේ...මේ ළමයින්ට මේවා මේ විදිහට ගෙඩි පිටින් , කට තියාගෙන වතුර බොන්න පුලුවන් වෙයිද..?
තාත්තා වත්තේ අපි හිටිය තැනටම තැඹිලි වල්ලක් හා පිහියක් ගෙනත් ඇත.
"දෙන්න තාත්තේ, තැඹිලි කපලා දෙන්න ගෙඩිය පිටින්ම වතුර බොන්න..... මේගොල්ලෝ මේ වෙනස් දේවල් වලට කැමතියි ..."
ස්ටිව්, ඇන්ජලා හා ටෙරික් වත්තේ කොනක ජම්බු ගහ යට තිබු ලෑලි බංකුවේ වාඩිවි, තාත්තා තැඹ්ලි කපන දිහා පුදුම වී බලා ඉදියි.....තාත්තා කපා දුන් තැඹිලි, ස්ටීව් ටෙරික් හා ඇන්ජලා ගෙඩිය පිටින් කටේ තියාගෙන බොන්නේ පොඩි ළමයි ගානටය. ඔවුන් තැඹිලි වතුර, ඇඟේ හලාගෙන බොන හැටි දැක අපේ ගෙදර හැමෝටම හිනා යයි .....අපේ වත්ත පුරා ඇති කොස්, දෙල්, අඹ, කෙසෙල් වැනි ගස් වර්ග හදුන්වා දෙමින් මම ඔවුන් අපේ වත්ත වටේ එක්ක ගියෙමි.... වෙළ අයිනට වෙන්න තිබුන කුඹුක් ලිඳේ වතුර, උතුරා ගලා යන හැටි දැක ඔවුන්ට ඇතිවි ඇත්තේ පුදුමයකි....ඉද හිට වත්තේ ගස් උඩ එහෙ මෙහෙ දුවන වදුරෝ , ලේන්නු, හා විවිධ කුරුල්ලන් දැක ඔවුන්ට ඇතිවි ඇත්තේ සතුටකි.
"අපි මේ මග බලාගෙන හිටියේ, ලොකු දුවලා එන්කම්....ඔයා ඉතිං මේ ළමයි තුන් දෙනා ඉන්න නිසා, ගෙදර නවතින්න එන්නෙ නැතුව, මේ පාර හෝටලේ නවතින්න ගියානේ..."
" ඔව් අම්මේ....මේගොල්ලන්ට ලංකාවට ආවාහම පහසුවට ඉන්න දෙන්න ඕන නිසයි මම මේගොල්ලෝ හෝටලයක නැවැත්තුවේ ....."
"ඒකට කමක් නෑ දුවේ....අපේ ගෙවල් වලත් ඉඩ පහසුකම් මදිනේ...."
"එන සුමානෙ ඇන්ජලාලා ආපහු ඔස්ට්‍රේලියාවට යන නිසා, ඒගොල්ලෝ එක්ක මහනුවර ,නුවරඑළි ගිහින් ආපු එක හොදට ගියා.....නැත්නම් මේ රටේ දේවල් මේගොල්ලන්ට පෙන්නන්න බැරි වෙනවනෙ...."
"මේ දරුවොත් නුවර දළදා මාළිගාව බලලා, දළදා හාමුදුරුවෝත් වැද පුදා ගත්තද ලොකු දුවේ....".
"ඔව්..ඔව්...වැදපුදා ගත්තා විතරක් නෙමේ, භාර හාරත් උනා....මේගොල්ලෝ ගොඩක් සතුටු උනා, මහනුවර, නුවරඑළියේ හැම තැනම ඇවිදලා....."
"එහෙනම් ලොකු පුතේ අපි දවල්ට කෑම ටිකක් කාලා ඉමුද...? මම මේ ලොකු දුව කියපු විදිහටමයි මේ ළමයින්ට කෑම සැර නැතුව ,සුදට හදලා ගත්තේ ....."
"ඒක හොදයි අම්මේ, මේ ගොල්ලන්ට සැර කෑම කන්නම බෑ....."
අම්මා, නංගි , අය්යගෙ නෝනා, නැන්දා එකතුවී අපි හතර දෙනා වෙනුවෙන් කෑම ජයටම උයා පිහා තිබුනේය.
කෑම කාමරේ කෑම මේසයට සුදු රෙද්දක් එලා, බත් කන පිඟන් මේසෙ පුටු ඉස්සරහින් නමා ඇත.....කෑම මේසේ මැද කහ බත්, රතු කැකුලු බත්, සුදු අල හොදි, ඉස්සො සුදට කුකුළු මස්, කජු ,පිපිඥ්ඥා තක්කාලි මිශ්‍ර ලූනු සම්බෝල, බෝංචි කිරට, වම්බටු මෝජුව , පපඩම් තව මහ ගොඩක් ජාති මඟුල් ගේකට වගේ හදා කෑම මේසය සරසා ඇත ....
"අප්පේ... මහ ගොඩක් කෑම ජාති හදලා මගුල් ගේකට වගේ...."
"ඇයි දරුවෝ මඟුල් ගෙයක් තමයිනේ ඉවර උනේ....අපට ඉතිං දුවගෙ මඟුල වෙනුවෙන් මොනවත් ගෙදර කරන්න බැරි උන එකේ, අද ජයටම ඉව්වා....දුව දන්නවනේ උඩරට සිංහල අය කාට හරි කෑමක් දෙනකොට, මාළුපිනි 14 ක් උයලා, කෑම මේසේ සරසනවා කියලා .....අපේ පැරැණි චාරිත්‍ර වාරිත්‍රත් අපි ඉස්සරහට ගෙනියන්න ඕනනේ.... "
"ඔව් අම්මේ...මම ඒ කතාව නම් මේ ලඟදි දැනගත්තෙ....ඔස්ට්‍රේලියාවේ හිටිය නිමල් බණ්ඩාර මහත්තයාගෙන්....එයා කිව්වා, එළවළු මාළු පිනි ජාති 14 ට, අච්චාරු , ලුණු මිරිස් , පපඩම්, සළාද ජාති ටිකත් එකතු කරන්න පුලුවන් කියලා ...."
"මේ ඇන්ජලා කියනවා, අම්මා ගොඩක් කෑම හදලලු....කෑම මේසේ දැකලා බඩත් පිරුනලු......කෑම රසයි කියලා ස්ටීව් කියනවා අම්මේ....."
"අනේ ඉතිං මොන රහක්ද...අපි හදන විදිහට හොදට, ලුනු ඇඹුල් දාලා, මිරිස් දාලා හැදුව නම් තමයි කෑම රස...."
"මෙහෙම හොදයි තාත්තේ..."
තාත්තා ස්ටිව් ,ඇන්ජලා හා ටෙරික් එක්ක ඉංග්‍රීසියෙන් කතා කලත්, හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරි අම්මා, ඇයට කියන්න අවශ්‍ය දේ, මට හා තාත්තාට කියා සිංහලට පරිවර්තනය කරවා ගනී.... .
" අපේ අම්මා විශ්‍රාමික ගුරුවරියක් උනත් , ඇයට ඉංග්‍රීසි හරියට කතා කරන්න බැරි උනත්, අපේ අම්මගෙ අනුදැනුම උඩ තමයි අපේ ගෙදර හැම විශේෂ කටයුත්තක්ම සිද්ද වෙන්නේ....කොටින්ම මාව රට අරින්න මහන්සි උනෙත් අපේ අම්මා....අම්මට රටේ ලෝකේ හැම දෙයක්ම ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් ...."
"මේ ස්ට්ව් කියනවා අම්මලාට ඔස්ට්‍රේලියාවේ ඇවිත් යන්න එන්නලු...."
"අනේ ඔව් දුවේ අපටත් හරි ආසයි ඒ රට බලලා යන්න එන්න...මේ නංගිත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න යන්න බලාගෙන ඉන්නේ.. ..."
"හොදට එග්සෑම් පාස් උනොත් නංගිවත් ඔස්ට්‍රේලියාවට ගන්න තමයි මම හිතන් ඉන්නේ....ඉස්සරහ කාලේ, අය්යවයි අක්කවයිත් ඒ රටට මම ගන්න බලන්නම්....එහෙම උනොත් අම්මටයි තාත්තටයි අපිත් එක්ක ඔස්ට්‍රේලියාවේ නවතින්නම එන්න පුලුවන් ..."
"අනේ අපට ඕවායේ ඇවිත් ඉන්න බැරි වෙයි දුවේ...ඔයගොල්ලෝ හොදට ඉන්නකො ඒ මදෑ අපට......"
"මේ සුමානෙ අන්තිමට ඇන්ජලා ලා ආපහු ඔස්ට්‍රේලියාවේ යන නිසා අම්මලාට ආයෙත් මේ ගොල්ලො හම්බවෙන්න බැරි වෙයි.....මේගොල්ලෝ අපේ ගෙදර හැමෝටම තෑගිත් ගෙනල්ලා....අම්ම අර මම ඇරන් තියන්න කිව්ව තෑග්ග, ඇන්ජලාට ගෙනත් දෙන්න අම්මේ...."
"දැන් මේ ළමයි දෙන්නා ආපහු රට ගිහාම ,දුවලා අපේ ගෙදර නවතින්න එනවද.... ?
"නෑ අම්මේ ,අපි දෙන්නා හෝටලේම ඉන්නම්....මේ සිටීව්ට මේ රස්නෙ ටිකක් උහුලන්න අමාරුයි...ඊටත් ගෙදර ඒසී නැති නිසා, නිදාගන්න ගිහාම අමාරු වෙයි.....මම ලඟදිම අම්මට ගෙදර කාමරයකට ඒසී එකක් ගන්න සල්ලි එවන්නම් ...."
"අනේ ඕන නෑ දරුවෝ....ඔයගොල්ලෝ නවතින්න එනව නම් විතරක් අපි ඒසී එක හයි කරගන්නම්....නැත්නම් ඉතිං අපි මේ ගහකොළ හුළගින් තමයි ඉන්න කැමති ...."
"එහෙනම් අම්මේ, තාත්තේ අපි ගිහින් එන්නම්ද?...."
"තෙරුවන් සරණයි ඔය ළමයි ඔක්කොටම , දුව ඉතිං තව සුමාන දෙකක් මෙහෙ ඉන්න නිසා අපට ආයෙත් හම්බවෙන්න පුලුවන් නේ...."
"ඔව් අම්මේ, ඇන්ජලාලා ගිහාම අපි දෙන්නා එන්නම් අම්මලා එක්ක දවස් දෙකක් සීගිරිය අනුරාධපුර පැත්තෙ ට්‍රිප් එකක් ගිහින් එන්න....ස්ටීව්ට අපේ රටේ තව ලස්සන වැදගත් දේවල් ටිකක් පෙන්නන්න ඕනේ...."
-හෙට හම්බ වෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments