top of page

🌏කොන්ත්‍රාත්තුව🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 20, 2021
  • 4 min read

(23 වෙනි කොටස )


" ඇන්ජලා ඔයගොල්ලෝ දැන් ඔස්ට්‍රේලියාවට යන දින‍යත් ලඟයි නේද....?


" ඔව් අපි මේ වැඩෙ ඉවර උන ගමන් ඔස්ට්‍රේලියාවට යනවා.... ඔය දෙන්නා ලංකාවේ තව සුමාන දෙකක් ඉන්න නිසා, ඔයාට පුලුවන්නේ, හංසනීගෙ විස්තර මට බලලා කියන්න, .... කොහොම හරි අපට අන්තිමට ඔස්ට්‍රේලියාවට, සතුටෙන් යන්න පුලුවන් වෙන එක ලොකු දෙයක් ....ඔයාට ගොඩක් ස්තුතියි චතුරි අපට කරන හැම උදව්වකටම......."


"ඔව් ඇත්තටම ,අපටත් ගොඩක් සතුටුයි..... ,ඔය දෙන්නව ලංකාවට එක්ක ඇවිත්, මේ වගේ දෙයක් කර ගන්න උදව් කරන්න ලැබුන එක ගැන. ..."


"අපි එහෙනම් හෙට ලෝයර් ගාව සයින් කරලා හංසිනිට සල්ලි දෙන වැඩේ ඉවර උනාට පස්සෙ, ඔයගොල්ලන්ගෙ ගෙදර ඔයගොල්ලන්ගෙ අම්මලා බලලා එන්නත් යමු ....මටත් ආසයි ඔයාගෙ ගෙදර බලන්න ,ගෙදර අය එක්ක ටිකක් නිදහසේ කතා කරලා, කාලය ගත කරන්න....".


" ඔව් අපි යමු අපේ මහ ගෙදර .....කොහොම හරි අපට අන්තිමට අපි හිතපු දේ කරගන්න පුලුවන් වෙනවා නේද...?


"උත්සහ වන්තයා ජය ගනී කියනවනේ....".


ඇන්ජලාගෙ ගර්භාශය ඉවත් කිරීමෙන් පසු ඇය විශාල වශයෙන් මානසිකව වැටි සිටිය කාලය මට මතක් වේ......ඒ අනුව ඇයව ලංකාවට එක්ක ඇවිත් ඔවුන්ගේ දරුවෙක් කොහොම හරි හදාගන්න උදව් කරන්න ලැබුන එක ගැන මට ඇත්තේ ලොකු සතුටක්....


මේ මොහොත වන විට බොහෝ දුරට ඇන්ජලාගෙ දුක සමනය වී තිබුනත්, හංසිනි වගේ තරුණ අහිංසක කෙල්ලෙක් සම්බන්ධ කරගෙන කරන්න යන මේ විශාල කොන්ත්‍රාත්තුව, ගනුදෙනුව ගැන මට ඇත්තේ ලොකු බියකි..... හංසනීට මෙය කරගන්න බැරි උනොත්, ඇන්ජලා නැවත මානසිකව වශයෙන් වැටිමට ඇති ඉඩකඩ ගැනද මම සිතන්න පටන් ගත්තෙමි. හෙට දවසේ ඇන්ජලා ,හංසනීට ලක්ශ තිහක් දීමට නියමිතය..... හංසිනි එම මුදල් ඇරන් හොර බොරුවක් නොකර ,ඇන්ජලාගෙ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් මාස දහයකට කිට්ටු කාලයක් ඔවුන් වෙනුවෙන්ම සැදී සැදීපැහැදි ඉදීද...? මගේ හිතේ ඒ ගැන ඇත්තේ පොඩි සැකයකි.....නමුත් ඇන්ජලා වෙනුවෙන් අපි, ඉදිරියේදි ඇතිවිය අවධානම ගැන නොසිතා, යමක් කලයුතුව තිබුනි.... එයට මූලික අඩිතාලම නොදමා ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක. එක පැත්තකින් දරුවන් හැදිය නොහැකි ඇන්ජලා ටෙරික් වගේම, කසාඳ නොබැදපු හංසනී ගැනත් මට ඇත්තේ කණගාටුවකි..... වෙන සියලු දේ ගැන බලා ඉදිමින්, ඔවුන්ට අවශ්‍ය දේට උදව් කරනවා හැරෙන්න, මම කළ යුත්තේ මොනවද කියා මටත් හරි හමන් යමක් නොතෙරේ.....ඇන්ජලා වෙනුවෙන් මහන්සි වෙන මාහට, මුවින් නොබැණ, මට අවශ්‍ය දෙයක් කරගන්නට හැර, ස්ටීව් ඔහුගෙ පාඩුවේ ඉදීමත් මගේ හිතට දැන් ඇත්තේ බරකි.....


පසුදින උදයේ හංසිනි, අප ලෑස්ති කරගත් නිතිඥ්ඥයාගේ ගෙදරට පැමින සිටියේ කීර්ති අය්යා සමගය...., එදින හවස් වරුවේ, ඇයගේ පියාගේ වකුගඩු ශල්‍යකර්මය කරන්න සියලු දේ ලෑස්ති බව ඇය අපට කීය.


"අද උදේම මේ ලියවිල්ලේ වැඩේ අපි කරමු කියලා මම කිව්වේ ,තාත්තව අද හවස හතරට ඔපරේෂන් එකට ගන්න ඔක්කොම ලෑස්තියි මිස්......, මම අද දවල් දොළහෙන් ඉස්සෙල්ලා, තාත්තගෙ ඔපරේෂන් එකට යන සල්ලි වලින් භාගයක් මුලින් ගෙවන්න ඕනේ ...මේ වැඩේ ඉවර උන හැටියෙම මම හොස්පිටල් ගිහින් ඒ සල්ලි ගෙවලා තාත්තගෙ ඔපරේෂන් එක පටන් ගන්න කම් එතන ඉන්නත් ඕනේ....."


"එතකොට හංසිනි කවද්ද මේ අපේ වැඩේට එන්නේ...."


"තාත්තගෙ ඔපරේෂන් එකෙන් පස්සේ, තාත්තව සුමානයක් විතර දැඩි සත්කාර ඒකකයේ තියයි.....අපට තාත්තාව බලන්න නිතර හැමෝටම එතනට යන්න බැරි නිසා, මම අම්ම්වයි නංගිවයි තාත්තව බලන්න ලෑස්ති කරලා, හෙට හවස් වරුවේ නාලා කරලා මේ වැඩේට මිස්ලා කියන හොස්පිටල් එක්ක නවතින්න එන්නම්......

දවස් තුනක් ගාමන්ට් එකේ හදිසි වැඩකට ඈතකට යනවා කියලා මම අම්මට කියල එන්නම් ...."


"එහෙම හොදයි....එතකොට ඔයා දැන් වැඩ කරන තැනින් ඉස්සරහ කාලේ, අස්වෙන්නත් වෙනවා නේද හංසිනි .....? මොකද ඔයාගෙ වියදමට අපි සල්ලි දෙන නිසා ඔයා සල්ලි හම්බකරන්න මහන්සි වෙන්න ඕනේ නෑනේ .... ගාමන්ට් එකේ වැඩට ගිහින් ගොඩක් මහන්සි වෙන්න එපා, ඒක දරුවට හොදත් නෑ...මේ සාමාන්‍ය දරුවෙක් නෙමේනේ ...."


"ඔව් මිස්....මම අර කීර්ති අය්යා කියපු අක්කගෙ ගෙදර නැවතිලා එයාගෙ මැහුම් වැඩ පලේ වැඩ කරගෙන ඉන්නම් මේ දරුවා හම්බ වෙනකම්....."


"ඔව් ඔයා කියපු විදිහට තමයි හැම දෙයක්ම වෙන්න ඕනේ...ඔයා මේ ලෝයර් ලඟ සයින් කරන ලියවිල්ලෙ හැටියට ,ඔයා සල්ලි ඇරන් අපිව මග ඇරලා ගියොත්, ඔයා වෙනුවෙන් අපට, පෝලිසියකට දන්නලා ඔයාට විරුද්දව නඩු කියන්න උනත් පුලුවන් ...මොකද මේ මිස් ඔයා වෙනුවෙන් මෙච්චර ලොකු මුදලක් වියදම් කරන්නේ එයත් අසරණ වෙලා ඉන්න නිසයි...."


"මම භාර ගත්ත වැඩක් අතරමග නතර කරලා යන්නෙ නෑ මිස්...මටත් සල්ලි ඕන නිසයි මේ වැඩේට කැමති උනේ....කිර්ති අය්යා මං වෙනුවෙන් සාක්කියට ඉන්නවනේ.....මම මේ වැඩේ මග ඇරියොත් එයාට උනත් කරදර වෙන්න පුලුවන්නේ..... "


එදින උදේ නීතිඥ්ඥයාගෙ ගෙදරට ඇවිත් සිටි ඇන්ජලා, කීර්ති හංසිනි හා මා සමග නිතිඥ්ඥයා බැරෑරුම් ලෙස කතා කළාය.


"ඔව්.....එහෙනම් ඔය දෙගොල්ලෝ.... ඔක්කොටම මම මේ දැනුම් දෙන්නේ...මගේ නිතිඥ්ඥ ජීවිතයේ, කවදාවත් මම මේ වගේ දෙයක් වෙනුවෙන් ලියුමක් සකස් කරලා තිබුනේ නෑ...මේ පළවෙනි පාරට මේ වගේ දෙයකට මම ලියකියවිලක් හැදුවේ....ඒ නිසා හැමෝම තම තමන්ගේ වගකීම් ගැන ඕනෑවට වඩා හිතන්න ඕනේ....අවංක වෙන්න ඕනේ.....හැමෝම ඒක තේරුම් ගත්තොත් හොදයි ......එහෙනම් හැම දෙයක්ම හරිනේ,...

අපි එහෙනම් මෙතන මේ ලියකියවිල්ලට දෙගොල්ලෝම අත්සන් කරමු....

සාක්කි කාරයෝ දෙන්නත් අත්සන් කරන්න....ඒ වගේම මුළින්ම දෙනවා කිව්ව මුදලත් මේ වෙලාවේ ඇන්ජලා මිස් මේ හංසනි මෙනවියට භාර දෙන්න...හැමෝගෙම ඉස්සරහ ...."


නීතිඥ්ඥ ඉන්දු කියපු විදිහට ඇය හදා තිබුන ලියකියවිලි වල හංසිනි හා ඇන්ජලා අත්සන් කර අවසානයේ , හංසනීට මුළින් දෙන්වයි කිව් මුදල ඇන්ජලා විසින් ඇයට ලබා දුන්නාය..... හංසිනි ඒ මුදල ඇගේ දෑතින්ම ලබා ගත්තේ ලොකු හදිස්සියකින් හා බයකින් මෙන්‍ය......


ඇයට එම මුදල් තාත්තාගෙ ශල්‍යකර්මය සදහා රෝහලට ගෙවිමට අවශ්‍ය නිසා, ඉක්මනට නැවත යායුතු බව ඇය නැවත අපට මතක් කලාය.....


ඇන්ජලා කීරිතිටද මුදල් වගයක් දීම නිසා ඔහුත් සතුටට පත් ව ඇත.....


හැම දෙයක්ම හොද විදිහට සිදුවන දේ දිහා බලාගෙන මම සතුටට පතව සිටියෙමි .


"එහෙනම් හැමෝටම ස්තුතියි, මගේ තාත්තගෙ ඔපරේෂන් එක ඉවර වෙලා,තාත්තව දැඩි සත්කාර ඒකකයට ගෙනාවට පස්සෙ, මම තාත්තවත් බලලා කතා කරලා, මිස්ලා කියපු හොස්පිටල් එකට එන්නම් මේ වැඩේ වෙනුවෙන්.... ඒවා ලෑස්ති කරලා තියන්න මිස්..."


"අපි ඔයාගෙත්, අපේ දරුවගෙත් වැඩි හොද ට, පරිස්සමට මුලින් දවස් තුනක් ඔයාව හොස්පිටල් එකේ නවත්වන්න ලෑස්ති කරලානේ තියෙන්නේ , ඒ නිසා ඔයාට ඇඳටම වෙලා, ඒ දවස් තුනේ විවේකිව ඉන්න වෙනවා දරුවා ඔයාගෙ ගර්භාශයේ හරියට තැන්පත් වෙලා පිළිසිද ගන්නකම්....ඉදිරියට වෙන දේවල් අපට හරියටම කියන්න බෑ....මේ දේ අපට දෙතුන් පාරක් කරන්නත් බැරි නෑ....දැනට අපි හෙට දවසේ වෙන දේ ගැන විතරක් හිතමු..... "


" බොහෝම ස්තුතියි මිස්.....හරි මම එහෙනම් තාත්තාගෙ ඔපරේෂන් එක ඉවර වෙලා මේ වැඩේට එන්නම්.... මිස් මම දැන් යන්නද...පරක්කු නොවි මම තාත්තගෙ හොස්පිටල් එකට සල්ලි දෙන්න ඕනේ... ... එහෙනම් දැන් යන්නම්..."


ඇන්ජලා හා ටෙරික්ට අවශ්‍ය ලෙස, හැම දේම සිද්ද වේගෙන යන හැටි දැක, මට ලොකු සතුටක් ඇතිවි ඇත.... මේ වන කිසිම දේක වැදගත් කමක් නොදකින ස්ටීව්, ඔහුගෙ පාඩුවේ පැත්තකට වි ටෙලිෆෝනය ඔබයි.


හංසිනි අපි තුන් දෙනාට, ඇය රෝහලට යන බව පවසා, කීර්ති අය්යා සමග වාහනයට නැඟ යන හැටි අපි බලා සිටියෙ කිසිම කතා බහක් නැතුවමය .


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page