top of page

🌏කොන්ත්‍රාත්තුව🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 20, 2021
  • 3 min read

(22 වෙනි කොටස)


දෙවන වරට හංසිනි අපව හම්බවෙන්න ඇවිත්, ඇන්ජලාගෙ දරුවාගේ වැඩේ, ඇය කරන්න කැමති යැයි කිව් පසු, මටත් ඇන්ජලාටත් වගේම ටෙරික් හා ස්ටීව්ටත් ඇතිවුනේ කියා ගන්න බැරි තරම් ලොකු සතුටක්......


ඇන්ජලා හා ටෙරික් ලංකාවට ආ කාරණාව හෙමිහිට හරියාගෙන ඒම, මගේ හිතට ඇති කලේ සැනසුම් පිරි සතුටක් .. ...


"අපි එහෙනම් අර ලෝයර් ඉන්දුට කතා කරලා අදම අර ලියුම හදා ගමු නේද...? පුලුවන් නම් අද රෑම ලියුම ලෑස්ති කරලා හංසිනි ලවා සයින් කර ගත්තොත්, හංසනීගෙ තාත්තගෙ ඔපරේෂන් එකේ සල්ලි හෙට උදේම අපට, එයාට දෙන්න පුලුවන් .....එයාගෙ තාත්තගෙ ඔපරේෂන් එකේ වැඩේ ඉවර උනාට පස්සෙ, අපි බලමු පුලුවන් ඉක්මනට ඩොක්ටර්ට කියලා ඇන්ජලාගෙ වැඩේ කරවා ගන්න ...."


ඇන්ජලා ලොකු සතුටකින් පසුවේ......ඇයම අපි අදුනගත් දොස්තරට ටෙලිෆෝනයෙන් කතා කර , හංසිනි මුණ ගැසුනු කතාව කියයි....


" මම මේ දැන් ඩොක්ටර් කතා කලාම ඩොක්ටර් කිව්වා අර ගර්ල්ව පුලුවන් ඉක්මනට හොස්පිටල් එකට එක්ක එන්න කියලා ....."


"අපි මෙහෙම කරමු ඇන්ජලා, මම දැන් ඉන්දුට කතා කරලා අර ලියුමේ වැඩේ අදම ලෑස්ති කරවා ගන්න බලන්නම්......ඊට පස්සෙ කීර්ති අය්යට කියමු අද රෑටම හංසනීව, ඉන්දුගෙ ගෙදරට එක්ක ගෙන එන්න කියලා, ඒ වගේම අපි කීර්තිටත් හෙටම, මේ වැඩේට මහන්සි වෙනවට දෙන සල්ලි වලින් මූලික ගෙවීමක් කරමු, එතකොට එයාටත් මේ වැඩේට ඇති උවමනාව වැඩි වෙනවනේ.... "


"හරි අපි එහෙම කරමු...."


"දැන් ලැබ් එකෙ වැඩේ හරිද...?


"ඔව් ඒවා හරි....ඇත්තටම මේ IVF පරීක්ෂණ තියෙන නිසා, දරුවන් නැති අයට කොයිතරම් නම් ප්‍රයෝජනවත්ද ?


"ඒක ඇත්ත....IVF පරීක්ෂණය මගින් කාන්තාවකගේ ඩිම්බ හා පිරිමියෙකුගෙ ශුක්‍රාණු එකතු කරලා, රසායනාගාරයක් ඇතුලේ, මිනිස් කළලයක්, මිනිස් සිරුරෙන් පිටත සෑදීම කොයිතරම් නම් පුදුමද, කොයිතරම් නම් විද්‍යාවේ දියුනුවක්ද...?


" මේ ක්‍රමය මගින් දරුවන් අහිමි දෙමව්පියන්ට, ගොඩක් වයසට ගිහින් කසාඳ බැන්ද අයට, නොයෙකුත් ලෙඩ රෝග තියෙන අයට වගේම නිවුන් දරුවන් හදාගන්න කැමති අයටත්, මේ ක්‍රමය භාවිතා කර දරුවන් හදාගන්න අවස්තා දැන් වැඩි වෙලා තියෙනවා...."


මෙම ක්‍රමයට දරුවෙක් හදාගැනීමේදී, ගැහැනු කෙනාගේ ඩිම්බ කෝශවල සාමාන්‍යය ප්‍රමානයට වඩා ඩිම්බ නිපදවීම සඳහා, ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට බෙහෙත් වර්ගයක් මුළින් ගත යුතුයි....ඇන්ජලාද ලංකාවට ආ මුල් දවස් දෙක ඇතුලත වෛද්‍යවරයාගේ උපදෙස් පිට, ඇයද එම ඖශදය ලබා ගත් බව මම දැනගෙන උන්නෙමි..... ඒ අනුව ඉන් දින තුනකට පසු, වෛද්‍යවරයා විසින්, රෝහලකදී ඇන්ජලාගෙ ඩිම්බ කෝශ වලින්, අල්ට්රා සවුන්ඩ් අධීක්ෂණය හරහා ඩිම්බ එකතු කර ගැනීම කරගත් අවස්තාවේ මමත් ඇය ලඟම උන්නෙමි.... ඒ

එකතු කර ගත් ඩිම්බ (බිත්තර) පසුව, ටෙරික්ගෙ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් සමග රසායනාගාරයේ තැන්පත් කර, එමඟින් ඔවුන්ගේ දරුවෙක් නිර්මාණය වෙන්න ඇරිය බව අපි හතර දෙනාම දැන්ගෙන සිටියෙ නුවර ගමන යන්නට පෙරය..... එය සිදුකර දින හතරකට පසු, ඇන්ජලා හා ටෙරික්ගෙ දරු කළලයක් සැදීම ආරංභ වි තිබුන බව රසායනාගාරයේ වෛද්‍යවරයා මගින් අපි දැනගත් දවසේ, ඇන්ජලා සතුටු කදුළු හෙලපු හැටි මට දැන් සිහිපත් වේ....


දැන් ඒ රසායනාගාරය තුලදී සෑදුන ඔවුන්ගේ දරුවාගේ කලලය, හංසනීගෙ ගැබේ තැන්පත් කිරීමේ කාර්‍ය් කරවා ගැනීම පමණයි අවසානයේ ඉතිරිවි ඇත්තේ ....

ඇන්ජලා හා ටෙරික්ගෙ දරු කලලය හංසනීගෙ ගර්භාශයේ තැන්පත් කල පසු, එම දරුවා ඇගේ ලෙයින් පෝශනය කර, බිහිවෙන තෙක් , මාස නමයාහමාරක් ඇය විසින් දරු ගැබ පරිස්සමි කරගෙන සිටිය යුතුය. ඒ වෙනුවෙන් තමයි ,ඇන්ජලා හා ටෙරික් ,හංසනිට විශාල මුදලක් දෙන්නට නියමිත.....


"ඇන්ජලා ඔයා ඩොක්ටර්ට කතා කලානේද...? මොනවද එයා කිව්වේ....?

" හංසිනිව පුලුවන් ඉක්මනට එක්ක ආවොත් අපට අර හැදුනු කලලය එයාගෙ ගර්භාශයේ තැන්පත් කරන්න පුලුවන් කියලා කිව්වා....."


"ඔව්...අපි පුලුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරගන්න බලමු..."


"අපි එහෙනම් ලෝයර්ට කියලා ලෙටර් එක හදාගෙන, අද හරි හෙට හරි , හංසනිට කියලා ඒක සයින් කරගෙන, එයාට මුල් පේමන්ට් එක දෙමු...., එතකොට එයාට එයාගෙ තාත්තගෙ ඔපරේෂන් එක හෙටම කර ගන්නත් පුලුවන් නේ...."


"ඒ එක්කම කලලය හංසනීගෙ ගර්භාශයේ තැන්පත් කලාට පස්සෙ, වැඩි පරිස්සමට දවස් තුනක් විතර හංසනීව හොස්පිටල් එකක පරිස්සමට තියා ගන්නත් වෙනවා...... නැත්නම් මෙච්චර මහන්සි වෙලා හදාගත්ත දරුවා, නැති වෙන්න පුලුවන් ..."


"ඔව් ඒක ඇත්ත, එයාගෙ තාත්තාගෙ ඔපරේෂන් එක ඉවර උන ගමන් අපි මේ වැඩේ පටන් ගමු...."


"මට ඉවසිල්ලක් නෑ චතුරි මේ වැඩේ ඉවර කර ගන්න කම්...."


"ඔයාට විතරක් නෙමෙ, අපටත් මේ වැඩේ ඉක්මනට කරලා දෙන්නයි උවමනාව....එතකොට ඔය දෙන්නා දැන් මේ වැඩේ ඉවර උන හැටියේ ආපහු , ඔස්ට්‍රේලියාවට යනවා නේද....? ඒ ගිහින් ආයෙත් කවද්ද ලංකාවට එන්නේ...?


"අපි දෙන්නා මේ වැඩේ හරි ගියොත්, ආයෙත් මාස හයකින් විතර ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ....ඒ ඇවිත්,හංසනීගෙ ඊලඟ පේමන්ට් එක කරනවා...ඊට පස්සෙ හංසිනිට බබා හම්බ වෙන්න සුමාන දෙකක් විතර තියෙද්දි අපි ආපහු ලංකාවට ඇවිත් අපේ නමට දරුවාව හරවා ගෙන, හංසනීගෙ ඉතුරු පේමන්ට් එකේ කොටසත් දීලා අපි බබාව ඔස්ට්‍රේලියාවට එක්ක යනවා....."


"ඊට පස්සෙ හංසිනි මේ කොන්ත්‍රාත්තවෙන් නිදහස් .... ඔයගොල්ලෝ දෙන සල්ලි වලින් ඊට පස්සෙ හංසනීට ඕන දෙයක් කරන්න පුලුවන්......"


"ලොකු දෙයක් අන්තිමට හංසිනි මේ වැඩේට කැමති උන එක.....මම බය වෙලා හිටියේ ,ඔයාට මේ වැඩේට කාවවත් හොයාගන්න බැරි වෙයි කියලා ...."


"දෙවියො බැලුවා අපි දෙන්නා ගැන., මට හරි සතුටුයි චතුරි .....අපි එහෙනම් අද රෑට ක්ලබ් එකකට ගිහින් ලොකු ජොලියක් දාමු මේ සතුට සමරන්න ..."


"නෑ ඇන්ජලා.... අපි , හංසිනි එක්ක අද හරි හෙට හරි ඇග්ග්‍රිමන්ට් සයින් කරලා, එයාට සල්ලි දීලා, තාත්තගෙ වැඩේ ඉවර උන හැටියම, අපි බබාව එයාගෙ ගර්භාශයේ තැන්පත් කරාට පස්සෙම මේක සෙලිබ්‍රේට් කරමු....අපි හරියටම මේක සෙලිබ්‍රේට් කරන්න ඕනේ...එයාගෙ ගර්භාශයට, කලලය ගැලපුනාටත් පස්සෙයි.....මොකද ඔයගොල්ලෝ වියදම් කරන සල්ලි අපතේ නොගියොත් විතරයි ...."


"ඔව්...ඔයා හරි චතුරි ....හංසනිගේ ඇඟට ඒක හරියටම ගැලපුනාට පස්සෙ තමයි අපට, හරියටම ඒ සතුට සමරන්න පුලුවන් වෙන්නේ.. ..."


"එයාගෙ ඇඟට අපේ දරුවා නොගැලපුනොත්....??


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page