🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Sep 17, 2021
- 5 min read
(21 වෙනි කොටස )
අපේ විවාහ උත්සවයෙන් පසු, ඇන්ජලා ටෙරික් සමග, මහනුවර බලා ගිය ගමනේදී, අපි සැවොම හවස් වරුවේ දළදා මාළිගාව දැකබලා, වැඳ පුදා ගත්තේ බොහෝම භක්තියෙනි. ඇන්ජලා ටෙරික් හා ස්ටිව් අන්‍යාගමිකයන් උනත්, ඔවුන්ද මම මෙන්ම දළදා මාළිගාවේ ඇතුලත, ඇවිද ගියේ අත් දෙක එකට එකතු කරගෙන වැඳගෙන මෙන්‍ය...
ඇඳිරි වැටුනට පසු අපි හතර දෙනා, නුවරවැව වටේ ඇවිදගිය සුන්දර සැන්දෑව ජීවිතේ කවදාවත් අමතක නොවන දිනයක් වෙනු ඇත.....
පසුදින සුන්දර සීතල නුවරඑළිය බලා ගිය අපි, පුංච් එංගලන්තයේ තව දින දෙකක් ගත කෙරුවෙමු. බොහෝම නිදහසේ ගතවි ගිය දින තුනක විනෝද චාරිකාව, නිම කර අපි නැවත කොළඹ බලා ආවේ, ඇන්ජලාගෙ දරුවාගෙ වැඩේට මොනවද කරන්නේදැයි සිතමින්....
එක දිගට නුවරඑළියේ සිට කොළඹ ආ ගමන් මහන්සිය නිසා, අපි සැමට කොළඹ හෝටලයට ආ වහා, ඇඟපත සෝදාගෙන ලොකු නින්දක් නිදාගැනීමට අවශ්‍ය විය.
"අපි එහෙනම් අද රෑට ඩිනර් වලදි හම්බ වෙමු ඇන්ජලා ...අද හරි මහන්සියි නුවරඑළියේ ඉදන් එක දිගටම ඇවිත්.....වොෂ් එකක් දාගෙන, හොද නැප් එකක් දාලා නැගිටලා අපි ඩිනර් යමු...."
"ඔව් එහෙනම් අපි ඩිනර් වලදි හම්බවෙමු...."
ඇන්ජලා තකහනියක් ලංකාවට ඇවිත් ,ඔවුන්ගේ දරුවෙක් හදාගන්න අදහසින් හිටියත්...... දැන් ඒ වැඩේ හරියන පාටක් නැත...මට ඇති දුක, ඔවුන් මෙපමණ මුදලක් වියදම් කර, දරුවෙක් හදාගන්න උත්සහ කලත්, ඔවුන්ට ඒකට අවස්තාවක් නොලැබෙන එකටය...
"චතුරි ඔයාගෙ ඵෝන් එකට කෝල් එකක් එනවා...කවුද බලන්න ..."
"කීර්ති කතා කරන්නෙ ඇයි දන්නෙ නෑ...."
"කතා කරලා බලන්න ..."
"හෙල්ලෝ...?
"ඔව් කීරිති අය්යේ ඇයි....කතා කලේ...? ඔව්...අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කොළඹ ආවේ..."
" ඇත්තට....අද හවස ඔයගොල්ලෝ එනවද...?
"හා...හොදයි ,එයාව එක්ක එන්න...අපි එයා එනකම් බලාගෙන ඉන්නම්...."
"ස්ටීව්....කීර්ති අය්යා කතා කලේ...
"කීර්ති මොනවද කිව්වේ චතුරි ....?
"කීර්ති අර ගර්ල් එක්ක අද හවසට හොටෙල් එකට එනවාලු...."
"ඇත්තට..? මොන ගර්ල් ද ..?
"අර හංසිනි ....එදා ආපු ගර්ල් ..."
"අහන්නත් සතුටුයි ...මොනව කියයිද දන්නෙ නෑ...."
"ඒක තමයි මටත් එයා එනකම් ඉවසිල්ලක් නෑ.... මම ඇන්ජලාලගෙ කාමරයට ගිහින් ඒගොල්ලෝ අද හවස හොටෙල් එකට එන කතාව කියලා එන්නම්..... "
මම අපි නැවති සිටි හෝටල් කාමරයට අල්ලා තිබුන, අනෙක් කාමරයේ නැවති සිටින ඇන්ජලාලගෙ කාමරයට ගොස් එහි දොරට ගැසුවෙමි.... කීර්ති හා හංසිනි අපි හම්බ වෙන්න අද හවස හෝටලයට එනවා කියන සතුටුදායක ආරංචිය, ඇන්ජලාට කියන තෙක් මට ඉවසුම් නොවිය.....
පහුගිය ඉරිදා කීර්ති එක්ක අපි හම්බවෙන්න ආ හංසිනි, එදා වැඩි කතාබහක් නැතුවම යන්න ගියාට, ඇයම අප හම්බවෙන්න නැවත එන්න කැමති බව, කීර්ති කිව් පසු මට ඇතිවුනේ ලොකු සතුටක්....
හවස පහ වෙනකොට අපි හතර දෙනා හංසිනිව මුණ ගැසෙන්න, හොටලයේ විසිත්ත කාමරයේ වාඩි වි බලා සිටියෙමු. ඇය නැවත, අපව හම්බවෙන්න එන කාරනාව මොකක්ද කියා දැන ගන්න තෙක් මටත් ඇන්ජලාටත් ඉවසුමක් නැත.......
"ඇයි දන්නෙ නෑ එයා අපිව හම්බවෙන්න එන්නෙ...?
"අපි එයා ආපිවහම බලමු ඇන්ජලා .....ඔයාට ඉවසුමක් නෑ නේද ඒක දැනගන්න කම්..."
"හරි...අර එන්නේ කිර්ති ...කිර්ති එක්ක හංසනිත් එනවා...එයාගෙ මූණ නම් එච්චර හොද නෑ.....ඇයි දන්නෙ නෑ...ලොකු දුකකින් වගෙ ඉන්නේ..."
"හෙල්ලො කීර්ති ....එන්න එන්න...?
හෙලෝ හංසිනි...කොහොමද ?
" මට නම් හොදයි චතුරි......මේ හංසනීට ඔයදෙන්නව හම්බවෙන්න එන්න ඕන කිව්වා ඒකයි එක්ක ආවේ..."
"ඇයි හංසිනි ඔයාට අපිව හම්බවෙන්න ඕනේ කිව්වේ...?
"මම මේ මිස්ලා හම්බවෙන්න ආවේ ලොකු උදව්වකටත් එක්ක..."
"ඒ කිව්වේ....?
"මම කිව්වේ අපේ තාත්තා වකුගඩු අමාරුවකින් ඉන්නෙ කියලා ...එයාට හිටපු ගමන් හොදටම අසනීප වෙලා, ඊයේ හොස්පිටල් එකේ නැවත්තුවා.... ඩොක්ටර්ස්ලා කියනවා එයාව ඉක්මනට ඔපරේෂන් කලොත් හොදලු....තව හිටියොත් එයාට අමාරු වෙන්න පුලුවන්ලු...."
"ඔව් ඉතිං...?
"මම එදා මිස්ලා කියපු යෝජනාවට කැමතියි මිස්.....මට මගේ තාත්තව බේර ගන්න ඕනේ....එයා මායි නංගියි මල්ලියි ලොකු කරගන්න නොවිදුනා දුක් වින්දා...මට එයා අමාරුවෙන් ඉන්නවා බලන් ඉන්න බෑ මිස්...."
"ඔව්...අපි හැමෝගෙම අම්මලා තාත්තලා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා තමයි... ළමයි වෙන අපි අපට කරන්න පුලුවන් දෙයක් ඒ අය වෙනුවෙන් කරන්න ඕනේ....මටත් හරි දුකයි ඔයා ගැන, ඔයා මේ ඇන්ජලා මිස්ගෙ යෝජනාවට කැමති උන එක ගැන මට නම් තියෙන්නේ ලොකු සතුටක්.....මේ ඇන්ජලා මිස් ළමෙක් නැතුව ගොඩක් දුකෙන් ඉන්න නිසා, ඔයා කරන්නේ පිනක් කියලා හිතලා, ඇන්ජලා මිස්ට උදව් කරන්න.... , සල්ලිම නෙමේ ඔයාට පිං සිද්ද වෙනවා.... හංසිනි ඔයාට මාස නමයක් විතරනේ මේ වෙනුවෙන් ඉන්න වෙන්නේ....කොහොමත් මුල් මාස හතරක් පහක් විතර යනකම් ඔයාට අම්මලා බලන්න උනත් යන්න පුලුවන්නේ ....අන්තිම මාස ටිකේ විතරනේ ඔයාට ටිකක් හැංගිලා වගේ ඉන්න වෙන්නේ...ඊට පස්සෙ ඔයාට පුලුවන්නේ බබාව මේ මිස්ට භාර දීලා, ඔයාගෙ බොයි ෆ්‍රෙන්ඩ්ව මැරි කරලා, ගෙයක් දොරක් හදාගෙන සතුටින් ඉන්න....."
"තාත්තගෙ ඔපරේෂන් එකට ලක්ශ ගානක් යනවා මිස්....තාත්තට ගැලපෙන වකුගඩුව දෙන්න කැමති කෙනාට තව ලක්ශ හතක් විතර මම දෙන්නත් ඕනේ...ඔපරේෂන් එක කරලා ඉවර වෙනකොට ලක්ශ ගානක් යයි ... .මට මුලින් තාත්තගෙ ඔපරේෂන් එකට යන සල්ලි ටික දෙන්න මිස්.. ....මම මිස්ලගෙ වැඩේට කැමතියි , මට තාත්තා වෙනුවෙන් වෙන කරන්න පුලුවන් දෙයක් නෑ.....මට දරුවා හම්බවෙන ඉන්න අන්තිම මාස පහේ කොහේට හරි ගිහින් හැංගිලා ඉන්න තැනක් මිස්ලම හොයලා දෙන්න......."
"ලොකු දෙයක් හංසිනි ...මේ ඇන්ජලා
මිස්ගෙ වැඩෙත් කෙරෙනවා වගේම, ඔයාගෙ තාත්තගෙ වැඩෙත් කර ගන්න පුලුවන්.. ...ඉතිරි සල්ලි වලින් ඔයාට ඔයාගෙ අනාගතේ හොදට හදාගෙන ඉන්න පුලුවන්නේ...."
"මිස්ලට බොරු කියන්නෙ මොකටද..... මම ඉස්සර යාළු වෙලා හිටිය කෙනාගෙන් මට දරුවෙක් හම්බවෙන්න ඇවිත්, මම ඒ දරුවා නැති කරලා දැම්මා මීට අවුරුදු දෙකකට විතර උඩදී....ඒ නිසා මම කන්‍යාවක් නෙමේනේ....ඒකයි මම මේකට කැමති උනේ....කීර්ති අය්යා ඒවා දන්නවා, ඒක වෙන්න ඇති එයා මට මේ වගේ දේකට යෝජනා කරන්න ඇත්තේ .....මම දැන් යාළු වෙලා ඉන්න මගේ බොයි ෆ්‍රෙන්ඩ්ගෙ අම්මත් මට කැමති නෑ මිස්.... මට සල්ලි නෑ, දුප්පත් කියලා , ඊටත් වඩා මම ඉස්සර යාළු වෙලා හිටිය කෙනා ගැන ආරංචි වෙලා.....දැන් එයත් මාව මග අරිනවා...එහෙව් එකේ මම කොහොම හරි මේ දේ කරලා හරි, සල්ලි ටිකක් හම්බ කරගෙන, තාත්තවත් ගොඩ දාලා, ගෙයක් දොරක් හදාගෙන තැනකට එන්න බලනවා...... , අපි වගේ අයට වෙන කරන්න දෙයක් නෑ මිස්.....අපි හරි අසරණයි...."
"මට ඔයා ගැන දුකයි හංසිනි ...මොනව කරන්නද අපි හැමෝම එක එක ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ..."
"මිස් දන්නවද, අපේ තාත්තට වකුගඩුවක් දෙන්න හදන කෙනා, මගෙන් සල්ලි ලක්ශ හතක් ඉල්ලන්නේ ඇයි කියලා .... එයාගෙ දුවව පෞද්ගලික විශ්ව විද්‍යාලයක මොකක්ද ඩිග්ග්‍රියක් කරවන්නලු......මේ රටේ ඉන්න අපි හැමෝම අසරයි මිස්...තමන්ගේ අතයාවශ්‍ය දේවල් කරගන්න විදිහක් නැති නිසා, තමන්ගෙ ඇගේ කොටස් හරි විකුනලා, සල්ලි හම්බකරගන්න බලන්නේ...."
"එතකොට මේ වැඩේ අපි ගොඩක් විශ්වාස වන්තව කරන්න ඕනේ හංසිනි ....අපි හංසනීට අන්තිම මාස පහ කොහේද දැන් ඉන්න හදලා දෙන්නෙ කීර්ති ....?
"හංසනීට නවතින්න ගෙදරක් මට ලෑස්ති කරලා දෙන්න පුලුවන් .....මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා හොරණ....එයා ගෙදර මැහුම් වැඩපලක් දාගෙන ඉන්නෙ.... , හංසනීට එහේ නැවතිලා මැහුම් වැඩත් කරගෙන කීයක් හරි හම්බ කරගන්නත් පුලුවන් එතකොට ..... "
අපි එහෙනම් අනෙක් දේවලුත් කතා කර ගමු නේද.....?"
"අපි පුලුවන් ඉක්මනට මේක කරමු මිස්...මට තාත්තා වෙනුවෙන් කරන්න වෙන පුලුවන් දෙයක් නෑ...".
"ඇන්ජලා.....මේ හංසිනි කියනවා එයා කැමතිලු ඔයාගෙ වැඩේ කරලා දෙන්න....අපි සිංහලෙන් කරන කතා බහ, තෙරුම් ගන්න බැරුව හිටිය ඇන්ජලාට මම ඉංග්‍රීසියෙන් හංසිනි කියපු දේ පැහැදිලි කරලා කිව්වෙමි .
"ඒක කොච්චර හොදද...මට හරි සතුටුයි ....මම දැන්මම මම අර ප්‍රයිවට් හොස්පිටල් එකේ, ඩොක්ටර්ට කතා කරලා මේ වැඩෙඩ් ලෑස්ති කර ගන්න කියන්නම්....ඒ එක්කම අපි ලෝයර් කෙනෙක් ගාවත් ලියුමක් හදලා සයින් කර ගමු, අපි හංසනීට කොටස් වශයෙන් දෙන සල්ලි ගැනත් දාලා, බබා ලැබුනට පස්සෙ, බබා අපට භාරදෙන බවත් සඳහන් කරලා, එහෙම හොදයි නේද..?...."
"ඔව්...එහෙම කරමු....ඔයා අර ඩොක්ටර්ට කතා කරලා ඒ වැඩේට වෙලාවක් දා ගන්න ඇන්ජලා ...."
"මම දැන්ම කතා කරන්නම්...."
"එහෙනම් හංසිනි, අපි ඩොක්ටර් හම්බවෙලා ඒ වැඩෙ කතා කරගන්න හදන කොටම, ඔයාට මුළු මුදලින් තුනෙන් එකක් ඉස්සෙල්ලා දෙන්නම්..... ඔයාගෙ තාත්තගෙ වැඩේ කර ගන්නත් එක්ක....ඊට පස්සෙ ඔයාගේ ගැබේ කලලය තැන්පත් කරලා මාස තුනකින් දෙවන කොටස දෙන්නම්....අන්තිම කොටස ඔයා දරුවා අපට භාර දෙන දවසට දෙන්නම්...."
"මම කැමතියි මිස්...පුලුවන් ඉක්මනට ඒක ලෑස්ති කරලා මට කියන්න ...මම තාත්තා බලන්න දැන් හොස්ටල් එකට යන්න ඕනේ...මම ඒ හොස්පිටල් එකේ ලොකු ඩොක්ටර්ට කියන්නම් එහෙනම් තාත්තව ඔපරේෂන් එකට ගන්න ලෑස්ති කරන්න කියලා ...."
"හරි අපි අපේ ඩොක්ටර්ට කතා කරලා ඔයාට කියන්නම් ....."
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments