🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Sep 17, 2021
- 4 min read
(16 වෙනි කොටස)
පසු දින උදෑසන ආහාර ගත් මොහොතේ පටන් අපි හෝටලයේ ඉදිරිපසට වී කිර්ති අය්යා හංසිනිව රැගෙන, අපිව මුණගැහෙන්නෙ එනතුරු බලා උන්නෙමු .
ස්ටිව් හා ටෙරි එක තැනක වාඩි වි ඔවුන්ගේ ඔස්ට්‍රේලියාවේ වැඩ ගැන ලොකු කතාවකය....ඔවුන් මටත් ඇන්ජලාටත් නිදහසේ, හංසිනි සමග කතා කරන්න ඇර, අපව මග හැර හිදින්න හදයි. ඒ හංසිනි අප ගැන වැරදියට හිතිමට බැරි නිසා වන්නටද ඇත.
"ඇන්ජලා, හංසනි ආවාම මම එයා එක්ක සිංහලෙන් මේ ගැන කතා කරන්නම්...මොකද එයාට ඒ තරම් හොදට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා...එහෙම හොදයිද...?"
"ඔව්...කමක් නෑ ,එහෙම හොදයි ....ඔයා මම නිසානේ එහෙම කරන්නෙ කියලා මම දන්නවා...."
"අන්න කිර්ති එනවා...ඔව්...එයා එක්ක හංසනිත් එනවා, ඇත්තටම හංසිනි හරිම ලස්සනයි, හොද උස මහත, ඇඟේ හැඩ පෙනුම, හොද නිරෝගි පාටයි....අපේ වැඩේට මෙයා නම් හොදටම හොදයි....මෙයා කැමති උනොත් ,අපි හිතන වැඩේ හොද විදිහටම කරගන්න පුලුවන් වෙයි..."
" ගුඩ් මෝනින්… ..එන්න කීර්ති , එන්න හංසිනි ......අපි මේ ඔය දෙන්නා එනකම් බලාගෙන හිටියේ..."
"ඔව්...මිස් චතුරි ,ඇයි දන්නෙ නෑ මාව හම්බවෙන්න ඕනෙ කිව්වේ....මට කිර්ති අය්යා හරියටම මිස්ලට මාව හම්බවෙන්න අවශ්‍ය හේතුව කිව්වෙ නෑ....අපි ඒ ගැන කතා කරමුද මිස්....."
"ඔව් අපි ඒ ගැන කතා කරමු...ඊට ඉස්සර මොනවා හරි බීලා ඉමුද..?
"ඉන්න මම ,අපට මොනව හරි බොන්න ගේන්න කියලා වේටර් කෙනෙක්ට කියන්නම්...."
ඇන්ජලා අපි වෙනුවෙන් එයට ඉදිරිපත් විය.
"ඉස්සෙල්ලම මට හංසිනි ගැන විස්තර ටිකක් කියන්නකෝ......මට කීර්ති කිව්වෙ ඔයාගෙ ගම මහනුවරින් ටිකක් ඈතට වෙන්න කියලා ....ඒක හරිද?....
"ඔව් මිස්...මම නුවර තමයි ..."
"ඇත්තටම ඔයා හරිම ලස්සනයි හංසිනි .....ඇන්ජලායි මමයි ඒ ගැන දැන් කතා උනා විතරයි .."
"තැන්ක්‍යු මිස්....මගෙ ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසාව තිබුනෙ නැටුම් ගුරුවරියක් වෙන්න......ඒ උනාට, දැන් නම් මම මේ රස්සාව කරන්නේ, සල්ලි හම්බ කරන්නම තමයි .....මගෙ ගැන මේ කීර්ති අය්යා දන්නවා....අපේ තාත්තා වකුගඩු අමාරුවක් හැදුලා ඉන්නේ, එක වකුගඩුවක් ඇරන් දාන්න වෙලා, අනෙක් වකුගඩුවත් නරක් වෙලාලු , වැඩි කාලයක් නොයා ඒ ඔපරේෂන් එක කරගන්න ඕනේ මිස්......මම මේ දන්න කියන අයටත් කියලා සල්ලි කීය කීය හරි එකතු කරන ගමන් මේ ඉන්නේ.......අපේ තාත්තා අපිව ලොකු මහත් කරන්න ගොඩක් දුක් වින්ද කෙනෙක්, එයා ගැන බලන්න මම ඇරෙන්නෙ පවුලේ වෙන කවුරුත් නෑ.....නංගියි මල්ලියි තාම ඉස්කෝලේ යනවා, ඒගොල්ලන්ට වියදම් කරන්නත් ඕනේ මමයි , ...ඒ නිසයි මේ කිර්ති අය්යා කියපු නිසා, මම මිස්ලව හම්බ වෙන්න ආවේ...."
"ඉතිං තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා එයාට වකුගඩුවක් දෙන්න කෙනෙක් හොයා ගන්නත් ඕනේ නේද...?
"ඔව්.... මිස්ට කියන්න ,අපේ තාත්තට අවශ්‍යම විදිහේ වකුගඩුවක් හරි අමාරු උනා හොයාගන්න, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ඕන විදිහේ වකුගඩුවක් අවශ්‍යයි, දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා...."
"ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද...?
"මිස්ට කියන්න....අපටත් පුදුමයි.... විසිතුන් දෙනෙක් කතා කලා....ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ...."
"සල්ලි වලට...?
"එක එක්කෙනා එක ප්‍රශ්න කිව්වා ඒගොල්ලෝ වකුගඩුව දෙන්න හේතුවට..."
"ඒ කිව්වේ, ..?
"එක පිරිමි කෙනෙක් කතා කරලා කිව්වා, එයාගෙ දුවට මොකක්ද යුනිවර්සිටි එකක් කෝස් එකක් කරන්න ලක්ශ හයක් ඕනේලු, ඒ නිසා එයාග් වකුගඩුවක් විකුනලා හරි ළමයට උගන්නන්න හදන්නේ කියලා ...."
😥😥😥
"තව එක්කෙනෙක් කිව්වා, එයා හම්බ කරන් කන ත්‍රීවීල් එකේ වාරික ටික ගෙවා ගන්න බැරි නිසා වකුගඩුවක් සල්ලිවලට විකුනලා ඒක ගෙවාගන්න හදන්නෙ කියලා....."
😮😮😮
"තව කෙනෙක් කිව්වා, දරුවෙක්ගෙ ඔපරේෂන් එකකට සල්ලි නැතුව වකුගඩුවක් විකුනලා ඒ සල්ලි වලින් ළමයගෙ ඔපරේෂන් එක කරන්න හදන්නෙ කියලා... ..."
😥😥😥
"තව හාමුදුරු නමක් කතා කරලා කිව්වා, දඹදිව වැදගෙන එන්න යන්න සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ, ඒ නිසා වකුගඩුවක් දෙන්න හදන්නෙ කියලා ..."
"අනේ දෙවියනේ....මේ අපේ ලංකාවේ මිනිස්සු කොයිතරම් නම් අමාරුකම් වලින්ද ඉන්නේ, මේ වගේ දේවල් වලට තමන්ගෙ ඇගේ කොටසක් විකුනලා සල්ලි හොයන්න තරම් ...."
"එහෙම තමයි මිස්....අපේ තාත්තගෙ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්න බැරුව මම විදින දුකක් දන්නේ මම විතරයි ...."
"එතකොට ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ...එයාගෙන් ඔයාට උදව්වක් නැද්ද..."
"එයත් ඉතිං එහෙම ලොකු පෝසත් කෙනෙක් නෙමේ මිස්.....එයාට මාව ඉක්මනට බැද ගන්න ඕනේ කියනවා, ඒ උනාට බැදලා අපි දෙන්නට ඉන්න තැනක් වත් නෑ....එහෙව් එකේ මේ තියෙන ප්‍රශ්න එක්ක, අපි දෙන්නට දැන්ම එකතු වෙන්න පුලුවන් කමක් නෑ...."
"ඔයාගෙ තාත්තගෙ ඔපරේෂන් එකට කීයක් විතර යනවද..?"
"ලංකාවේ හොස්පිටල් එකක ඔපරේෂන් එක කරන්න ලක්ශ තිහකට කිට්ටු වෙන්න යනවා කියනවා..... මම කොහොමද එච්චර ලොකු ගානක් හොයාගන්නෙ කියලා මම මේ කොයි වෙලෙත් හිත හිත ඉන්නේ..."
" ම්ම්.....ඔයාගෙ තාත්තගෙ ඔපරේෂන් එකට අපි සල්ලි දෙන්නම්...මේ සුමානෙම ඒක ඔයාට කරලා ඉවර කරගන්නත් පුලුවන් වෙයි.....හැබැයි ඔයා අපි කියන දේට කැමති වෙනවනම් විතරයි හංසනි ...."
"අනේ මිස්...ඒ මොකක්ද ...මගෙ තාත්තා වෙනුවෙන් මම ඕන දෙයක් කරන්නම්....මට මෙවෙලේ ඕනේ තාත්තා සනීප කරගන්න සල්ලි විතරයි ..."
"මෙහෙමයි හංසිනි .....ඔයාට කියලා අපේ වැඩක් තියෙනවා කරගන්න ,..... ඒක කොන්ත්‍රාත්තුවක්...... ඒකට මාස දහයක් ඔයා අපි වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න වෙනවා, ඒ කාලේ ඔයාට වෙන වැඩක් භාර ගන්නත් බැරි වෙනවා.... ඊට පස්සෙ, ඔයාට අපි දෙන සල්ලි ඇරගෙන ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න පුලුවන් ...ඒ කියන්නේ, ඔයාගෙ තාත්තව සනීප කරගෙන,ඔයාට පොඩි වාහනයක් ඇරගෙන, ඔයාටයි ඔයාගෙ බෝයිටයි පොඩි ගෙයක් ඇරන් කසාඳ බැදලා සතුටින් ඉන්න පුලුවන් වෙයි....."
"අනේ මිස්, ඉතිං කියන්නකෝ මම මොනවද කරන්න ඕනේ කියලා ..."
"වැඩේ කියන්න ඉස්සෙල්ලා , මෙහෙමයි අපි ඔයාට දෙන මුදල් ගැන දැනගන්න එකත් හොදයිනේ.... ....ඔයාට ඔයාගෙ තාත්තගෙ ඔපරේෂන් එකටත් එක්ක මුළින් ලක්ශ තිහක් අපි දෙන්නම්....ඊට පස්සෙ මාස පහකින් අපි ඔයාට තව ලක්ශ තිහක් දෙන්නම්...., ඊට පස්සෙ මාස දහය සම්පූර්ණ උනාම ඔයාට ඉතිරි ලක්ශ තිහක් දෙනවා...ඒ කියන්නේ, මේ වැඩේට ඔක්කොම ලක්ශ අනූවක් ඔයාට අපි දෙනවා.....ඔයා කැමතිද...?
"ලක්ශ අනූවක් ....මට හිතාගන්නත් බෑ....මොකක්ද මිස් ඔච්චර වටින වැඩේ....මේ වෙලාවේ මට තාත්තගෙ ඔපරේෂන් එක වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් ,සල්ලි ලැබෙනවානම්....මට මොකක්ද ඒ වැඩේ කියලා කියන්නකෝ මිස්...."
මම ඔයාට පැහැදිලිව ඒක කියන්නම්කෝ....මේ මිස් ඇන්ජලිකා ඔස්ට්‍රේලියාවේ කෙනෙක්, කසාඳ බැදලා අවුරුද්දක් විතර වෙනවා....හදිසියේ එයාගෙ ගර්භාශයේ කැන්සර් එකක් තිබිලා ඇරන් දැම්මා ඔස්ට්‍රේලියාවේදි....ඉතිං එයත් මගේම වයසේ, එයාගෙ හස්බඩ් උනත් අපේ වයසේ ගොඩක් තරුණ අයනේ...."
"අනේ මට හරි කනගාටුයි ඒ ගැන .....ඉතිං මිස්..."
"ඉතිං ඔයාට තේරෙනවානේ, එයාට කවදාවත් බබෙක් එයාගෙ බඩේ හදන්න බෑ....ඒ උනාට එයාට දොස්තරවරු කියලා තියෙනවා එයාගෙ ඩිම්බයි, හස්බන්ඩ්ගෙ ශුක්‍රාණුයි, එකට එකතු කරලා දරු කලලයක් රසායනාගාරයකදී හදලා, ඒක වෙන නිරෝගි ගෑනු කෙනෙක්ගෙ ගර්භාශයේ තැන්පත් කරලා , ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙම දරුවෙක් වෙන කෙනෙක් මාර්ගයෙන් හදාගන්න පුලුවන් කියලා ...."
"ඉතිං මිස්...මම මොනවද කරන්න ඕනේ....?
"කරන්න ඕනේ, ඔයාගෙ ගර්භාශය මාස දහයකට සල්ලි වලට එයාට කුළියට දෙන එක.....මේක කොන්ත්‍රාත්තුවක් වගේ වැඩක්..... ඊට පස්සෙ ඒ මිස් දෙන සල්ලි ඇරගෙන ඔයාට ඕන දෙයක් කරගන්න පුලුවන් ...ඊට පස්සෙ ඔයා නිදහස් වෙනවා...."
"මම....මගෙ අම්මෝ...මිස් මම කොහොමද එහෙම දෙයක් කරන්නේ...මම තාම කසාද බැදලත් නෑ...මම මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට මොනවද කියන්නේ....එතකොට අපේ අම්මලා තාත්තලාට....නෑදෑයින්ට අපේ ගමේ අයට මම කොහොමද මූණ දෙන්නේ.... ඒ වැඩේ හරියන්නෙ නෑ මිස්, සල්ලි කීයක් දුන්නත්.... මේ ගැන දිගටම කතා කරලත් වැඩක් නෑ මිස්...මම ලෝකෙට මූණ දෙන්නත් එපෑ....ඔය වගේ දෙයක් කරලා මට ගමේ ඉන්න නම් වෙන්නෙ නෑ....මට මගේ ඇගේ කොටසක් දෙන්න පුලුවන් .....ඒත් අනුන්ගෙ ළමයෙක් මට මගේ බඩේ හදාගන්න නම් බෑ මිස්.....අපි මේ වැඩේ අතඇරලා දාමු .....මම දැන් යන්නම් මිස්.... හංසනි වාඩිවි හිටි පුටුවෙන් නැගිට යන්න ලෑස්ති විය.... ඇය කේන්තියෙන් ඉන්නා පාටයි...
"කිර්ති අය්යෙ මාව දැන් ගිහින් දාන්න ....මේ වගේ වැඩකට මම වගේ තරුණ කෙනෙක් කොහොමද කැමති වෙන්නේ.....මගෙ බෝයිෆ්‍රෙන්ඩ් දැන ගත්තොත් මාව මරයි...අනුන්ගේ ළමයි මගේ බඩේ හදන්න ගිහින්....මම යනවා මිස්....මිස්ලත් පුදුම අයනේ.... ගහෙන් වැටුන මිනිහට ගොනෙක් ඇන්නා වගේ වැඩක්නෙ මට කරන්න හදන්නේ......මම යනවා මිස්. .... "
හංසනි, කිර්තිවත් අඩගසාගෙන අපෙන් හරියට සමු ගන්නෙත් නැතුව, යන්න ගියාය....
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments