top of page

🌏කොන්ත්‍රාත්තුව 🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 9, 2021
  • 4 min read

(15 වෙනි කොටස)

හවස් වරුවේ කොළඹ ගෝල්ෆේස් පිට්ටනියේ, ගංගාරාමය පැත්තෙ ඇවිද ඒවායේ සුන්දරත්වය විදමින් ඉද අප නැවත හෝටලයට ආවෙමු. අපි එහි යන විටත් කීර්ති අය්යා අපිව මුණගැසෙන්න හෝටලයට පැමිණ සිටිම, ඇන්ජලාට සතුටට කරුණක් විය.


"හෙලෝ...කිර්ති, දැන්ද ආවේ....?


"ටිකක් වෙලා , ඔයගොල්ලෝ එනකම් මම බලාගෙන හිටියේ...."


ඇන්ජලා මට ඉස්සර වි ගොස් කීර්ති ලඟින් වාඩි විය....


"අර මම කිව්ව ගෑනු ළමයගෙ පින්තූරයක් ගෙනාවා.......මෙයාගෙ නම හංසිනි .... මම මෙයාට කිව්වා, චතුරි නංගිට ටිකක් එයත් එක්ක කතා කරන්න ඕනේ කිව්වා කියලා.....ඔයගොල්ලෝ මේ පින්තූරෙ දැක්කනේ....මෙයාට කැමති නම් අපි එයා නැවතිලා ඉන්න බෝඩිමට දැන් යන්න පුලුවන් .... අපි යමුද එහේ.... ?


"මේ ගර්ල් නම් හොදයි වගේ නේද ඇන්ජලා ...."


"මෙයා අපේ ගාමන්ට් එකේ හරි කඩිසරව වැඩ කරන කෙනෙක්.....මෙයා හරි ලස්සනයි , නිරෝගීමත් කෙනෙක්....මෙයා ලස්සන නිසා ඉස්සර මේ ගාමන්ට් එකේ හිටිය ඩිරෙක්ටර් කෙනෙක්, මෙයත් එක්ක යාළු වෙලා ඉදලා , එයා අතින් කරදරයක් වෙලා, හංසනීට ළමයෙක් හම්බවෙන්නත් ආවා...., කොහොම හරි හංසිනි ඒක නැති කරගෙන ....ඒක ගාමන්ට් එකේ හැමෝම වගේ දන්නවා .....ඒ ඩිරෙක්ටර් දැන් ගාමන්ට් එකේ නෑ...."


"එතකොට මෙයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් දැන් නැද්ද...?

"මේ ළමයා කසාඳ බදින්න කෙනෙක් හිටියා,...ඒත් දැන් ඒ ළමයත් මෙයාට කැමති නෑ කියලා ආරංචියක් තියෙනවා ....මෙයා ලස්සනට හිටියට ගොඩක් දුප්පත් ළමෙක්....."


"මෙයාගෙ ගම කොහේද ?


" හංසිනි නුවර ගමක ඉදලා කොළඹ ආපු කෙනෙක් , මේ දවස් වල ලොකු සල්ලි උවමනාවකින් ඉන්නේ කියලා මට ගාමන්ට් එකේ වෙන ළමෙක් කිව්වා......"


"ඔයා මෙයාට කිව්වද අපේ අවශ්‍යතාවය ගැන ...?


"මම ටිකක් එයාට කතා කලා, පොඩි ඉඟියකුත් එයාට දුන්නා...ඔයගොල්ලෝ එයාට කතා කරලා බලන්න.....මට ඕවා හරියට කියන්න තේරෙන්නේ නෑ....

හංසනීට, ඉංග්‍රීසි ටිකක් තේරුම් ගන්න පුලුවන් ...."


"ඇන්ජලා ඔයා මොකද කියන්නේ....මේ ගර්ල් හොදද...?"


"ඔව්...ඇත්තටම ගොඩක් ලස්සනයි ...හොද ජවයක්, ශක්තියක් තියෙන කෙනෙක් වගේ....අපටත් ඕනේ, ඒ වගේ නීරෝගි , ශක්තිමත්, හොද පෙනුම තියෙන කෙනෙක් තමයි.... අපේ දරුවා හදා ගන්න, මෙයා නම් අපි හිතුවටත් වඩා හොද කෙනෙක් වගේ නේද ටෙරී...?


"ඔව් එයා ,මේ පින්තූරෙ හොදට ඉන්නවා ..."


"අපි එහෙනම් දැන් එයාව බලන්න එයාගෙ බෝඩිමට යමුද...?


"ගිහිල්ලා අපි එකපාරටම මොනවද එයාට කියන්නේ...."


" එක පාරටම කියන්න අවශ්‍ය නෑ....වටින් ගොඩින් ටිකක් කියමු.....ඔයගොල්ලො එන්නකෝ මාත් එක්ක....අපි ගිහින් කතා කරලා බලමු..."


"හරි එහෙනම් අපි දැන් යමු..."


කොළඹ අපි නැවති සිටි හෝටලයේ සිට, කිර්තිගෙ වාහනෙට නැගගත් අපි හතර දෙනා කටුනායක පැත්තට යන්නට පටන් ගත්තෙමු. වාහනය කොළඹ මීගමු පාරේ ඇදී ගොස්, ඉතා ජනාකීර්ණ පැත්තකට හරවා, තවත් දුරක් ගොස් වාහනය නතර විය....


"චතුරි නංගි ඔයා විතරක් මාත් එක්ක එන්න.... මේ සුදු කට්ටිය ගිහාම වටපිටාවේ මිනිස්සු ඕනෑවටත් වඩා බලනවා..."


"මමත් මේ ගොල්ලොත් එක්ක ඉන්නම්....අය්යා ගිහින් එයාව එක්ක ගෙන එන්න...."


"ආ...එහෙනම් මම ගිහින් එයාව අඬගහගෙන එන්නම්...."


කීර්ති එක ලඟ පිහිටා තිබුන ගෙවල් පේලියක් ලඟින් ඇවිද ගොස්, ටිකක් ඈතට වෙන්න තිබුන බෝඩිම් කාමරයක් ලඟ නතර විය......අවට පේළි ගෙවල්වල ගෑනු පිරිමි ළමයි ,ඉදහිට ගෙවල් වලින් එළියට බැස අප දෙස බලන්නේ, මේ අමුත්තන් කවුද කියා දැනගැනීමට මෙන්‍ය....


ඒ සමගම කීර්ති ගෑනු ළමයෙක් සමග අප සිටින දෙසට ආවේය. ඇත්තටම ඉතා හුරුබුහුටි ඇය ප්‍රසන්න පැහැපත් පෙනුමැතිය. ඇයගේ ශරීර හැඩය අනුව ඇය නිරෝගීමත් ගෑනු දරුවෙක් බව හොදට පෙනේ...


"චතුරි මේ හංසනී....හංසිනි මම ඔයාට කිව්වෙ මේගොල්ලෝ ගැන තමයි ..."


"හෙලෝ......මම චතුරි , හරිම සතුටුයි ඔයාව අදුන ගන්න ලැබීම ,

හංසිනි අපි ඔස්ට්‍රේලියාවේ ඉදලා ආවේ....ඔයාව ටිකක් නිදහස් වෙලාවක හම්බවෙන්න ඕනේ.... කොහොමද අපි ඔයාව හම්බවෙන්නේ ....?මේ කිර්ති තමයි ඔයා ගැන අපට කිව්වේ....කීර්ති අපි ගැනත් කියන්න ඇතිනේ..."


"ඔව්...කිර්ති අය්යා මට මිස්ලා ගැන ටිකක් විස්තර කිව්වා....මම කැමතියි ඔයගොල්ලෝ එක්ක කතා කරන්න ...ඒත් මෙතන බෑනේ, මිස්ලට පේනවානේ මෙතන සද්දේ.....වටපිට මිනිස්සුත් බලාගෙන ඉන්නවා. අපි හෙට වෙන කොහේදී හරි හම්බ වෙමුද මිස්?...."


"අපි එහෙනම් හෙට උදේ දහයට විතර අපි නැවතිලා ඉන්න හොටෙල් එකේදි හම්බ වෙමුද...?"


"කීර්ති අය්යා එනවද මාව මේ මිස්ලා ඉන්න හොටෙල් එකට එක්ක යන්න ...."


"ඔව් මම එන්නම් ....ඔයා එහෙනම් උදේට ලෑස්ති වෙලා ඉන්න...."


"එහෙනම් අපි හෙට හම්බවෙමු මිස්.., සන්තෝෂයි ඔය ගොල්ලෝ අදුනගන්න ලැබීම..."


"අපටත් සතුටුයි ...එහෙනම් අපි යන්නම්...හෙට උදේට හොටෙල් එකේදි හම්බවෙමු...."


හංසිනි මුණගැසි වාහනයට නැඟගත් අපි ,....එකිනෙකා ඇය ගැන විවිධ අදහස් පළ කරන්න පටන් ගත්තේය.


"කෙල්ලගෙ හැටියට අපි කියන දේට කැමති වෙයි කියලා හිතන්න නම් අමාරුයි...."


"හැබැයි ඕනෑවට වඩා කුළෑටි ගතියකුත් නැති එකත් හොදයි.....කතාවටත් දක්ශ පාටයි....ඇක්ටිව් පාටයි...."


"මට බයයි චතුරි... , ඒ ගර්ල් මේකට කැමති වෙන එකක් නැති වෙයි කියලා.... මට එහෙම හිතෙනවා , ....ඇයි අපි ළමයි ඉන්න ගෑනු කෙනෙක් මේ වැඩේට හොයා ගන්නෙ නැත්තේ...."


"නෑ...බෑ...ලමයි ඉන්න, පවුල් කාරයෝ මේ වැඩේට බරපතළ වැඩියි....කාත් කවුරුත් නැති කෙල්ලෙක් තමයි හොද.... දෙමව්පියන් ලඟ නැති ,ටිකක් නිදහස් කෙනෙක් තමයි මේ වැඩේට හොද....."


"අපි දැන් හොටෙල් එකට යමු , හෙට උදේ එහෙනම් කිර්ති ඔයා හංසිනිව, අපි ඉන්න හොටෙල් එකට එක්ක එන්න....ඔයා අනිවාර්යයෙන්ම එයාව තනියම එක්ක එන්න....ඒ වගේම ඔයා අපිව හම්බවෙන්න එන්න ඉස්සර එයාගෙ සල්ලි අවශ්‍ය තාවය ගැන දැනගෙන ඒකට අපි උදව් කරන්නත් කැමතියි කියලා කියන්න ....කොටින්ම අපේ වැඩේට කැමති උනොත් එයාට අපි මුළින් ලක්ශ තිහක් දෙනවා කියලා කියන්න ..... වැඩේ මොකක්ද කියන්න ඔයා හරියටම දන්නෙ නෑ කියලත් කියන්න ....වැඩේ මැද හරියෙදි, අපි එයාට තව ලක්ශ තිහක් දෙනවත් කියන්න.... වැඩේ ඉවර උනාට පස්සෙ තමයි ඉතිරි ලක්ශ තිහ හම්බවෙන්නෙ....ඔක්කොම ලක්ශ අනූවක් අපි එයාට දෙන්න කැමතියි කියලා කියන්න ..... ඉතිරි සල්ලි අපි හොස්පිටල් එකේ වැඩ වලට තියා ගන්නවා.... හෙට ඒ ගැන අපි එයාට හරියට විස්තර කියන්නම්......ඔයා එයාට සල්ලි දෙන විදිහ ගැන විතරක් කියන්න ...."


"හොදයි චතුරි , මම එයාව හෙට හොටෙල් එකට එක්ක එන්නම් ....මාවත් ඉතිං අමතක කරන්න එපා...."


"නෑ නෑ අපි ඔයාව අමතක කරන්නෙ නෑ...ඔයා මේක කතා කරලා දෙනවට, අපි ඔයාට ලක්ශ පහක් දෙන්නම්....හැබැයි වැඩේ ඉවර වෙනකම් ඔයා අපිත් එක්ක ඉන්න ඕනේ....මේක විශ්වාස වන්ත විදිහට වෙන්න ඕන දෙයක් ...."


"ඕකේ...

නො ප්‍රොරොබ්ලම්...මම ගැනත් බලනවා නම් මම බැහැලා වැඩ කරන්නම්....එහෙනම් මම හෙට හංසනීව හොටෙල් එකට එක්ක එන්නම් ...."


"හොදයි එහෙනම් ...අපි හෙට හොටෙල් එකේදි හම්බ වෙමු..."


-නැවත සිකුරාදාට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page