🌏කොන්ත්‍රාත්තුව🌏
- Prisila Godahewa

- Sep 9, 2021
- 4 min read
(14 වෙනි කොටස)
ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිනි මගෙත් ස්ට්ව්ගෙත් විවාහයේ, දෙවන දින සැමරුම් උත්සවය අප නැවති සිටි හෝටලයේම,අම්මා තාත්තාට අවශ්‍ය විදිහට සියල්ල සිදු විය.....
අම්මා ,තාත්තාගෙ නෑදෑ පරපුර, මගේ පාසැල් සමයේ යාලුවො, සියල්ලන්ටම ආරාධනා කර තිබු විවාහ මංගල්‍ය, අම්මලා බොහෝ ජයට ලෑස්ති කර තිබුනේ, ස්ට්ව් හා මාත් හිතුවාට වඩා ඉහළිනි.....
අපේ මංගල්‍යයේ සියලු වියදම් ,මම අමාරුවෙන් රැකියා දෙක තුනක්ම කර, ඔස්ට්‍රේලියාවේදී අවුරුදු ගානක් තිස්සෙ හම්බකර ගත් මුදළින් සිදුවීම මගේ සතුටට කාරණයක් විය..... මම ඔස්ට්‍රේලියාවේදී අපේ විවාහ මංගල්‍යය බොහොම සුළුවෙන් ඉවර කර, එයින් ඉතිරි කරගත් මුදල් අම්මාට එව්වේ, කොහොමත් ලංකාවේ මංගල්‍යය ඉහලින් කිරීමේ බලාපොරොත්තුවෙනි....
හේතුව අපේ නෑදැයෝ යාලුවො හැමෝටම ප්‍රශ්නයක්ව තිබුන මගේ පිටරට ගමන,... අම්මා තාත්තා ණයවී, මාව ඉගෙන ගැනීමට පිටරට යැව්වාට, මම ඒවා ආපතේ නොහැර, හොදින් ඉගෙන ගෙන හොදින් ඉන්නා බව ඔවුන්ට පෙන්වීම මගේ අරමුණ විය........ ඒ වගේම මගේ අහිංසක දෙමව්පියන් සතුටු කිරිම, මට ඊටත් වඩා අවශ්‍යව තිබුනි.....
මංගල්‍යයේ වැඩකටයුතු හිතුවාටත් වඩා හොදින්, ජයට සතුටින් අවසන් වූවාට පසු, හිතට දැනුනේ පුදුම නිදහසක් බවකි.....විවාහයෙන් පසු අපේ හනිමූන් ගමන යන්නට, සුමානයක නිදහසක් ගෙදර අයගෙන්ද අපිට ඒ සමගම ලැබුනි.......
විවාහයෙ වැඩ කටයුතු ඉවර උනා වහා මට අවශ්‍ය ව තිබුනේ, ස්ට්ව් සමග හනිමූන් යන්නට නොව,.... ඇන්ජලාගේ අවශ්‍ය තාවය ගැන හොයා බලා, ඇයට උදව් කිරීමටය.
"චතුරි අපට අර ප්‍රයිවට් හොස්පිටල් එකේ ඩොක්ටර්, ලංකාවට ආව ගමන් එයා හබ්බවෙන්න හොස්පිටල් එන්න කිව්වානේ.... අපි දෙන්නගෙන් ගන්න අවශ්‍ය බීජ, රසායනාගාරගත කරලා කලලයක් වේලාසන හදන වැඩේ පටන් ගන්න.....එහෙම කරලා තිබුනම ලේසියි ඉක්මන් කියලා ඩොක්ටර් කිව්වා මතකද..?,....අපේ වැඩේට තරුණ ගෑනු කෙනෙක් හම්බුන ඉක්මනට, එයාගේ ගැබේ අපේ දරුවගෙ කළලය තැන්පත් කර ගන්න පුලුවන් එතකොට ...."
"ඒක ඇත්ත..... අපි මේ වැඩේට කවුරු හරි තරුණ ගෑනු කෙනෙක් හොයා ගන්නකම්, අපි ඩොක්ටර් කිව්ව විදිහට කරමු.... අවශ්‍ය දේවල් කරගෙන ලෑස්ති වෙලා හිටියම ලේසියි තමයි ..... එතකොට එයාව හම්බුන ගමන්ම මේ වැඩේ ඉක්මනට කරවන්න පුළුවන්න...., අපට ඔයගොල්ලෝ මේ රටින් යන්න ඉස්සරම ඒ දේවල් හරියට සිද්ද උනාද කියලත් බලාගෙන, දැනගෙනම යන්න පුලුවන් එතකොට ...."
"එහෙනම් අද අපි හවසම හොස්පිටල් එනවා කියලා ඩොක්ටර්ට කියමුද..?
"ඔව් එහෙම කරමු.... ඇන්ජලා අර එදා අපිව හම්බවෙන්න ආව කීර්ති අය්යා, අද රෑට අපිව හම්බවෙන්න හොටෙල් එකට එනවා කිව්වා,..... එයා ගර්ල් කෙනෙක් හොයාගෙන..... ඒ ගර්ල්ගෙ විස්තරත් , ගර්ල්ගෙ පින්තූරයකුත් ඇරන් එන්නම් කිව්වා.
" ඒකනම් ලොකු දෙයක් චතුරි .....ඒ ඔයාගෙ අය්යා ගාමන්ට් එකේ මොනව කරන කෙනෙක්ද...?
"එයා ගාමන්ට් එකක සුපර්වයිසර් කෙනෙක් ....එයා යටතේ වැඩ කරන ගෑනු ළමයෙක් ගැන තමයි එයා හිතේ තියාගෙන ඉන්නේ...."
"ඇත්තද...එහෙනම් අපි එයාව ඉක්මනට හම්බවුනොත්, අපේ වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් වෙයි නේද.?...."
"අපි අද ඉස්සෙල්ලා එයාගෙ පින්තූරය බලලා, එයාගෙ විස්තර හරියටම ඒ අය්යා එක්ක කතා කරගෙන ඉමු.....එයා කිව්වා ඔය දෙන්නා අද පින්තූරය දැකලා එයාට කැමති උනොත්, හෙටම මේ ගැන එයාගෙන් අහලා බලන්නම් කියලා...."
"අනේ ඒක නම් ලොකු දෙයක් චතුරි ....ඔයාගෙ වෙඩින් එකටත් එක්ක කියලා , අපි ලංකාවට ආවට, අපි මේ වැඩේ හිතේ තියාගෙනනේ වැඩියම ලංකාවට ආවෙත්. .....මට හරි සතුටුයි දැන්මම අපට ඒ වැඩේට බහින්න පුලුවන් එක ගැන...."
"හරියටම ඒ වැඩේ හරියයිද දන්නෙ නෑ ඇන්ජලා .... හවසට අපි කීර්ති ආපුවහම ඒ ගැන කතා කරලා බලමු.....කිර්ති අය්යා කියපු විදිහට, ඒ ගෑනු ළමයා කීර්තිලාගෙ ගාමන්ට් එකේ හරි දක්ශ ,කඩිසර ලස්සන ළමෙක්ලු .... ගෙදර ගොඩක් අඩුපාඩු තියෙන නිසාලු කොළඹ ඇවිත් නැවතිලා ගාමන්ට් එකේ වැඩ කරන්නේ.... ඒ ගෑනු ළමයට ගෙදර උවමනාවකට මේ දවස් වල ලොකු සල්ලි අවශ්‍ය තාවයකුත් ඇතිවෙලාලු, ඒකයි කීර්ති අය්යා එයා ගැන හිතලා තියෙන්නේ මේ වැඩේට......"
"අපි නිසා ඔයදෙන්නට නිදහසේ හනිමූන් එකවත් යන්න ලැබුනෙ නෑ නේද චතුරි ...?
"අපි හනිමූන් ගියේ, අවුරුදු දෙකකට විතර උඩදිනේ ඇන්ජලා ....අපි දෙන්නා කොහොමත් අවුරුදු දෙකක් විතර එක ගෙදර,එකට ඉදගෙන තනියම ට්‍රිප් ගියා, සතුටු උනා, කොහොමත් නොබැඳම හනිමූන් ගිය දෙන්නෙක් අපි දෙන්නා....මට ඒක මේ ආයි ,අලුතින් යන්න ඕනෙ නෑ....මේ වෙඩින් එක උනත්, නීත්‍යානුකූලව කරගන්න ඕන නිසයි මම ආසාවෙන් කසාඳ බැන්ඳේ....එතකොට තව අම්මලා, නෑදෑයෝ යාළුවො එහෙම රවට්ටන්නත් ඕනනේ ....ඒ නිසා ලංකාවට ආව වෙලේ කරගන්න තියෙන වැඩ ටික ඉවර කරගෙන ගිහාම ඉවරයි..... "
විවාහයෙන් පසු කොළඹින් පිට නොගොස්, මමත් ස්ටිවොත් ඇන්ජලා හා ටෙරික් වෙනුවෙන් ඔවුන්ගේ හිතේ තියෙන අදහස ඉශ්ට කර ගැනිමට මහන්සි වි උදව් කලයුතු යැයි සිතාගෙන සිටියෙමු .
"චතුරි අපි ඇන්ජලාලගෙ වැඩෙ ඉක්මනට කරලා දෙන්න බලමු..., ඊට පස්සෙ අපි දෙන්නට කොළඹින් පිට ගිහින් එන්ජොයි කරන්න පුලුවන් ...."
"ඔව් ස්ටීව්....ඒකයි මම මේ වැඩේට ගොඩක් මහන්සි වෙන්නේ...."
අපේ විවාහ උත්සවයෙන් පසු දිනයේ ස්ටිව්,ඇන්ජලා හා ටෙරි සමග මම අප නැවති සිට් තරු පහේ හෝටලයේ, බොහෝම පහසුවෙන් සුවසේ සිටියෙමු..... දවල් දවසෙම හෝටලයේ , නාන තටාකයේ බැස නාමින් ,කමින් බොමින් අප හතර දෙනා උපරිම ලෙස සතුටු උනෙමු.
පසුව ඇන්ජලා හා මම ලෑස්ති කරගෙන සිටි පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයා හමුවි ඒ කළින් කිව් ලෙස ඒ සියලු වැඩ කටයුතුද කර නිම කර දැමුවෙමු.
හවස පහ පසු උනාට පසු අපි කොළඹ කොටුව අවට ,ගාලු පාර දිගෙ ඇවිදමින් කොළඹ සිරි නැරඹුවෙමු....
ස්ටීව් වගේම ඇන්ජලා හා ටෙරිත් කොළඹ ගංගාරාම පැත්තෙ ,ගාලු පාරේ ඇවිදමින් ලංකාවේ ලස්සන දේවල් දැක බලා ගත්තේ බොහෝම සතුටිනි....
"අද රෑට නේද කිර්ති අපිව හම්බවෙන්න හොටෙල් එකට එනවා කිව්වේ....අපි දැන් කොළඹ ගොඩක් ඇවිද්දානේ, අපි වේලාසන හොටෙල් එකට යමු නේද චතුරි ..."
"ඇන්ජලාට නම් ඉවසිල්ලක් නෑ වගේ..... අර ගර්ල් ගැන දැනගන්න කම්.. ..."
"අනේ ඔව් චතුරි , අපි තව සුමාන දෙකට අඩු කාලයයි මේ රටේ ඉන්නේ....අපි ආපහු රට යන්න ඉස්සර ,මේ වැඩේ ඉක්මනට කරගන්නයි මට ඕනේ, මම රට ඉදන් එනකොට අර දෙනවයි කියපු සල්ලිත් ලෑස්ති කරලා ආවේ...ඕන උනොත් ඒ ගර්ල්ට සල්ලි දෙන්න.... . අර ප්‍රයිවට් හොස්පිටල් එකේ, ඩොක්ටර් කිව්වා, මේ පාර රට යන්න ඉස්සරම IVF එක කරගන්න පුලුවන් උනොත් අපට මාස දහයකින් විතර අපේ බබාව අපේ රටට ගෙනියන්නත් පුලුවන් වෙයි කියලා ...."
"ඒක ඇත්ත ඇන්ජලා ...ඒ උනාට අපි තාම හරියට දන්නෙ නෑනේ අර ගර්ල් ඒ වැඩේට කැමති වෙයිද කියලා ..."
"අනේ අපි කොහොම හරි ඒ ගර්ල්ව මේ වැඩේට කැමති කරවා ගනිමු චතුරි.... මට දුක මගේ අසනීපෙ නිසා, ටෙරිටක්ට එයාගෙම කියලා දරුවෙක් හදාගන්න බැරිවෙන එකයි. ..මාත් ආසයි මගේම දරුවෙක් දකින්න.... "
"කීර්ති හොටෙල් එකට දැන් ඇවිත් ඇති....අපි දැන් යමුද?....."
"ඇන්ජලා අර ඉන්නෙ කිර්ති හෝටෙල් එක ඉස්සරහා ........අපි යමු ,එයා අපි එනකම් බලාගෙන ඉන්නවා...."
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments