top of page

🌏කොන්ත්‍රාත්තුව🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 9, 2021
  • 5 min read

(13 වන කොටස )

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොලේ ඇතුලත කරගත යුතු වැඩකටයුතු අහවර කල අප හතර දෙනා, අපේ ගමන් බෑග්ද රැගෙන එයින් එළියට ආවෙමු.


ඔස්ට්‍රේලියාවේ වැඩි මාස ගානක් ඇති ශීතල දේශගුනය නිසාත්, පැයගානක් ගුවන්‍ යානාවේ ආ නිසත්, අතරමග ගොඩ බැස්ස ගුවන් තොටුපොළවල් තිබුන ඇඟට සනීප ශීතල සමග සිටි අපි හතර දෙනාට, ලංකාවේ ගුවන් තොටුපොලේන් එළියට ආ සැනින් ඇඟට දැනුන උශ්නත්වය , රස්සනය.....ඇන්ජලා ,

ස්ටීව් හා ටෙරික්ට වගේම ලංකාවේ ඉපිද හැදී වැඩුන මටත් හොදින්ම දැනුනි.....

අපි නවතින්න යන්න ඉන්න හෝටලයේ වාහනයකින්, ගුවන් තොටුපොළට අපව පිළිගන්න පැමිණ සිටි රියදුරා අපව විගහට ඔහුගේ රථයට නග්ගවා ගන්න කටයුතු කලත්, ඔහුගෙ වාහනය එනතුරු අපට කටුනායක ගුවන් තොටුපොළ ආලින්දයේ සිටියදී....ඔවුන්ට මෙන්ම මටත් කාලෙකට පසු, ලංකාවේ හොද පුරුදු උනුසුම් ගතිය ඇඟට දැනින.... එබැවින් හොද තද ශීතලක් තිබුන වායුසමනය කළ එම වාහනයට, අපි හතර දෙනාම නැග ගත්තේ බොහෝම කළබලේමය....


"මට නම් මේ රස්නෙ තමයි ඉවසන්න අමාරු, එයාර්පෝර්ට් එකෙන් බැහැලා, වෙහිකල් එකට නගිනකම් මම හරිම අමාරුවෙන් හිටියේ ..."


"ඔව් ස්ට්ව්...අපටත් මේ රස්නෙ තමයි අමාරු....යන්තම් හොදට ඒසී තියෙන වාහනයකට නැග ගත්ත එක හොදට ගියා...?


"ඇන්ජලා..., දැන් ඉතිං මේ ඉතිරි සුමාන දෙක ඔයගොල්ලන්ට මේ රස්නෙත් එක්ක තමයි ඉන්න වෙන්නෙ....ඒ උනාට අපි නවතින්න යන හොටෙල් එක , එහෙ මෙහෙ යන වාහන වල තියෙන වායුසමීකරණ නිසා ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ....පොඩ්ඩක් එළියට බැහැලා ඇවිදිනකොට විතරයි මේ උනුසුම ඇඟට දැනෙන්නේ... "


"නෑ චතුරි....ඒකට කමක් නෑ, අපිත් මේ රස්සනය ඉදහිට විදින්න, දාඩිය ටිකක් දාගන්න කැමතියි.... . අපේ රටේ උශ්නත්වය වැඩි කාලෙට වත් අපිට දාඩිය දාන්නෙ නැති නිසා...."


"ඒක ඇත්ත ,ඒ රටේ දේශගුනය අනුව අපට රස්නෙ කාලෙටවත්, ඇඟට රස්නය දැනුනට දාඩිය දාන්නෙ නෑනේ......ඒ නිසා අපට සුමාන දෙකක් හොදට ඇඟට දාඩිය දාගෙන ඉන්න පුලුවන් ....ඒක ශරීරයට ගොඩක් හොද දෙයක්...."


" ඔව් ඒක ඇත්ත....අපේ හමේ තියෙන රෝම කූප ඇරිලා දාඩිය දැම්මහම, ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය දව්‍යයත් ලේසියෙන් පිට වෙනවා ....ඒකනේ ඔය ගොඩක් විදේශීකයෝ ලංකාවට ආවහම, මුහුදු වෙරළවල් වලට ගිහින් අව්ව තපින්නේ, හොදට දාඩිය දාගන්න ක්‍රීඩා එහෙම් කරන්නේ....බටහිර රටවල තියෙන තද ශීතලට අකමැති අය ලංකාවට ආවාම මේ ඉර අව්ව ඇඟට ලබාගන්න පුලුවන් හැම දෙයක්ම කරන්නේ....නොමිලේ ස්වාභාවිකව ලැබෙන "විටමින් සී " උපරිමයෙන් ඇඟට ලබා ගන්න ඕනේ....."


"එහෙනම් චතුරි අපිත් හොද බීච් හොටෙල් එකකට ගිහින් එන්ජොයි කරමු ...."


" හොදයි ....අපි දැන් යන්නේ කොළඹ තියෙන හොදම තරු පහේ හොටෙල් එකකට, ඔයගොල්ලන්ට හොදට එහෙදි එන්ජොයි කරන්න පුලුවන් ..."


"දැන් හොදටම රෑ උනානේ...... අපි රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන, රූම් එකටම මොනව හරි ගෙන්න ගෙන කමු..."


කාලයකට පසු ලංකාවට ආවිට මගේ හිතට, ගතට දැනුනේ අමුතු සැහැල්ලුවක් මිශ්‍ර සතුටක්.....පාර තොටේ දකින්න, අහන්න ලැබුනු සියලු දේ අතර , අපේ සිංහල භාශාව කතා කරන අහිංසක සිංහල මිනිස්සු....,

අපේ රටේ වාහන ,ගොඩනැගිලි,හා පාරවල් සියල්ල දකින කල, මගේ හිතට ඇතිකලේ.....මේ අපේ දේවල් , මේ මගේ රට, , මේ අපේ මිනිස්සු කියන හැඟීමයි..... ඒ හැඟිම මගේ හිත සතුටට පත් කර ඇත. මගේ රටට ආපසු, මගේ මිනිස්සු අතර මට ලොකු සුරක්ෂිත බවක් සමග සැහැල්ලුවක්ද ඇතිවි ඇත.. ...


කටුනායක ගුවන් තොටුපොලේ සිට, කොළඹ බලා දිවෙන වාහනය තුල සිට මම කවුළුවෙන් ඔලුව එළියට දාගෙන, ලංකාවේ පාරවල්, ගස්කොළ, ගොඩනැගිලි දෙස බලාගෙන ගියේ ,කාලෙකට පසු මගේ උපන් බිමට ආ සතුට මගේ හිතේ උතුරා දෝරේ ගලා යද්දීය....


පැය ගානක තෙහෙට්ටු කර ගුවන් ගමනකින් පසු, කොළඹ තරු පහේ හෝටලක් බලා ඇදෙන වාහනය නවත්වන තුරු මට දැන් ඉවසුමක් නැත.....


මීට ප්‍රථම මම ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආ දෙපාරම, අපේ ගෙදර හැමෝම මාව පිලිගන්නට, කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටි හැටි මතක් වෙයි....මෙවර විදෙස් ජාතික මගේ සැමියා ස්ටිව් , යහලුවන් වන ඇන්ජලා හා ටෙරික් සමග මම ලංකාවට ආ නිසා, මම වේලාසන ගෙදර අයට දැනුම් දී තිබුනේ, මාව පිලිගැනිමට කටුනායක ගුවන් තොටුපොළට නොඇවිත්, පසු දිනට හෝටලයටම අප බලන්න පැමිනෙන ලෙසයි....


ස්ටිව් වගේම,ඇන්ජලා හා ටෙරිටක්ට මට අපේ රටට ආ මොහොතේ හොදින් විශේෂ ලෙස සැලකිය යුතු නිසා මම, ඔවුන් අපේ මහ ගෙදර නවතින්නට රැගෙන නොගොස් , තරු පහේ හෝටලයක් වේලාසන ලෑස්ති කර තිබ්බෙමි. හේතුව ,විදේශිකයන් වන මොවුන්ට අපේ ගෙදර ඇති අඩු ඉඩ පහසුකම් මැද ඔවුන් එහි නතර කරගන්න මට අවශ්‍ය නොවීය.


"නෝනා හෝටලයට ආවා....මම බෑග් ටික බිමට බාන්නද...?"


"ඔව්...ඔව්..අපේ බෑග් බිමට බාලා දෙන්න...."


"වාව්...හරිම ලස්සන ලොකු හොටෙල් එකක්නේ මේක.....ලස්සන ගාඩ්න් එකක්, ලොබි එක හරිම ලස්සනයි ..... ඇන්ජලා වාහනෙන් බැස්ස ගමන් හෝටලය අවට වටපිට බලමින් සතුටින් හැසිරේ..."


"එන්න අපි යමු ඇතුලට ..."


"ඇත්තටම චතුරි මේ හොටෙල් එක හරිම ලස්සනයි ...ඔයාට ගොඩක් වියදම් යන්න ඇති නේද මේක බුක් කරන්න...? ස්ට්ව් කොළඹ තරු පහේ හෝටලය දැක පුදුම වි ඇසීය.


"ඔයා ඉස්සෙල්ලාම නේ අපේ ,මගේ රටට ආවේ, මම ඔයාගොල්ලන්ට හොදට සලකන්න ඕනෙනේ...කොහොමත් ඇන්ජලයි ටෙරියි, ඒගොල්ලන්ගෙ රූම් වලට ගෙවනවා කිව්වා, ඒනිස අපි දෙන්නගෙ රූම් වලට විතරයි මට ගෙවන්න උනේ..."


"හරිම මහන්සියි චතුරි අපි ඉක්මනට රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන, මොනවා හරි කාලා නිදාගමු....


"තැන්ක්ස් චතුරි ,අපිව මේ වගේ ලස්සන ෆයිස්ටා හෝටලයකට එක්ක ආවාට...ආපුගමන්ම හිතට ලොකු සතුටක් දැනෙනවා....


"එහෙනම් අපි රූම් වලට යමු ඇන්ජලා ,හෙට උදේ අපි බ්‍රෙරෙක්ෆස්ට් වලට රෙස්ටුරන්ට් එකේදි හම්බ වෙමු....හෙට දවසම ඔය දෙන්නට පූල් එකේ, බීච් එකේ බැහැලා එන්ජෝයි කරන්න පුලුවන් ...."


"හොදයි එහෙනම් ගුඩ් නයිට් ස්ටිව්, චතුරි ..."


ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට එනකම් කිසිත් අමාරුවක් නැතුව පැමිනි අපි, කොළඹ තරු පහේ හෝටලයක ලැගුම් ගැනිීම මගේ හිතටද සතුටක් ඇතිකර ඇත.... වැඩියම මා සමග පැමිණි විදේශිකයන් වන ඇන්ජලා ,ටෙරික් හා ස්ටීව්ට හොද පහසුකම් ඇති තැනක නවාතැන් දීමට හැකි වීම ලොකු දෙයකි....


පසු දින උදේ කෑම කන්නට අපි හතර දෙනා, හෝටලයේ බෝජ්නාගාරයට ගිය විට, බෆේ ක්‍රමයට තිබුන හෝටලේ දිග, කෑම මේසය දැක, ඇන්ජලා ටෙරික් වගේම ස්ටිව්ද පුදුමයට පත් වි ඇත....මෙතරම් විවිධ කෑම ගොඩක් , හෝටලයේ උදේ කෑම වෙනුවෙන් සකසා තිබීම, ඔවුන්ට පුදුමයක් විය.......සාමාන්‍යයෙන් උදේට, සීරීයල්, සැන්විච් එකක් වැනි බොහෝම සුළු ආහාරයක් ගන්නා මගේ ඔස්ට්‍රේලියානු යහළුවන්ට මේ තියෙන කෑම ගොඩ පුදුමයක් වු ගානය.....


"චතුරි මේ මොනවද,? අරක මොනවද...? මේවා කන්නෙ කොහොමද ...?


බෆේ ක්‍රමයට තිබු, කෑම මේසයේ, සිංහල කෑම වර්ග වන ඉදිආප්ප ,පිට්ටු, ආප්ප, කිරිබත් ,කොළ කැඳ, රෝටි වගේ කෑම, විදේශිකයන් උන ඔවුන්ට විශේෂ අමුතුම කෑම විය..... ඔවුන් ඒවා සුළු වශයෙන් රස බැලු අතර, වාසනාවකට සිංහල කෑම වලට අමතරව විදේශීය ක්‍රමයට තිබු, පාන්, චීස් බිත්තර , බේකන්, සැලඩ් කෝන්ෆ්ලෙක්ස්, ඇපල්, ඔරෙන්ජ් ජූස් ආදි කෑම වර්ග, ස්ට්ව් ,ඇන්ජලා හා ටෙරික් බොහෝම ආසාවෙන් උදේ ආහාරය සඳහා ගත්තේය.


උදේ ආහාරය ගෙන ඉවර වෙන විට, මගේ අම්මා තාත්තා, අය්යා හා නංගි හෝටලයට අප දකින්න පැමින සිටියේ, රෝස මල් පොකුරු දෙකක්ද රැගෙනය. එයින් එකක් මටය, අනෙක ඇන්ජලාටය.


ඔවුන් පැමිණ සිටියේ, මම අඳුනන, ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට එන්න ප්‍රථම ඇන්ජලාගෙ දරුවාගේ වැඩේ ගැන අපි කතා කරපු කීර්ති අය්යා සමඟය....ඒ මගේ අනුදැනුම මත උන දෙයකි.... ඔහු අපේ පවුලේ හොද කිට්ටු ඥාතියෙක්ද වෙයි.


"චතුරි නංගි ඔයා අර මට කිව්ව ගෑනු ළමයා ගැන මම හොයලා බැලුවා, අපි වෙඩින් එක ඉවර වෙලා ඒ ගැන කතා කරමු නේද...?


"ඔව් කීරිති අය්යේ, ඕවා අපේ අම්මලාට කියන්න ඕනෙ නෑ....අපි මේක රහසක් විදිහට තියාගෙන කරමු...".


ඔහුට මම ඔස්ට්‍රේලියාවේ සිටියදී කතා කර වේලාසන දැනුම් දුන් ඇන්ජලාගෙ අවශ්‍ය තාවය ගැන ඔහු හොයා බලා ඇති බව කීවේය.... . පසු දිනට තිබෙන අපේ මංගල උත්සවයේ කටයුතු ඉවර උනාට පසු , ඔහු ඒ ගැන කතා කරමු කියා කිව් බැවින් අද දින අපි ඒ ගැන කතා නොකෙරුවෙමු.... අපි ඇන්ජලාගෙ වැඩය ගොඩක් රහසිගතව කරන්න හිතාගෙන ඉන්නෙමු.


"ලොකු දුවේ, ...අපි ඔයාට හෙට හෝම්කමින් එකට අදින්න ලෑස්ති කරපු සාරිය හැට්ටය එහෙම ගෙනාවා, ඔයා ඒක ඇදලා බැලුවොත් හොදයි නේද...? වෙඩින් එකේ වැඩේ, ඔයා කියපු විදිහට මංගල උත්සව කරන කට්ටියකටම භාර දුන්න නිසා, අපට හරි ලේසියි....ගෙදරින් ඇදපැලැද ගෙන එන්න විතරයි තියෙන්නේ ......"


"ඔව් අම්මේ..... මට සාරිය අන්දන කෙනත් හෙට හොටෙල් එකටම එන එක මට හරි ලේසියි ..."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page