top of page

🌏කොන්ත්‍රාත්තුව🌏

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 9, 2021
  • 5 min read

(12 වෙනි කොටස )


අවුරුදු ගානක් පෙරුම් පුරමින් බලා සිටි මගේ නීත්‍යානුකූල විවාහය,.... මගේ අම්මා තාත්තා, නෑදෑයෝ හා යාළුවො කිසිත් ලඟ නැතුව,.... ස්ටීව්ගෙ දික්කසාද වි සිටින දෙමව්පියන් හා ඔහුගෙ නංගි, මල්ලිලාත්, ලඟම යාළුවන් සමඟ, අපේ මංගල්‍යය බොහෝම සුළුවෙන්, කතෝලික පල්ලියක ඒ චාරිතානුකූලව සිද්ධ විය....

සියල්ල අවසානයේ, ඔස්ට්‍රේලියානු ජාතික ස්ටීව්ව, මම මගේ නීත්‍යානුකූල සැමියා බවට පත් කරගත්තෙමි..... ඒ ගැන මට ඇත්තේ කියාගත නොහැකි සතුටකී.....


ස්ටිව්ගෙ දෙමව්පියන් විවාහ උන ඔහුගේ ගමේ පල්ලියේම, අපේ විවාහයද ඒ චාරිත්‍රානුකූලවම ඉතා සුළුවෙන් නිම කෙරුවෙමු.


ඔස්ට්‍රේලියානු ජාතික ස්ටීව්ගෙ නීත්‍යානුකූල බිරිඳ උන සතුටින් මගේ හිත සතුටින් පිරි ගොස් ඇත...මම ඔහුව ආදරෙන් සිප ගත්තේ ඔහුගෙ නෑදැයින් සැවොම ඉදිරිපිටය. ස්ට්ව්ගෙ මව මට ආදරෙන් සුභ පතා මගෙ මුහුණ සිප ගත්තාය. ඔහුගෙ නංගි හා මල්ලිලාත් නෑදෑයෝත් ,යාළුවෝත් අපව සිප ගෙන සුභ පැතීය.


පල්ලියේ විවාහ කටයුතු අහවර උන පසු, අපේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සහභාගි උන පනහක් පමන ආරාධිතයන්ට ස්ටීව්ගෙ ගමේ ක්ලබ් එකේ, රාත්‍රී බෝජන සංග්‍රහය අපි ලෑස්ති කර තිබුනි...... ඒ අනුව, හවස පල්ලියේ විවාහ කටයුතු වෙනුවෙන් සහභාගි උන හැමෝම, සතුටින් අප සමඟ අපේ විශේෂ අවස්තාව සමරන්න ක්ලබ් එකට එක් විය.

"අද චතුරි හරිම ලස්සනයි ...ඒ වගේම හරිම සතූටින් ඉන්නේ..."


"ඔව් මට අද හරිම සතුටුයි ....දැන් මටත් කියන්න මගේම නීත්‍යානුකූල විවාහ කරගත් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවානේ.....දැන් මට ඕන කෙනෙක්ට ස්ටීව් මගේ හස්බන්ඩ් කියලා බය නැතුව අදුන්නලා දෙන්න පුලුවන්.....ඉස්සර ස්ටීව්ව මම කාටහරි අදුන්නලා දුන්නේ, මේ මගේ පාර්ට්නර් කියලානේ....කසාඳ නොබැඳ එක ගෙදර හිටිය එයාව, එහෙම අදුන්නලා දෙන කොට, මට තිබුනේ ලැජ්ජාවක් වගේ හැඟීමක්...ඒ මම ලංකාවේ හැදුන කෙනෙක් නිසා වෙන්න ඇති.....ඒත් දැන් ඉතිං මට ගොඩක් සතුටුයි, මට හස්බන්ඩ් කෙනෙක් ඉන්න නිසා..."


"දැන් කවද්ද ඔයගොල්ලෝ ලංකාවට යන්නේ...? ,


"ඔයාගෙ අම්මලා එහෙ ලොකු වෙඩින් එකක් එරෙන්ජ් කරලලු නේද..?


"ඇන්ජලා ටෙරිත් ලංකාවට යනවලු නේද..?


"අපට කිව්ව නම් අපිත් එනවනේ..."


එසේ කියමින් අපේ මංගල්‍යයට ආ අපේ ඔස්ට්‍රේලියානු

යාලුවො, ස්ට්ව්ගෙ නෑදැයෝ හැමෝම අපට සුභ පැතුහ.


"ඔයගොල්ලෝ දැන් කොහේද හනිමුන් යන්නෙ චතුරි ...?


"අද රෑට අපි මේ ලඟ පොඩි ෆාර්ම් හවුස්, ගෙස්ට් හවුස් එකක ඉන්නවා...... එන සුමානෙ ලංකාවට ගිහින්, එහේ වෙඩින් එක ඉවර උනාට පස්සෙ , අපි ලංකාව වටේ හනිමුන් එක යන්න තමයි හිතාගෙන ඉන්නේ...."


"ශා නියමයිනේ...


" අනේ චතුරි මට නම් දැන් එන සුමානෙ ලංකාවට යනකම් ඉවසිල්ලක් නෑ...."


"මම දන්නවා ඇන්ජලා ....ඔයාට ලංකාව බලාගන්න තියෙන ආසාව වගේම, ඔයාගොල්ලන්ගෙ දරුවගෙ වැඩෙත් කරගන්න ආසාවෙන්නෙ ඔයා ඉන්නේ...."


" ඔව් චතුරි ....ඔයා අර ඔයාගෙ ගාමන්ට් ෆැක්ටෙරි එකේ වැඩ කරන අය්යට කිව්වද, අර ගර්ල් කෙනෙක් හොයාගන්න වැඩේ...."


"මම දෙතුන් පාරක් මතක් කලා.... එයාටත් ගානක් දෙන්නම් කිව්වා, කාව හරි හොයලා දුන්නොත් ....ඒත් එයත් කියන්නේ, මේක ලොකු වගකීමක් තියෙන වැඩක් කියලා ......ඒ නිසා එයා උත්සහ කරන්නම් කිව්වා...."


"ඒක හොදයි , අපි ඒ ඔයාගෙ අය්යටත් සල්ලි කීයක් හරි දෙමු මේ වැඩේ කරගන්න උදව් කලොත්...මම දෙන්න ඉන්න ලක්ශ සීයෙන්,පහක් කීර්තිට දෙන්නම්, තව පහක් මේ වැඩේ කරන හොස්පිටල් එකට දෙන්න තියාගන්නම්....එතකොට ලක්ශ 90 ක් අපි හොයාගන්න ඉන්න ගෑනු ළමයට දෙමු...ලැබ් එකේ ගාන වැඩි උනොත් මම ඒකත් දෙන්නම්...."


"සල්ලි කීයක් හරි දෙනවා කිව්වොත් නම්, ඕන කෙනෙක් උදව් කරන්න කැමතියි තමයි ....ඒකයි එයා කතා කරපු වෙලෙත් මම එයාට එහෙම කිව්වේ.....අපි බලමු..."


ඔස්ට්‍රේලියාවේ පල්ලියක, කතෝලික ක්‍රමයට සුළුවෙන් සිද්ද උන අපේ නීත්‍යානුකූල විවාහයෙන් පසු , ස්ටිව් සහ මම, ලංකාවට යන්න බොහෝම කළබලේ ලෑස්ති උනෙමු. අපි අපට අලුත් ඇදුම් වගේම ගෙදර අයට, නෑදෑයින්ට, යාළුවන්ටත් සුළුවෙන් හෝ පොඩි පොඩි තෑගි ගෙනයන්න ගන්නද අමතක නොකෙරුවෙමු .


"මට ලංකාවට යනකම් ඉවසිල්ලක් නෑ චතුරි ...මම අහලා තියෙනවා ,ලංකාව කියන්නේ බොහෝම පොඩි, ලස්සන දූපතක් කියලා , ලංකාවේ විවිධ පලාත් වල විවිධ දේශගුනයන් තියෙනවා කියලත් මම අහලා තියෙනවා, ඒ කියන්නේ උතුරට, නැගෙනහිරට ගියොත් ගොඩක් රස්සෙ දේශගුනයකුත්, රට මැද කදුකර ප්‍රදේශ වලට ගියොත් තව සීතල දේශගුනයකුත්, දකුණ ඌව පලාත්වලට ගිහාම තව දේශගුනයකුත් තියෙනවලු නේද...?


"ඔව්...අපේ රටේ දේශගුනය පලාතෙන් පලාතට වෙනස්....උතුරු නැගෙනහිර යාපනය, මඩකලපුව ,වව්නියාව වැනි පැති හරි රස්නෙයි, කන්ද උඩරට, නුවරඑළියේ ,බදුල්ල බන්ඩාරවෙළ ගොඩක් සීතලයි....එතකොට දකුණ, කොළඹ කළුතර තව දේශගුනයක්.....අපි ඉන්න මේ බටහිර රටවල මාස තුනෙන් තුනට වෙනස් වන දේශගුනය ,ලංකාවේ විවිධ ප්‍රදේශ වල එකම දවසේ දැක ගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ.......එහෙ තියෙන දෙශගුනයන් ඔය ගොල්ලන්ට දැන් එහෙ ගිහාම බලාගන්න බැරියෑ...


"එතකොට දැන් අපේ අර වැඩේ වෙන්නේ කොහොමද චතුරි ..?


ඇන්ජලාගෙ හිතේ තියෙන්නෙම, ලංකාවට ගොස් ඇගේ දරුවාගෙ වැඩේකර ගන්න ආසාවමයි.


" මේ වෙඩින් එකේ වැඩෙත් එක්ක මම ඒවා ගැනත් බලලා ලෑස්ති කරලා තියෙන්නේ, ලංකාවට ගිහින්ම අපි ඒවා ගැන බලමු ඇන්ජලා ..... "


සියල්ල අවසානයේ ඔස්ට්‍රේලියාවේදී නීත්‍යානුකූලව විවාහ දිවියට ආ මමත් ස්ටීවෝත්, මගේ දෙමව්පියන් බැලීමට වගේම, සිංහල තාලෙට, අපේ දෙවන ගමනේ විවාහ උත්සවය ගන්න, ශ්‍රී ලංකාව බලා යෑමට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන් තොටුපොළට ගියේ බොහෝම සතුටිනි..... අප දෙදෙනා සමඟ ඇන්ජලා හා ටෙරික්ද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට, අප සමග මේ ගමනට සහභාගි උනේ, බොහෝම කැමැත්තෙනි.


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට, පැය අටහමාරක ගුවන් ගමනකින් පසු, අපි සිංගප්පූරුවේ ගුවන් තොටුපොළට පැමිනියේ, එකදිගට ගුවන් යානාවේ වාඩිවී ආ තෙහෙට්ටුවත් සමගය.


එහි ආ අපට සිංගප්පූරු ගුවන් තොටුපොළේ තව පැය තුනක කාලයක් නැවති සිටින්න සිදු වුනේ, සිංගප්පූරුවේ සිට කොළඹ බලා යෑමට නියමිත ගුවන් යානාව ලෑස්ති වෙනතුරුය.


සිංගප්පූරු ගුවන් තොටුපොලේ පැය තුනක කාලයක් ගත කරන්න සිදුවුන අපි හතර දෙනාට එය සතුටු පිරි, නිදහස් පැය තුනක ගමනක් විය....


"අපි සිංගප්පූරු එයර්පෝට් එකෙන් ශොපින් කරමු....මට හොද සිංගප්පූරු රෙස්ටුරන්ට් එකකින් දවල්ට කෑම කන්නත් ඕනේ...."


ඇන්ජලා පොඩි දරුවෙක් වගේ බොහෝම ආසාවෙන් ටෙරික්ගෙ අතේ එල්ලී සිංගප්පූරු ගුවන් තොටුපලේ , කඩ සාප්පු ගානේ එහෙ මෙහෙ ඇවිදමින් යන්නෙ සතුටිනි.....

දසත දිදුලන ,දිලිසෙන විදුලි බුබුලු යට, සුන්දර විසිතුරු, නොයෙකුත් ආකාරයේ කඩ සාප්පු ඇති, ඉමක් කොනක් නොපෙනෙන සිංගප්පූරු ගුවන්තොටුපළ තුල එහෙමෙහ් ඇවිදමින් ගත කරන්න ලැබුනු පැය තුනක කාලය බොහෝ සැහැල්ලුවෙන් අපි හතර දෙනා එහි ඇතුලත් ඇවිද ගියෙමු.


මේ ගමන ඔවුන්ට සතුටුදායක ගමනක් උනාට, ඔස්ට්‍රේලියානු ජාතිකයන් උන ඔවුන් තුන් දෙනා සමග, මගේ මව් රටට යන්න ඉන්න මගේ හිත බොහෝ කැළබීමකට පත්ව ඇත.... මම බොහෝ වගකීම් ගොඩකින් බැදී ඇති බවක් මට දැනේ.....


විදේශීකයන් වන මොවුන් තුන්දෙනාගේ ආරක්ශාව ලංකාව තුලදී මම උපරිමයෙන්ම දිය යුතුය ....ඊට අමතරව ඇන්ජලා හා ටෙරික්, ලංකාවට අපිත් එක්ක යන්න ආ ගමනෙ ඇතුලත ඇති බරපතළ හේතුව, අදහස ගැන සිතමින් මම නිතර කල් යැව්වෙ හිත ඇතුලේ ඇති සැකය, බය, අවිනිශ්චිත හැඟීමත් සමගමය......


"ඇයි චතුරි ඔයා ලොකු කල්පනාවක....ප්‍රශ්නයක්ද...?


"නෑ ස්ට්ව් අපි දෙන්නා විතරක් නෙමේනේ...ඇන්ජලා ටෙරික් ආව නිසා, මට ලොකු වගකීමක් තියෙන්නේ.... විදේශිකයන් උන ඒ දෙන්නව හොටෙල් එකක නවත්තන්න ඕනේ, ලංකාව වටේ එක්ක යන්න ඕනේ....ඒ මදිවට ඇන්ජලා බලාපොරොත්තුවෙන් ඉන්න ගෑනු කෙනා හොයලා දෙන්නත් ඕනෙ....ඒ දෙන්නා ලංකාවට යන්නෙම ඇන්ජලාගෙ වැඩේ කර ගන්නනේ...."


"එතකොට චතුරි , දැන් මොකද වෙන්නේ ඇන්ජලාගෙ වැඩේ.....ඔයා ඒවා ලෑස්ති කලාද...?


"ලංකාවේ ඉන්න අර මම දන්න ඩොක්ටර් එක්ක ගොඩක් දේවල් මම කතා කරගෙන ආවේ.... විශ්වාස වන්ත හොද ගෑනු ළමෙක් හම්බුන ගමන්, IVF එක කරගන්න පුලුවන් කියලා එයා කිව්වා. හැබැයි අපි ලංකාවට ආව ගමන්, ඇන්ජලාවයි, ටෙරික් වයි හොස්පිටල් එකට එක්ක එන්න කිව්වා, අර පරීක්ෂනාගාරය තුල හදා ගන්න ඕන කලලයට අවශ්‍ය බීජ් ගන්න....ඒවා පරීක්ෂනාගාරය තුල හැදෙන අතර අපි ඉක්මනට ගෑනු ළමයෙක් හොයා ගන්නත් ඕනේ.... මේ ඔක්කොම දේවල් ලෑස්ති කරන අස්සෙ අපේ වෙඩින් එකේ වැඩෙත් නිසා, මගෙ ඔළුවට හරි කරදරයි...ඒකයි මම කල්පනා කර කර හිටියේ...."


"අපේ වෙඩින් එකට වඩා, ඇන්ජලාගේ වැඩේ මගේ හිතටත් බරක් චතුරි ...ඒ ගොල්ලෝ සැහැල්ලුවට හිතුවට ගර්ල් කෙනෙක් මේ වැඩේට හොයාගන්න බැරි උනොත් ඒ දෙන්නා අප්සෙට් යයි....."


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට සිංගප්පූරුවට පැමින, එහිසිටි පැය තුනක කාලයත් සමග, එතනින් ලංකාවට පැමිනිමට අපට ඔක්කොම පැය පහලොවක පමන කාලයක් ගත විය. ඒ වගේම ඒ ගමන ඉතා තෙහෙට්ටු දායක ගමනක්ද විය.


"අපි දැන්, එයර්පෝට් එකේ ඉදන් කොහාටද යන්නේ චතුරි , ....?


"අපි කෙලින්ම අපි නවතින හොටෙල් එකට යමු.....හොදටම රෑවෙලා...බඩගිනියි නේද...?"


"අපි හොටෙල් එකට ගිහින් මොනව හරි ඕර්ඩර් කරගෙන කමු...."


"එතකොට අපි කවද්ද ඔයගොල්ලන්ගෙ ගෙදර යන්නේ චතුරි ....?


"හෙට අපේ අම්මලා අපිව බලන්න හොටෙල් එකට එයි...සෙනසුරාදා අපේ වෙඩින් එකෙන් පස්සෙ අපි ගෙදර ගිහින් එමු..... දවස් දෙක තුනක් කොළඹ ඉදලා ඊට පස්සේ අපි නුවර, නුවරඑළි පැත්තෙ රවුමක් යමු.....සුමාන දෙකකින් ඇන්ජලයි, ටෙරියි ආපහු ඔස්ට්‍රේලියාවේ යන නිසා, අපි ටිකක් ඉක්මනට ඒගොල්ලන්ගෙ වැඩෙත් බලමු....ඊට පස්සෙ ඒගොල්ලෝ ගියාට පස්සෙ අපි අපේ නෑදෑ ගෙවල් වල , යාළුවන්ග් ගෙවල් වල, ලොකු ට්‍රිප් එකක් එහෙම යමු.....එහෙම හොදයි නේද සටීව්...?"


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page