top of page

*කිතුල්පිටි කැද*

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • May 23, 2020
  • 1 min read

මම උදේට බොන්න හදන කිතුල් පිටි කැද, කුරක්කන් පිට් කැද , පොල්කිරි බත් කැද, හා කොළ කැද හදන්න ගන්නේ , බත් වෙනුවට රෝල් ඕට්ස් විතරයි . රෝල් ඕට්ස් සුදුලූනු බික් තුනක් වතුර එකතු කරලා හොදට තැම්බෙන්න තියෙනවා. ඒකට හීනියට කපාගත් කරපිංචා අහුරකුත් එකතු කරනවා. වැඩි වේලාවක් නොයා ඒය ඉක්මනටම තැම්බෙයි. තෙල් තේ හැන්දක් ඒ කියන්නේ බොහොම ටිකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට එයට අබ ඇට ටිකක් දමා, හීනියට කපාගත් බීලූනු ටිකක්ද එකතු කර බැදුන විට එය මුලින් තම්බාගත් ඕට්ස් මිශ්‍රණයට එකතු කරන්න. පසුව කිතුල්පිටි හෝ කුරක්කන් පිටි මේස හැදි දෙකක් වතුරේ දියකර එය ඕට්ස් මිශ්‍රණයට එකතු කරන්න. අවශ්‍ය පමන ලුනුද එකතු කර හැදි ගා එයට පොල්කිරි කෝප්පයක් එකතු කර නටවා උනුවෙන්ම බීමට ගන්න. . හරි ඉක්මනටම ගුනවත් කැදක් මම උදේට බොන්න හදාගන්නේ එහෙමයි.



 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page