*එතෙරින් එතරට**
- Prisila Godahewa

- Jun 1, 2020
- 5 min read
Updated: Jun 3, 2020
(35 වෙනි කොටස)
"විසල්…..බහින්න, අපි ටිකක් ගිමන් ඇරලා තේ එකක් බීලා ආයෙත් යමු... .එක දිගටම වාහනය එලවලා මට මහන්සියි. තව 70km ක් විතර යන්න තියෙනවානේ…..අපි යන ගෙස්ට් හවුස් එකට. සුමුදු මට මගේ පුංච් කාලේ ඉස්කෝලේ යාලුවො කතා කරපු විදිහට අම්මා තාත්තා මට දමා තිබුනු නමින් කතා කරයි. මට ඒ නම නුපුරුදුය. නමුත් මම ඒ නමට කැමතියි .
ලොකු සිහිනයක හිටි මම ඇහැරුනේ සුමුදු ගේ කටහඩින්නි…..
"මේ කොහේද අපි ඉන්නේ ?
" ඔයාට නින්ද ගිහින් කියලා හිතලා මම ඔයාට කතා කරේ නෑ......අපි එයර් පෝට් එකෙන් 25km විතර දුරක් රට ඇතුලට ආවා. "
"වෙලාව කීයද? හොදටම කලුවරයි. මේ පැත්ත හරි පාලුයි වගේ...
" ඔව්…..දැන් රෑ නමයටත් කිට්ටුයි. මේ හයිවේ එකක් නිසා මේ පැත්තේ ගෙවල් නෑ....දිගටම කැලෑව වගේ තියෙන්නේ.......මට බඩගිනියි අපි මොනව හරි කාලා තේ බොමු."
සුමුදු වාහනයේ ඩිකිය හැර සැන්ඩ්විච් පෙට්ටියක් සහ උනු වතුර දමන තේ බෝතලයක් එලියට ගත්තාය. වාහනේ ඇරපු ඩිකියේම ලග හිටගෙනම මට සැන්ඩ්විච් පෙට්ටිය ඇය ඇල්ලිය.
"කන්න… අපි බුක් කරපු ගෙස්ට් හවුස් එකට යන කොට තව ගොඩක් රෑ වෙයි."
"මට තේ එකක් විතරක් දෙන්න. දැන් ගොඩක් රෑ වෙලානේ….."
"ඔයාට පිස්සුද… දැන් ඔයා පන්සලෙන් එලියට ඇවිත් සිවුරුත් හැරලා ඉන්නේ.. දැන් ඉදන් සාමාන්‍ය ගිහියෙක් විදිහට අපි කන බොන වෙලාවටම කන්න බොන්න ඕනි…".සුමුදුට කේන්ති ගිය ලෙසක් පෙනේ… ඇය කේන්ති ගැස්සීමට ඇති අකමැත්ත නිසා මම ඇය දිගුකල පෙට්ටියට අත දැමීය.
මම පෙට්ටියේ තිබුන මාලු දා හදන ලද පාන් පෙත්තක් අතට ගත්තේ සුමුදුට කේන්ති ගොස් මට බනියි කියා සිතුන නිසයි .
අවුරුදු 24 ක් පුරා ගෙවුනු පැවිදි ජීවිතය තුල මෙතරම් රෑ ආහාර අනුබවය නොකල මම කොරියානු පන්සලේ සිටින කල හවස හයට පෙර රාත්‍රි ආහාරය ගත්තෙමි. කෙසේ නමුත් දැන් පන්සල ,පැවිදි ජීවිතය අමතක කර මම ගිහියකු ලෙස ජීවත් විය යුතුයි. පන්සල් ජීවිතය අද මෙතැන සිට අමතක කර දැමිය යුතු යැයි මම සිතට ගත්තෙමි.
"තව සැන්ඩ්විච් එකක් ගන්න ..මේක තමයි අපේ ඩිනර් එක….තව පාන් පෙත්තක් කන ගමන සුමුදු මගේ ලගට පැමින මගේ බද වටේ අත දමාගෙන මට තුරුලු විය.
අවට මුලු පරිසරය පුරාම ඇත්තේ දැඩි නිහඩ කලුවරකි. අදිවේගී මාර්ගයක අයිනේ පැත්තකට වෙන්න මහන්සිය නිවා ගන්නට තිබුනු වීවේක ස්තානයේ වෙන කවුරුත් නැත. ඉද හිට අදීවේගී මාර්ගයේ වේගයෙන් යන වාහන වල එලිය අපි සිටින පැත්තටද වැටේ.
"අයියෝ…. ඔයා හරි බෝරින් නේ...එසේ කියා සුමුදු මගේ අත ඇගේ කරවටට උස්සා දමා ගත්තාය. ඇයට රිසිලෙස කිසි කතාබහක් නැතුව මම අත එලෙසම තියාගෙන අනිත් අතින් පාන් පෙත්ත කැවෙමි.
"ඔයාට තේ දාන්නද කෝප්පෙට..?
"හා දාන්න.."
පාන් කා තේ බිව් අපි නැවත ගමන් ආරංභ කලෙමු.
"මම වාහනය එලවන්නද? ඔයාට මහන්සි ඇති නේ......
මම එසේ ඇසු කල සුමුදු පුදුමයෙන් වගේ මාදෙස බැලීය.
"ඔව්..මම කොරියාවේ ඉන්න කොට ඩ්‍රයිව් කලා. මට හොදට පුලුවන් ඩ්‍රයිව් කරන්න .මට ඉන්ටර්නැෂනල් ලයිසන් තියෙනවා......".
"හානේ...මම දන්නෑනේ… ඒක කොච්චර හොදද....කමක් නෑ අද ඔයා විවේක ගන්නකෝ... .මම ම අද එලවන්නම්...
පාන් කා තේ බිව් අපි නැවත ගමන් ආරංභ කලෙමු. සුමුදු වාහනය නැවත එලවයි.. අප දෙදෙනා පරන ආගිය තොරුතුරු කතා කරමින් ගියෙමු . වාහනය වාහනය දිගටම වේගයෙන් යයි. සුමුදු හොද රියදුරෙකු යැයි මට සිතේ.
"දැන් ලගයි අපි යන ගෙස්ට් හවුස් එකට….
"ගොඩක් ලොකු කැලෑ පාරක් වගේ නේද මේ හරිය…?
ඔව් කැලෑව ඇතුලට වෙන්න මේ ගෙස්ට් හවුස් එක තියෙන්නේ….එක අපට හොදයිනේ...බය නැතුව නිදහසේ ඉන්න පුලුවන් නිසා . අපිව අදුනන කවුරුත් මේ පැත්තේ නැතුව ඇති"
.
වාහනය පරන ලොකු ගෙයක් වැනි ගෙස්ට් හවුස් එකේ ඉදිරිපිට නැවත්තූහ. එයින් අපි බැස ගත් කල දැරිය නොහැකි ශීතලක් ඇගට දැනිනි. සුමුදු මාවත් අඩගහගෙන වහා එහි ඇතුලට ගොස් ඇතුල්වීමේ කවුන්ටරය ලග සිටි සුදු ජාතික තරුණ සේසේවීකාව ඇමතූහ. ඇය ඉතා චතුර ලෙස ඉංගිරිසියෙන් කතා කරයි. සේවිකාව ඇගේ අතට කාමරයේ යතුර දී ඒ ලග තිබුන කොරිඩෝව දීගේ අප සමග කාමරය පෙන්වීමට යන්න ආවාය.
ගෙස්ට් හවුස් එකේ කාමරයේ දොර හැර දුන් ඇය කාමරයේ ඇතුලත ඇති දෑ පෙන්විය. ඇය ගිය පසු අපි කාමරයට ඇතිල්විය.
පරන තාලේ සීමිත බඩුමුට්ටු ප්‍රමාණයක් ඇති එම විශාල කාමරය එලියට වඩා හොදින් රත්වී තිබුනි. එලියේ ඇති සීතලයෙන් මිදෙන්න ලැබුන එක ගැන මට සතුටු සිතිනි.
මම කාමරයට ඇතුල් වු හැටියේ ගියේ විශාල කාමරයේ තිබුන විශාල වීදුරු ජනේලය ලගටයි. එතනට ගොස් එලිය බැලූ කල මට, ඈත දිගු නිම්නයක් පේන තෙක් මානයකට විහිදි ඇති ආකාරය සදරැස් එලියෙන් පෙනුනි.පේනතේක් මානයක ගෙවල් දොරවල් වල එලියක් පේන්න නැති හිස් බිමේ ඇති දෑ කලුවරට නොපෙනුනත් පුදුම සැහැල්ලු පරිසරයක අපි නවතින්න විත් තියෙන බව නම් වැටහේ.
"ඔයා එහෙනම් ඔතන එලිය
බලාගෙන ඉන්න කම් මම වොශ් එකක් දාගෙන එන්නම් "
එසේ කියාගෙ සුමුදු , ඇය ගෙනා ඇදුම් බෑගය එහෙ මෙහේ පෙරලා හොයා ගත් ඇදුමකුත් රැගෙන බාත් රූම් එකට ගියාය.
" ආ.....ඔව්...ඔයා හෝදගෙන එන්න."
ජනේලයෙන් පිටත බලාගෙනම මම කිවේ ....ඈත එලියේ ඇති චමත්කාරයෙන් දෑස් අහකට ගන්නට අකමැත්තෙනි. ඒතරමට මන්ස්කාන්ත සදරැස් එලියෙන් පාලු හිස් බිම ඕන තරම් වෙලාවක් බලා සිටිය හැකි දසුනකි. ඈත අහස පුරාවට වීහිදි ඇති පුංච් පුංචි තාරුකා එලි කෙතරම් නම් ලස්සනද..
" එහෙනම් ඔයත් හෝදගෙන එන්න….මම තේ එකක් හදනකම් " ඔන්න ඔයාගේ පිජාමා සූට් එක ඔය.. ඇද උඩ හෝදගෙන ඇදගන්න."
සුමුදු පොඩි ළමයෙකුට වගේ හැම දේකටම මට උපදෙස් දෙයි. ඇය කියන කියන දෙය මම කරන්නෙත් පොඩි ළමයෙක් ගානටය.
බාත් රූම් එකෙන් එලියට ආ සුමුදු ඉතා දුහුල් රෝස පාට රෑට අදින නයිටියක් ඇදගෙන කාමරයේ මේසය මත ඇති හීටරය වතුර දමා තේ හදන්න සැරසේ.
ඇය දෙස බැලූ මට විදුලි සැරයක් වැදුන ආකාරයක් දැනින. එසැනින් අහක බලා ගත් මම ඇද උඩ තිබුන, සුමුදු මට ඇගේ බෑගයේ දමා ගෙනවිත් තිබු පිජාමා සූට් එකත් රැගෙන බාත් රූම් එකට ගියෙමි.
සුමුදු පලවෙනි පාරට මෙලෙස දුහුල් ඇදුමක් ඇද සිටිනවා දුටු මගේ හිත ගැහෙන්න පටන් ගෙන ඇත. කියාගත් නොහැකි බයක්, චකිතයක් වගේම ආසාවකින් මගෙ ගත සිත දෙකම පිරි ඇතැයි සිතේ. වැඩි වේලාවක් නොගෙනෙම ඇගපත් හෝදගෙන බාත් රූම් එකෙන් එලියට එනවිට සුමුදු කෝප්ප දෙකකට උනුසුම් කෝපි සාදා තිබුනි.
කාමරයේ තිබුනු සැර විදුලි පහන නිවා දමා ඇද ලග තිබුනු මේස ලාම්පුව පමනක් දැල්වේ. කාමරය පුරාවටම ඇත්තේ මලානික එලියකි. එම එලිය නිසා මගේ හිත තව ගැස්සෙන්නට විය.
"ආ...බොන්න ..මම කෝපි හැදුවා….."
මගේ අතට එක කෝප්පයක් දුන් සුමුදු අනෙක් අතින් මගේ ඉනවටා ඇගේ අත දමාගෙන මාව විශාල ජනේලය ලගට කැදවාගෙන ගොස් එතන තිබුන පුටු දෙකින් එකක වාඩි කරවුයේය. ඇය පුටු ඇන්ද උඩ වාඩිවී මගේ ඇගට බරවී ඉදගෙන හෙමිහිට කෝපි කෝප්පය තොල ගාන්නට විය. මගේ ඇගට බරවුනු ඇගේ ශරීරයේ ඇති උනුසුම ඇගේ දුහුල් ඇදුම යටින් මගේ ඇගට දැනෙන්නට විය.
" ලස්සන තැනක් නේද?...
"හ්ම්….
"අපි හෙට අර පේන මිටියාවතේ ඇවිදින්න යමු….
"හා…ඒක නම් හොද අදහස.....
"මේ පැත්තේ අපි අදුනන කවුරුත් නෑ...ඒ හින්දා බයවෙන්න දෙයක් නෑ.. .…
" අපි කවද්ද ලංකාවට යන්නේ …?
හෙට නෙමේ අනිද්දා රැට"
"මම අවුරුදු දොලහකින් විතර ලංකාවට ගිහින් නෑ…."
"ඒක තමයි මම ලංකාවට යන්න දාගත්තේ..... අපි ඒ ගිහාම ඔයා කාලෙකින් ලංකාවේ ගිහින් නැති පැති වල ඇවිදමු"
සුමුදු කෝපි කෝප්පය බී අසල තිබුන පොඩි ස්ටූලය උඩින් ඇගේ කෝප්පය තබා, මගේ අතේ බී ඉවර වුන කෝප්පයද ගෙන ඒ උඩින්ම තීය.
හීන් එලිය ඇති කාමරයේ අදුර නිසා, ජනේලයෙන් එලියේ ඇති අදුර මැකී ඒ අවට ඇති නිදහස් සැහැල්ලු මිටියාවත හද එලියෙන් හොදින්ම පෙනෙයි.
සුමුදු මගේ ඇගට තදින්ම තෙරපී හිදගෙන මගේ උරහිස උඩින් අත් දෙක දමාගෙන මගේ බෙල්ලේ පිටිපස උඩින් ඇගේ මුව තියාගෙන හිදී. ඇගේ ඇගේ ඇති උනුසුමට මට හිතා ගන්න බැරි විදිහේ හැගීම් රාශියක් ගොනුවී තෙරපෙන්න පටන් ගත් විට මම ඇයගේ පැත්තට හැරි ඇගේ ඉන වටා අත දමාගත්තෙමි.
"අපි නිදා ගන්න යමු"
සුමුදු හීන් හඩින් මුමුනන්න විය. වාඩි වී සිටි පුටුවෙන් නැගිසිටි මම ඇයත් තුරුලු කරගෙන සයනය වෙත ගොස් ඇයත් සමග එහි සැතපුනේ මේස ලාම්පුවේ එලිය නිවා දමමිනි.
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments