**එතෙරින් එතරට **
- Prisila Godahewa

- May 20, 2020
- 6 min read
(24 වෙනි කොටස )
එහෙන් මෙහෙන් එලිය වැටීගෙන එනවිට පාරේ බුදියගෙන හිටි මම, එතනින් නැගිට ගත්තේ පාරේ මිනිසුන් එහේ මෙහේ යන්න පටන් ගන්න ඉස්සරමයි. මගේ ඝනකම් පොරොවනය නැවත ඔතා බෑගයට දමා ගත්තෙමි. දැන් දැන් මිනිසුන් වැඩරාජකාරී සදහා එහෙ මෙහේ යන්න පටන් ගෙන ඇත. වැසිකිලියට යන්න, මුහුන කට සෝදාගන්න අවශ්‍ය තාවය උවමනාව තිබුනත් අවට තිබෙන සාප්පු සංකිර්ණය අරින තුරු ඉවසිය යුතුයි. පාරේ තිබුන බංකුවක් උඩ වාඩිවී එය අරින තුරු මම නොවිසිල්ලෙන් පසුවුනෙමි.
උදෑසන නමය පමන වනවිට සාප්පු සංකිර්ණයේ දොරවල් එක දෙක ඇරෙන්න පටන් ගත්තාය. ඉන් පසු මම ඒ තුලට ගොස් මූනකට සොදා සියලු අවශ්‍ය තාවයන් ඉශ්ට කරගතිමි. පසුව එහි තුල තිබුනු කෑම කඩයකට ගොස් පැනි රස බනිස් ගෙඩි දෙකක් කෙසෙල් ගෙඩියක් සහ කිරි කෝප්පයක් ගෙන කා බිව්වේ උදේ සහ දවල් ආහාර දෙකටම කියා සිතා ගෙනය. මගේ අතේ ලංකාවෙන් ගෙනා මුදල් ඇත . නමුත් එය මා පරිස්සම් කරගෙන පාවිච්චි කල යුතුයි. මම මේ රටේ පිලිවෙලක් වෙනතෙක් මම මුදල් නාස්ති නොකර පාවිච් කල යුතුබව තරයේ හිතාගෙන හිටියෙමි.
උදේ ආහාරය ගෙන සාප්පු සංකිර්ණය තුල ඔහේ ඇවිද්දේ දැන් මොනවා කල යුතුදැයි නිනව්වක් නොමැතිවය. හදිසියේ සිහියට නැගුනේ මෙරටේ සිටිනවා යැයි කියපු ස්වාමීන් වහන්සේවයි. ඊයේ කතා කරගන්න බැරි උනත්, අයෙත් වතාවක් උත්සහ කර බැලිය යුතුයැයි සිතුනි. සාප්පු සංකිර්ණයේ දුරකතන පහසුකම් තිබෙන කඩයක් සොයා ගොස් එවැනි කඩයකට ගොඩවුනෙමි.
මම ඊයේ ලෙසම දුරකතන නොම්බරය එහි සේවය කරන්නෙකුට දී බලා සිටියෙමි. දුරකතන අංකය කරකවා මා අතට එය දුන් කඩේ අයිතකරුගේ රිසිවරයෙන්
" පීක්, පීක්,
හඩ ඇසී නතර වුනේ ඊයේ ලෙසමය.. මම තව පාරක් දුරකතන නොම්බරය ගසා දෙන ලෙස ඉල්ලා බලා සිටියෙ නොවිසිල්ලෙන් මෙන්ම දුකෙන් ය.
එවර දුරකතනයේ පීක්...පීක්...හඩ ඉවර වෙන්න ප්‍රතම ගෑනු කටහඬක් එහා පැත්තෙන් ඇසිණි. මම කතා කර ඇත්තේ නැවතත් වැරදි නොම්මරයකට යැයි සිතී හොඳටම දුක සිතුනි.. මා පන්සලක ඉන්න සුමේධ හාමුදුරුවන්ට කතා කළද, දුරකථනයෙන් අමතනුයේ ගැහැනු කෙනෙකිය.
‘‘හලෝ...‘‘
‘‘හලෝ... මට සුබෝධ හාමුදුරුවන්ට කතා කරන්න පුළුවන්ද? මම සිංහලෙන් ඇසීය.
‘‘කවුද ඔය කතා කරන්නේ….?‘‘ එහා පැත්තෙන් සිංහලෙන් කතා කරනවා ඇසී මට දැනුන සතුට කියා නොමකල හැකි සතුටක් විය.
"මම විපස්සි හාමුදුරුවෝ. ලංකාවේ ඉඳන් පෙරේදා ආවේ.‘‘
"එහෙමද එහෙනම් පොඩ්ඩක් ඉන්න"
යැයි කිවූ ඇය දුරකතනය බිමින් තියනවා මට දැනිණි. තප්පර ගනනක් ඇතුලත දුරකතනයේ අනිත් පැත්තෙන්….
‘හලෝ කවුද කතා කරන්නේ…..? මට ඉන් පසු පිරිමි කටහඩක් ඇසිනි.
“මම විපස්සි හාමුදුරුවෝ. ලංකාවේ ඉඳන් පෙරේදා ආවේ. මට ඔබවහන්සේගේ ටෙලිෆෝන් නොම්බරය දුන්නෙ ඇමෙරිකාවේ සීලවංශ හාමුදුරුවෝ. මට ලොකු කරදරයක් වෙලා ඉන්නේ…... ඉන්න තැන ප්‍රශ්නයක්. මට ටික දිනකට නවතින්න තැනක් හොයා ගන්න පුළුවන්ද අහන්න කෝල් කළේ. මගේ ළඟ සල්ලි තියෙනවා, නවාතැන් ගාස්තු ගෙවන්න පුළුවන්. නවතින්න තැනක් හොයා ගන්න බැරි කොරියානු භාශාව හරියට කතා කරගන්න බැරි නිසයි…..‘‘
‘‘එහෙමද? අපේ කෙනෙක්, ස්වාමීන් වහන්සේ කෙනෙක් අමාරුවේ වැටුණු වෙලාවට උදවු උපකාර නොකර බෑනේ….හාමුදුරුවනේ ඔබවහන්සේ මට ඉන්න තැන ඇඩ්ඩ්‍රස් එක කියන්නකෝ... ඔබවහන්සේ ඉන්න තැනට එන්න පුළුවන් දුරකින් ද මම ඉන්නෙ කියලා බලන්න…..”
මම දැනට මග නැවති ඉන්න සාප්පු සංකිර්නයේ නම හා ඒ පාලාත ඉංගිරිසියෙන් මම කොලේක ලියා ගෙන උන්නේ උන්වහන්සේට කතා කරන්න ප්‍රතමය. උන්වහන්සේට ඒ ගැන කීවෙමි.
“අපොයි... බොහෝම දුරක ඔබවහන්සේ වැඩ හිඳින්නෙ. කිලෝමීටර් 200ක විතර දුරක් නේ…... මොකද දැන් කරන්නෙ.... ඔබ වහන්සේට මම ඉන්න පලාත බස් වල හොයාගෙන එන්න අමාරු වෙයිනේ..…අපේ කෙනෙක් අමාරුවේ වැටුන වෙලාවට උදව් නොකරත් බෑනේ…... ඉන්න එහෙනම්, මම ඔබ වහන්සේ ඉන්න පැත්තට එන්නම්…...හැබැයි .මට ඔතැනට එන්න පැය දෙකකට වැඩිය යයි. ඔබ වහන්සේට ඔතන ඉන්න පුලුවන් නේ පැය දෙකක් විතර ?
"එහෙමයි,... පුලුවනි … ඔබවහන්සේට කරදරයක් නැත්නම් මට උදවු කරන්න. ගොඩක් පිං සිද්ද වෙනවා. මම දන්න වෙන කවුරුත් නෑ මේ රටේ උදව් ඉල්ලන්ඩ වත්…..
‘‘හොඳයි එහෙනම් ඔබවහන්සේ ඔය කියපු සාප්පු සංකිර්ණය ඉස්සරහම ඉන්න. මම ඔතනට එනකම්. කොහේ වත් යන්න එපා.. ඔතනම ඔහොම ඉන්න, නැත්නම් මග ඇරෙයි….. මම ඉක්මනට එන්න බලන්නම්…. පැය දෙකක් විතර යයි මට එන්න.”
“‘බොහොම පිං ඔබවහන්සේට.‘‘
මට ඇති උනේ ලොකු සතුටකි. සිංහලෙන් කතා කරන කෙනෙක් විශේෂයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් කොරියාවේදී හම්බ වුණ එක කොයිතරම් දෙයක් ද? උන්වහන්සේ නැවතී සිටින පන්සලේ ටික දවසකට හරි මට ඉන්න ලැබෙනවා නම්…..කොරියාවේ රට තොට බලාගෙන ආපහු ලංකාවට යන්න බැරියෑ….
ඒත් මට මුලින් කතා කළ ගැහැනු කටහඬ කාගෙද? ඒ පන්සලේ ඉන්න මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ වෙන්න ඇති. එහෙනම් සිංහල ලංකාවේ මෙහෙනින් වහන්සේලාත් මෙහෙට වැඩම කරලා ඉන්න හැඩයි. මම තනියම සිතුවෙමි.
පැය දෙකකට ආසන්න කාලයක් ගියද සුබෝධ හාමුදුරුවෝ නොපැමිණියහ. මාගේ හිත ගැහෙන්න ගත්තේ උන්වහන්සේට පාර වැරදී ආපසු හැරීවත් ගොස් ද කියායි. දහවල් වී තිබුනත් අද ලොකු වැහි අන්දකාරයකින් අවට පලාත වැසී ගොස් ඇත. මීදුම සමග ඇති ශීතල විදගන්න අමාරු උනත් සුබෝද හාමුදුරුවන් පැමිනෙන තෙක් මම උන්වහන්සේ ඉන්න කියපු තැනම ශීතලෙන් ගැහෙමින් උන්නෙමි .
ලයිට් එළි විහිදුවමින් පැමිණි වාහනයක් මා ළඟ නතර කළේ ය. එහි සිටියේ ශීත කාබයක් දමා ගත් මහත්මයෙකි. හාමුදුරුවෝ එනව කිව්වත් වෙන කෙනෙක්වත් එව්වා දැයි සැකෙන් මං දෙකට නැමී වාහනය ඇතුළත බැලී ය.
“‘විපස්සි හාමුදුරුවෝ නේද?
“‘එහෙමයි මහත්තයා. සුබෝධ හාමුදුරුවෝද මහත්තයාව එව්වේ‘‘?
“‘නගින්නකෝ මං ගිහින් බස්සන්නම්.‘‘ මහත්තයා එසේ කීය.
සිංහලෙන් කතා කරන කෙනෙක් නිසා කිසි බයක් සැකක් නැතිව මම මාගේ බෑගය වාහනයේ පිටි පස්සෙන් තියා ඉස්සරහ සීට් එකෙන් වාඩි වුණෙමි.
‘‘ දැන් මොකක්ද හාමුදුරුවන්ට තියෙන ප්‍රශ්නය? දැන් කවද්ද මෙහෙට වැඩම කලේ‘‘
“‘සුබෝධ හාමුදුරුවො මහත්තයාට කිව්වද මට ප්‍රශ්නයක් තියෙනවා කියලා?‘
“‘මං තමයි සුබෝධ. මං මෙහේ ආවට පස්සෙ සිවුරු ඇරියා. සිවුරේ ඉන්න පුළුවන්කමක් නැතුව ගියානේ…..."
මගේ හිත ගැස්සිණි. මම සුබෝධ මහතා දෙස බැලීමි. ඔහු ඩෙනිම් කලිසමක් ඇඳ, සපත්තු දාගෙන ලොකු ශීත කබායක් ද දා බූල් තොප්පියක් ද පැලද හිදියි. කවුරු කොහොම උනත් මේ අවස්තාවේ මට අවශ්‍ය මට උදව් කරන කෙනෙකු පමනි. උන් වහන්සේ සිවුරේද…..සිවුරු හැරදමාද යන්න මට ප්‍රශ්නයක් නොවේ. මේ කරදර අවස්ථාවේ කවුරු උදව් කරත් මට ඇති කියා සිතුවෙමි.
‘‘එහෙමද? මම පෙරේදා මෙහෙට වැඩම කලේ…... මට මේ රටට එන්න, වීසා හදාගන්න ලියුම එවපු පන්සලට මම ගියා මුලින්ම. මට මෙහේ භාෂාව බැරි නිසා මං ගිය පන්සලේ හාමුදුරුවරු මාව ගණන් ගත්තෙ නෑ. හරිම අමුතු ගතිගුණ තියෙන කට්ටියක් වගේ. වචනයක්වත් කතා නැතිව මට බණ ශාලාව පෙන්නුවා ඉන්න කියලා. මං කොහොමද ඒ වගේ තැනක ඉන්නෙ කියල හිතුණා. කොහොමත් ආපුදා රෑට විතරයි මට නවාතැන් දෙන්න පුළුවන් කිව්වේ. ඊයේ උදේ මම මේ පලාතට විත් මේ සාප්පු සංකිර්ණය පිටිපස්සේ කඩයක් අයිනේ ඊයේ රෑ නිදාගත්තේ…... "
"සුබෝධට පුළුවන් නම් මට ලංකාවේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක ටික දිනකට නවාතැනක් හොයලා දෙන්න. මම ලග සල්ලි තියෙනවා. භාශාවෙ ප්‍රශ්නය නිසා දන්න කියන අය ඉන්න තැනක හිටියොත් මේ ආපු එකේ සුමානයක් දෙකක් රටේ ඇවිදලා ලංකාවට වැඩම කරන්න පුලුවන්"
මේ වනවිට ලංකාවෙන් එනවිට මගේ හිතේ තිබුන කොරියාවේ නවතින අදහස මෙහි හිටි දවස් දෙකට නැති වී ගොස් තිබුනි.
‘‘දැන් ඔබවහන්සේ කොරියාවට එන්න ඉස්සෙල්ලා දැනගෙන හිටියෙ නැද්ද කොරියන් පන්සලකට වඩින්නෙ කියල. මෙහේ ලංකාවේ හාමුදුරුවරු ඉන්න පන්සල් නැති තරම්‘‘ සුබෝධ කීය.
‘‘දැනගෙන හිටියා. මම තායිලන්තයේ, ඇමෙරිකාවේ හිටිය පන්සල්වලට, අපි මේ එනව වගේ වෙන රටවල ස්වාමීන් වහන්සේලා වෙන රටවල් වලින් වඩිනවා. ඒ වෙලාවට උන්නාන්සේලාට අපි හරි හොඳට ගරුසරු ඇතිව පිළිගෙන ආවතේව කරනවා. මං හිතුවේ කොරියන් පන්සල්වලත් ඒ වගේ මාව පිළිගනියි කියල. නමුත් මං භාෂාව නොදන්න නිසාද දන්නෑ අනාථයෙක් වගේ මට බණ ශාලාවේ කොනක ඉන්න කිව්වා. ඒකත් ඉවසතෑහැකි. මං හොරෙක් ගානට උණුවතුර ටිකක් ගන්න ගිය වෙලෙත් ඇවිත් වටපිට කර කැවිකැවී ස්වාමීන් වහන්සේ නමක් බලාගෙන හිටියේ"
"භාෂාව නොදන්න නිසයි ඔය ප්‍රශ්නය.... මම මෙහේට වැඩිය වෙලෙත් ඔය විදිහටම තමයි මට සැලකුවෙත්. හොඳ වෙලාවට මම හිටිය කොරියන් පන්සලේ,.... ඒ දවස්වල ඉංග්‍රීසි පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ උන්වහන්සේ තමයි මට ඒ දවස්වල උදවු කළේ. නමුත් කාලයක් යනකොට වැටහුණා කොරියාවේ බුදුදහමත්, ලංකාවේ බුදුදහමත් අතර වෙනස්කම් බොහෝමයක් තියෙනවා කියලා."
‘‘ කොහොමත් මම ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට කොරියාවට වැඩම කලත් ….. රස්සාවක් කරලා සල්ලි හම්බ කර ගන්නයි මගේ අදහස තිබුනේ…..”
"‘මට මාස තුනකට වීසා හම්බ වෙලා තියෙනවා. ටික දවසක් රටතොට බලාකියා ගෙනඉදලා නැවත ලංකාවට වඩිනවා කියලයි දැන් මම හිතාගෙන ඉන්නෙ‘‘.....
‘‘ඒක තමයි මමත් හිතන්නෙ ඔබවහන්සේට කරන්න තියෙන හොඳම දේත් ඒකයි...”‘‘
‘‘එතකම් ඉන්න තැනක් තමයි මට හොයාගන්න ඕනෑ.‘‘
‘‘අපේ ගෙදර ඉඩ මදි. නැත්නම් ඔබවහන්සේට එහි වැඩ හිඳින්නත් තිබුණා. බලමු දවසක් දෙකක් වත් අපේ ගෙදර වැඩහිඳින්න…... පස්සෙ මම තැනක් හොයල දෙන්නම් ඔබවහන්සේට මාසයක් විතර වැඩ වෙසෙන්න‘‘.....
“‘බොහොම ස්තූතියි සුමේධ... මට උදවු කරන්න හිතනවාටත්…".
සුමේධ මහත්තයා වාහනය පැය දෙකක් පමණ දුරක් පදවාගෙන ගොස් වාහනය නවත්වා මාව රැගෙන ගියේ තට්ටු නිවාසයක් තුළට ය. ඒ පලාතේ බලන බලන අත තිබුනේ තට්ටු නිවාසය.... එහි පඩිපෙළ නගින්න අවශ්‍යතාවක් නොතිබුණේය. විදුලි සෝපානයෙන් ඉහළට ගිය අපි සුමේධ මහතාගේ, ගේ දොරකඩ ඉඳගෙන බෙල් එක ගැසුවෙමු.. දොර ඇරියේ ගැහැනු කෙනෙකිය.. ඇය අතේ පුංචි ළඳරුවෙක් සිටියාය. දරුවාගේ මුහුණ පමණක් පෙනිණි. මුළු ඇඟම වැසෙන පරිදි ශීතල ඇඳුම් අන්දවා තිබිණි.
"මේ මගේ නෝනා.... හාමුදුරුවො උදේ කතා කරේ මෙයාට තමයි.‘‘
‘‘අඳුන ගන්න ලැබීම සතුටක් නෝනා.‘‘ මම පුංච් දරුවා දෙස බලමින් කීය.
‘‘ඈඳි ගන්න හාමුදුරුවනේ.‘‘
"මේ පුංචි ගෙදර එක කාමරයයි තියෙන්නෙ. ඔබවහන්සේට දවසක්, දෙකක් නම් මෙහේ ඉන්න පුළුවන්. ඒත් සැතපෙන්න වෙන්නෙ මේ සාලේ මේ සැටිය උඩ තමයි.‘‘
‘‘අදට විතරක් මෙහෙම හොඳයි. හෙට මට පොඩි තැනක හෝටල් කාමරයක් හොයල දෙන්නකෝ නවතින්න සුමානෙකට දෙකකට විතර .‘‘
“‘බලමු..... හොදටම දවල් උනානේ... ඔබවහන්සේට බඩගිනි ඇති නේද? උදේටත් කාල නැතුව ඇති මං හිතන්නේ‘‘
"නෑ... නෑ... මං උදේ බනිස් ගෙඩි දෙකක් කාල කෝපි බිව්වා.‘‘
“‘‘එහෙනම් අපි කෝපි එකක් බොමු මුලින්, දවල් දානය ලෑස්ති කරනකම්, ඔබවහන්සේට ඇඳුම් මාරු කර ගන්න පුළුවන් අතන නාන කාමරය තියෙන්නෙ.‘‘
දරුවා අඬන්න විය. ඇය ගැහැනු දරුවෙක් ය. පුළුං බෝලයක් මෙන් සුදු කිරිදරුවා සුමේධ මහත්තයා අතට ගත් ගමන් ඇඬිල්ල නතර කළාය.
දිගු ගුවන් ගමනකින් පසු තිබූ තෙහෙට්ටුවත්, දින තුනකට වඩා ඇඟපත සෝදා ගැනීමට නොහැකි වීමත් නිසා මම නානකාමරයට ගොස් උණු වතුරෙන් හොඳින් නාගෙන මාගේ සිවුර හා අඳනකඩය ද කිලිටි ඇදුම් ද සෝදා ගත්තේ ඉදිරි දිනවල මට කොයි වගේ තැන්වල නවතින්න සිදුවේ දැයි නොදන්නා බැවිනි. සුමේධ මහතා, නෝනා සමග එකතු වී දවල් දානය සකසා මට පිළිගැන්වීය.
මාලු, අල, ගෝවා සමග තිබුන බත් මම බඩ පිරෙන්න කැවෙමි. එදින මම සුමේධ මහතාගේ ගෙදර නතර වුණෙමි. ඔවුහු මට පුළුවන් උපරිමයෙන් හොඳින් ම සැලකූහ.
-හෙට හමුවෙමු-
**ප්‍රිසිලා ගොඩහේවා **





Comments