top of page

✈️එතෙරින් එතෙරට✈️ (40 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 5, 2021
  • 3 min read

නවසීලන්තයේ ගුවන් තොටුපොලෙන්, ලංකාව බලා යෑමට ගුවන් යානයට නැගුනු අප දෙදෙනා...... සිංගප්පූරුව හරහා ලංකාව බලා ආවේ හවස් වරුවකය..... මීට වසර දෙලහකට පමන පෙර කොරියාව බලා, කටුනායක ගුවන් තොටුපොලින් ලංකාව හැරදමා ගිය මම බොහෝ කාලයකට පසු නැවත මගෙ රටට පැමිනි සිටියෙමි ....එදා ලංකාවේ බෞද්ධ පැවදි රුවක් ලෙස, තැඹිලි පාට සිවුරෙන් ගුවන් ගත වුන මම, අද සාමාන්‍ය ගිහියෙක් ලෙස, ගුවන් තොටුපොලේන් ගම රටවල් බලා පැමිණ හිදියි.....මේ ගෙවුනු කාලය තුල කොපමණ නම් වෙනස්කම් රැසකට මම භාජනය වි ඇද්දයි සිතෙන කල, දුක සතුට දෙකම මිශ්‍ර හැඟීමක් හිතේ ඇතිවි ඇත......

ගුවන් තොටුපොලේන් එළියට ආකල බලන බලන අත හැමදෙයක්ම බොහෝ වෙනස්කම් වලට භාජනය වී ඇති බව පෙනේ.....


අප දෙදෙනා ලංකාවේ ගුවන් තොටුපොළේන් ගත් කුලී කාරයට ගොඩවුනේ කෙලින්ම නුවර ක්වින්ස් හෝටලය බලා යන්නටය......


සුමුදු ඇයට කැමති ලෙස අපේ මේ ගමන් සියල්ල ලෑස්ති කර ඇත.....

අවුරුදු 12කට පමණ පසු ලංකාවට පැමිනි මට, ලංකාවේ රට ඇතුළත සිදුවි ඇති හොඳ වෙනස් කම් දැක ඇති උනේ සතුටකි..... ….ගුවන් තොටුපොළේ සිට මහනුවර දක්වා කුලී රියෙන් එන කල, පාර දෙපැත්තේ දැක ගත හැකි උන සියලු සංවර්ධනයන් මගේ හිතට සතුටක් ඇති කල දේවල් විය......

ගුවන් තොටුපොළේ සිට මහනුවරට එන විට බොහෝ රෑ බෝවි තිබුනි..... ගුවන් තොටුපොළේ සිට නුවරට එන අතර මග, වහනය නවත්වා රෑ කඩයකින් මිලදි ගත් එලවලු රොටි බිත්තර රොටි, කුලී වාහනය රියදුරාටද දී ඒවා කා අපි වතුර බිව්වෙමි.....වාහනය නවත්වා කෑමක් කන්න තරම් වේලාවක් අපට නොවිය.


එදින රෑ අපි නවාතැන් ගන්නට ආ නුවර කුවින්ස් හෝටලය..., අවුරුදු සිය ගනනක් පැරැණි ක්වින්ස් හෝටලය පෞරාණික වටිනාකමක් ඇති ගෘහඅලංකාර වලින් සම්න්විත, බොහෝ ලී කැටයම් ආදියෙන් යුක්ත හෝටලයක් විය.....

දවස් එකහාමාරක් විතර කාලයක් නවසීලන්තයේ සිට මහනුවර දක්වා ඒමට අපට ගිය බැවින්, අප දෙදෙනාම සිටියේ බොහෝ මහන්සියෙන් හා හෙම්බත්වය..... හෝටලේ කාමරයට ආගමන්ම නාන කාමරයට ගොස් ඇගපත හෝදාගත් සුමුදු ඇදටවැටි නිදන්න විය...... ඇය ලෙසම මාත් ඇගපත හෝදාගෙන නිදාගත්තෙමි.

උදේ පාන්දර දළදා මාළිගාවේ ඝාන්ටාර ශබ්දයන් ඇසී දෙනෙත් හැරිය මම...., හෙමිහිට ඇදෙන් බැස්සෙමි..... අපි නවාතැන් ගත් හෝටලයේ , කාමර බැල්කනියට යන දොර හැර එයින් එලියට ගියෙ.... සුමුදුට නොඇහැරෙන ලෙසය..... අපි ක්වින්ස් හෝටලයේ දෙවන මහලේ නවාතැන් ගෙන සිටිය නිසා, කමරයේ බැල්කනියට ගිය කල නුවර දළදා මාලිගාවට ඇතුල් වෙන දොරටුව හොදින්ම පෙනේ ..... උදේ පහට ඇසෙන මාළිගාවේ තේවා මුරයේ හේවිසි හඬත්, හොරණෑ හඬත් කන්දෙකට ඇහෙන විට හිතට දැනුනෙ…….පුදුමාකාර භක්තිමත් පහන් සිතිවිල්ලකි. ....මගේ හිතට දැනුන සතුට කියා නිම කල නොහැකි විය.....ඒ හැගීමෙන් අත් දෙක එකතු කර දොහොත් මුදුන් දී වැදගෙන, මම දළදා මාලිගාව දෙස බලාන බුදුන් වැන්දෙමි.....

දළදා මාලිගාවේ ඉදිරිපිට ඇති ක්වින්ස් හෝටලයේ මෙම බැල්කනියට, දළදා මාලිගාවේ ඇතුල් වීමේ දොරටුව හොදින්ම පෙනීම මට විශාල සතුටක් විය..... මාලිගාවට උදේ පාන්දර සුදු ඇදුම් ඇදගෙන මල් තෙල් කිරිපිඩු පුජා රැගෙන යන බැතිමතුන් දැකගත හැකි විය.

බැල්කනියේ බොහෝ වේලාවක් ඉදිමින් මාලිගාව හා ,නුවරවැවේ අවට සුන්දරත්වය බැලු මගේ හිත පහන් සිතිවිල්ලෙන් පිරි යන්නට විය...., දළදා මාළිගාව අවට එහෙ මෙහෙ යන බැති මතුන් මල් විකුනන්නන් ආදි හැම දෙයක්ම දැක්කේ කොයි තරම් කාලෙකට පස්සේද කියා සිතමින් සතුටින් ඒවා වින්දෙමි .....


" ඔයා ඔතන මොකද කරන්නේ…..මම බැලුවා ඔයා කෝ කියලා…."

"එන්න සුමුදු එළියට ....බලන්න අර දළදා මාලිගාව මෙතනට ලස්සනට පේන හැටි.... මම මේ උදේ ඉදන් මෙතනට වෙලා නුවර ලස්සන බැලුවා.... ."

" ඒක තමයි, මම මේ හොටෙල් එක බුක් කරෙත්….ඔයා ආස වෙයි කියලා හිතුන නිසා …"

"අපි දවල් වෙන්න ඉස්සර දළදා වහන්සේ වදින්න යමුද….? මට හරි ආසයි උදේ පාන්දර මාළිගාව වදින්න යන්න... ."

"එහෙනම් දැන්ම යමු….. අපි තේ එකක් බීලා ගිහින්, දළදා වැදගෙන ඇවිල්ලා උදේට කමු."

"අනේ ඔව්….ඒකනම් හොද අදහසක්...එහෙනම් මූණ හෝදගෙන අපි ඉක්මනට යමු...."

උදේ පාන්දර දළදා වහන්සේ වැදපුදාගැනීමට දළදා මාළිගාවට ගියේ අවුරුදු ගනනාවකට පසුය.....


හිතේ හැටියට දළදා වහන්සේ වැදපුදාගැනීමට ලැබීම, මගෙ හිතට ඇති කලේ ලොකු සතුටකි.....

" එහෙනම් අපි උදේට කෑම කාලා පේරාදෙණිය මල් වත්ත බලන්න යමු..... මටත් කාලෙකින් බලන්න යන්න බැරිවුන තැන් තමයි මම මේ පාර ඔයත් එක්ක බලන්න යන්න දාගත්තෙත්……"

" අවුරුදු දොලහකට විතර පස්සෙ මම මේ මහනුවරට ආවේ.... "

"ඔයාට ඔයගොල්ලන්ගෙ ගෙදර අය බලන්න යන්න ආසද?...

"අපෝ….නෑ...මම කැමති නෑ ලංකාවේ මම අදුනන කාවවත් දකින්න යන්න …..මම කැමති නෑ කවුරුත් මම සිවුරු හැරිය බව දැනගන්නවට....මම කොරියාවට ගියා කියලනේ හැමෝම දන්නේ...ඒ විදිහටම මම ඉන්නවා ....

"එහෙමද …..එහෙනම් අපි දැන් මොකද කරන්නේ ඉස්සරහ දවස් වල…"

" අපි තව ලංකාවේ වෙන පලාත් ටිකක ඇවිදින්න යමු…."


"එහෙනම් අපි හෙට නුවරඑළියට යමු..... ඊට පස්සෙ ඇල්ල වැල්ලවාය පැත්තෙන් කතරගම, මාතර ගාල්ල පැත්ත බලාගෙන ආයෙත් කොලඹ යමු….."

" එතකොට සුමුදු අදුනන අයගේ ගෙවල් වල යන්නේ නැද්ද …?

" මාව අදුනන අයට ඔයාව මට අදුනලා දෙන්න විදිහකුත් නෑනේ….. මෙහේ ඉන්න කවුරුත් දන්නෙ නෑ, මම දැන් ඉන්නේ තනියම කියලා ..... මම ලංඩන් වල මගේ හස්බන්ඩ් එක්ක ඉන්නව කියලා තමයි නෑදෑයෝ යාලුවො හැමෝම දන්නේ....".


"එතකොට අපි දෙන්නා දැන් මේ විදිහට ඉන්න එකත් නරකයිනේ… ඒ කියන්නේ අපි දැන් කසාද බැන්ද නම් නේද හොද....?

"ඔව්.. ...මෙච්චර කාලයක් මම මගේ හස්බන්ඩ්ට ඩිවෝස් එක දුන්නෑනේ…. ඒ නිසා මම එයාගෙන් මුලින්ම ඩිවොස් වෙන්න ඕනේ ….. කොහොමත් මම ඔයා එක්ක මෙහේ එන්න ඉස්සර එයාට මගේ ඩිවෝස් එක ඉල්ලලා පේපර්ස් ඇරලා ආවේ..... අපි අවුරුදු තුනක් විතර වෙනම හිටිය නිසා...අමාරුවක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන් වෙයි….අපි ඊට පස්සෙ කසාද බදිමු…."


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page