top of page

✈එතෙරින් එතෙරට✈ (39 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 5, 2021
  • 9 min read

කියාගත නොහැකි අමුතු හැඟුම් ගොන්නක් මැද, කියාගත නොහැකි කණස්සල්ලකින්ද හිත පිරි ගොස් ඇත....වේගයෙන් ඉදිරියට ඇදි යන වාහනය තුල ,ඉදිරිපස ආසනයේ වාඩි වි මම දෑස් පියාගෙන කල්පනා ලොවක සැරි සැරුවෙමි ....නොනවත්වා එක දිගට වාහනය පදවන සුමුදු ද ලොකු කල්පනාවක නිරත වි ඇත.....


විනාඩි හතලිස් පහක් පමණ ,එක දිගට අධිවේගී මාර්ගයක දිවගිය වාහනය..... , මාර්ගය අතර මග තිබුන වීවේකාගාරයක් අද්දර නතර විය.....


"විසල්…..විසල්....ඔයා නිදිද....?බහින්න, අපි ටිකක් ගිමන් ඇරලා තේ එකක් බීලා ආයෙත් යමු... .එක දිගටම වාහනය එලවලා මට මහන්සියි..... තව 50km ක් විතර යන්න තියෙනවා, අපි යන ගෙස්ට් හවුස් එකට යන්න.....


මම ඉස්කෝලේ ගිය කාලේ යාලුවො මට අමතපු විදිහටම, අම්මා තාත්තා මම ඉපදුන වෙලේ මට දමා තිබුනු නමින්ම දැන් සුමුදු අමතයි.... මට ඒ නම තාම නුපුරුදුය..... නමුත් මම ඒ නමට කැමතිය....

දෑස් පියාන, නිදි නැති සිහිනයක සැරි සැරු මම, දෑස් ඇර වටපිට බැලුවේ ...... සුමුදු ගේ කටහඩින්…..

" දැන් මේ කොහේද අපි ඉන්නේ... ?


" ඔයාට නින්ද ගිහින් කියලා හිතලා මම ඔයාට කතා කරේ නෑ......අපි එයර් පෝට් එකෙන් 50km විතර දුරක් රට ඇතුලට ආවා....... "

" දැන් වෙලාව කීයද? හොදටම කලුවර වැටිලා..... මේ පැත්ත හරි පාලුයි සුමුදු ....ඒ වගෙම හරිම සීතලයි....මගේ සීත කබාය දෙන්න මට ඇඳගන්න ....."

" ඔව්…..දැන් රෑ නමයටත් කිට්ටුයි.... මේ හයිවේ එකක් නිසා මේ පැත්තේ ගෙවල් නෑ....දිගටම කැලෑව වගේ තියෙන්නේ.......මට බඩගිනියි අපි මොනව හරි කාලා තේ බොමුද...?."

සුමුදු වාහනයේ ඩිකිය හැර සැන්ඩ්විච් පෙට්ටියක් සහ උනු වතුර දමන තේ බෝතලයක් එලියට ගත්තාය...... වාහනේ ඩිකිය ඇර කෑම තේ එළියට ගත් සුමුදු ,වාහනයට හේත්තු විම මට, සැන්ඩ්විච් පෙට්ටිය මා දෙසට ඇල්ලිය.....


"කන්න… අපි බුක් කරපු ගෙස්ට් හවුස් එකට යන කොට තව ගොඩක් රෑ වෙයි....."

"මට තේ එකක් විතරක් දෙන්න. දැන් ගොඩක් රෑ වෙලානේ….."


"ඔයාට පිස්සුද… ? දැන් ඔයා පන්සලෙන් එලියට ඇවිත්.....සිවුරුත් ඇරලා ඉන්නේ..... දැන් ඉතිං සාමාන්‍ය ගිහියෙක් විදිහට අපි කන බොන වෙලාවටම කන්න බොන්න පුරුදු වෙන්න…".


සුමුදුට කේන්ති ගිය බවක් දැනින..… ඇය කේන්ති ගැස්සීමට ඇති අකමැත්ත නිසා මම ඇය දිගුකල පෙට්ටියට අත දැමීය.

පෙට්ටියේ තිබුන මාළු දා හදන ලද පාන් පෙත්තක් අතට ගත්තේ සුමුදුට පේන්නය.... .....


අවුරුදු 24 ක් පුරා ගෙවුනු පැවිදි ජීවිතය තුල මෙතරම් රෑ බෝ වි මම ආහාර අනුභවය කර නොතිබුන..... මම කොරියානු පන්සලේ සිටින කල හවස හයට පෙර රාත්‍රි ආහාරය ගත් කෙනෙක්මි...... කෙසේ නමුත් දැන් පන්සල , පැවිදි ජීවිතය අමතක කර මම ගිහියකු ලෙස ජීවත් විය යුතුය.....


පැවදි ජීවිතය අද මෙතැන සිට අමතක කර දැමිය යුතු යැයි මම සිතට ගත්තෙමි.

"තව සැන්ඩ්විච් එකක් ගන්න ....මේක තමයි අපේ ඩිනර් එක…...මේවට දැන් ඔයත් පුරුදු වෙන්න.....තව පාන් පෙත්තක් කන ගමන සුමුදු මගේ ලගට පැමින මගේ බද වටේ අත දමාගෙන මට තුරුලු විය.


අවට මුලු පරිසරය පුරාම ඇත්තේ දැඩි නිහඩ මූසළ කලුවරකි..... අදිවේගී මාර්ගයක අයිනේ පැත්තකට වෙන්න මහන්සිය නිවා ගන්නට තිබුනු වීවේක ස්තානයේ වෙන කවුරුත් පේන්න් නැත.... ඉද හිට අදීවේගී මාර්ගයේ වේගයෙන් ඇදීයන වාහන වල කහ එලි අපි සිටින පැත්තටද වැටේ....


"අයියෝ…. ඔයා හරි බෝරින්නෙ......හරිම සීතලයි විසල්.....එසේ කියා සුමුදු මගේ අත උස්සා, ඇගේ කරවටට දමාගෙන මට තුරුළු විය.... ඇයට රිසි දෙයක් කරන්න ඇර, කිසි කතාබහක් නැතුවම මම මගේ අත එලෙසම තියාගෙන උන්නෙමි. මම අනිත් අතින් පාන් පෙත්ත කෑවෙමි.

"ඔයාට තේ දාන්නද කෝප්පෙට..?

"හා දාන්න.."


පාන් කා තේ බිව් අපි නැවත ගමන් ආරංභ කලෙමු.

"මම වාහනය එලවන්නද? ඔයාට මහන්සි ඇති නේ......

මම එසේ ඇසු කල සුමුදු පුදුමයෙන් මෙන් මා දෙස බැලීය......

"ඔව්..මම කොරියාවේ ඉන්න කොට ඩ්‍රයිව් කලා...... මට හොදට ඩ්‍රයිව් කරන්න පුලුවන් .....මට ඉන්ටර්නැෂනල් ලයිසන් තියෙනවා......".

"හානේ...මම දන්නෑනේ… ඒක කොච්චර හොදද....කමක් නෑ අද ඔයා විවේක ගන්නකෝ... .මමම අද එලවන්නම්....."


පාන් කා තේ බිව් අපි නැවත ගමන් ආරංභ කලේමු,..... සුමුදු නැවත වාහනය එලවයි..... අප දෙදෙනා පරන ආගිය තොරුතුරු හා ඉස්සරහ කාලේ කළයුතු වැඩ ගැන කතා කරමින් ගියෙමු.... වාහනය එක දිගටම වේගයෙන් ඉදිරියට ඇදී යයි..... සුමුදු හොද රියදුරෙකු යැයි මට සිතේ.....

"දැන් ලඟයි අපි යන ගෙස්ට් හවුස් එකට…."

"ගොඩක් ලොකු කැලෑ පාරකින් නේද අපි මේ යන්නේ..... ? කැලේ ඉන්න සත්තු වාහනයට පනින්න පුලුවන් , පරිස්සමට යන්න ...."


"ඔව්.... කැලෑව ඇතුලට වෙන්න තමය මේ ගෙස්ට් හවුස් එක තියෙන්නේ….එක අපට හොදයිනේ...බය නැතුව නිදහසේ ඉන්න පුලුවන්..... . අපිව අදුනන කවුරුත් මේ පැත්තේ නෑ....."


එක දිගට හෙමිහිට කැලේ මැදින් ඇදීගිය වාහනය..... පරන ලොකු ගෙයක් වැනි තානායමක් අද්දර පෝටිකෝවක් යට නතර කලේය.


"විසල් අපි ඉක්මනට ගෙස්ට් හවුස් එක ඇතුලට යමු...එළිය හරිම සීතලයි ..."


"ඔයා ඇතුලට යන්න ....මම අපේ බෑග් ඇරන් ඇතුලට එන්නම් ...."


මම හිතුවාට වඩා පැරණි , ටිකක් විශාල ගෙයක පිහිටා තිබුන තානායම...., අවුරුදු සීය ගානක් පැරණි එකක් බව පෙනේ....තානායම ඇතුලට ගිය සුමුදු එහි ඇතුලත සිටි සේවකයෙකු සමඟ කතා කරනු පෙනේ....ඔහු ඇය අතට යතුරක් දී, කෝරිඩෝවක් දිගේ යන්නට කියා අත දික් කලේය......


"විසල් ඔය බෑග් දෙකත් ඇරන් එන්න......අතන අපේ රූම් එක තියෙන්නේ ...."


බොහෝ පැරැණි ගෘහභාන්ඩ සහිත කාමරය තුල, විශාල ලස්සන ජනෙල් රෙදි දමා ඇත....විශාල යුගළ ඇඳක්, කන්නාඩි මේසයක් හා තව ලියන මේසයක් කාමරයේ ඇත. කාමරය පැත්තක චිමිනියක් සහිත දර උදුනක, දර කොටන් පත්තු වේ.....එහි ගිනි රස්නය නිසා, කාමරය හොදින් උනුසුම් වි ඇත.... පිළිස්සෙන දර අඟුරු වල නැවුම් සුවඳ නහයට දැනේන්නේ, හිත අමුතු ආශාවකින් පිබිදී එද්දීය........


"මම වොශ් එකක් දාගෙන එන්නම්.....ඔය මේසය උඩ තියෙන කේතලයට, වතුර එකක් තියලා අපි තේ එකක් හදා ගමුද...?


"මම තේ හදන්නම්....ඔයා වොශ් එකක් දාගෙන එන්න...."


#########


පාන්දර 4.30 ට පමණ, මට පුරුද්දට මෙන් ඇහැරින..... ඇදේ උඩුපෙලි අතට නිදාගෙනම මම මේ කොහේද ඉන්නේ කියා කල්පනා කරන්නට විය.... මගේ ලඟ ඇදේ එහාපැත්තේ, නිදන සුමුදු ගේ එක අතක් මගේ ඇඟ උඩින් වැටි ඇති බව දැනින..... ඇය හොදටම නිදි බව මට අඬ අදුරේම පෙනේ, .... ඒ සමගම පසුගිය දින රෑ....සුමුදු සමග සිදුවුන සිදුවීම් සියල්ල..... ,එකින් එක මට සිහිපත් වන්නට විය.....

පන්සලෙන් පිටවී ගුවන් තොටුපොළට මම ආ හැටි මට මැවි පෙනේ ..….ගුවන් තොටුපොළේ වීවේකාගාරයේදි මම ඇදුම් මාරු කරගත් හැටි….. එතනින් පසු , ගුවන් තොටුපොලේ රත ගාලේදී සුමුදුගෙ වාහනයට නැගපු හැටි…..ඇය සමග 100 km පමන දුරකට ආ ගමන…..ගම්බද කැලෑ බදක තිබෙන මෙම නවාතැනට ඊයේ රෑ අපි ආහැටි….ඊයේ රාත්‍රිය සුමුදු සමග ආදරයෙන් ගෙවුණු හැටි…… හරි පුදුමාකාරයි…..මම ඉපදුනේ කොහෙද …..? හැදුනෙ කොහෙද ?…. හිටියේ කොහෙද…..?ලොකේ කොහේ කොහේ ඇවිදින්න ගිහින් ඇතිද මම …....ඒ කාලය තුල මම මොනවා කලේ …...මම දැන් කොහේද මේ ඉන්නේ....?මම මොනවාද දැන් මේ කරගෙන තියෙන්නෙ…... ඇයි මම මෙහෙම කරේ… කිසි දෙයක් හිතා ගැනීමට නොහැක. අපල කාල ආපුහම තමන් කරන්නේ...

කියන්නේ...හැසිරෙන්නේ...මොනවාද කියා හිතා ගැනීමට නොහැක. ….දැන් මම මේ පටන් ගත් ජිවිතය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දිගටම මම පවත්වා ගෙන යා යුතුය.....

අවට පරිසරයේ සීතලට තද ඝනකම් පොරොවනය තුලට වී නිදන සුමුදු...., තව ගොඩ වේලාවකට නැගිටින පාටක් නැත....ඊයේ රෑ ගිහි උඳුන තුල දැල්වුන ගිනිදැල් දැන් නිවි ගොස් ඇත...... අපේ අලුත් ජීවිතයේ ආරංභය......


සුමුදුගෙ උවමනාවට මගේ මුලු ජීවිතයම වෙනස් උන හැටි..... මම විහාරස්ථානයේ වැඩ සිටිය, කෙතරම් ප්‍රභල චරිතයක් උන කෙනෙක්ද....?. පැවිද්දෙක් ලෙස අවුරුදු ගනනාවක් හොදින් මහන දම් පිරූ මම මේ මොනවාද දැන් කරගෙන තියෙන්නේ කියා ....විටින් විට මගේ සිතට එයි..... සංසාර ගමනින් එතෙර වෙන්නට පෙරුම් පුරමින් ගිය ගමන...., තන්හා, රති, රඟා, සමග ගෙවන්න ආ ජීවිතය.....ඇයි මම මෙලෙස, සංසාර ගමන දික් කර ගන්න හිත හදාගත්තේ …..ඇයි මම මේ පාප සිතිවිල්ලකට හිත හදාගත්තේ ?…..


ඒ සිතිවිල්ල හිතට එන හැම මොහොතකම, ඒසැනින් එය හිතෙන් අස්කරගන්න මම දැන් උත්සහ ගත යුතුයි යන්න තදින් හිතට ගත්තෙමි......

සුමුදු තාම හොද නින්දේය. හෙමිහිට ඇදෙන් බැස ගිය මම, දොරරෙද්ද හෙමිහිට මෑත් කර ජනේලයෙන් එළිය බැලීය...., එයින් එලියේ ඇතිදේ...., එලියේ පත්තු වන විදුලි බුබුලෙන් හොද හැටි පෙනේ....


ඈතට විහිදි යන මිටියාවතක් මීදුමෙන් වැසි ඇති හැටියක් පෙනේ..... ජනේලයෙන් එලියේ ඇත්තේ උදෑසන ඇති කලුවරත් මීදුමත්‍ ය........ සුමුදු නැගිටුන පසු එම කොල පාට මිටියාවතේ ඇවිදින්න යා යුතු යැයි මට සිතේ......


හෙමිහිට සුමුදුට නොදැනෙන්න ඇදෙන් බැස ජනේලයෙන් එළියේ සුන්දරත්වය දෙස බලා සිටි මම , නාන කාමරයට ගොස් මූණකට සෝදාගෙන ආවෙමි..... කෝපි කෝප්පයක් බොන්නට ඇත්නම් යැයි සිතෙයි...….

හෙමිහිට කේතලයට වතුර උනුවෙන්න තියා...., මේසය උඩ තිබුනු පුංච් කෝපි, සීනි, පැකට් කඩා දමා කෝපි කෝකෝප්පය සාදාගත් මම, විශාල ජනේලය ලඟට ගොස් එලිය බලාගෙන කෝපි බොන්නට විය.....


ජනේලයෙන් එලියේ පේනතෙක් මානයකට මීදුම වැටී අවට කිසිවක් නොපෙනේ…..ඒ මිදුම් අතරින් ඈතින් ලාවට උදේ ඉර එලිය වැටිගෙන එන හැටිද පෙනේ…. මීදුම අතරින් හෙමිහිට පායා එන හිරුගේ හිරුකිරනින් අවට ඇති අදුර නැතිවී යන හැටිත් එය රීදි පාටට දිලිසේන හැටිත් පෙනේ....

ජනේලය ලඟ සිට කෝපි කෝප්පය බී අහවර උන පසු ,මට කරන්න දෙයක් නොවීය.....


ජනේලය ලඟ ඇති පුටුවේ හරිබරි ගැහි වාඩිවුන මම, වෙනදා පුරුද්දට පන්සලේදි අවුරුදු 24 පුරාවට කල බුදුන් වැදීම හා පිරිත් කීම......සද්ද නොනගා හිතින්ම ගාථා කියන්න පටන් ගත්තෙමි....... සුමුදුට නොඇසෙන්න එය කල යුතුය ..... පිරිත් කියා අවසන භාවනා කරන්න පටන් ගත්තෙ, නිදහසේය....


"ඔයා මොකද කරන්නේ..?


සුමුදු පැමින මගේ උරහීසට වාරුවන තෙක් භවනා කල මම.....,ඇය ලඟට එනවා වත් නොදැනින..... එක පාරටම මට ඇගේ සද්දෙට සිත ඇරින.

"මම තේ හදන්නද..?


" මම නම් කෝපි එකක් හදාගෙන බිව්වා....."

"ඔයා කීයටද නැගිට්ටේ…..?


" උදේ 4.30 පුරුද්දට ඇහැරුනා....."

"අයියෝ….ඔයාට පිස්සුද...අද වගේ දවසක වත් ටිකක් නිදා ගන්න බැරිද....?

" තාම පරන පුරුදු අතාරින්න අමාරුයි සුමුදු ....".

"ඒ උනාට ඔයා දැන් වෙනස් වෙන්න ඕනේ …..ඉස්සර කරපුවා දැන් අමතක කරලා දාලා, මාත් එක්ක සතුටින් ජීවත්වෙන්න.…. "

" ඔව් මම සතුටින් ඉන්න උත්සාහ ගන්නවා...... "

" එහෙනම් මම මූණ හෝදගෙන එන්නම්...අපි කෙලින්ම කෑම කාමරයට ගිහින් උදේ කෑම කමු…."

"උදේට කන්න කොහේටද යන්න ඕනේ...."

"මේ ගෙස්ට් හවුස් එකේ රෙස්ටුරන්ට් එකට යන්න ඕනේ.….බය වෙන්න එපා ඔයත් ලෑස්ති වෙලා එන්න ….."

උදේ ආහාරය ගන්න තනායමේ කෑම කාමරයට අපි යන විටත්, එහි වයසක් සුදු ජෝඩු හතරක් උදේ ආහාර ගනිමින් සිටිනවා දකින්න ලැබින.....

" ඔයා මොනවාද කන්නේ…. මම නම් පාන්පෙති දෙකක් බිත්තරයක්, සොසේජස් දෙකක් එක්ක කාලා පලතුරු කනවා….

" මටත් එහෙම හොදයි. සොසේජස් නම් මට එපා….ඒවා හරක් මස්, ඌරු මස් වලින් හදපුවා නේ…."

"මේ රටවල කුකුල් මස් වලින් සොසේජස් තිබුනට මේ ගෙස්ට් හවුස් වල වැඩිපුර තියෙන්නේ මේ රටවල අය කන්න කැමති කෑම වර්ග තමයි.... "

"මට ඔය මොනවත් එකයි...හැබැයි ඒ මස් වර්ග නම් මම කන්නෑ…".

" කාලයක් මාත් එක්ක ඉන්නකොට ඔයාට ඒවා පුරුදු වෙයි....."

අපි නැවති හිටිය කාමරයට පෙනුන කොල පාට තැනිතලාව..... උදේ කෑම ගන්න වාඩි උන මේසය ලඟ ඇති වීදුරුවෙන් එහාටද හොදින් පෙනේ….අවට පරිසරය පුරා ඇත්තේ මීදුම් අඳුරය.....

"තව කන්න….අපි කෑම කාලා ටිකක් අර තැනිතලාව පැත්තේ ඇවිදින්න යමු…..ඒ ගිහාම දවල්ට අපි මොනවා හරි එලියෙන් කාලම එමු....."

"එලිය ගොඩක් සීතල ඇති...."


" නෑ…..ඊයේ රෑ තරම්ම නැතුව ඇති…...."

උදේ ආහාරයෙන් පසු අපි, හොදින් ඇඟ වැහෙන්න සීතල ඇදුම් ඇදගෙන තොප්පි දෙකක්ද දමාගෙන මීදුම වැටුනු තැනිතලාවේ ඇවිදින්න ගියෙමු.

" හරිම ලස්සන පැත්ත…..අර ඈත තැනිතලාව ඉවර වෙන තැන දිගටම ඇති කදු වලල්ල තවම මීදුමෙන් වැහිලා නිසා හරිම ලස්සනයි නේද ....? ."

"නවසීලන්තයේ කොයි පැත්තක ඇවිදින්න ගියත් මේ වගේ තමයි ...හරිම ලස්සනයි ..... ඒ වගේම තමයි සමහර පැති වල උනු දිය උල්පත්, උනුදිය පොකුනු, ගිනිකඳු , පුපුරා නොයන පැරනි ගිනිකඳු , හුනුගල් තියෙන පැති, හැම භූවිෂමතාවයන්ම තියෙනවා..... ඒ විතරක් නෙමේ සමහර පැති වල පොඩි පොඩි භූමි කම්පා, පොලොව හෙලෙවෙන පැතිත් තියෙනවානෙ….."

" හරි පුදුමයි නේද මෙච්චර ලස්සන රටේ, ඒ වගේ දේවල් තියෙන එකත්…"

"ඒක තමයි ස්වාභාව ධර්මයා නිර්මාණය කරපු දේවල්…..හොද දේවල් වගේම නරක දේවලුත් සම සමව බෙදලා දීලා තියෙනවා....".

" අපි දැන් හෙට රෑටද ලංකාවට යන්න ගුවන් තොටුපොළට යන්නේ…?

" ඔව් ඔක්කොම දේවල් ලෑස්තියි. අපට යන්න විතරයි තියෙන්නේ…."

" අර බලන්න අර….සුදුපාට කොකොටුවෝ රෑන...හරිම ලස්සනයි නේද? මම ආසම කුරුලු වර්ගයක් උන්..... උන්ගේ ඔලුවේ උඩ තියෙන රැලි ටික හරියට ඔටුන්නක් වගේ….කොකොටුවෝ අවුරුදු හැටක් විතර ජීවත් වෙනවා කියන්නේ ඇත්තද ?"

" මමත් එහෙම අහල තියෙනවා ."

අපි කොල පාට තැනිතලාවේ වැටි තිබු හීන් පාර දිගේ බොහෝ දුරක් ඇවිද ගියෙමු..... සුමුදු මගේ අතේ එල්ලි පොඩි ලමෙක් ගානට කියවයි.... වට පිටාවේ ඇති දෑ පෙන්වමින් විහිලු කරමින් ඇවිද යන්නේ දගකාර යුවතියක් ගානටය.....

තැනිතලාව අවසන් වුනේ රිදීපාට වතුර ගලායන දියපාරකිනි...... ඒ දිය පාරේ එහෙට මෙහෙට පීනා යන කලු හංසයින් කොයිතරම් නම් ලස්සනද … ලොකු උන් වගේම පුංච් හංස පැටවුන්ද පීන පීනා කෑම සොයති.... අවට ඇති මීදුම් අදුර නිසා සීතලක් තිබුනත් හොදින් සීතල ඇදුම් ඇදගෙන ඉන්නා නිසා අපට ඒ ගැන ගානක් නැත.....


"අර කදුපාමුල තියෙන පුංච් පාරේ අපි තව ටිකක් ඇවිදින්න යමුද ?...

" වෙන වැඩකුත් නැති එකේ ඇවිදගෙන යමු තව ඉස්සරහට .... ".

ලා කොළ පාටට පෙනෙන පයින් කදු යාය පාමුල ඇති කලු ගල්පතුරු අතුරා හදා ඇති පාර දිගේ අපි අත් අල්ලාගෙන ඔහේ ඇවිද ගියෙ අවට සුන්දරත්වයෙන් වශී වීට..... අවට ඇති විශාල ගස්වල කුරුමිණි වගයක් එක හුස්මට කෑගසනවා ඇසෙයි.... ඔවුන් පේන්න නැතත් ඔවුන්ගේ ශබ්දය නම් වැඩි වැඩියෙන් ඇසෙයි.....කනට කරදරයක් ගානට ඇසෙයි.... අපි ගිය පාරේ ඉදහිට යන එන වාහන වල ඉන්නා සුදු ජාතිකයන්ට අපි ගැන නිනව්වක් නැත..... බල්ලන් සමග ව්‍යායාම සදහා ඇවිදින්න යන සුදු ජාතිකයන් ද මේ පැත්තේ යනු පෙනේ..... නිදහස් පරිසරය තුල ඕන තරම් දුරක් ඇවිදින්න හිතෙන තරම් ය...


"මේ පැත්තේ පොඩි ටවුන් එකක් එහෙම ඇති….ඒකයි මේ.. මිනිස්සු එහෙ මෙහෙ යනවා පේන්නේ …...

"ඔව් අනිවාර්යයෙන්ම ටවුමක් ඇති ... දැන් දවල් වේගෙනත් එන නිසා අපි මොනව හරි කාලා, කෝපි එකක් බීලම ගෙස්ට් හවුස් එකට යමු.....".

අපි ඇවිදගෙන ගිය පාරේ තිබුන, සුදු ජාතික ජෝඩුවක්, පවත්වාගෙන යන, පුංච් පුටු මේස තියා හදන ලද ලස්සන කෝපි කඩයට ගොඩවී අපි ඉද ගත්තෙමු.

"මොනවද කන්නේ….?


" අය්යෝ....බර්ගර්ස් චිප්ස් තමයි තියෙන්නේ …"

" එහෙනම් ඒවාවත් කාලා කෝපි බොමු...."


කෝපි කඩයේ පැය එකහමාරක් පමන වේලාවක් වාඩි වී ගිමන් හැරිය අපි.... දවාලට බර්ගර්ස් චිප්ස් කා කෝපි බිව්වෙමි. අපි නැවත ඇවිද ආ පාරෙන්ම, ගෙස්ට් හවුසය බලා පිය නැගුවෙමි ......


මම සිවූරු හැර ඇවිත් පලවන දෙවන දිනවල් එසේ ගෙවීගියේ..... සුමුදු සමග පටන්ගත් අලුත් ජීවිතය මගේ ජීවිතේ වෙනස්ම ආකාරයක දින චරියාවකට පුරුදු කරමින්....

නමුත් සුපුරුදු පරිදි උදේ පාන්දරින් නැගිටන මම, සුමුදු උදේ නැගිටින්න ප්‍රතම මගේ වැදුම් පිදුම් බාවනා ක්‍රම නම් කරන්න අමතක නොකෙරුවෙමි..... කරන්න වැඩක් නැති මම පාලුව ගෙවා ගන්නේ පරන ජීවිතයේ පුරුදුත් සමගය.....

"තව පැයකින් පමන අපට එයාර්පෝර්ට් එකට යන්න තියෙනවා බෑග් එහෙම ඔක්කොම ලෑස්තියි නේද…

" ඒවා නම් වැඩිය ඇද්ද නැති නිසා, ගෙදරින් එනකොට තොබුන විදිහටම තියෙනවා.... "

" එතකොට ඔයාගෙ කාර් එකට අපි මොකද කරන්නේ"

"ඒක අපි එයාර්පෝර්ට් එකේ කූලී කාර් දෙන තැනකට මම දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ….ඒ ගැන අපට කරදරයක් නෑ…

" ඔයා හැම දෙයක්ම හරි ලස්සනට ප්ලෑන් කරලා නේ මේ ගමන ඇවිත් තියෙන්නේ ….."

"ඔයාව මට අයිති කරගන්න ඕනේ කියලා හිතුනට පස්සෙ, මම මේ දේවල් ඔක්කොම තනියම හිතලා කරගත්තා....මට මොනවා හරි කරන්න හිතුනොත් මම ඒ දේ කරලා තමයි පස්ස බලන්නේ....කොටින්ම ඔයාව මට අයිති කරගන්න ඕනේ කියලා හිතුනා, මම එක කරා.... ඔයා දන්නවද මගේ යාළුවෙක් ඔයා ගැන දන්නවා...එයා මගෙන් ඇහුව්වා , මම හැට හතර මායම්ම දාගෙන ඔයාව අල්ලා ගත්තා නේද කියලා…..හා...හා....

ඒහෙම තමයිද උනේ විසල්....? "

"මම හිතුවට වඩා ඔයා හරි දක්ශයි…."

ගෙස්ට් හවුස් එකේ දින දෙකක් ගත කල අපි එයින් නික්ම ගුවන් තොටුපොළ බලා ගමන් ඇරඹුවෙමු...... සුමුදු පුරුදු ලෙසම ගෙස්ට් හවුස් එකේ සිට ගුවන් තොටුපොළ දක්වා වාහනය පදවාගෙන ගියාය..... අප දෙදෙනා ඔහේ ආගිය තොරතුරු කතා කරමින් ගුවන් තොටුපොළේ කුලී වාහන අංගනය දක්වා පැමිනියෙමු.... වාහනය ගුවන් තොටුපොලේ කූළී අංගනයට භාරදුන් අප දෙදෙනා ගුවන් තොටුපොළ ඇතුලට අපේ බෑග්ද රැගෙන ගියෙමු


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page