top of page

✈️එතෙරින් එතෙරට✈️ (36 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 5, 2021
  • 4 min read

සුමානයකට දවස් දෙකක් රාත්‍රීයට, ඉංග්‍රීසි පන්තිය පුරුදු ලෙසම පවත්වාගෙන යයි.......ඒදින වලට සුමුදු ද ඉංගිරිසි පන්තිය අවසන් වන තෙක් පන්සලේ රැදී හිදියි..... පංතිය අවසන් වී එයට සහභාගි වූ සියල්ලන්ම ගිය පසුද, ඇය මා සමග තව ටික වේලාවක් කතා කරමින් ඉඳ යන්න පුරුදු වී ඇත...... ඇගේ සතුටු සාමිචියට මගේ හිතත් දැන් ටිකෙන් ටික ඇදි ගොස් ඇත .. ....දිනපතා ඇය දකින බලාපොරොත්තුවෙන් මම දැන් නොවිසිල්ලෙන් බලා හිදින්නෙමි.... අවුරුදු ගානක් තිස්සෙ හිතේ තිබු පාළු කාන්සි ගති සියල්ල දැන් ඇය නිසා මඟ හැරි නැවුම් බලාපොරොත්තු රැසකින් මගේ හිත පිරිගොස් ඇත....


නමුත් මෙතරම් කලක්, දැහැමිව පැවදි දිවිය ගත කල මම...., සුමුදු නිසා මගෙ හිත හොදටම සසල කරගෙන ඇත. මම දැන් මොනවද මේ කරන්නෙ....?මට මොනවද මේ උනේ...? ඇයි මම මෙලෙස හැසිරෙන්නේ....? ඇයි මම තරුණ කොල්ලෝ කෙල්ලෝ හිතන විදිහට මෙතරම්

බොළද ලෙස හැසිරෙන්නේ....?මටම මම කරන කියන දේවල් ගැන හරි හැටි තේරුමක් නැතිව ගොස් ඇත.......


මේ දිනවල මම නිතර, උදේ හවස බුදු මැදුර තුලට ගොස් එරමිණියා ගොතා වාඩි වී බොහෝ වේලාවක් ඔහේ කාලය ගෙවා දමන්නෙමි ......


මගේ ගෙවුණු අවුරුදු 36ක ජීවිත කාලය තුළ සිදු වූ සියලු දේ සිහිපත් කරමින් මම, කාලය ගත කරන්නෙමි...... ඒ හැම දිනකම මගේ හිතට ලොකු දුකක් දැනෙන්න පටන් ගෙන ඇත.... සංසාර ගමන කෙටිකර ගැනිමට, පැවදි දිවියට ආ මම...., නිවන සොයා ගමන් ගත් දුශ්කර මාර්ගය නැතහොත් සංසාර ගමන.... කෙටි කර ගැනීම සදහා, මෙපමණ අවුරුදු ගානක් උන මහන්සිය, කැපවීම දැන් වතුරට ගසා ගෙන යන්නට, දඟලන හැටියක් පෙනේ....මෙතරම් අනුවණ කමක් විහින් මමම කරගෙන යද්දී .....ඒ දිහා කිසි ගානක් නැතුව මමම බලා ඉන්නා හැටි ..... මෙපමණ කාලයක් ගමන් ගත් නිවැරැදි මාර්ගය, නිවණ සොයා ගිය මාර්ගය..... , හිටි හැටියේ මම වෙනස් කරගැනීමට හදන හැටි.....මටම මම ගැන කේන්තියක්, දුකක් දැනේ......සංසාර ගමන කෙටි කර ගන්නා අදහස ඇතුව මෙපමණ දුරක් ආ මම දැන් සංසාර ගමන දික්කර ගැනීමට සැරසෙන ආකාරය ගැන සිතමින් මම දැන් දුක්වෙන්නෙමි......ඒ ගැන හිත යට ඇති දුකක් ඇතිවුනත් සුමුදුගෙ සුන්දර මුහුණ සිහිවන හැම මොහොතකම, හිතේ නලියන ආශාවන්ගෙන්ද මම වහවැටි ගොස් ඇති හැටි .....මගේ පැවදි දිවිය හා සුමුදුගෙ ගිහි ජීවිතය ගැන සිතමින් මම මේ දිනවල මානසිකව වැටි කම්පනයකට ලක්වි ඇති බවක් මට තේරුම් ගොස් ඇත .....මේ දිනවල මම මනසින්, තනියම විශාල සටනක නිරත වෙමින් කාලය ගත කරන්නෙමි.....ඒ හැම මොහොතකම සුමුදුගේ සුන්දර මුහුණ මගේ ඉදිරිපිට එහෙට මෙහෙට නැළවෙන හැටි.....එහි ඇති සුන්දරත්වය වෙනුවෙන් මම අන්ද මන්ද වි ඇති හැටි ....

අවුරුදු 24ක් පුරාවට ඉතා පිරිසුදු ලෙස මහණ දම් පිරූ මම.... අද මගේ සිත අපිරිසුදු කරගෙන ඇති හැටි.....මේ මාර දූතිකාව දුටු දින සිට, මම කොයිතරම් නම් දුර්වල තත්ත්වයකට පත්ව සිටිනවාද කියා මටම සිතේ ....ඇගේ අඟරදඟර හැට හතර මායම් සියල්ලටම අසුවුන මම, කොයිතරම් නම් අනුවණයෙක්ද....?ඇයි මට මගේ හිත තද කරගෙන, මගේ පිවිතුරු පැවදි බව ආරක්ශා කර ගන්නට බැරි වි ඇත්තේ ..... මට තවදුරටත් මෙලෙස, මේ පන්සලේ ජීවත් විය හැකිද....? මටම මා ගැන දැන් ඇති වන්න් පිලිකුලකි..... මෙවන් හිත කිලිටි කරගත්තෙකු කොහොමද මෙවැනි ශුද්ධ භූමියක තව දුරටත් පැවදි ජීවතයක් ගත කරන්නේ.......පැවදි දම් පුරන්නේ.....කාට බොරු කලත් මට මගේ හෘදසාක්ශියට බොරු කල නොහැක.... මෙපමණ කාලයක් මම ගරු කල, විශ්වාස කල නායක හාමුදුරුවරුන්ට කොහොමද මම දැන් පිරිසිදු සිතින් මුහුණ දෙන්නේ.... බොරු කරන්නේ...….. තව දුරටත් මම මගේ හෘදසාක්ශියට නොගැලපෙන දේ කරමින් මෙම පන්සලේ ජීවත් විම, මම වැනි මෙපමණ කලක් සිල්වත්ව විසු මහණෙකුට කල නොහැක .... එය සිල්වත් මහණෙකුට කැප දෙයක් නෙමේ යැයි මගේ හිත මට නිතර කියයි..……


ගිහි ජීවිතය ගැන සිහින මවමින් මම මේ කරන පවුකාර දිවිය අත හැර මගේ හිත ගත් තැන මම සොයා යා යුතු කාලය ඇවිත් ඇතැයි දැන් මට නිතර සිතේ..... මේ සිටින ලෙස දෙලොවක් අතර හිදිමින් කරනා නොහොබිනා වැඩය, මෙම ශුද්ධ භූමියෙන් පිටවී කරනා දෙයක් කල යුතුයි යන තීරනයට අවසානයේ මම පැමිනියෙමි..... කොහොම හෝ හිත හදාගෙන අවුරුදු 24ක පැවිදි දිවිය අත්හැර, ගිහිගෙය සොයා යන්නට මම අවසානයේ තීරණය කෙරුවෙමි .....

විහාරගෙයි බුදු රුව ඉදිරිපිට වැඳ වැටී මා බුදුන්ගෙන් සමාව අයද සිටියේ, මම කරන්න යන අවලම් තකතීරු වැඩය ගැන සිතමින් සිතින් අඬමින්ය......මට දැන් එය නවත්වන්න වේලාව මදිවි ඇත ....මම පැවදි දිවිය අත්හැර ගිහිදිවිය වෙත එනකම් සුමුදු දෑස් දල්වා මා දෙස බලා ඉන්නා හැටි මැවි මැවි පෙනේ .... බලන බලන අත ඇගේ සුන්දර මුහුණ හිනහෙන හැටි මට පෙනේ....

සුමාන ගානක් එක දිගට මේ ගැන කල්පනා කල මම, අවසාන තීරණයට එළඹ....

විහාර ගෙයින් නික්ම කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවන් බැහැ දැකීමට උන්වහන්සේගේ කුටියට ගියෙමි.....


‘‘‘එන්න එන්න යේචිං හාමුදුරුවනේ....‘‘

කවදත් එකලෙස කරුණාවෙන් මට සැලකු නවසීලන්ත කොරියානු විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ .....මට ඉතා නිවුනු ලෙස කතා කර, උන්නාන්සේගේ ආවාස ගෙයි කොට මේසය ලඟ වාඩි කරවා ගත්තේය.

උන්නාසේගේ කරුණා ගුණය නිසා, මම මේ නවසීලන්තයේ වීසා ලැබ අවුරුද්දක් වගේ කාලයක් ඉතා සැහැල්ලුවෙන් නිදහසේ සතුටින් ජීවත් වුණ බව සිහිපත් වේ....

“‘ යේචිං හාමුදුරුවන්ට මොකක් හරි ප්‍රශ්නයක්ද...? මම ටික දිනයක ඉදන් බලන් හිටියේ....ඔබවහන්සේගෙ ලොකු වෙනසක් පේනෙවා .....අසනීපයක්වද....?


“ එහෙම නෑ හාමුදුරුවනේ ....මම ලංකාවට වැඩම කරන්න කියලා.... .”


‘‘ ඒ මොකද මේ හදිස්සියේ ....?ඇයි මොනවත් හදිස්සියක්ද?


“ටික කාලයක් ලංකාවට වැඩම කරලා, එහේ ඉදලා එන්න කියලා හාමුදුරුවනේ .....”

‘‘යේචිං හාමුදුරුවන්ගේ කැමැත්තක්...., කවදා විතරද දැන් ඔය යන්න හිතාගෙන ඉන්නේ... ?

“ පුලුවන් ඉක්මනට ගිහින් එන්න කියලා .... එන සුමානෙ උනත් කමක් නෑ ලොකු හාමුදුරුවනේ ..…."

“ මෙච්චර ඉක්මනට....? එහෙනම් ලංකාවට යන්න ගුවන් ටිකට් පතක් එහෙම ලෑස්ති කර ගන්න වෙයි නේද....…? ඒ වුනාට ලංකාවට යන්න ඉස්සර පන්සලේ , ඔබවහන්සේට කරන්න නියමිත වැඩ ටික ඉවර කරලා යන්න වෙයි...."


“එහෙමයි හාමුදුරුවනේ , මම ඒ වැඩ කොටස් ඉවර කරලා යන්නම්…...”


නවසීලන්තයේ කොරියන් පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉතා සිල්වත් කාරුණික භික්ෂූවකි......


උන් වහන්සේ යටතේ සිටින මම, පැවිදි වූදා පටන් , නායක ස්වාමින්වහන්සේලා යටතේ හොද සිල්වත්, කැපවීමෙන් නිවන් මග සොයා ගිය ඉතා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස කැපවීමෙන් ජීවත් වුන කෙනෙක් උනෙමි.


නවසීලන්තයේ කොරියානු පන්සලේ නායක හාමුදුරුවන්ට.... මම සිවුරු හැර ගිහිගෙය සොයා යන බව කීමට තරම් ශක්තියක් මට නැත....

පැවදි දිවියට ආපසු, මේ ප්‍රශ්නය හමුවේ, නායක ස්වාමින්වහන්සේට බොරුවක් කීමට වීම ගැන මම දහස් වාරයක් හිතෙන් පසු තැවෙන්නෙමි.....


මෙපමණ කාලයක් හිතේ සැනසීමෙන්, සැහැල්ලුවෙන් පැවදි බව ලැබ සිටි මම.....ගිහිගෙය පටන් ගන්නටත් පෙර බොරු කියන්නට පටන් ගෙන ඇත.... එය ලොකු පාපයක් බව දැනේ..... දැන් මට පසුපස හැරි බැලිය නොහැක. මම සිතූ ගමන...., සුමුදු කිව් ගමන ඇය සමග මා යා යුතුව ඇත....


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page