top of page

✈️එතෙරින් එතෙරට✈️ ( 20 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 3, 2021
  • 3 min read

නුවර පන්සලට වැඩම කර එහි ගත කල මාසයක කාලය තුල, මට කරන්න තරම් ලොකු වැඩ කොටසක් නොවීය.... එබැවින් මම නිතර නිවාඩු පාඩුවේ නුවර දළදා මාලිගාව වැද පුදාගන්නට ගියෙමි.....

ගමේ ගොස් අම්මා ඇතුලු නෑදෑයෝ බලා කියාගෙන, පුලු පුලුවන් විදිහට ඔවුන්ට උදව් පදව්ද කලෙමි.

මගේ උපන් ගමේ පන්සලේ, ලොකු හාමුදුරුවෝද බැහැදැක්කෙමි..... පරන පාසැල් කාලයේ යාලුවෝද දකින්න ගියෙමි.


මගේ ගම දැන් බොහෝ වෙනස් වී ඇත. පරන ඉස්කෝලේ ගිය කාලේ, මගේ වයසේ යාලුවො සමහරක් දැන් කසාද බැද දරුවනුත් ලැබ හිදියි.... සමහරුන් හොද රැකියා කරන අතර සමහරුන් තවම රංචු ගැසෙමින් රස්තියාදුවේ යති..... සමහරක් යාලුවො ගමෙන් පිට රැකියා සඳහා ගොස් ඇත.

මම අනිතිමට පාසැල් ගිය දවසේ, හොරෙන් ගත් බුදුරැස් වළල්ලේ අයිති කරු, එනම් එලවලු මුදලාලිගේ පුතා සමිර...., දැන් මුදලාලිගේ එලවලු කඩය භාර ඇරගෙන කරන්නේය. ඔහුගේ ඒ බුදුරැස් මාලාව නිසා...

මම අද ගොස් සිටිනා දුරක් ගැන සිහිපත්ව ඇතිවන්නේ පුදුමයකි....

සමිරගේ එලවලු කඩය දැන් හරි සරුය..... ඔහු එය තට්ටු දෙකට ගසා උඩ තට්ටුවේ පදිංචි වී හිදින්නේ, ඔහුගේ බිරිඳ සමගිනි..... පහල තට්ටුවේ එලවලු කඩයට අමතරව, හාල් තුනපහ කඩයක්ද දමා ඇත... .දැනට මාස තුනකට උඩදී, ඔහුගේ විවාහ මංගල්ලය ගමේ ඉතා ඉහලින් පැවැත්වු බව කීවේ, මගේ ඒ කාලේ හොදම යාලුවෙකි..... ඔහු නම් තවම තනිකඩව දෙමවුපියන් බලාකියාගෙන ඉන්නා බව කීය. දන්න කියන නෑ හිත මිතුරන් හමුවී මම නුවර පන්සලට නැවත වැඩම කලේ, දින දෙකක් ගමේ පන්සලේ නැවතී හිදය. දන්න කියන සැවොම හමුවි, නැවත හිතේ සැහැල්ලුවෙන් නුවර එන්නට ලැබීම සතුටකි.


ඇමරිකාවේ සිට ලංකාවට පැමිණ, නුවර පන්සලේ වැඩ විසු මට මාසයකට අඩු කාලයක් පමණයි එහි වැඩ වෙසෙන්න සිදු උනේ.....


මම නැවත පන්සලට වැඩම කර දින, මට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් ඇවිත් ඇති බව සාමනේර නමක් කිවේය.....


එම ලියුමේ තිබුනේ, මම කොරියාවට යන්න, ඉල්ලුම් කර යවා තිබු වීසා ලැබිමයි. කොරියාවේ මට මාස තුනක් ගත කල හැකි බවත් එහි සඳහන් විය. මම බලාපොරොත්තු උන ලෙස කොරියාවට යන්න විසා ලැබී තිබීම මට සතුටට කාරනයක් විය.....

ඇමරිකාවේ සිටින කාලයේ සිට මම කොරියානු භාශාව පිලිබද පොත්පත් සොයා ගෙනවිත්, ටික ටික ඒ වනවිට කොරියන් භාෂාවේ අකුරු යාන්තමට ඉගෙන ගෙන තිබුණි.... කොරියාවට යෑමට පෙර තව බොහෝ වචන ඉගෙන ගතයුතු යැයි මම තරයේ සිතට ගත්තෙමි.

නුවර පන්සලේ ලොකු හාමුදුරුවෝ බැහැ දකින්නට ගොස් මම, උන්නාන්සේට මගේ කොරියානු ගමන ගැන කීවෙමි .


"‘ලොකු හාමුදුරුවනේ මට කොරියාවේ රටේ පන්සලකින් ආරාධනාවක් ලැබිල තියෙනවා, මාස තුනකට එහෙට වඩින්න කියලා....මම ඇමරිකාවේ ඉන්න කාලේ ඉල්ලුම් කල ලියුමකට ඒ උත්තර ඇවිත් තියෙන්නේ ...."


‘‘ ඒක කොයිතරම් දෙයක් ද, රටතොට බලාගන්න ලැබෙන එක.....‘‘

මම,කොරියාවට යන්න වීසා ඉල්ලුම් කරත්..., මගේ කොරියා යන ගමනනෙහි කිසි පැහැදිලි බවක් නොපෙන්වයි..... වීසා ගැනීමට අවශ්‍ය බැවින් කොරියන් පන්සලකින් ගෙන්වා ගෙන තිබූ ලියමන නිසා මට කොරියාවට මාස තුනකට වීසා ලැබී තිබුණි. එම ලියමන ලබා ගැනීමට මට, එම පන්සලට මුදලක්ද ගෙවන්න සිදුවිය....

නමුත් මම කොරියාවට ගොස් මොනවාද කරන්නේ….? එහිදි කොහේද නවතින්නේ..? කවුද මාව එහිදී පිළිගන්නෙ...? කියා කිසිම දෙයක පැහැදිලි බවක් නොවීය..... මම හඳුනන කෙනෙක්වත්, නවතින්න පන්සලක්වත් එම ලියුමේ සඳහන් නොවිය....

නමුත් මොන බදා ආවත්, කොරියාවට ගොස් මම මාගේ අනාගතය හදා ගන්නට උත්සාහ ගත යුතු යැයි මම දැඩි තීරණයක උන්නෙමි.....ඇමරිකාවට හා තායිලන්තයට සංචාරය සඳහා ගොස් ආපසු ....,ඒ පන්සල් වල සිටි භික්ෂූන් වහන්සේලා මෙන්, මගේ හිතේද ඇතිවි ඇත්තේ , කොහේ හෝ පිට රටකට ගොස්, ඒ රටක පන්සලක ජීවත් වීමටය......


"විපස්සි හාමුදුරුවෝ ,පිටරට සංචාර වල ගිහින් ඇවිත් රස වැටිලා වගේ, ආයේ ආයේ පිටරට සංචාර වල යන්න හදන්නේ...."


නුවර පන්සලේ ලොකු හාමුදුරුවන්ට මගේ ආසාව වැටහි ගොස් හැඩයි ....


"අපි පැවදි වෙලා ඉන්නේ, ආශාවන් අඩු කරගන්නයි විපස්සී .......ඒ නිසා විපස්සී හාමුදුරුවෝ ඒ ගැන දැනගෙන කල්පනාවෙන් වැඩ කරොත් හොදයි....."


"එහෙමයි ලොකු හාමුදුරුවනේ ..."


ලොකු හාමුදුරුවෝ කෙසේ කීවත්,

මම මගේ බැංකු පොතේ, දමා ඉතිරි කරගෙන සිටි මුදලින් කොරියාවට ගුවන් ටිකට්පතක් මිලදී ගත්තෙමි.... බැංකු පොතේ ඉතිරි වු අනෙක් මුදල් සියල්ලම මම මගේ වියදමට කියා, කොරියානු මුදල් වලට හා ඇමරිකානු ඩොලර් වලට මාරු කර ගත්තෙමි ....

ඇමරිකාවේදි මට කොරියානු විසා ලබා ගැනීමට උදව් කල ස්වාමීන් වහන්සේ සමඟ මම, දුරකතනයෙන් කතාකර, කොරියානු සංචාරය සඳහා උපදෙස් ගත්තෙමි.


‘‘කොරියාවේ පන්සලක ලංකාවේ මම හඳුනන හාමුදුරු නමක් වැඩ වෙසෙනවා කියලා, මම ඔබවහන්සේට කිව්වා මතකයි නේද?....... මම ඒ හාමුදුරුවන්ගේ ලිපිනය හා ටෙලිෆෝන් නම්බරය විපස්සී හාමුදුරුවන්ට දෙන්නම්....... අවශ්‍යතාවක් වුණොත් විතරක්, ඒ හාමුදුරුවන්ටත් කතා කරල උදවුවක් ලබා ගන්න බලන්න .... ‘‘


"හොදමයි හාමුදුරුවනේ ..."


‘"ඔබවහන්සේට මුලින්ම වඩින්න වෙන්නෙ කොරියාවේ, ඔබ වහන්සේට වීසා ලබා දුන් පන්සලටයි."....

"එහෙමයි හාමුදුරුවනේ ..."


"විපස්සී හාමුදුරුවන්ට, දිගටම ඒ පන්සලේ වැඩ වාසය කරන්න නොලැබුනොත් විතරක් , මම මේ දුන්න ටෙලිෆෝන් නොම්බරයට කතා කරලා උදව්වක් ගන්න බලන්න ...."


ඇමරිකාවේ පන්සලේ ලොකු හාමුදුරුවන් කියු ලෙස, මම කොරියානු රටට ගොස් කලයුතු සියලු දේ හොදින් සිහි තබාගෙන වැඩකටයුතු කරගෙන ගියෙමි.

ඇමෙරිකාවේ පන්සලේ ලොකු හාමුදුරුවන් දුන් කොරියාවේ,..... ලංකාවේ භික්ෂූන් වහන්සේගේ ලිපිනය හා ටෙලිෆෝන් නම්බරය මම පරිස්සම්න් තියා ගත්තෙමි.

කොරියාවට ගොස් කලයුතු දෑ වගේම කොරියාවට ගෙනයායුතු ඇදුම් පැළදුම් පිලිබදව මම දැඩි උවමනාවෙන් හොයා බලා ලෑස්ති කරගත්තෙමි. කොරියානු භාශාව ඉගෙන ගැනීම ගැනද වැඩි අවදානමක් යෙදවූවෙමි.

- නැවත හමුවෙමු -

* ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page