✈️එතෙරින් එතෙරට✈️ (18 වෙනි කොටස)
- Prisila Godahewa

- Dec 3, 2021
- 4 min read
පැය ගාණක් එකදිගට නිදා ගත් මට , අවදිවන විට වේලාව රෑද උදේද කියා නිච්චියක් නොවිය....හෙමිහිට නිදාගත් තැනින් නැගිට ගත් මම, කාමරයේ ඇති එකම ජනේලය ලඟට ගොස් එළිය බැලුවෙමි. එළියේ ඇත්තේ තවම අදුරකි.... මම මගේ බෑගයේ තිබු ඔරලෝසුව ගෙන වෙලාව බැලීමි. එහි පාන්දර 3 බව පෙන්වයි....පැය ගානක් එක දිගට නිදා ගත් බැවින් , ඇඟේ තිබු තෙහෙට්ටු ගති නැතිවි හොද ප්‍රානවත් ගතියක් ඇඟට දැනෙමින් තිබේ....අනෙක් භික්ෂූන් දෙනම තවම සීතලට වකුටු වි සැතපි හිදියි...... මම හෙමිහිට නැගිට නානකාමරයට ගොස් මූණකට සෝදාගෙන කාමරයෙන් එළියට පැමිණියෙමි. ලොකු හාමුදුරුවෝ ආවාස ගෙයි කොනේ ඇති ලියන මේසය ලඟ මොනවදෝ වැඩකි....
‘‘ඔබවහන්සේ උදේම අවදි වුණා ද...? මමත් මේ පොතක වැඩක් කරන්න තියෙන නිසා උදේම අවධි උනා....අනිත් දෙනම තවම සැතපිලා
වෙන්නැති........"
“‘එහෙමයි හාමුදුරුවනේ. මහන්සියට වෙන්ඩෑ තවම සැතපිලා...."
‘‘ඔබවහන්සේට දන්ගෙට ගිහින් කෝපි හරි තේ හරි හදාගන්න පුළුවන් නේද....?
"‘එහෙමයි...හාමුදුරුවනේ.....මම හදාගන්නම්.‘‘
පන්සලේ උයනගෙය පුංච් උනත් ඉතා පිරිසිදුව, වටේට කබඩ් ගසා සාදා ඇත. වතුර උණුකර, කෝපි කෝප්පයක් හදාගත් මම...., ශීතකරණයෙන් කිරි බෝතලයක් ගෙන කෝපි කෝප්පයට කිරි දමා කෝප්පය මයික්‍රෝ උදුනේ තබා රත්කර ගත්තෙමි. විදුලි උපකරණ පාවිච්චි කරන අයුරු තායිලන්තයේ දී දැන සිටි බැවින් එය පහසුවක් වි ඇත.
කෝපි බී අවසන් වූ මම, ශීත කබාය ඇදගෙන ආවාස ගෙටම අල්ලා තිබූ බුදු මැදුරට වන්දනාමාන කිරිමට ගියෙමි. අවට පරිසරයේ ඇති ශීතලෙන් මිදෙන්න, විහාරස්ථානයේ, උනුසුම් කරණවල රස්නය උදව් කරයි..... මම බුදුගෙට වැඩම කර බුදුන් වැඳ, පිරිත් කියා සිත්සේ බුදුන් වැන්දෙමි.
"‘ සම්මා සම්බුදුන් වහන්සේගේ කරුනා ගුන මහිමෙන්...., මා මේ ආ ගමනේදී, මට ප්‍රයෝජනවත් දෙයක් කර කියා ගැනිමට හා යමක් ඉගෙන ගැනීමට ශක්තිය ද්‍යීර්ය ලැබේවා....!
මම දොහොත් මුදුන් දී බුදුගෙයි, බුදුපිලිමය ඉදිරිපිට වැඳවැටි වැන්දෙමි.
මම ලංකාවේ වැඩ විසු විහාරස්ථාන වල සිටි භික්ෂූන් වහන්සේලා මට මැවී පෙනෙන්ට විය.... ඔවුන්ගේ කතාබහ ඇහෙන්නවා සේ දැනිණි..... සියල්ලන්ට සෙත්පතා මම, හිත එකඟ කර ගෙන බුදුන් වැද බොහෝ වේලාවක් භාවනා කළෙමි.
වැඳ අහවර වනවිට උදයේ හිරු එළිය යාන්තමට බිමට පතිත වී ඇති ආකාරය දකින්න ලැබුණ.... පෙරදා දහවල් මේ විහාරයට පැමිණියත්, පන්සල අවට දැක බලා ගැනීමට නොහැකි වි තිබුනි. මා හිතුවාට වඩා විශාල වෙනසක්, තායිලන්තයට වඩා මේ රටේ දක්නට ලැබේ..... හිරු එළිය යාන්තම් පෙනුනද අවට පරිසරය මීදුමකින් වැසී ඇත.... පන්සල් වත්තේ තැන තැන සුදුපාට පොඩි හිම ගොඩවල් දක්නට ඇත. වත්තේ තිබු මල් පාත්ති උඩටද හිම වැටි, පැල මැරි ගොස් ඇති හැටි පෙනේ.... විහාරයේ ගෙමිදුල පුංචි වුවද ලස්සනය. ශීත කබාය දාගෙන මිදුලට බැස්සත්, ඉවසන්න බැරි තරම් ශීතලක් ඇත.... නිදහසේ අවට සිරි නැරඹීමට ශීතල සුළං , ඉඩ නොදෙයි..... මම විගහට ආවස ගේ තුළට නැවත ගොස්, එහි ඇතුළත සිට ජනේලයෙන් එළිය බලාගෙන උන්නෙමි.....විහාරස්ථානය අවට ගෙමිදුලේ ඇති පැළ වර්ග, ගස් වර්ග සියල්ල සීතල උහුළාගනු බැරුව මැරි ගොස් ඇති හැටි පෙනේ.... ,නමුත් එම ගස්කොළන් උඩට සුදු හිම වැටි දිලිසෙන අයුරු නම් පුදුමාකාරය....,මීට ප්‍රථම සඟරා, පත්තර වලින් දැක තිබු හිම පතනය සහිත පින්තූර මගේ දෑසින්ම දැන් මට දැක ගැනීමට හැකි වි ඇත......එළියේ කොපමණ සීතල උනත්, විහාරය ඇතුළත උණුසුම්කරණ දමා ඇති බැවින් ඇඟට සනිපයක් දැනේ....
“‘විපස්සි හාමුදුරුවො හීල් දානෙ වළඳන්න පැමිණියා නම්......‘‘
"‘අනිත් දෙනම තවම මහන්සියට සැතපිලා.....‘"
“‘කමක් නෑ පළවෙනි දවසනේ..... මහන්සියට නිදි ඇති.... ඔබවහන්සේ හීල් දානේ වළඳන්න වඩින්න.....‘‘
දාන ශාලාවේ මේසය උඩ පාන් වර්ග, බටර්, ජෑම්, මාමයිට් වැනි දෑ හා බිත්තර බැද තිබිණ. දොඩම් යුෂ බෝතලයක්ද එහි ඇත.
‘‘මේවා තමයි අද අපට හීල් දානෙට වළඳන්න තියෙන්නෙ....අද කොහෙන්වත් ගේකින් අපට හීල් දානය ගේන්නේ නෑ..... ඔබවහන්සේට මේවා නම් පුරුදු නැතිව ඇති.....‘‘
“‘ඒකට කමක් නෑ හාමුදුරුවනේ ... හැමදේකටම පුරුදු වෙන්න එපෑ......‘‘
‘‘අද දවසේ ටිකක් විවේකීව ඉඳලා, හෙටින් පස්සේ ඔබ වහන්සේලාට රටතොට බලාගෙන එන්න යන්න පුළුවන්....‘‘
“‘එහෙම තමයි අපිත් හිතුවේ....‘‘
උන්වහන්සේ සමඟ සතුටු සාමිචියේ යෙදී සිටිද්දී මා සමඟ පැමිණි අනිත් භික්ෂූන් දෙනමද නැගිට හීල් දානය වැළඳීමට පැමිනියේය....
‘‘අද එළිවුණා දැනුණෙත් නෑ..... මහන්සියට හොඳට ම නින්ද ගියා....‘‘
“තුන් නමත් එක්ක එහෙනම් හෙට ඉඳන් රටතොට බලාගෙන එන්න යන්න......මේ පළාත්වල ඉඳන් ඕනතරම් කෝච්චි, බස් හැම පැත්තකටම තියෙන නිසා ගමනාගමනයට අමාරුවක් නෑ..... හැබැයි ඉතිං ඔබවහන්සේලාට දවාලට දානය එළියෙන් තමයි ගන්න වෙන්නේ.... කෑම කඩ ඕනතරම් තියෙනවා.... හැම තැනකම ඉන්දියානු කඩ තියෙන නිසා ඕන තැනකින් අපේ විදියට දානෙ අරගෙන වළදන්න පුළුවන්.....”
ඇමරිකාවට වැඩම කර අප තුන් නම, පළවෙනි දවසේ විහාරස්ථානයට වී ගිමන් ඇරියෙමු. පසුව අපි දිනපතා වගේ එම රටේ, විශේෂ ස්තාන බලන්න ගියේ බොහෝම උද්යෝගයකිනි. මා සමඟ
සමඟ වැඩම කල අනෙක් භික්ෂූන් දෙනම මීට ප්රතමත් අවශ්‍ය තාවයකට ඇමෙරිකාවට වැඩම කර තිබු බැවින්, උන් වහන්සේලා සමඟ මට, බොහෝ ප්‍රදේශ නරඹන්න යන්න හැකියාවක් ලැබුණි. එරටේ විශේෂ ස්තාන, ගමනා ගමනය ගැන උන් වහන්සේලා බොහෝ දේ දැන සිටිම, අපට ඇමරිකානු සංචාරය පහසු විය.
ඇමෙරිකාවට පැමිණියාට පසු එම පන්සලට යන එන ලංකාවේ උපාසක උපාසිකවන් සමඟ මට ද මිත්‍ර වීමට හැකි විය.... ඔවුන්ගේ දානමාන කටයුතුවලට ද අපි සහභාගි වුණෙමු. සමහර දිනට අපට උදේ, දහවල් දානය ගෙවල්වලින් ද ලැබිණි. නැතිනම් පන්සලෙන් ලෙහෙසි ක්‍රමයකට දානය හදාගෙන වළදන්න මෙහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලා පුරුදු පුහුණු වී ඇත.
ඉවුම් පිහුම් වැඩ දන්නා මම ඉන් පසුව ගෙවල් වලින් දානය නොලැබෙන දවසට උයා පිහා අනිත් ස්වාමින් වහන්සේලාටද පිලිගැන්විය.
එයට නම් මෙම පන්සලේ ලොකු හාමුදුරුවෝ බොහෝ කැමති වි ඇත. උදේට හීල් දානයට මම කිරිබත් රොටි වැනි දෑ සැකසුවෙමු. දහවලට බත් පරිප්පු එලවලු මාලු ආදියද සැදුවෙමි. රාත්‍රියට සුප් වතුර, පිටි වර්ග බිව්වෙමු.... ඇමරිකාවේ ඕනතරම් ලංකාවේ තුනපහ බඩු ගන්න කඩ තිබෙන නිසා ලංකාවේ පිලිවෙලට අපට උයාගෙන කන්නට හැකි විය.
පන්සලේ පිරිසිදු කිරීම් වැඩට, මෙන්ම බෝදිපුජා වැඩවලටද මම ඉතා කැමැත්තෙන් උදව් කලෙමි. ඇමරිකාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝද මගේ වැඩපිලිවෙලට බොහෝ කැමති වි ඇත.
ඇමරිකාවට පැමින ගෙවුණු මාස තුන හරි ඉක්මනටම ගෙවි ගියේය.... මා සමග පැමිනි අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම නැවත ඔවුන් ගේ පන්සල් වලට යන දිනයද ලං වි ඇත....
"අප දෙනම නැවත තායිලන්තයට වඩින්න කියල හාමුදුරුවනේ.....‘‘
"විපස්සි හාමුදුරුවො නම් තව මාස තුනක් විතර වීසා ඉවර වෙනකම් මෙහි නවතින්නයි කල්පනාව......‘‘
මා සමග පැමිණි අනිත් දෙනම තායිලන්තය බලා නැවත යෑමට සැරසෙති..... මා කල්පනා කළේ ඇමෙරිකා සංචාරයෙන් පසු මා කොහේ යන්නේදැයි කියායි....
“ඒකට කමක් නෑ. අපටත් උදවු කරගෙන ඉන්න නිසා විපස්සි හාමුදුරුවන් මෙහි කොයි කාලයක් නැවතී සිටියත් අපට ප්‍රශ්නයක් නෑ.....‘‘
මම ගිය තැන, ඉන්න තැන සුද්ද පවිත්‍ර කරගෙන, උයාපිහා, අනිත් හිමිවරුන්ටද උදවු උපකාර කරගෙන ජීවත් වන කෙනෙක් නිසා, ඕන කෙනෙක් මට ඉතා කැමැතිය.
" ඔබ වහන්සේට උපාධියකුත් තියෙන නිසා ලංකාවට ගිය දිනක රැකියාවක් කරන්න පුලුවන් නේද....?"
"එහෙමයි හාමුදුරුවනේ .......ඒ උනාට මාත් කැමතියි ඔබ වහන්සේලා වගේ වෙන කොහේ හෝ රටක පදිංචි වෙලා මේ විදිහට වැඩ වෙසෙන්න....."
‘‘වීසා ප්‍රශ්නයක් නැත්නම් මෙහෙත් නැවතිලා ඉන්න පුළුවන් විපස්සී හාමුදුරුවන්ට.... ‘‘
“‘වීසා ගන්න තමයි අමාරු ලොකු හාමුදුරුවනේ........"
"අපි බලමු මොනවාද කරන්න පුලුවන් කියලා...."
-නැවත හමුවෙමු -
* ප්‍රිසිලා ගොඩහේවා *






Comments