✈️එතෙරින් එතෙරට✈️ 💥(11වෙනි කොටස)
- Prisila Godahewa

- Dec 3, 2021
- 4 min read
විශ්වවිද්‍යාලයට යන අතරම මම ,විවේකය ලැබෙන ලෙස, කැඩුණු බිඳුණු ඉලෙක්ට්‍රික් බඩු එකට එකතු කර නැවත සාදා දමන්නෙ විනෝදාංශයක් ලෙසය. ඒ දේවල් කැමැත්තෙන් කරන්නේ, ඒ වැඩ වලට මම ඉතා දක්‍ෂ බැවිනි.... ඒ බව පන්සලට එන සියලු උපාසක අම්මලා දායකයෝ දනිති. ඔවුහු ගෙදර කැඩෙන, බිඳෙන ඉලෙක්ට්‍රික් බඩු මට ගෙනැවිත් දී සාදා ගනිති.... එවැනි වැඩක් කර දුන් විට ඔවුහු මට කීයක් හෝ මගේ මේසේ උඩින් තියා යන්නට අමතක නොකරති.
"මට සල්ලි එපා, අරන් යන්න...."‘
එවැනි දේවල් කර සල්ලි ගැනීමට මම කැමැති නැත. නමුත් මට විශ්වවිද්‍යාල පොත්පත් ගැනීමට හා වියදමට කියා ඔවුහු කීය කීය හෝ තියා යන්නට අමතක නොකරති.
බෝධි පූජාවක් කිරිමේදි, දානයකට, බණ ගේකට ගිය විටදි අපට උපාසකයන්ගෙන් පිරිකර ලෙස මුදල් ලැබෙනවාට අපි කැමතිය.... ඒ අපේ ඉගෙනීමේ කටයුතුවලට හා වියදමට ගන්නට හැකි නිසාය. අපි සැවොම ඒවා නාස්ති නොකර අපේ වියදමට තියා ගන්නෙමු.
මම විශ්වවිද්‍යාල වැඩ වාගේ ම පන්සලේ වැඩ ද ඉතා කැමැත්තෙන් කරන්නෙමි.
ඊටත් වඩා මම නැවති සිටින පන්සලේ ලොකු හාමුදුරුවන්ට ,ඉතා කීකරුව ඇප උපස්ථාන කරන්නෙ, උන්වහන්සේ අසනීපව වැඩ වෙසෙන බැවිනි. පසුගිය දිනවල උන්වහන්සේ අසනීප වී රෝහල් ගත කල දිනවල, උන්වහන්සේගේ ඇප උපස්ථානයට හා තනියට උන්වහන්සේ ලඟ රෝහලේද නැවතී සිටියෙමි.
‘‘විපස්සි පොඩි තැනට විශ්වවිද්‍යාලයේ පාඩම් වැඩත් තියෙනවා නෙ..... මං වෙන කාවහරි මගේ තනියට නවත්ත ගන්නම්.... ඔබ වහන්සේ පන්සලට වැඩම කරලා පාඩම් වැඩ කරගන්න.... ‘‘
‘‘කමක්නෑ ලොකු හාමුදුරුවනේ.... රෑට මට මේ පුටුවට වෙලා පාඩම් පොතක් බලන්න පුළුවන්.... ඔබවහන්සේ ඉක්මනට සනීප වෙන්නකෝ.....‘‘
මම ලොකු හාමුදුරුවන් අසනීපව සිටි දිනවල සිට ,උන්වහන්සේට කවාපොවා, උන්වහන්සේගේ සිවුරු සෝදා උන්වහන්සේ සෝදා පවිත්‍ර කරන්නෙමි. මම ඒවා කරන්නේ , මම නියම බුද්ධ පුත්‍රයෙකු ලෙස සිතයි. මම ඒ දේවල් කරන්නේ ඉතා කැමැත්තෙන්මය...
‘‘පොඩි තැනට පිං සිද්ධ වෙනවා මට ඇප උපස්ථාන කරනවට..... දැන් විශ්වවිද්‍යාලයේ අවසන් විභාගෙ කවද්ද විතරද තියෙන්නේ ....?
‘‘එන මාසෙ මුල් සතියේ අපේ හාමුදුරුවනේ ....‘‘
‘‘හොඳට මහන්සි වෙලා පාඩම් කරල විභාගය පාස් වෙන්න ඕනේ.... මං අඳුනන හාමුදුරු නමක් ඉන්නවා තායිලන්තයේ.....විභාගය ඉවර උනාම ඔබ වහන්සේට ටික දවසක් එහේ ගිහින් ඉන්න මං ලෑස්ති කරල දෙන්නම්කෝ.....‘‘
‘‘අනේ ඒක නම් ලොකු දෙයක් හාමුදුරුවනේ.....මම හරි ආසාවෙන් ඉන්නේ පිටරටක් බලලා එන්න..... මං කවදාවත් රට ගිහිල්ලා නෑ....‘‘
‘‘මං එකපාරක් තායිලන්තයට වැඩම කරලා , එහේ තියෙන ලංකාරාමයේ වැඩවසලා, ඒ රටතොට බලාගෙන ආවා.... ඒ පන්සලේ වැඩ හිඳින්නේ මං හඳුනන, මාත් එක්ක එකට ඒ කාලයේ පිරිවෙනක, ඉගෙන ගත් ස්වාමීන් වහන්සේ නමක්.... උන්නාන්සේ තනියම තමයි දැන් එහේ වැඩ වෙසෙන්නෙ. මට ළඟදි ලියලා එව්වා කවුරු හරි හොඳ, උගත් පොඩි නමක් ටික කාලයකට එහේ එවන්න කියල, පන්සලේ කටයුතු බලාකියා ගෙන ඉන්න.... උන්නාන්සේ වෙන රටක චාරිකාවක යන්නයි හදන්නේ, ඒ කාලයේ පන්සල බලාකියා ගෙන ඉන්න හොඳ උගත් ස්වාමීන් වහන්සේ නමක් තමයි මට හොයලා එවන්න කිව්වෙ.....‘‘
"‘එහෙනම් කොච්චර දෙයක් ද හාමුදුරුවනේ වෙනසකටත් එක්ක මටත් ආසයි වෙන රටකට ගිහින් රටතොට බලාකියා ගෙන එන්න......‘‘
"හොදට මහන්සි වෙලා විශ්ව විද්‍ය්ලයේ වැඩ කරන්නකෝ...තව ටික කාලයයිනේ තියෙන්නේ….ඊට පස්සෙ බලමු....."
උන් වහන්සේ කීය.
##########
විශ්වවිද්‍යාලයේ අවසන් විභාගය හොඳින් ලියා අවසන් කළ මම, පන්සලේ විවේක සුවයෙන් වැඩ විසුවෙමි. පන්සලේ අමතර වැඩ කටයුතුවලටද උනන්දුවෙන් සහභාගි වූයෙමි. ලොකු හාමුදුරුවෝ දැන් අසනීප තත්ත්වයෙන් මිදී, විවේක සුවයෙන් පන්සලේ වැඩ වාසය කරන්නේය.
‘‘ ලොකු හාමුදුරුවනේ දැන් මගේ නිවාඩු කාලය නිසා, මං ගමේ ගිහින් අම්මායි, සහෝදරයොයි බලල එන්න කියල.....‘‘
‘‘දැන් විවේකීව ඉන්න එකේ, ගිහින් ආවට කමක් නෑ කාලෙකින් ගමේ ගියෙත් නෑ කිව්වනේ.....‘‘
"එහෙමයි ලොකු හාමුදුරුවනේ එන සෙනසුරාදා දිහාට එහෙනම් මම ගමේ ගිහින් එන්නම්...."
මම මට, දාන ගෙවල් හා බණ ගෙවල් වල ගිය විට ලැබී තිබූ පිරිකර ආදිය, එනම් තුවා, සබන්, රේසර්, ටූත් පේස්ට් ආදියත් මගේ පොතේ ඉතිරි කරගෙන තිබූ සල්ලිවලින් ටිකක් ද ගෙන අම්මා හා සහෝදර සහෝදරියන් බලන්න යන්න ලෑස්ති උනෙමි. පන්සලට නිතර යන එන තරුණ ව්‍යාපාරික මහත්මයෙකුගේ වාහනයකින් මට ගමේ ගිහින් එන්න ලැබිම ලොකු දෙයක් විය.
සෙනසුරාදා දින උදෙන් ම අපි, මගේ ගම බලා පිටත් වුණෙමු.
‘‘විපස්සි හාමුදුරුවන්ට සහෝදර සහෝදරියන් කී දෙනෙක් ඉන්නවද?
“‘හතර දෙනෙක්, ලොකු අක්කයි, අයියයි දැන් විවාහකයි. නංගියි, මල්ලියි රස්සාවල් කරනවා.‘‘
"ආ... එහෙනම් අම්මට එතරම් බරක් නෑ.‘‘
"තාත්තා නැතිවෙලා ටික කාලෙකට පස්සෙ අම්මා ආයෙත් කසාදයක් කර ගත්තනේ….. ඊට පස්සෙ මම කාලයකින් ගමේ ගියෙ නෑ.‘‘
අපි මගේ ගම බලා යන අතරමඟ දී වාහනය නතර කර, හෝටලයකින් දහවල් ආහාර ගත්තෙමු. අපට ගමේ පන්සලට, හවස් වනවිට ළඟා වන්නට හැකි විය. මාව හොඳ මගට යොමු කරන්න, මා මහණ කරවීමට මූලික වූ ගමේ ලොකු හාමුදුරුවෝ මම මුලින් ම බැහැ දැක්කෙමි.
උන්වහන්සේ දැන් ඉතා මහලු වයසේ පසු වන්නේය.... මා දුටු උන්වහන්සේ ඉතා සතුටට පත් වුබව පෙනින. උන්වහන්සේට මම ගෙන ගිය පිරිකර පූජා කර, වැඳ නමස්කාරද කර එකත් පසෙක අසුන් ගත්තෙමි.
‘‘විපස්සි හාමුදුරුවන්ව දැන් අඳුනන්නත් බැරි තරම්නේ... දැන් හොඳ තරුණ වයසනේ.... මට හරි සතුටුයි ඔබ වහන්සේ හොදින් ඉගෙන ගෙන දැන් හොද තැනක ඉන්න එකට..... මම ලගට එනකොට හරි චන්ඩියෙක්නේ ඒ කාලේ…..ලොකු සතුටක් ඔබ වහන්සේ ගැන මට තියෙන්නේ…. ඉතින් කොහොමද පොඩිතැන විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු එහෙම?‘‘
ලොකු හාමුදුරුවෝ අද සතුටින් ඉන්නේ මගේ පැමිනිම හා මම හොදින් අද්‍යයාපන කටයුතු කරගෙන ඉහලට ගොස් සිටිම නිසාය .
"විශ්වවිද්‍යාලයේ අවසාන විභාගය ලියල ඉවර වුණේ ගිය සුමානේ ලොකු හාමුදුරුවනේ ...‘‘
‘‘ එහෙමද ? ගොඩක් ලොකු ගමනක්නේ පොඩි තැන ගිහින් තියෙන්නේ ……… මේ ගමේම කී දෙනාටද විශ්ව විද්‍ය්ලයට කියලා යන්න වාසනාව ලැබුනේ.... ඒ අතින් ඔබ වහන්සේ ගොඩක් වාසනා වන්තයි. ගමේ හිටියනම් මෙලහකට හොර තිප්පලකට අහුවෙලා ජීවිතෙත් නාස්ති කරගෙන..... මට ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්……..මේ වගේ විශ්ව විද්‍ය්ලයට යන්න තරමට දක්ශ කෙනෙක් හදලා සාසනේට භාර කරන්න මටත් උදව් කරන්න පුලුවන් උන එක ගැන සතුටුයි . …….දැන් විපස්සී හාමුදුරුවෝ ප්‍රතිඵල ආවට පස්සෙ මොකද කරන්න හිතන් ඉන්නේ....?‘‘
“හාමුදුරුවනේ…. පිරිවෙනකවත් උගන්නන්න යන්න තමයි කැමැත්ත…... ඔබ වහන්සේට ගොඩක් පිං මම වගේ කෙනෙක් ට මෙ වගේ හොද තැනකට යන්න පාර පෙන්නුවාට.‘‘
‘‘ඒක මගේ යූතුකම නේ….ගමේ දරුවන්ට පාර පෙන්නන එක ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් විදිහට කරන්න පුලුවන් දේ තමයි මම කලේ…. ආණ්ඩුවෙන් නිකන් ඉගෙන ගත්ත එකේ ඒකට හරියන්න පිරිවෙනක හරි, ඉස්කෝලෙක හරි උගන්වන්න යන එක තමයි හොඳම දේ .....‘‘ ලොකු හාමුදුරුවෝ කීය.
"දැන් එතකොට විපස්සී හාමුදුරුවෝ අදම ආපහු වඩිනවද, එහෙම නැත්නම් රෑට මෙහේ වැඩ වෙසෙනවද ?.......ගෙදර නෑදෑයෝ බලන්න වෙන්න ඇතිනේ එන්න ඇත්තේ…. පොඩිතැන ගෙ තාත්තා නැතිවුන එක අපට හරි පාඩුයි..... ඕන හදිස්සියකට අඩ ගැහුව්වම මට ඇවිත් උදව්කරන උපාසක මහත්තයා නේ...?‘‘
‘‘මම අම්මයි, ගෙදර අයයි බලන්නත් එක්ක තමයි ආවේ ලොකු හාමුදුරුවනේ.. ... දවසක් ගමේ ඉඳලා යන්න කියල හිතාගෙන වැඩම කරේ....‘‘
‘‘ඒක හොඳයි. එහෙනම් උදේ ඉඳන් ඇවිත් මහන්සිත් ඇතිනේ. ගිහින් මූණකට සෝදගෙන ගෙවල් පැත්තෙ ගිහින් එන්න. එතකොට මේ කාර් එකෙන් ආපු මහත්තයා කොහේද රෑට නවතින්නෙ ?‘‘
‘‘ඒ මහත්තයාගෙ යාළුවෙක් ඉන්නවා මේ ළඟ..... රෑට එහේ නවතිනවා කිව්වා. හෙට හවසට ආපහු මාත් එක්කම යන්න කියලා ඉන්නේ ‘‘
‘‘ආ... එහෙම හොඳයි...
.මහත්තයාත් එහෙනම් තේ ටිකක් බීලා යාලුවාගෙ ගෙදර රෑ බෝ වෙන්න ඉස්සර යන්න…….. ඉන්න මම ඇබිත්තියාට කියන්න තේ ටිකක් හදන්න කියලා….. . ලොකු හාමුදුරුවෝ කීය.
" මම මූණ කට හෝදගෙන ගෙවල් පැත්තේ ගිහින් එන්න කියලා හාමුදුරුවනේ…..මම පන්සලේ වැඩ කරන ළමයා අපේ ගෙවල් පැත්තේ වඩින්න, තනියට, එක්ක යන්නම්ද ලොකු හාමුදුරුවනේ...... කාලෙකින් නේ ගෙවල් පැත්තේ යන්නේ....."
"හොදයි හොදයි ඒකට මොකද.. නිකන් පන්සලට වෙලා ඉන්න එකේ, තේ හදලා දීලා ඒ පැත්තේ ඔබ වහන්සේ එක්ක යන්න කියලා මම කියන්නම්කෝ...
-සදුදාට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments