top of page

✈️එතෙරින් එතෙර✈️💥(32 වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Dec 5, 2021
  • 9 min read

කොරියාවේ බෞද්ධ විහාරස්ථානයට පැමිණ ගතවි ගිය අවුරුදු දහයක කාලය තුල ,කොරියානු බෞද්ධ භික්ෂූවක් ලෙස ඉතා හොදින් මහණ දම් පුරමින්, විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ හිත දිනාගෙන කටයුතු කිරිමට මට හැකියාව ලැබින. ඉතා නිස්කලංක පරිසරයක ඉතා සැහැල්ලුවෙන් , විනයගරුකව ධර්මය පිළිපදිමින් , සිල්වත්ව ජීවත් වන මා ගැන නිවැරැදි දැක්මක්, විහාරස්ථානයට එන කොරියානු බෞද්ධ ජනයා තුලත් ඇතිවි ඇත.....


කොරියාවට එන්න මට පාර පෙන්වු, තායිලන්තයේ දී හමුවු ඇමෙරිකාවේ පන්සලක ජීවත් වන තරුණ භික්ෂූන් වහන්සේලා තවමත් මා සමඟ හොඳින් මිත්‍රව හිදින්නේය.... උන්වහන්සේලා සමඟ මම නිතර ලියුම් ගණුදෙනු හුවමාරු කර ගන්නෙමි. පන්සලේ දුරකථනයෙන්ද කතා කරන්නෙමි....


"විපස්සි හාමුදුරුවනේ අපි දෙනමක් කොරියාවේ සංචාරයක වඩින්න කියලා ....ඉන්පසු එතනින් නවසීලන්තයටත් වඩින්න තියෙනවා..... නවසීලන්තයේ බෞද්ධ විහාරස්ථානයකට වඩින්න කියලා අපට ආරාධනා ලැබිලා තියෙනවා කඨින පිංකමකට....ඔබ වහන්සේ කැමති නම් අපිත් එක්ක නවසීලන්තයේ සංචාරය කරන්න ,අපිත් එක්කම වඩින්න අවසරයි....."


"ඔබ වහන්සේලා කොරියාවට වැඩම කරන එක මට සතුටක් ...මටත් නවසීලන්තයේ සංචාරය කරන්න ආසාවක් තිබෙනවා ...."


"එහෙනම් ඔබ වහන්සේත් අපිත් එක්කම එහෙට වඩින්න අවශ්‍ය වීසා එහෙම ලෑස්ති කර ගන්න...."

අවුරුදු ගානකට පසු, ඇමරිකාවේ බෞද්ධ විහාරස්ථානයේ භික්ෂූන් දෙනමක් කොරියා රටේ සංචාරයක් සඳහා එන බව ආරංචි වී මම ඉතා සතුටට පත්වි සිටියෙමි. උන්වහන්සේලා කොරියාවේ සංචාරයත් සමඟම නවසීලන්තය බලා සංචාරය කරන බවද අසා මටත්, උන්නාන්සේලා සමඟ නවසීලන්තයේ සංචාරය කරන්න සිත් පහළ විය..... ඒ බව මම කොරියානු පන්සලේ නායක ස්වාමින්වහන්සේට දැන් විය.


" යේචිං හාමුදුරුවෝ නවසීලන්තයේ සංචාරය කරන්න කැමති නම් එහෙට වැඩම කරලා ආවාට ප්‍රශ්නයක් නෑ...."


"ලොකු හාමුදුරුවනේ මම එහේ මාස තුනක් විතර නැවති හිදින්නයි කල්පනාව ...."


"මගෙන් ප්‍රශ්නයක් නෑ ඔබ වහන්සේගේ කැමැත්තක්...."


අවසානයේ කොරියන් පන්සලේ නායක හාමුදුරුවන්ගේ කැමැත්ත ඇතිව මම ද..... ඇමරිකාවේ සිට කොරියාවට වඩින්න නියමිත ඒ භික්ෂූන් දෙනම සමඟ නවසීලන්තය බලා යෑමට වීසාවලට ඉල්ලුම් කළෙමි.....

කොරියන් පන්සලේ ගතකල අවුරුදු දහයක කාලය තුළ , එහි නායක ස්වාමින්වහන්සේ සමඟ මටද විවිධ රටවල සංචාරය කිරීමට අවස්ථාව ලැබි තිබින .... ඒ කොරියානු විහාරස්ථානයට අනුබද්ධිත වෙනත් රටවල ඇති කොරියානු විහාරස්ථාන වල තිබු විවිධ වැඩ සටහන් වලට සහභාගි වීමටය. මට යන්න ලැබුන ඒ රටවල් අතර, ජපානය, එංගලන්තය, මැලේසියාව හා සිංගප්පූරුව වැනි රටවල්‍ විය.


කොරියන් පන්සලට ආපසු මාගේ දෛවය බොහෝ වෙනස් වී ඇත ...... මම සිතපු පතපු සියලු දේ හිතුවාටත් වඩා හොදින් මට ලැබි තිබේ.....විශ්වයේ ශක්තිය විශ්වාස කරන මට, ඒ බලයෙන් මම, සිතින් නිතර දුටු දේවල් , පැතු දේවල් සියල්ල ලැබි, ලෝකය වටේ සංචාරය කිරිමටද මට වාසනාව ලැබි තිබේ...... මම කොරියාවට පැමිණියේ මාස තුනක වීසා ලබා ගෙනය..... හිතේ ද්‍යීර්යෙන් ඒ ආ ගමනේදී මට උන සියලු කරදර විපත් සියල්ල ගෙවි ගොස්, බොහෝ අත්දැකීම් ලැබ මම දැන් නිදහසේ හිදින්නෙමි..... මට කොරියානු බෞද්ධ විහාරස්ථානයක ස්තිර පදිංචිය ලැබිමත් පුදුම සහගතය..... එය මම විශ්වාස කරන විශ්ව ශක්තියේ බලයෙන් සියල්ල සිදුවන බව මගේ විශ්වාසයයි.....මගේ ජීවත කාලය තුල මට ලැබින සියලු දේ වෙනුවෙන් මම නිතර විශ්වයට ස්තූති කරන්නෙමි.....සැමව්ට අන්‍යන්ට කරුණාවෙන් සලකන්නෙමි , සිල්වත්ව ගුණගරුකව සැහැල්ලුවෙන් ජිවත් වෙන භික්ෂූවක් වන්නෙමි .....


කොරියාවට පැමිණ මාස තුනක කාලය ගෙවි යෑමට ප්‍රථම මට කොරියානු විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ හිත දිනා ගැනිමට ලැබිම විශේෂ දෙයක් විය..... කොරියාවේ වීසා ඉවර වීමට ප්‍රථම කොරියන් විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ මට කොරියාවේ නැවතීමට වීසා සකසා දීමත් විශේශය.... . උන්වහන්සේගේ කරුණාව නිසා මට කොරියාවේ නවාතැන් ගන්නට හැකියාව ලැබුනා වගේම, කොරියාවේ මහායාන බුද්ධ ධර්මය වැළද ගැනීමටද ලැබින.....මම දැන් ඉතා සිල්වත්ව මහණ දම් පුරමින් යන ගමනක නිරත වි හිදින්නෙමි.

පාන්දර යාමේ සිට රෑ වෙනකම් පන්සලේ වැඩකටයුතු වෙනුවෙන් උදව්කරන මට, නායක ස්වාමින්වහන්සේ හැම මාසයකම ගෙවීමක් ද කරන්නේය..... මම ඒ මුදල් වියදම් නොකර මගේ බැංකු පොතේ දාගන්නෙමි......පන්සලට පැමිනෙන බැතිමතුන්ගෙන් පිරිකර ලෙස ලැබෙන මුදල්ද, විදේශ රට වලින් මේ විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ගෙන් ලැබෙන මුදල්ද අපට ලොකු හාමුදුරුවෝ බෙදා දීම කරන්නේය.


පන්සලේ ඉතා විනයගරුකව වැඩ වෙසෙන ගමන් මගේ පරණ විනෝදාංශයක් වු පරණ ඉලෙක්ට්‍රික් බඩු මිල දී ගෙන ඒවා නැවත අලුත්වැඩියා කර හොඳ තත්ත්වයට ගැනීම ආසාවෙන් කරන දෙයක් වේ...... පුංච් කාලයේ පටන් ඉලෙක්ට්‍රික් බඩුවලට විශාල ආසාවක් දැක්වු මම, මට හම්බ වන මුදල්වලින් නොයෙකුත් පරණ ටෙලිෆෝන්, කම්පියුටර්, රේඩියෝ, කැසට් යන්ත්‍ර ලාභෙට මිල දී ගෙන ඒවා අලුත් කර නැති බැරි අයට පිනක් ලෙස දෙන්නෙමි.

එසේ නැතහොත් ඒවා දී මට වියදම් වූ ගාණ පමනක් ඉල්ලා ගන්නෙමි.....


කොරියන් පන්සලේ ගෙවුණු අවුරුදු දහයක කාලය ඉතා සතුටින්, නිදහසින් ගත කළේ යැයි මම විශ්වාස කරමි..... මේ රට තුල මට තිබුණු එකම අඩුපාඩුව ලෙස මට වැටහෙන්නේ මගේ සිංහල භාෂාව කතා කිරීමට කිසි කෙනෙකු මේ රටේ නොසිටීම පමණි.... අවුරුදු අටකට ඉහත දී සුබෝධ මහත්තයා ඇතුළු ඔහුගේ නෝනා හා දරුවාද ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බැවින් මට සිංහල කතා කරන්න කිසිවෙක් දැන් මෙරටේ නැත.....


ඇමරිකාවේදි මුණ ගැසුනු භික්ෂූන් දෙනම, නිතර මට දුරකතනයෙන් කතා කර , ඔවුන් යන නවසීලන්තයේ සංචාරයට අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න උපදෙස් දෙති..... ඔවුන් සමග දුරකතනයෙන් කතා කරන්න ලැබීම මගේ සිංහල භාශාව නැවත මතක් කර ගැනිමට ලැබෙන එකම අවස්තාව වෙයි.....

‘‘ඔබවහන්සේත් දැන් අපිත් සමඟ නවසීලන්තය බලා යන්න වඩින නිසා එහෙ ගෙනයන්න දේවල් ලෑස්තිද?"


‘‘එහෙමයි... මං මෙහේ නායක හාමුදුරුවන්ට කිව්වා මාස තුනක් විතර මම නවසීලන්තයේ නවාතැන් ගන්න වග....”


“‘අපි දැන් කොහේද නවසීලන්තයේ ගිහින් නවාතැන් ගන්නේ?"‘

‘‘එහේ තියෙන කොරියන් පන්සලේ අපට නවාතැන් ගන්න පුළුවන්..... මං ඒවා අපේ ලොකු හාමුදුරුවන්ට කියල ලෑස්ති කර ගත්තා.....”


"ඒක හොදයි ...එතකොට අපට වියදම් වෙන්නේ ගුවන් ටිකට්පතට යන වියදම විතරයි ...."


“ඔබ දෙනම දැන් කවද්ද කොරියාවට වැඩම කරන්නෙ?.... ඔබ දෙනම කොරියාවට වැඩම කරාම මේරටේ බලන්න යන්න තියෙන පළාත්, දේවල් මම දැනටත් ලෑස්ති කරලයි තියෙන්නෙ....”

“ඒක හොඳයි. අපි සුමාන දෙකක් කොරියාවේ වැඩ වෙසලා එහි රටතොට බලාගෙන, පසුව නවසීලන්තය බලා යන්නයි අදහස....... "


විදෙස් සංචාරයන්ට ලොකු කැමැත්තක් දක්වන මම, නවසීලන්ත සංචාරය සඳහා අවශ්‍ය සියලු දේ ලක ලෑස්ති කරගෙන බලා උන්නෙ අනෙක් භික්ෂූන් දෙනම කොරියාවට වැඩම කරන තුරුය....


ඇමරිකාවේ වැඩ විසු තරුණ භික්ෂූන් දෙනම කොරියාව බලා වැඩම කල දින ඔවුන් රැගෙන එන්නට ගුවන් තොටුපොළට මම ගියේ....., කොරියානු පන්සලේ වෑන් රතය මමම එළවාගෙනය.....

එය දැක ඇමරිකාවේ භික්ෂූන් දෙනමට බොහෝ සතුටු සිති ඇත. හේතුව මම ඇමරිකාවේ සිටි කාලයේදී ලංකාවේ වැඩ වෙසෙන්න පන්සලක් නැතැයි කියමින් දුක්වුන අවස්තාවේ, උන්වහන්සේලාගේ අනුදැනුම මත මම කොරියාවට වැඩම කල හෙයින්.... .

ඇමරිකාවේදි හමුවී ශ්‍රි ලාංකික ස්වාමීන් වහන්සේලා දෙනම කොරියාවට වැඩම කල පසු, උන්නාන්සේලාට ආගන්තුක සත්කාර හොදින්ම කල මම, එම භික්ෂූන් දෙනම කොරියාවේ විශේෂ ස්තාන බැලීම සදහා එක්ක ගියේ ,පන්සලේ මම පදවන වෑන් රතයෙන්ය.....

උන් වහන්සේලාට නවාතැන් ගන්නට, කොරියානු පන්සලේ මම වැඩ වෙසෙන කාමරයේම බට පැදුරු හා ඝනකම් පොරොවන ලෑස්ති කර දුන්නෙමි.

උන්නාන්සේලාට දානය සඳහා අවශ්‍ය දේවල් මට පුලුවන් ආකාරයට ලංකාවේ ක්‍රමයට සකස් කර දෙන්නටද උත්සහ ගත්තෙමි. ඒ ගැන උන්නාන්සේලාගෙ සතුට හා ස්තූතිය මට ලැබුනේය.

උන්නාන්සේලා කොරියාවේ වැඩ විසුව සුමාන දෙක ගෙවී ගොස් ...

මාත් සමග ඔවුන් නැවත නවසීලන්තය බලා යන දිනයද ලංවිය.

කොරියානු පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් අවසර ගත් මම එම භික්ෂූන් දෙනම සමඟ නවසීලන්තය බලා ගමන් ආරංභ කලේ සතුටිනි..... ඒ මට ලෝකයේ තවත් රටක් දැක බලා ගන්නට ලැබෙන නිසාය......ඒ අතින් මම තවම ආශාවන් හීන කර නොමැති බවක් මටම වැටහේ.....සිල්වත්ව පැවදි දම් පිරුවත් මම තවමත් ආශාවන් හීන කර නොමැතිව ජීවත් වන බැවින්, විදේශ සංචාර වලට ලොකු ආශාවක් දක්වන බව වැටහේ....


ඇමරිකාවේදී හමු වූ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා දෙනම සමඟ මම, කොරියාවේ සිට නවසීලන්තය බලා වැඩම කළේ තවත් අලුත් රටක් දැක බලා ගන්නට ලැබෙන සතුටිනි..... ඇමරිකාවේ වෙසෙන භික්ෂූන් වහන්සේලා නිසා කොරියාවට වැඩම කරන්න ,ආසාව ඇතිවි ලංකාවේ සිටි කොරියාවට වැඩම කල මම.....අද දින වන විට, මම ආ දුර ගැන ඉඳහිට සිහිපත් කරන්නෙමි.


අපි තෙනම, නවසීලන්තයට වැඩම කර, එහි නවාතැන් ගන්නට ගියේ, නවසීලන්තයේ කොරියාවේ මහ පන්සලට අනුබද්ධිත කොරියානු පන්සලකටය.....


කොරියානු පන්සලේ නායක හාමුදුරුවන්ගේ අනුදැනුම මත නවසීලන්තයේ පන්සලට ආ අපට එහි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා බොහොම හොදින් අවතේව කරමින් පිලිගත්තේය.... මට හොඳින් කොරියන් භාෂාව කතා කිරීමට හැකි වීම නිසා එහි වැඩ සිටි ලොකු හාමුදුරුවොත් අනෙක් භික්ෂූන් වහන්සේලා සමඟත් මම හරි හරියට කොරියන් භාෂාවෙන් කතා කළෙමි..... එම පන්සලේ නායක හාමුදුරුවෝ මා සමඟ ඉතා ඉක්මනින් මිත්‍ර විය.....


අපි හිතුවාටත් වඩා හොදින් අපේ නවසීලන්ත චාරිකාවේ නිරත වෙන්නට අපට හැකි විය. නවසීලන්තයේ බලා ගත යුතු විශේශ ස්තාන සියල්ල බලා යන්නට අපි වාහනයක් කතා කරගෙන ගියෙමු.....


"ඇත්තටම මේ සංචාරයත් අපි හිතුවාට වඩා හොදින් නිම කිරිමට හැකි වුනා නේද ...?


"අපට දැන් ඉතුරු වෙලා තියෙන්නේ නවසීලන්තයේ ලංකාවේ බෞද්ධ භික්ෂූන් වැඩ සිටින පන්සලේ කඨින පිංකමට සහභාගි වෙන්න පමණයි.....විපස්සී හාමුදුරුවෝත් අපි සමග කඨින පිංකමට සහභාගි වෙනවද...? ....අපිට ඒ පන්සලට වැඩම කරාම, කඨින පිංකමට සහභාගි වෙලා, ලංකාවේ භික්ෂූන් වහන්සේලා සමගත් කතා බහ කරලා ආපහු අපේ රටට වඩින්න පුලුවන් ...."


"ඒ උනාට මේ දිනවන ලංකාවේ සිට සංඝනායක භික්ෂූවක් හා තව නායක ස්වාමින් වහන්සේලා හත් අට නමක්ම නවසීලන්තයට වැඩම කරලා ඉන්න බවක් මට ආරංචි උනා.... ඒ පන්සලේ තියෙන කඨින පිංකමට සහභාගි වෙන්න .... ඒ නිසා ඔබ වහන්සේලා සමග මට මගේ මේ කොරියානු සිවුරෙන් ඒ පන්සලට වැඩම කරන්න කැමැත්තක් නෑ හාමුදුරුවනේ ..."


"කඨින පිංකමට අපට ආරාධනා ලැබිලා තියෙන නිසා ....එහෙනම් ඔබ වහන්සේ අපි එක්ක අපේ තැඹිලි පාට සිවුරෙන් කඨින පිංකමට වඩින්න .....ඒකේ ප්‍රශ්නයක් නෑ අපි දෙනම විතරනේ දන්නේ ඔබ වහන්සේ කොරියාවේ සිවුරට මාරු උන බව......ඒකේ වැරැද්දක් නෑ...මේ කඨින පිංකම වගේ හොද දෙයකට සහභාගි වෙන්නනේ වඩින්නේ......සිල්වත්ව පැවදි දිවිය ගත කරන ඔබ වහන්සේට ඒකට අවසර තිබෙනවා .....


"එහෙමයි එකේ වැරැද්දක් නෑ ...ඔබ වහන්සේ කඨින පිංකමට තැඹිලි පාට සිවුරෙන් වැඩම කරන්න ...."


"එහෙනම් එහෙම කරමු.... එතකොට ප්‍රශ්න අඩුයි....මම කොරියාවේ භික්ෂූවක් ලෙස ජීවත් වෙන බව ,අපේ නායක ස්වාමින්වහන්සේලාට දැනගන්න තියන්න අවශ්‍ය වෙන්නේ නෑ.... මම කොහොමත් බුදුන්වහන්සේගේ ධර්මය හරි ලෙස පිළිපදින ,සිල්වත් භික්ෂූවක් .... "


නමුත් කොරියාවට ආපසු , මගේ කැමැත්තෙන් කොරියානු සිවුරට මාරු උන මට, එම පන්සලේ සිටින ශ්‍රී ලාංකික නායක ස්වාමීන් වහන්සේලාට මාගේ කොරියානු සිවුරෙන් මුහුණ දීමට තරම් ශක්තියක් නොවීය......ඇමරිකාවේදී හමු වූ හිමිවරුන් මා සිටි තත්ත්වය හොදින් තේරුම් ගත් හොද යහළුවන් දෙදෙනෙකු උන බැවින්....... එය ප්‍රශ්නයක් නොවුනත්, කවදාවත් මාව අදුනන්නෙ නැති භික්ෂූන් වහන්සේලා වන, නවසීලන්ත බෞද්ධ පන්සලේ වැඩ සිටින ශ්‍රී ලාංකික හිමිවරුන් මාව කවරාකාරයෙන් පිලිගනීවිද යන්න, මගේ හිතේ චකිතයක් ඇත .....


මම අනෙක් භික්ෂූන් දෙනමගේ කැමැත්ත ඇතිව ලංකාවේ ස්වාමීන් වහන්සේලා වැඩ වෙසන පන්සලට යන අතරමග, විවේකාගාරයකදී...., මාගේ කොරියන් සිවුර ගලවා දමා, ලංකාවේදී ඇඳි තැඹිලි පාට සිවුරට මාරු වුනෙමි..... මම මගේ ඇදුම් බෑගයේ කවදත් ලංකාවේ සිවුරක් තබාගෙන යන්නෙමි. මම තවමත් එම සිවුරට ආසාකරන බවද වැටහේ.....

අවුරුදු දහයක් ඇදගෙන සිටි කොරියානු සිවුර ගලවා දමා කාලයකට පසු ඇඳි තැඹ්ලි පාට සිවුර මගේ ඇඟට අපහසුතාවක් ගෙන දුන්නා යැයි දැනේ.....නමුත් මම මෙම සිවුරෙන් අවුරුදු දොලහේ සිට අවුරුදු ගානක් සිටි බවත් සිහිපත්වේ....


කොරියානු සිවුරෙන් මිදි ලංකාවේ භික්ෂූන් අදින තැඹ්ලි පාට සිවුරට මම මාරු උනත්, මම කරන්නේ වැරැද්දක් නොවන බව මගේ හිත දන්නා බැවිනි.... සිවුරු දෙකක් ඇන්දත්, මා අදහන එකම ශාස්තෘවරයා මාගේ බුදුරජාණන් වහන්සේ ය.... උන්වහන්සේට මම මුලුහදවතින්ම ගරු කර හිස නමා වන්දනාමාන කරන්නෙමි ...... බුදුන්ගෙ ධර්මය පණ මෙන් පිළිගෙන ඉතා භක්තියෙන් ඒ සඳහා පේවී සියලු හොද දේ කරන්නෙමි... .... පස්පව් නොකරන, බෞද්ධාගමට ඉතා ලෑදිව, බෞද්ධ ධර්මය පතුරන, කාටත් එක ලෙස කරුණාවෙන් සළකමින්, බුදුරජාණන් වහන්සේගේ බැතිමත් අනුගාමිකයෙකු, භික්ෂූවක් ලෙස මම ජීවන ගමන ගෙන යන්නෙකුද වෙන්නෙමි.......


නවසීලන්ත විහාරස්ථානයක ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වැඩ සිටින පන්සලක පැවැති කඨින පිංකමට මට කාලෙකට පස්සේ සහභාගි වෙන්නට ලැබීම හිතට ලොකු සතුටක් දැනුන දෙයක් විය....මා සමග සිටි ලංකාවේ භික්ෂූන් වහන්සේලා දෙනමත්, තවත් ලංකාවේ නායක ස්වාමින්වහන්සේලා සමග එම පන්සලේ පිංකමට බොහෝම හොදින් සහභාගි වි ඒ කටයුතු හොදින් ඉවර කර ගන්නට ලැබුනේය ....කාලෙකට පසු ලංකාවේ භික්ෂූන් වහන්සේලා දැක කතා බහ කිරිමට ලැබිමත් හිතට අමුතු සතුටක් ඇති වි ඇත..... හිතුවාට වඩා නවසීලන්ත සංචාරය බොහෝම හොදින් ඉවර කරගන්නට අපට හැකි විය.

‘‘ නවසීලන්ත ගමන හිතුවට වඩා හොදින් කරගන්න හැකි උනා නේද?.....අපි නම් තව දවස් දෙකයි නවසීලන්තයේ වැඩ සිටින්නේ, අපි ඇමරිකාවට වැඩම කිරීමට ප්‍රථම ලංකාවටත් ගොස් එහෙත් සුමානයක් වැඩහිඳ යන්නයි ලෑස්ති කරගෙන තියෙන්නේ...., අනිද්දට කොළඹ බලා අපට වඩින්න තියෙන්නවා විපස්සී හාමුදුරුවනේ ......‘‘


ඇමරිකාවේ සිට වැඩම කල භික්ෂූන් දෙනම නැවත ලංකාව හරහා ඇමරිකාව බලා යෑමට සැරසේ.


"විපස්සී හාමුදුරුවනේ, ඔබවහන්සේ දැන් කවදාද කොරියාවට වඩින්න හිතා ගෙන ඉන්නේ....."‘

"‘මට තව මාස දෙකක් තියෙනවා වීසා ඉවර වෙන්න.... මට ඉන්න තැනක් තියෙන නිසා මම ඒ මාස දෙකත් මේ රටේ තව ඇවිදලා රටතොට තව බලාගෙනම කොරියාවට නැවත වඩිනවා.....‘‘

දින දෙකකට පසු ඇමරිකාවේ සිට පැමිණි ස්වාමීන් වහන්සේලා දෙනම කොළඹ බලා නැවත වැඩම කලේය....


මම නවසීලන්තයේ කොරියන් පන්සලේ නතර වී එහි ලොකු හාමුදුරුවන්ගේ ද හිත දිනාගෙන පන්සලේ වැඩවල හොදින් සහභාගි විය.....


මාස දෙකක කාලයක් නවසීලන්තයේ ,කොරියානු විහාරස්ථානයේ වැඩ සිටි මට, ඒ මාස දෙක ඉවර වෙන්නත් ප්‍රථම, එම කොරියානු පන්සලේ නායක ස්වාමින්වහන්සේගේන් මට ආරාදනාවක් ලැබින.....


"‘ඔබවහන්සේ කැමැති නම්, නවසීලන්තයේ මේ පන්සලේ කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස දිගටම අපිත් එක්ක නවාතැන් ගන්න පුළුවන්..... අපට තව භික්ෂූන් නමක් මේ පන්සලට අවශ්‍ය කරල තියෙනවා පන්සලේ ආගමික වැඩ කටයුතු කරගෙන යන්න.... ‘‘

පන්සලේ ලොකු හාමුදුරුවෝ මට ඒ කල ආරදනාව ද ඇසුණු නවසීලන්තයේ, කොරියන් පන්සලේ සිටින, එකම පොඩි හාමුදුරුවෝ කේන්තියෙන් කතා කලේය .

‘‘මෙයා මෙහේ නැවතිලා මොනව කරන්න ද? මට පුළුවන් පන්සලේ වැඩ ඔක්කොම තනියම බලා ගෙන කරන්න..... මෙයා කොරියානු භාශාව කතා කරාට මෙයා අපේ කෙනෙක් නෙමේ නේ….‘‘

පොඩි උන්නාන්සේ කේන්තියෙන් කීය.

පොඩි උන්වහන්සේ මං පන්සලේ නැවතෙනවාට කැමැති නොවීය.... නමුත් ලොකු හාමුදුරුවන්ගේ කැමැත්ත වුණේ තව කොරියානු භික්ෂූන් නමක් පන්සලේ නවාතැන් ගෙන සිටීම වැඩපලට පහසු වෙන බවයි....


විශේෂයෙන් කොරියාවේ මහ පන්සලක සිට වැඩම කල මම බොහෝ දුරට පෙනුමෙනුත්, කතා බහෙනුත් බොහෝ පැහැපත් කොරියානු පෙනුමට සමාන උන නිසාත්, මම ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් බව නොකිව්වොත් මිසක් කාහටවත් මාව අදුනගන්නට බැරි ගානය .... මම බොහෝ පිලිවෙලට පන්සලේ වැඩකටයුතු කරනා බැවින් නවසීලන්තයේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මට කැමති වි ඇත.... අනික කොරියාවේ සිට මෙරටට භික්ෂූන් නමක් අලුතින් වඩම්මවා ගන්න යන වියදම අධික නිසා ලොකු හාමුදුරුවෝ මට මේ අදහස ඉදිරිපත් කරන්න ඇතැයි මට සිතේ.... මම උන්වහන්සේ කැමති ආකාරයට උන්වහන්සේගේ හොද හිත දිනාගෙන වැඩ කිරිම නායක ස්වාමින්වහන්සේගේ සතුටට හේතු වු ඇත....


“‘පොඩි හාමුදුරුවෝ මං මේ පන්සලේ නවතිනවට කැමැති නෑ වගේ ලොකු හාමුදුරුවනේ..... ‘‘

‘‘එයාගෙ කැමැත්තක් අවශ්‍ය නෑ..... ඔබවහන්සේ කැමැති නම් මේ පන්සලේ දිගටම නවතින්න පුලුවන් .... මං ඔබ වහසේගේ වීසා දික් කරල දෙන්නම්.....‘‘

‘‘මං අපේ මහ කොරියනු පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුත් මේ ගැන අහන්න ඕනෙ හාමුදුරුවනේ ‘‘

‘‘මං කොරියාවට කතා කරල ඒ ගැන අහන්නම්..... ඔබවහන්සේට කොරියාවේ ඉන්නවට වඩා නවසීලන්තයේ ඉන්න එක ගොඩක් හොඳයි. ...හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන් මෙහේ හිටියොත්‘‘

‘‘ඇත්තටම කියනවා නම් ලොකු හාමුදුරුවනේ මං නවසීලන්තයේ ජීවත් වෙන්න හරි කැමැතියි.... හරිම ලස්සන රටක්, මිනිස්සුත් හරිම හොඳයි. ඉංග්‍රීසි කතා කරන මිනිස්සු ඉන්න රටක ඉන්න එක අපට ඉංග්‍රීසි භාෂාව දියුණු කර ගන්නත් පුළුවන්........අවුරුදු දහයක්ම කොරියාවේ වැඩ විසූ නිසා ටික කාලයක් මේ රටෙත් නවාතැන් ගන්න මම කැමැතියි හාමුදුරුවනේ...."

‘‘විපස්සි හාමුදුරුවෝ කැමැති නම් මේ පන්සලේ නවතින්න පුළුවන්.....මම අද හෙටම ඔබවහන්සේගෙ නවසීලන්ත වීසා දික් කරලා දෙන්නම්...."‘

“මම නම් ඒකට බොහොම කැමැත්තෙන් ඉන්නේ හාමුදුරුවනේ.... මම කොරියාවේ භික්ෂූන් නමක් ලෙස අවුරුදු 10ක් වැඩහිටියා..... ලංකාවේ මහණ වෙලා අවුරුදු 12ක් ලංකාවේ භික්ෂූන් නමක් ලෙස වැඩහිටියා...., තායිලන්තයේ අවුරුද්දක් විතර වැඩ සිටියා. මම මහණ වුණේ අවුරුදු දොළහේ දී..... දැන් මට අවුරුදු තිස්පහට ලඟයි.... මේ අවුරුදු ගානට මම ලෝකෙ ගොඩක් රටවලට වැඩම කරලා තියෙනවා හාමුදුරුවනේ ….. නානාප්‍රකාර මිනිසුන් හම්බ වෙලා තියෙනවා...... මේ අවුරුදු තිස්පහට මං ඉතා අවංකව, පිරිසුදුව සිල්වත්ව හොදින් මහණ දම් පුරලා තියෙනවා ..... මගේ පැවදි ජීවිතය ගැන මට හරි සතුටුයි..... මං කැමැතියි හාමුදුරුවනේ මේ රටේ නැවතිලා කොරියන් පන්සලේ හාමුදුරු නමක් ලෙස ඉදිරි කාලය ගත කරන්න.”......

"‘මටත් සතුටුයි, ඔබවහන්සේ වගේ කෙනෙක් අපේ පන්සලේ නවාතැන් ගන්නවාට. අපි එහෙනම් කොරියාවේ ලොකු පන්සලට දන්වා යවමු...., ඔබවහන්සේ නවසීලන්තයේ මගේ ළඟ නතර වෙනවා කියලා.‘‘

‘‘හොඳයිමයි හාමුදුරුවනේ.‘‘

උන්නාන්සේගේ කැමැත්තට වගේම මගෙත් කැමැත්ත උඩ මම නවසීලන්තයේ, කොරියානු පන්සලේ කොරියන් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ජීවත් වෙන්න පටන් ගත්තෙමි .


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page