top of page

ඉරිසියාව /ඊර්ෂ්‍යාව

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 30, 2020
  • 3 min read

ඊර්ෂ්‍යාව කියන්නෙ මොකකද්? එය ඇති වන්නේ කොහොමද ? එය ,නැති කරගන්නේ කොහොමද කියන එක ගැන අද අපි ටිකක් කතා කරමුද. හේතුව ඊර්ෂ්‍යාව නැති මනුස්සයෙක් මේ ලෝකේ නැති තරම් නිසා... **ඊර්ෂ්‍යාව කියන්නෙ හැගීමක්. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක් . ඊර්ෂ්‍යාව සිතේ නැති කෙනෙක් හොයාගන්න අමාරුතරම්. මිනිසුන් අතර ඊර්ෂ්‍යාව වැඩියෙන් තියෙන කොටසක් වගේම ඊර්ෂ්‍යාව අඩුවෙන් තියෙන කොටසකුත් ලෙස වර්ග කල හැක. **ඊර්ෂ්‍යාව හිතේ පමනක් තියෙනකම් කිසි ප්‍රශ්නයක් ඇති නොවන අතර එය හිතේ ඇතිවු විට මිනිසුන් කරන විරුද්ධ වාදීකම් නිසා ප්‍රශ්න ඇතිවේ. **ඊර්ෂ්‍යාව භය, වේදනාව ආදරය , සතුට, රාගය, මෝහය, අල්ලා ගැනීම වැඩිවීම, තමාට නැති දෙයක් අන් අය වෙත තිබීම ඊර්ෂ්‍යාවේ මූලාරම්භය වේ. ආසාවෙන් පොදි බැදගත් දේ තමාට නැති වි යාම , තමාට වඩා උසස් තැනක තමා ආශ්‍රය කරන කෙනෙකු සිටීම ආදී දේ නිසා ඕන කෙනෙකුට සිතේ ඇතිවිය හැකි දෙයකි ඊර්ෂ්‍යාව . බොහෝ විට කිසිම දෙයක් නොකර නිකන් කම්මැලි කමට ඉන්න අය අතර ඊර්ෂ්‍යාව වැඩියෙන් ඇත. තමන්ගේ දියුණුව වෙනුවෙන් මහන්සි වෙන අයට ඊර්ෂ්‍යාව ඇතිවන්නේ බොහොම අඩුවෙනුයි. සතුටින් ඉන්න අයට ඊර්ෂ්‍යාව ඇති වන්නේ නැති තරම්ය. **තමාට නැති දෙයක් වෙන කෙනෙකුට තිබීම, එය අත්පත් කර ගැනීමට නොහැකි වීම, ඕනෑම දෙයකට තදින් බැදී සිට්ම, තමාට තියෙනවාට වඩා වෙනකෙක්ට තියෙන දේට ඇලුම් කිරිම, එවිට ඇතිවන නුරුස්සුම් සහගත්බව, එනම් පෙනුම, අදින ඇදුම් අද්‍යයාපන මට්ටම්, රැකියාව, සම්ජ මට්ටම් , සමාජයේ පිලිගැනිම, ආදිය සංසදනය කිරීමට යෑම නිසා ඊර්ෂ්‍යාව ඇති වෙන්න පටන් ගනි. තව කෙනෙකුගේ දියුණුව ,සතුට දැකීමෙන් බොහෝ අයගේ සිතේ ඊර්ෂ්‍යාව ඇතිවේ. ** තවත් කෙනෙකුගේ දියුණුව දැකලා අවංකවම සතුටු වෙන්න බැරිනම් එතන ඇත්තේ ඊර්ෂ්‍යාවයි. ** ඊර්ෂ්‍යාව ඇතිවු විට අනෙකාට හින්ට් ගැසීම, බාල්දු කිරීම, තැන තැන වැරදි කීම, බොරු ආරංච් පැතිර වීම, වයිර බැදීම, නිතර අනෙකා කෙරෙහි තරහෙන් සිටිම, ඔවුන් මග හැරීම, කතා කිරිම අඩු කිරිම ඔවුන් අතින් සිදුවේ. එහෙම නැත්නම් කතා කරන දේවල් අල්ලා ගෙන ගේම ගහන අයත් ඇත. ඊර්ෂ්‍යාව සිතේ ඇතිවීම නිසා මූණ කැත වීම, අපිරිසිදු වීම, නිතර ලෙඩ රෝග වලට ගොදුරු වීම, අවලක්ෂණ වීම, නින්දෙන් භයානක සිහින දැකීම, මානසික ලෙඩ රෝග සැදීම සිදුවේ. ඊර්ෂ්‍යාව කිරිම තුලින් ලැබෙන දෙයක් නැත. අපි පෙර භවයේ කල පව් පිං අනුව, අපට මේ ආත්මයේදි හැම දේම ලැබෙන්නෙත් අනේකාට ඒ දේවල් ලැබෙන්නෙත් කියා සිත හදාගන්න පුලුවන් විය යුතුයි . ඉරිසියාව අඩුකර ගැනීමට නම් තමන් ඉන්න තත්ත්වය තේරුම් ගෙන සිටිම, තමන්ගේ අදයාපන මට්ටම් තේරුම් ගෙන සිටිම, නිහතමානී වීම, උපේක්ෂාවෙන් හැම දෙයක් දිහාම බැලීම, තනියම හිතලා හෝ වෙන කෙනෙක්ට කියලා හරි වෙනස් වෙන්න උත්සාහ ගත යුතුයි . ඊර්ෂ්‍යාව තියෙන අය නිතර අනිත් අයට රිටන් දෙන්න ගිහින් නිතර අමාරුවෙ වැටෙයි. ඊර්ෂ්‍යාව තියෙන පුද්ගලයන් හදුනා ගෙන ඔවුන් සමග සුහදව කතා කල යුතුයි . ඔවුන් සමග පුරසාරම් නොකිය විය යුතුයි . ඔවුන් සමග සෝබන කතා නොකියන්න. ඊර්ෂ්‍යා කාරයින්ට හින්ට් ගහන්න එපා. ඔවුන් කියන දේ ගනන් නොගෙන ,නොදැක්කා සෙ ඉන්න පුරුදු වන්න. ඔවුන් කියන දේ ඉවසන්න . තරහා නොගෙන ඔවුන්ට අනුකම්පා කරන්න . නිතරම නිහතමානීව ඔවුන් සමග කතා කරන්න . ඉරිසියාව සෑම පෘතක්ජන මිනිසුන් තුලම ඇතිවෙන දෙයක් වන අතර එය අඩු කර ගැනීමට වගේම නැති කරගැනීමටත් අප උත්සාහ ගත යුතුයි . බුදුන් වහන්සේ වගේම බයිබලයේද ඊර්ෂ්‍යා කිරීම නිසා ඇතිවන විපත් හා එය නැති කර ගැනීමේ ක්‍රම විස්තර කර ඇත. *අපි නිතරම ආගමානුකූලව ජීවත් වන්න උත්සහ කලොත් එය පාලනය කර ගත හැක. *නිතර සරල වන්න. * ධනාත්මක ලෙස ජීවිතය දකින්න .* නිතර යතාර්ථය දකින්න . *නිතර සුභ වාදි ලෙස ජීවත් වන්න. *තමන් කවුද කියා තේරුම් ගන්න. * මුදිතා භාවනාව වඩන්න. * මයීර්ති සහගත වන්න. * හිතේ සාමය, සිතිවිලි පාලනය මැනවින් කර ගත යුතුයි . * ඊර්ෂ්‍යාව සහමුලින්ම ඉවත් කරගැනීමට හැකි වන්නේ නම් අනාගාමී ඵලයට පත් වූ පසුවයි .

**ප්‍රිසිලා ගොඩහේවා **



2 Comments


nshaminda82
Sep 16, 2021

Godak hoda lipiyak. Man meka beluwe irisiyawa nethi kara gannamai. Mata theruna siyum irisiyawak mage hithe thiyenawa kiyala. Ekai google search kale irisiyawa nethi kara ganna akaraya. Godak pin. Theruwan saranai oba thumiyata. Niduk nirogee deergayusha lebewa. 🙏🙏🙏🙏

Like
Prisila Godahewa
Prisila Godahewa
Sep 17, 2021
Replying to

ඔබටත් එසේම වේවා ! 👍

Like
bottom of page