top of page

*ඇබැරැල්ලා පොඩි ගෙඩි පිටින්, චට්නි හදමු අලුත් ආකාරයට*

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 9, 2020
  • 1 min read

සාමාන්‍යයෙන් මම හරි කැමතියි අලුත් විදිහට අලුත් කෑම වර්ග ලේසි ක්‍රම වලට හදන්න. කාලය අඩුවෙන් වගේම, තෙල් මිරිස් අඩුවෙන් කෑම වර්ග හදන්න මම නිතරම උත්සහ ගන්නවා. හේතුව මගේ ගෙදර අයගේ සෞඛ්‍ය ගැන මම නිතර හිතෙන නිසයි.

මම ඇබැරැල්ලා උයන වෙලාවට, අච්චාරු වගේම අමුවෙනු කන වෙලාවටත් පොත්ත පිටින්ම ප්‍රයෝජනයට ගන්නට උත්සහ ගන්නවා. ඒ විටමින් සී බහුල කොළ පාට පොත්ත විසි කිරිමට ඇති අකමැත්ත නිසයි.

මම අද හදන්නේ ඇබැරැල්ලා ගෙඩි පොත්ත පිටින්ම චට්නියි.

**මුලින්ම ඇබැරැල්ලා පොඩි ගෙඩි , 1kg පමන ගෙන, උඩ නැට්ට ලග කොටස යයම්තම් කපා දමා හොදින් හෝදාගන්න. ඒවා ප්‍රෙශර් කුකර් එකට දමා ගන්න.

**එයට මිරිස් කුඩු මේස හැන්දක්, ගම්මිරිස් තේහැදි දෙකක්, කරදමුංගු කරල් 3ක්, කරාබු නැටි 3 ක්, කුරුදු කැබැල්ලක් ,ලුණු ඇති පමනට දමන්න .

**අබරාගත් සුදුලූනු බික් හතරක් හා ඉගුරු පොඩි කැබැල්ලක් මෙයට එකතු කරන්න .


** සීනි මේස හැදි දෙකක් (තමන් කැමති ප්‍රමාණයක් ගත හැක. මම සීනි අඩුවෙන් යොදා ගත්තේ)

** ඉන් පසු එයට විනාකිරි කෝප්පයක් සහ වතුර කෝප්පයක් දමා ගන්න.

මේ සියලු දේ දමාගෙන හොදින් කවලම් කරලා ප්‍රෙශර් කුකර් එකේ විනාඩි දහයක් දමා තම්බාගන්න . වැඩි වේලාවක් නොයා ඇබැරැල්ලා පොඩි ගෙඩි පිටින් හොදින් තැම්බි තිබෙන චට්නි කෑමට ගත හැක. ශීතකරනයේ සුමානයක් පමන තියාගෙන මෙම ඇබැරැල්ලා ගෙඩි චට්නි කෑමට ගත හැක.


 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page