top of page

**අර්තාපල් කලුපොල් මාලුව **

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 5, 2020
  • 1 min read

මෙම වෑංජනය ඔබට අලුත් දෙයක් නොවෙන්න පුලුවන්. නමුත් මම පලවන පාරට තමයි මේ අර්තාපල් කලුපොල් මාලුව සකස් කරේ. ඒ වෙනත් කෑම සංසදයක හදන හැටි තිබෙනවා දැකලා තමයි හැදුවේ. හරිම රසයි. මස් මාළු නොකන අයට පොල්සම්බෝලයක් ,පපඩමක් බැද ගත්තත්, මේ කරිය සමග බත් ගොඩක් රසට කෑවැහැකි.

.

#මෙහෙමයි එය හදන්නේ #

මුලින් අර්තාපල් අල, තමන්ට උයන්න අවශ්‍ය ප්‍රමානයට තම්බලා අරගෙන ලොකු කෑලි කපන්න.

* ගාගත් පොල් හා හාල්, මේස හැන්දක ප්‍රමාණයක් ගන්න. *කරාබු නැටි හා කරදමුංගු කරල් 3ක් *මිරිස් කුඩු මේස හැන්දක්

*ගම්මිරිස් තේ හැන්දක්

*සුදුලූනු බික් 4 ක්

*ඉගුරු කැබැල්ලක්

*කුරුදු කැබැල්ලක්

*කරපිංචා

මේ සියලු දේ කබලේ රන්වන් පාට වෙන තෙක් බැද බ්‍රෙන්ඩරයේ ආදාරයෙන් හෝ කැමති ආකාරයකට අබරා ගන්න. මේ අබරාගත් මිශ්‍රණය තම්බා කෑලි කපා ගත් අර්තාපල් වලට දමා කවලම් කර ගන්න .

භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැන්දක ප්‍රමාණයක් එකතු කර රත් කරන්න. කපාගත් බීලූනු එකතු කර බැදෙන්න හරින්න. පසුව එයට රම්පෙ කෑල්ලක් , සේර කෑල්ලක් දමා බැදුන පසු, මුලින් තුනපහ අතගාගත් අල ටික දමා කවලම් කරන්න . කැමති නම් උම්බලකඩ කැබැලි එකතු කර ගත හැක. පසුව එයට බැදපු තුනපහ මිරිස් තමන්ට කැමති ප්‍රමාණයක් , එකතු කර පොල්කිරි කෝප්පයක් හා තව වතුර ටිකක් දමන්න. රස අනුව ලුනු එකතු කරන්න. මුලින් එය හොදින් ලිපේ නටවා පසුව මද ගින්නේ හින්දා ගන්න. මස් මාළු නොකන අයට වගේම කාට උනත් රස කර පාන් බත් කන්න මෙය හොද රසවත් වෑංජනයක් වෙයි.


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page