top of page

♨️අයිරින් ♨️ නොසැලෙන දියණි (45 වෙනි කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 4 min read

තවත් අලුත් දිනක උදාවේ.....කොළඹ කොන්ක්‍රීට් වනාන්තරේ සිට, සීතල නුවරඑළිය දක්වා අපව රැගෙන යන්නට, තේ වත්තේ වාහනය උදේ හය වන විට නවාතැන් පල වෙත පැමිණ තිබුනි......


ඒවන විටත්, අප රාත්‍රීයේ නැවති සිටි නවාතැන වෙත ,ජුඩ් හා තෝමස් පැමිණ සිටියේ....., නුවරඑළියේ යන්නට, මටත් වඩා ලොකු උවමනාවකිනි.... තෝමස් හා ජූඩ් හොදින් ඇද පැළද ගෙන, ඔවුන්ගෙ ඇදුම් බෑග්ද රැගෙන වාහනයට ගොඩ උනේ බොහොම සෑහැල්ලු ලෙසය.....


"කොහොමද ජූඩ්, අද උදෙන්ම නැගිට්ටද...?


"ඔව් අයිරින් ....අවුරුදු ගානකට පස්සෙ, අපි කට්ටියම එකට මුණ ගැසුනු සතුට නිසා මට, ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ...."


"තෝමස් ඔයා වැඩ කරන තැන සර්ට, නුවරඑළි යන ගමන ගැන මොනවද ඔයා කිව්වේ...?


"කෙලින්ම රස්සාවෙන් අස්වෙන බව මම එයාට කිව්වෙ නෑ අයිරින් .....නංගිලා එක්ක සුමානෙකට නුවරඑළිය යනවා කියලා ආවේ.....හොද රස්සාවක් හම්බුනොත් විතරක් සර්ට කියනවා.....නැත්නම් ආයෙත් කොළඹ ඇවිත් පුරුදු විදිහට මේ කරන රස්සාවම කරගෙන ඉන්නවා......"


"මාත් එහෙමයි කිව්වෙ අයිරින් .....දැන් කාලේ එකපාරටම රස්සාවල් නැති කරගන්න බෑනේ... ..."


"මොනවද තෝමස් මේ පාර්සලේ....?


"අපට නුවරඑළියේ යන ගමන් මග දිගට කන්න

මාළු බනිසුයි, රෝල්ස් ටිකකුත් ගත්තා....

උදේ පාන්දර අලුතින් හදන, මම දන්න බේකරියකින් ගත්තේ..........මේ ඩැයිවර්ටත් දීලා ඔයගොල්ලොත් කන්න......."


"ඔයා මේවා මතක් වෙලා ගෙනාපු එක නම් ගොඩක් හොදයි..... අපට මගදි කන්න පුලුවන් .....ඔයගොල්ලන්ට කාලයක් තනියම ම ඉදලද මන්දා, සාමාන්‍ය දැනීම ගැන හොද දැනුමක් තියෙනවා.... "


"දන්න කාලේ ඉදලා අපි අපේ දේවල්, තනියම කරගන්න පුරුදු උන නිසා වෙන්න ඇති."


"නුවර එළියට යන්න තව කොච්චර වෙලාවක් යයිද අයිරින් .....?


"ගමනක් යන්න පටන් ගත්ත ගමන්, ගමනෙ නිමාව, වෙලාව ගැන ගැන අහන්න එපා රෝසී.....අඩුම පැය හයක් වත් යයි....නවත්ත නවත්ත යන කොට..."


"අපි දැන් ඉස්සෙල්ලම කොහේටද යන්නේ...?


"අපි කොන්වන්ට් එකට ගිහින් ලොකු මදර්ට ස්තුතියි කරමු අපට රෝසිව මඩමෙන් ගන්න උදව් කලාට....."


"මම ඇපල් මිදි පලතුරු ගොඩක් ගත්තා මදර්ට දෙන්න..."


"ඒක හොදයි.....ඔයාට ඒකත් මතක් වෙලා....."


"අපි දැන් මහනුවර පාස් කරගෙන නේද මේ යන්නේ.....බලන්නකෝ මේ පරිසරයේ තියෙන නිස්කලංක බව ,වෙනස.....අපි කොළඹට කොටු වෙලා දාඩිය දාගෙන පිච්චි පිචිචි එහෙ වැඩ කරනවා හිතට නිදහසක් නැතුව .....මෙහෙම එන්න ඕනේ මේ පළාත් වල ලස්සන, නිදහස් වෙනස දකින්න ....."


"හරිම ලස්සනයි මේ පළාත් ......මම කවදාවත් මඩමෙන් පිට, මේ වගේ පැත්තකට ගිහින් නෑ.... අනේ මේ ජනේලයෙන් අත දාලා එළිය බලන්න ......එළිය හරිම සීතලයි.......පුදුම ලස්සනක් මේ කදු යායවල් වල තියෙන්නෙ......සීතල මීදුම,මේ වට වංගු පාරවල්...එළවළු වතු......විශාල තේ වතු කොච්චර ලස්සනද...?


"අපි දැන් කොන්වන්ට් එක කිට්ටුවට ඇවිත් ඉන්නේ තෝමස් ..."


"මදර් තෙරේසා අපි අද එනබව දන්නවා නේද අයිරින් ...මගෙ හිතට නිකන් බයයි වගේ....."


"ඔව්.....ඔව්....මම ඊයේ කිව්වා.....අය්යයි මල්ලියි ටික දවසක් මෙහෙ නවතින්න බලාගෙන එන්නෙ කියලා .. ...මදර් හරි හොදයි.. ..එයා තමයි මට ඔයාව හොයාගෙන කොළඹ යන්නත් උදව් කලේ.....එතකොට සිස්ටර් ෆර්නි තමයි මාත් එක්ක ඔයාව හොයා ගන්න යන්න, ගිය පාර කොළඹ ආවේ..... ඒගොල්ලන්ටත් මාව දිගටම කොන්වන්ට් එකේ තියා ගන්න බැරි නිසා වෙන්න ඇති මිස්ට රණදේව මට උදව් කරන්න හදනකොට ගොඩක් කැමැත්තෙන් ඉඩ දීලා බලාගෙන ඉන්නේ.....මට ඔයගොල්ලෝ හොයා ගන්න උදව් කරන්න ඇත්තෙත් ඒකයි......."


"අපි දැන් කොන්වන්ට් එක ලගටම ආවා.....එහෙනම් තෝමස්, ජූඩ් ඔයගොල්ලෝ මදර් එක්ක හොදට කතා කරන්න හොදද.....?රෝසි ඔයත් ඔය කොන්ඩෙ පීරගෙන, ඇදුම හදාගෙන බහින්න......"


"අම්මෝ හරිම සීතලයි.....ඔයා කොහොමද මේ සීතලේ මෙහෙ ඉන්නෙ අයිරින් ...?


"සීතලට හොදට ඇදුම් ඇද ගත්තහම සීතල දැනෙන්නෙ නෑ......ඉන්න මම රෝසිට මගේ සීතලට අදින ජැකට් එකක් දෙන්න....."


අපි වෑන් රතයෙන් බැස කන්‍යාරාමය ඇතුලට ගියෙමු.


"එන්න තෝමස්, මදර්ගෙ රූම් එකට අපි දෙන්නා විතරක් යමු.....බයවෙන්න එපා....ඔය දෙන්නා එළියෙන් ඉන්න... "

මාත් තෝමසුත් පමනක් මදර් තෙරේසාගෙ කාමරයට ඇතුල් වුනෙමු.


"එන්න...එන්න අයිරින් ඇතුලට.....කෝ ඔයාගෙ සිස්ටර්..? අනෙක් බ්‍රදර්... ..?


"ඒගොල්ලෝ එළියේ.....මදර්.."


"එන්න කියන්න ඇතුලට ...හතර දෙනාවම මම දකින්න අසයි...අම්මා තාත්තා නැති උනාම දරුවන්ට යන කල...ඔයගොල්ලෝ ඉතා වැදගත් පරම්පරාවක කට්ටිය කියලා මම දන්නවා ......මම ඔයගොල්ලෝ ගැන වෙන්නප්පුව පැත්තෙන් , හැමදෙයක්ම හොයලා බැලුවා....ඔයගොල්ලෝ ගැන හරියට දැනගත්තට පස්සෙ තමයි මම, මිස්ට රණදේව ඔයගොල්ලන්ට උදව් කරන්න හදන එකට කැමති උනේ.... .... ඒගොල්ලන්ගෙ වහල දාලා තියෙන ගෙදර ඔයගොල්ලන්ට නොමිලේ ඉන්න දෙන එකට කැමති උනෙත්..... ඔය හතර දෙනා ලොකු අමාරුවක වැටුනු, හොද පරම්පරාවක දරුවන්බව මට ආරංචි උනා....මම ඒ බව මිස්ට රණදේවටත් කිව්වා..... "


"මට මිස්ට රණදේව කිව්වා, අපට නුවරඑළියේ පදිංචියට තැනක් ලෑස්ති කරලා දීලා, අය්යටයි මල්ලිටයි රස්සාවල් හොයලා දෙන්නම් කියලා ......"


"මටත් සතුටුයි ඔයගොල්ලෝ හතර දෙනාම එකට ඉන්නවා දැක්කහම ....දෙමව්පියන්ගෙ වැරදි නිසා අවුරුදු ගානක් ඔයගොල්ලන්ට වෙන් වෙලා දුක් විදින්න උනානේ....දැන් ඉතිං හතර දෙනාට එක තැනක ඉදන් පිලිවෙලක් වෙන්න පුලුවන් ....ඔයගොල්ලෝ තුන් දෙනා අයිරින්ට ස්තුති කරන්න ඕනේ....මේ පවුලේ දරුවො ටික එකට එකතු කරපු එකට....අයිරින් නම් දිරිය දියණියක්ම තමයි ,ඔයගොල්ලන්ගෙ මුළු පවුලටම එයා ආශිර්වාදයක් ...."


"ඔව් මදර්....මගෙ ලොකු නංගි අයිරින් නිසයි අපට මේ විදිහට එක්තු වෙන්න ලැබුනේ.....ඒක කවදාවත් අපට අමතක වෙන්නෙ නෑ.....එයාට අපි තුන්දෙනාම ණය ගැතියි...."

තෝමස් ඉතා හැඟුම්බර ලෙස මදර් තෙරේසාට කීය.


"හරි එහෙනම් ඔයගොල්ලෝ දැන් කෑම කාමරයට ගිහින් කෑම කෑම කන්න ... ..ඊට පස්සේ මිස්ට රණදේව ලෑස්ති කරලා දෙනව කිව්ව ගෙදරට ගිහින් , වොශ් එකක් දාගෙන රෙස්ට් කරන්න බැරියැ ......මම මිස්ට රණදේවට කෝල් කරලා ඔයගොල්ලෝ ආව බව කියන්නම්....එතකොට ඔයගොල්ලන්ට, කොළඹ ඉදන් ආපු වාහනයෙම ඒ අලුත් ගෙදරට යන්න පුලුවන් .... "


"හොදයි මැඩම් "


"ඔයගොල්ලන්ට නවාතැන් ගන්න දෙනවා කිව්ව පරණ ගෙදර, ඒගොල්ලො ඊයෙම අස්කරලා දානවා කිව්වා.....ඉස්සර මිස්ට රණදේවලා ඔය තේ වත්ත ගත්ත මුල් කාලේ හිටිය ගෙදර තමයි ඒ......ඊට පස්සෙ තමයි ඒගොල්ලෝ ඔය දැන් ඉන්න ලොකු බංගලාව හදාගත්තේ......මිස්ට රණදේවගේ වයිෆ් හරි හොදයි. ඒ මැඩ්ම්ගෙ උපකාර වලින් තමයි අපේ මේ කන්‍යාරාමය පවත්වාගෙන යන්නෙත්.... අපට ඒගොල්ලන්ගෙන් හරියට උදව් තියෙනවා.....හරි හොද පවුලක්......එහෙනම් අයිරින් ඔයාත් අය්යලා එක්ක දැන් ඒ ගෙදර නවතින්න යන්න....කිසි දේකට බය වෙන්න එපා....මම ඉන්නවා ඕන දේකට....මිස්ට රණදේවලා කරන උදව් ගන්න බය වෙන්නත් එපා.... ..එහෙනම් ඔයා ලෑස්ති වෙන්න දැන් එහෙ යන්න ......අවුරුද්දකට කිට්ටු කාලයක් ඔයා අපේ කොන්වන්ට් එකේ හැමෝගෙන හිත දිනාගෙන හොදින් හිටිය නිසා අපි ඔයාට හරි කැමතියි .....ඒකයි ඔයාට අපි උදව් කෙරුවෙත්....ඔයා හරි වාසනාවන්ත දරුවෙක්.....අම්මා තාත්තා නැතත් ඔයාට සහෝදරයො හොයාගන්න අවස්තාව ලැබුනේ ඒකයි.....ඔයාට දැන් හොද රස්සාවක් තියෙන එකේ.....අය්යට මල්ලිටත් මෙහෙන් රස්සාවල් හොයලා දීලා, හොදින් මෙහෙම නැවතිලා ඉන්න.....මිස්ට රණදේවලා ඔයාලට දිගටම උදව් කරයි.....මිසිස් රණදේවත් ලඟදි ලංකාවට එනවා කිව්වා..... එතකොට එයාවත් හම්බවෙලා බලන්නකො....මිස්ට රණදේව ඔයගොල්ලන්ගෙ වෙන්නප්පුවේ ගෙදර ඇඩ්ඩ්‍රස් එක මගෙන් ඉල්ලලා වයිෆ්ට ඇරියා කිව්වා....ඇයි දන්නෙ නෑ...."


"එහෙමද....මටත් ආසයි මිසිස් රණදේවව හම්බවෙන්න ...."


"එහෙනම් දැන් ඔයගොල්ලෝ කෑම කාලා නවතින තැනට යන්න ලෑස්ති වෙන්න...."


"බොහොම ස්තුතියි මට කරපු හැම උදව්වකටම මදර්....එහෙනම් අපි යන්නම් මදර් .....මට නිතර මෙහේ ආයේ එන්න පුලුවන් ....වැඩි දුරක් නැතුව ඇතිනේ අපි දැන් නවතින්න යන්න හදන තැනට....."


කොන්වන්ට් එකේ කෑම කාමරයේ, කෑම මේසයට වාඩි වි අපි හතර දෙනා දහවල් ආහාරය ගන්න කොට හවස තුනත් පසුවි තිබුනි...


"දැන් අයිරින් අපි ඔයාගෙ ඔෆ්ස් එක අයිති බොස් දෙනවයි කියපු ගෙදරට නේද යන්නේ..?


"ඔව්...අද ඉදන් අපට එහේ ඉන්න පුලුවන් කිව්වා.....මේක ඒගොල්ලෝ අපට හොද හිතින් කරන උදව්වක්.....ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නෑ ......මදර් තෙරේසා අපට නරකක් වෙන දේකට උදව් කරන්නෙ නෑ.... එහෙනම් අපි දැන් යමු..... මම මගෙ ඇදුම් ඇරගෙන එන්නම්..."


කොන්වන්ට් එකේ අනෙක් සිසිටර්ස්ලා මදර්ස්ලාට හැමෝටම ස්තුතියි කරලා අපි, තේ වත්තේ වෑන් රතයෙන් රණදේව සර් අපට නවතින්න දෙනවයි කියපු ගෙදරට යන්න කොන්වන්ට් එකෙන් එළියට ආවෙමු.


-සදුදාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page