♨️අයිරින්♨️ නොසැලෙන දියණි (22 වෙනි කොටස )
- Prisila Godahewa

- Jul 13, 2021
- 4 min read
බදුල්ලේ බාලිකා නිවාසයට පදිංචියට යන්න මම ලෑස්ති උනේ හිත්පිත් නැති කෙනෙකු ගානටමය......මගෙ හිත දැන් දරදඬුවී මුරන්ඩු ස්වාභාවයක් ගෙන ඇති සෙයක් දැනේ.... දැන් අලුතින් හඩාවැටි කදුළු හලන්න තරම් තෙතමනයක් හිතේ නොමැති ගානය.....මෙපමණ කාලයක් මේ නේවාසිකාගාරයේ ගතකල කාලය උනත් ,හිතේ සතුටක් ඇතුව ගතකල කාලයක් නොවන නිසා, බදුල්ලේ බාළිකා නිවාසයට යන්න මට මේ දේවල් අතහැරිමට, හිත හදාගැනීමට හැකියාව ලේසියෙන් ලැබී ඇත.
මගේ ළමා කාලයේ ග්‍රැනී මමි, ඩැඩි සහෝදර සහොදරියන් සමග විනෝද ගමන් ගිහින් තිබුනත් මම, මේ හොස්ටල් එකේ නවතින්න ආපසු..... පාසැලෙන් එක්ක ගිය දවසේ, අධ්‍යාපනය චාරිකා හැරෙන්න වෙන කොහේවත් මේ අවුරුදු හතරටම මම ගොස් නොතිබුනි. අවුරුදු හතර පුරාවටම මම සිටියේ මේ කොන්වන්ට් එකඇතුලෙමයි....
එබැවින් වෙනසකටත් එක්ක මේ නේවාසිකාගාරයෙන් මිදී වෙන පලාතක් දකින්න, බලන්න නවතින්න යන්න පුලුවන් වීම ගැන පුංච් සතුටක් හිතේ ඇත....නමුත් බාලිකා නිවාසයේ නවතින්න යන්න තරම් කැමැත්තක් හිත යට නැති බව නම් මට දැනේ....
මම මේ කොන්වන්ට් එකෙ නවතින්න ආපසු සිදුවුන සියලු සිදුවීම් දෙස බැලීමේදි ....මෙයින් අස්වි, මට බාලිකා නිවාසයකට යන්න ලැබුනු බව, විශේශයෙන්..... මට කා සමගවත් කියන්න අවශ්‍යතාවයක් නොවිය....මට මේ කොන්වන්ට් එක දමා යෑමට කොහෙත්ම දුකක් නැත.... මාව කොන් කරන, මාව ගනන් ගන්නෙ නැති, තැනක බලෙන් එල්ලී ඉන්නවාට වඩා ළමා මඩමක්ටවත් ගොස් අලුත් ජීවිතයක් පටන් ගැනීම හොද යැයි මට මේ වන විට තේරුම් ගොස් තිබුනි.....
බාලිකා නිවාසය නැතහොත් කොටින්ම, ළමා මඩමට ගෙනියන ඇදුම් ලෑස්ති කරගෙන මම රාත්‍රීයේ නිදාගන්නට ගියේ අලුතින් පටන් ගන්න යන මගේ ඉදිරි ජීවිතයට වෙන දෙයක් සිද්ද උනාවේ යැයි සිතමින්.....මෙපමණ දුක් කන්දරාවක්, අවුරුදු හතරක් තිස්සේ තනියම හිතේ තියාන ඉසුලූ මට, තව මොනව වෙන්නද...?
පසුදින පාන්දර හතර වෙනකොට නැගිට ගත් මම මූණ කට සෝදාගෙන ලෑස්ති උනෙමි. සිස්ටර් මේරි ගෙනත් දුන් අලුත් ගවුමකින් සෙරෙප්පු ජෝඩුවකින් සැරසුන මම ගමනට ලෑස්ති උනේ කැමැත්තෙන්මයි ....ඒ මතක ඇති කාලයක මීගමුවෙන් පිට ගමනක් ගොස් නොතිබුන නිසයි.... මීගමුවේ සිට බදුල්ලට යනකම් මග දෙපස ඇති අලුත් දේ බලමින් මට යන්න ලැබෙන එක ගැන, දැන් මට ඇත්තේ නොවිසිලි ගතියකි......
"අයිරින් බේබි උදේම ලෑස්ති උනාද...? මොනව හරි උදේට කාල යන්න බේබි ..."
"නෑ සීතාම්මේ මේ උදේ පාන්දර මොනවත් කන්න බෑ මම තේ එකක් හදාගෙන බිව්වා..."
"එහෙනම් ටිකක් ඉන්නකෝ....මම සිස්ටර්ටත් එක්ක සීනි සම්බල් පාන් ටිකක් හදලා තේ බොතලයක් හදලා දෙන්න මගට ගෙනියන්න..... බඩගිනි උනාම එතකොට කෑහැකිනේ...."
"ආ ..එහෙම හොදයි සිතා අම්මේ..."
"දැන් කීයටද සිස්ටර් යනවා කිව්වේ...? කොන්වන්ට් එකේ වාහනෙන් නේද යන්නේ..."
"ඔව්...සිතාම්මේ මම එහෙනම් හොස්ටල් එකේ ඉස්සරහ පැත්තට යන්නම්..සිස්ටර් දැන් ලෑස්ති වෙලා ඇති..... .."
"එහෙනම් මේ පාන් පෙට්ටියයි, තේ බෝතලයත් ගන්න.....යමු මාත් එන්නම් වාහනය ලගට.... ."
මම මගේ ඇදුම් බෑගය රැගෙන කාමරයෙන් පිටවිමට පෙර සීතම්මාට දණගසා වැන්දේ අනෙක් සිංහල ළමයි, ගුරුවරුන්ට වදින ආකාරයටයි...... අපේ කතොලික ගෙවල් වල වැඩිහිටියන්ට දණගසා වදින පුරුද්දක් නොතිබුනත්...., කොන්වන්ට් එකේ සමහර ළමයි ගුරුවරුන්ට වදින ලෙස මම සීතාම්මාට වැන්දේ, මගේ අම්මා වගෙ මෙපමණ දවසක් මාව ආදරෙන් බලාකියා ගත් නිසයි.....
"සීතම්මේ අපි එහෙනම් ගිහින් එන්නම්...අනෙක් පාර මම අයිරින්ව බලන්න යන කොට සීතම්මාවත් එක්ක යන්නම්කෝ..."
සිසිටර් මේරි බදුල්ලේ යන්න, වාහනයට නැගගත් පසු, වාහනය ලඟට වී දුකෙන් මා දෙස බලා ඉන්නා සීතම්මාට කීය. ඇය ආදරෙන් දුකෙන්, කරුණාවෙන් මා දෙස බලා ඉදිමින් මට අත වැනීය....දෙමව්පියන් නැති මට, අම්මා කෙනෙක් මෙන් අවුරුදු හතරක කාලයක්, ආදරෙන් ආරක්ශාව දී හොද නරක කියා දෙමින් මා බලාගත් ඇයට, දේවමෑනියන්ගේ, පිහිට ආශිර්වාද ලැබේවායි මම හිතින් පැතුවෙමි .
මීගමු කන්‍යාරාමයේ නිළ වාහනයෙන් සිස්ටර් මේරි සමග උදේ පහ වෙනකොට බදුල්ල බලා ගමන් ආරංභ කළ මට...., වාහනයේ ජනේලයෙන් ඔළුව එළියට දාගෙන පාර දෙපැත්ත බලාගෙන යන ගමන, හිතට හරි සැහැල්ලුවක් ගෙන දුන් ගමනක් විය.
"අයිරින් හරි ආසාවෙන් පාර බලාගෙන යන්නේ...."
"ඔව් සිස්ටර් කාලෙකට පස්සෙ තමයි මම මේ ලොකු ගමනක් යන්නේ...කොහොමත් මම හරි ආසයි නොගිය ගම් පැති බලාගන්න....මම මේ ගමන යන්නේ කැමැත්තෙන්මයි ....අවුරුදු හතරක්ම හොස්ටල් එක ඇතුලේ මම හිටියේ කැමත්තකින් නෙමේනේ...."
මීගමුවේ සිට පැය ගානක ගමනකින් පසු,.... අප ගිය වාහනය බදුල්ල බන්ඩාරවෙළ පාර දිගේ ඇදියන්නට පටන් ගෙන ඇත.
බදුල්ල බලා යන පාරේ ඇති කදු පල්ලම්, පුංච් දිය පාරවල්, පොඩි දිය ඇලි, වට වංගු පාරවල් පසුකරගෙන..... කන්‍යාරාමයේ නිළ වාහනය මිගමුවෙ සිට බදුල්ල නගරය බලා ගමන් කරයි.....
මීගමුවේදි විඳි කරදිය මිශ්‍ර මුහුදු සුළං වලින් මිදී..... ගස්කොළන් කදු පල්ලම් අතරින් දිවෙන වාහන කවුළු තුලින් පිරිසිදු සිහින් සීතල සුළං රැලි, වාහනය ඇතුලට හමා එයි.....
"අයිරින් දැන් නම් හරි සීතලයි....ඔය ජනේලය වහගන්න..."
මට නිදහසේ අවට සුන්දරත්වය බලන්න ඉඩදී.... පොඩි නින්දක් නිදාගෙන සිටි, සිස්ටර් මේරි..... සීතල සුළං රැලි ඇඟේ වැදී නැගිට ඇත.
අවුරුදු හතරක් පුරා මගේ හිත ඇතුලේ තිබුන දුක වේදනාව, පාළුව තනිකම, නිවි සැනසෙන තරමට ඒ සුළඟ මගේ හිත සනසවමින්, සැහැල්ලු සුවයක් ගෙන එන බව මට දැනේ...කවදාවත් බදුල්ල බන්ඩාරවෙළ පැත්තෙ විනෝදචාරිකවක් ගොස් නොතිබුන මම බදුල්ලට යන පාර දෙපැත්තේ සුන්දරත්වය විද ගත්තේ පුදුමාකාර සතුටකිනි... කවුළුවෙන් එලියට ඔලුව දමාගෙන අවට සුන්දරත්වය බලමින් යන මට.... එම පරිසරයේ සුන්දරත්වය කෙතරම් බැලුවත් මදි යැයි සිතේ....
"අයිරින් මොනවද ඔයතරම් ජනේලයෙන් එළියට ඔලුව දාගෙන බලන්නේ....?
"අනේ සිස්ටර් මම කවදාවත් මේ පැති වල ඇවිත් නෑ.. ..හරිම ලස්සන පැත්තක් ..... මම කියවලා තියෙන කතන්දර පොත් වල තිබුන වටපිටාවල් වගේමයි.....මේ කදු පල්ලම් මේ වට වංගු පාරවල්....කොයි තරම් නම් ලස්සනද.....පාර දිගට තියෙන තේ වතු, කඳු, කැලෑවල්, පොඩි තේ කඩ, පළතුරු කඩ දිහා මම මේ ආසාවෙන් බලාගෙන යන්නේ...කොන්වන්ට් එකේ ගෙවුනු අවුරුදු හතරම ඒක ඇතුලෙනෙ හිටියේ.....ඉතිං මේ පළාත් දකිනකොට මට හරි සතුටුයි ....."
"අපි එහෙනම් මේ ලස්සන තැනක වාහනය නවත්වලා සීතාම්මා උදේ හදලා එව්ව පාන් කාලා තේ ටිකක් බොමුද....ඩැයිවර්ටත් මහන්සි ඇතිනේ..."
"අනේ ඒකනම් හරි ශෝක්....අපි එහෙනම් එළියට බැහැලා ලස්සන බලමු...."
"ඩැයිවර්..... පොඩ්ඩක් ඔය නිදහස් තැනක් බලලා වාහනය නවත්වන්න....අපි තේ ටිකක් බීලා යමු......"
වාහනය අපි ගිය පාරේ ඈතට පෙනෙන මීදුම සහිත කදු වලල්ලක් අද්දර.... නිදහස් තැනක නැවත්විය.
" ඇගට හරි සනීප සීතලක් දැනෙනවා සිස්ටර් .....ආ...සිස්ටර් ....මේ සීනිසම්බෝල පාන් පෙට්ටිය...."
"ඔය ඩැයිවර්ටත් කන්න දෙන්න....මට තේ එකක් වක්කරලා දෙන්න අයිරින් ..."
සීතල සුළං හමන කඳු මායිම අයිනේ ඉද, පාන් කා තේ බීව් අපි නැවත වාහනයට නැග ගත්තෙමු..... අපි යන වාහනය බදුල්ල පාරේ ඉදිරියට ඇදි යයි. ශීතල කාලගුනය සහිත පලාතක නවතින්න යන්න ලැබුන එක ගැන නම් මට දැන් ඇත්තේ සතුටකී.
ඇඟට දැනෙන මේ ශීතල, මෙපමණ කාලයකට මම විඳ තිබුනේ... ශීත කල කාමරයකට ගිය විටකදි පමනී.....මම ආසාවෙන් ජනේලයෙන් එලියට ඔලුව දමාගෙන තවත් වටපිට සුන්දරත්වය වින්දෙ පුදුමාකාර සතුටකිනි......
අපේ වාහනය මීගමුවේ සිට පැමිණ ,දැන් බදුලු බන්ඩාරවෙළ පාරේ දිගටම වේගයෙන් ඉදිරියට ඇදී යයි....
අවසානයේ බදුල්ල නගරයේ සිට කඳු වලල්ලක් අද්දරින් වැටුන පොඩි පාරක් දිගේ ගිය වාහනය....... පාළු විශාල වත්තක තිබු පැරණි ගෙයක, ගේට්ටුවෙන් ඇතුළු වී පෝටිකෝවක් යට නැවත්විය.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*




Comments