top of page

♨️අයිරීන් ඩිලානි ♨️ (නොසැලෙනදියණි ) (33 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 4 min read

උදේ පාන්දර කුසුමෙ නැන්දා සමග බදුල්ලේ සිට නුවරඑළිය දක්වා බසයෙන් පැමිණ, කුසුමේ නැන්දාගේ දුවගෙ ගෙදරින් අපි උදේ කෑම ගත්තෙමු. ඉන් පසු කුසුමෙ නැන්දා හා ඇයගේ බෑනත් සමග මම නුවරඑළියේ පොලිසිය වෙත ගියෙ බාලිකා නිවාසයේ පාළිකාව වෙනුවෙන් ,පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නයි. නමුත් ඊයේ රෑ උන සියලු සිදුවීම් නිසා මගේ හිත තවමත් බයෙන් හා සැකෙන් බර වි ඇත.

පොලීසියේදී නැන්දා, බෑනා හා මා සමග මුළින් කතා කර අපේ අපේ පැමිණිල්ල ලියා ගත් පොලිස් මහතකු,.... පසුව මාව තනියම පොලීස් මූළස්තානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරයාගේ කාමරයට රැගෙන ගියාය.... මට ඔහු සමග බොහෝ වේලාවක් තනියම කතා කරන්න සිදු විය....


ඔහු අසපු බොහෝ ප්‍රශ්න වලට උත්තර, මට දීගන්න බැරි තරම් ඒවා විය.... කෙසේ නමුත් අවසනයේ මටත් බාලිකා නිවාසයේ අනෙක් දැරියන්ටත් පාලිකාවගෙන් වෙන කරදර, අතවර සියලු දේ වෙනුවෙන් පැමිනිල්ලක් මට පොලිස් පොතේ ලියන්න හැකි විය.

පසුගියදා රාත්‍රීයේ පැවති සාදයදී තමන්ව වැඩිහිටි පිරිමි දෙදෙනෙක්ට විකුනන්න හැදු බවත් එය දැනගෙන මම එතනින් පැන ඇවිත් කුසුමෙ නැන්දාගෙ ගෙදරට ආ හැටි සියල්ල මට විස්තර ඇතුව කියන්න සිදු විය.

ඔවැනි ක්‍රියා දිගටම ඒ ළමා නිවාසේ කෙරිගෙන ගිය බවත් , ඉදිරියට තවත් ඒවා සිදුවිය හැකි බවත් පවසා මගේ පරිස්සමට මම බාලිකා නිවාසයෙන් පැන ආ බවට ප්‍රකාශයක් ලබා දුන්නෙමි....

පසුව මට පොලීසියෙන් දන්වා සිටියේ, දෙමව්පියන් කාත් කවුරුත් නැති මට, නවතින්න නවාතැනක් නැවත සොයා දෙන තෙක්, කුසුමා නැන්දාගෙ, දුවගේ ගෙදර ටික දිනකට නවතින්න අවසර දුන් බවයි.....


"ලොකු දෙයක් පොලීසියට ගිහින් ඔය නංගි කට උත්තරයක් දුන්නේ...දැන් බාළිකා නිවාසයේ ඉන්න අනෙක් ළමයින්ටවත් සාදාරණයක් වෙයිනේ...."


"නංගි ටික දවසක් මෙහෙ අපේ ගෙදර නවතින්න ....පොලිසියෙන් ඒකට අවසර දුන්නනෙ.......ඒගොල්ලෝ ඔයාට ඊට පස්සෙ නවතින්න තැනක් ලෑස්ති කරලා දෙයි...."


"හොදයි අක්කේ...බොහෝම ස්තුතියි මට උදව් කරන්න හිතුවට..."


එදායින් පසු, ටික දිනක් මාත් සමග කුසුමා නැන්දාද ඇගේ දුවගේ නිවසේ නැවති සිටියේ, බාලිකා නිවාසයේ මැඩම්ගෙන් ඇයටද කරදරයක් සිදු වේයැයි සැකයටයි..... එය හොද තීරණයක් බව නැන්දාගෙ දුව කීවේ, ඇයත් ඇගේ මව ඒ ගෙදර සිටිම ගැන සතුටින්....


පොලීසිය මගෙන් කට උත්තරය ලබා ගත් වහා, ළමා හා කාන්තා සුරකුම් දෙපාර්තමේන්තුවේ අවසරය මත, පොලීසිය , විසින් බදුල්ලේ බාලිකා නිවාසයට ගොස් එහි පාලිකාව අත් අඩංගුවට ගෙන, තව දුරටත් පරීක්ෂණ පවත්වන්න පොලීසියට ගෙන ගොස් රිමාන්ඩ් කල ඇති බවත් මට දැන ගන්නට ලැබුනි..... බාලිකා නිවසයේ දරුවන්ට කෘරත්වයෙන් සලකන බවත්,දරුවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් නිවාසයේ ප්‍රධාන පාලිකාව අත් අඩංගුවට ගෙන ඇති බව මට දැන ගන්නට ලැබීම ලොකු සතුටක් විය.....

බාලිකා නිවාසයේ වැඩිහිටි දැරියන්ට උන අතවර, වගේම දැරියන්ට අතින් පයින් නිතර පහරදී තුවාල සිදුකරමින් ස්ත්‍රී දූෂණයන්ට අනුබල ආධාර අනුබලදුන් බවට ඇය චෝදනා ලැබ සිටියහ. පොලිසියට මම දුන් කට උත්තරය හා බාලිකා නිවාසය අසළ පදිංචි කුසුමෙ නැන්දාගේ කට උත්තර හමුවේ..... නිවාසෙ පාලිකාව අත් අඩංගුවට ගෙන ඇයට විරුද්ධව නඩුවක් ගොනුකර, ඇගේ රැකියාව අහිමිකරන්න පොලීසිය කටයුතු සිදු කල බව දැනගන්නට ලැබුනු පසු මගේ හිතට ඇතිවුනේ කියන්න බැරි තරම් සැහැල්ලුවකි..... ඒ වගේම බාලිකා නිවාසයේ පාලනය, නව කාර්ය මංඩලයක් හා නව ස්වෙච්ඡා සංවිධානයක පාළනය යටතේ ඉදිරියට කරගෙන යන්නට, කටයුතු සුදානම් කරගෙන යන බව අසා මට ඇති වුනේ ලොකු සතුටකි.

මම බයක් සැකක් නැතිව ගත්ත තීරණය නිසා, මගෙත් ළමා නිවාසෙ අනෙක් දැරියන්ගෙත් ජීවිත හොද අතට වෙනස් වීම, මගෙ ජයග්‍රහණයක් හා මගෙ අනාගතය, මා අතින්ම සකසා ගත්තක් වැනි හැඟීමක් මට ඇතිවි ඇත. එයට මට කුසුමෙ නැන්දාගේ උදව්ද ලැබුනි. ඒ අනුව බාලිකා නිවාසෙ මාත් සමග කාලයක් සිටි දැරියන්ගෙ ජීවිත හොද ආකාරයට, ටිකක් හෝ වෙනස් කර ලීමට හැකිවිම මට විශාල සැනසිල්ලක් විය.....


මගේ ජීවිතයේ දී මට එබඳු තීරණයක් ගන්න අවස්තාව ලබා දීම වෙනුවෙන් මම , දෙවියන් වහන්සේට නොනවත්වා ස්තුති කරමින් යාච්ඥා කෙරුවෙමි.........

තවමත් යාච්ඥා කරන්නෙමි.....


ලෝකයාට, වැරදි කරුවන්ට බයේ

තමන් ගැන වරදවා වටහා ගනී කියන බිය නිසාත්.... , තමන්ට පක්ෂව කවුරුත් කතා කරන්නේ නැති වේවි කියන බය නිසාත්..., නිවැරදි තීරණ ගන්න අදි මදි කරමින් , ලතවෙවී ඉන්නා අය අතරේ.... මගේ ආරක්ශාවත් මමම සලසාගෙන, අනෙක් දැරියන්ටද හොද අනාගතයකට කටයුතු කල මට, මම ගැනම ඇත්තේ අභිමානවත් හැඟිමකි.


################

අවුරුද්දකට පසු

################

නුවරඑළියෙන් කිලෝමීටර් 38 ක් පමණ ගිය තැන හමුවන මන්දාරම් නුවරද පසුකර යන විට හමුවන විශාල තේවත්ත......ඒ අද්දර ඇති වංගු කෙටි පාරෙන් හැරි යන විට හමුවන සුන්දර කදු වැටිය...... නැඟ ගිය විට හමුවන පාළු පැරණි බංගලාව දැන් මගේ නවාතැන වේ.......


බදුල්ලේ සිට පැමිනි මට, නුවරඑළි පොලිසියේ හා ළමා හා කාන්තා සුරකුම් දෙපාර්තමේන්තුවේ උදව්වෙන්, නුවරඑලියේ ප්‍රධාන මහාමාර්ගයේ සිට km ගානක් ඇතුලට වෙන්න බොහෝම නිදහස් තැනක පිහිටි පරණ බංගලවක පවත්වාගෙන යන, කන්‍යාරාමයක නවතින්න අවස්තාව, උදා විය..... මම කතෝලික වැඩිහිටි දැරියක් වීමත්, බාළ කාලයේ කන්‍යාරාමයක හැදිවැඩුන කෙනෙක් නිසාත්, අනාගතයේ කන්‍යාතුමියක් වීමේ බලාපොරොත්තුවක් ඇති නිසාත්, මගේ කාරුණික ඉල්ලීම සලකා බලා මගේ ඉල්ලීම ඔවුන් ඉශ්ට කර තිබුනි....


එම කන්‍යාරාමයේ ජීවත් වන කන්‍යාතුමියන්ගෙ ආවතේව කටයුතු කරමින්..... මට එහි නිදහසේ පදිංචි වි හිදින්නට වාසනාව ලැබුනේ මගේ වාසනාවට වගේම, දෙවියන් වහන්සේගෙ කැමැත්තට වන්නට ඇතැයි මට සිතේ..... කන්‍යාරාමයේ පදිංචි වි හිදිමින්, කන්‍යාතුමියන්ගෙ වැඩකටයුතු වලට මට මුළින් උදව් කරන්න සිදු විය...... මට එහි නවතින්න අවසර ලැබුනේ එහි පාලනය ගෙන ගිය,ප්‍රධාන කන්‍යාතුමිගෙ අවසරයෙනි.... මගේ ජීවිතයේ තවත් එක් දුක්බර කාලපරිච්ඡේදයක් අවසන් වී...., තවත් අලුත් සංදිස්තානයක් වෙත මා ගෙන යමින්,මගේ ජීවිතයට තවත් අලුත් බලාපොරොත්තු ගොන්නක් සමග සැනසිලිදායක කාලයක් උදාවෙමින් පවති.....


මගේ ග්‍රැනී මමී ,ඩැඩි, තෝමස් ජූඩ් හා රෝසි එකල මට කතා කල ආකාරයටම හා මීගමුවේ කොන්වන්ට් එකේ සියල්ලෝ මට කතා කල ආකාරයටම මගේ

♨️අයිරින්♨️ නමින්ම ,... නැවත කන්‍යාරාමයේ සොයුරියන් මට 💗"අයිරින්"💗 කියා ඇමතීමත් මට සතුටට කාරණයක් විය..... කවදත් මම ආස කල මගේ නම "අයිරින්" ම වේ.... බදුල්ල බාළිකා නිවාසයේ නවතින්න ගියපසු , මට මග ඇරී ගිය, ඉංග්‍රීසි කතාව, නැවත මට ඇරඹීමට හැකි වීම, මට තවත් සතුටට කාරණයක් විය.....


කන්‍යාතුමියන් වාසය කරන කඳු මුදුනේ ඇති පැරණි බංගලාවේ ඉදිරිපස මිදුලට ගිය විට.....දසත තිසාරා පැතිර යන බොහෝ නිහඬ නිස්කලංක පරිසරය පුරා, නිතර මීදුමෙන් වැසී යන්නට ගත වන්නේ මොහොතකි...... නුවරඑළිය අවට ප්‍රදේශ ගනනාවක් පුරාවට විහිදි යන නිල් පාට කදු වළල්ලත්, එක දිගට රවුම් ආකාරයට විහිදි යන කොළපාට තේ වතු යායත්.......... කියා නිමකල නොහැකි සුන්දරත්වයක් ඇති අලුත් නිහඩ බිමක, මගේ අලුත් නවාතැන පිහිටා ඇත.... එම කන්‍යාතුමියන් වාසය කරන බංගලාවත්, ඒ අවට බිමේ ඇති පුංචි කතෝලික පල්ලිය හා අවට භූමිය පුරා තැන තැන ඇති සොහොන් කනු, කුරුස, ඇති සොහොන් බිමත් මගේ නිතර ඇස් ගැටෙන දේ අතර වේ.......


මන්දාරම් නුවර පදිංචියට ආපසු මම නැවත කවදාවත් බදුල්ලේ බාලිකා නිවාසය බලන්න නොගියෙමි.... නමුත් දැන් එය අලුත් පාලිකාවන් දෙදෙනෙක් අතින් ඉතා හොදින් පාලනය වන බව, කුසුම් නැන්දා වෙතින් මට දැන ගන්නට ලැබුනි. ඇය මට බාලිකා නිවාසයේ තිබුනු මගේ ඇදුම් පොත් පත්, ඇතුළු මගේ සියලු දේ මට නුවරඑළියට ගෙනත් දුන්නාය.


කන්‍යාරාමයට ගිය මුල්ම දින එහි ප්‍රධාන කන්‍යාතුමිය මට බොහෝම කරුණාවෙන් කතා බහ කර මට එහි වැඩ කටයුතු කලයුතු ආකාරය , කාර්‍ය්භාර හදුන්වා දුන්නාය .


" ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්.....දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවි සිටින අපට, දෙමව්පියන් නැති ඔබට, අතර මං වෙන්න ඉඩ හරින්න බෑ.... ....ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්....ඒ නිසා ඔබට අපි මේ කන්‍යාරාමයේ නවතැන් පහසුකම් ගන්නට ඉඩ හරිනවා..... මෙතන කන්‍යාතුමියන්ගෙ ආවතේව කටයුතු කරගෙන බොහොම කීකරුව, පිළිවෙළට දෙවියන් වහන්සේගෙ කැමැත්ත අනුව ජීවත් වෙන්න ඕනේ "අයිරින්" .....මෙතන සිටින අනෙක් කන්‍යාතුමියන් සිටින තැනට ඔබට එන්නට නම්, බොහෝ කාලයක් වතාවත් පිරිමට සිදු වනවා....එයට කාලයක් තිස්සෙ ඔබ මෙතන, අවංකව ,පිරිසිදුව හොද හික්මීමකින්, දෙවියන් වහන්සේ වෙනුවෙන්ම පේවී, රැදිය යුතුයි..... ඔබට ඒ වෙනුවෙන් තව කාලයක් මෙහි නවාතැන් ගෙන සිටිමට සිදු වෙනවා....."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page