♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (59 වෙනි කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 5 min read
ඩිල්ශාන් බැලීමට කොළඹ ආ තෝමස්, හා මදර් තෙරේසා ආපසු නුවරඑළිය බලා ගියේ, තෝමස් ආ වාහනයෙනි...... රෝසි මගේ තනියට කොළඹ නැවතුනි. දැන් උදේ හවස ඩිල්ශාන් බැලීම සඳහා මා සමග රෝසිද රෝහල වෙත යයි.....ඇය මා ලඟ සිටිම මගේ තනි නොතනියට හොදය.
ලිලානී ආන්ටි හා නිශ්ශංක අංකල්, මේ දිනවල කඩිමුඩියේ එහෙ මෙහෙ දුවමින් වැඩ රාජකාරි වගයක නිරත වේ....
මම කොළඹ ඇවිත් සුමානයකට පසු දිනයක, ලිලානී ආන්ටි බොහෝම වැදගත් කතාවක් මා සමග කතා කරන්න ඇති බව පැවසුවාය .
"ඩිලානි මට ඔයත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න.... අපි යමු ගෙයින් එළියේ වත්තට.... තේ එකක් බොන ගමන් අපි කතා කරමු......."
හවස් වරුවේ තේ බොන්න, ගෙයින් එලියේ වත්තට එන්න යැයි පැවසු ඇය, මාව ඔවුන්ගේ ගෙදර වත්තට කැදවාගෙන ගියාය. ඉතා මනා ලෙස, බිම සකසා, මල් පැල සිටවා, තණකොළ වවා තිබු එම ගෙවත්ත තුල, ලොකු නිදහස් බවක් තිබුනි. ලිලානී ආන්ටි එහි ගොස්, වත්තේ කොනක තිබු පැද්දෙන පුටුවකින් මා සමග වාඩි විය. ඒ සමගම ගෙදර සේවකයකු අපට තේ පෝච්චියක් සහිත තේ බන්දේසියක් අප ඉදිරියෙන් ගෙනත් තැබුවේය.
"හරිම ලස්සනට පිළිවෙළට ගාර්ඩන් එක හදලා, හරිම නිදහස් තැනක් මෙතන ආන්ටි ...."
"මේ ඉතිං අපේ රාමයියාගෙ වැඩ තමයි ....උදේ ඉදන් එයා වත්තේ ගස්වල වැටෙන කොළ ඇහිදිනවා, තණකොළ කපනවා, මල් ගස් වලට සාත්තු කරනවා ....එයාගෙ ජොබ් එක එයා,හරිම ආසාවෙන් පිලිවෙලට කරනවා.....
ඉතිං....... ඩිලානි මටත් ඔය තේ එකක් කෝප්පයට දාන්න.... ඔයත් තේ එකක් වක්කරගෙන බොන්න ...."
"හොදයි ආන්ටි ....මාත් එක්ක වැදගත් කාරණයක් කතා කරන්න තියෙනවා කියලා ආන්ට් කිව්වේ....මොකක්ද දන්නෙ නෑ...."
" ම්ම්....ඩිලානිට පුලුවන්ද තව ටික දවසක් මෙහෙ, නැවතිලා ඉන්න...? මොකද මටයි හස්බන්ඩ්ටයි මගේ දුව බලන්නත් රට යන්න ඕනනේ....දුවත් එහෙ තනියම....මාස ගනන් අපට මෙහෙ නැවතිලා ඉන්න බෑ ඒකයි....ඩිල්ශාන්ගෙ අම්මව අපට මෙහෙ එක්ක එන්න පුලුවන් ,ඩිල්ශාන්ව හොස්පිටල් එකෙන් ගෙදර එක්කගෙන ආවට පස්සේ......ඒ උනාට ඩිල්ශාන්ගෙ අම්මට මේ කොළඹ පැතිවල ඇවිදලා පුරුද්දක් නෑනේ....ඩිල්ශාන්ව ගෙදර ගෙනාවට පස්සෙ, හොස්පිටල් එක්ක යන්න ඕන උනත්, සර්වන්ට්ලා එක්ක විතරක් එයාව අරින්නත් බෑනේ......ඩිල්ශාන්ගෙ කියන්න යාළුවොත් මෙහෙ නෑනේ....එයා එක්ක ටිකක් කතා කර කර ඉන්න වත්.... "
" මට නවතින්න පුළුවන් ආන්ටි .....මගේ නුවරඑළියේ ජොබ් එක ආන්ටිලාට ප්‍රශ්නයක් නැත්නම්...."
" ඒක ප්‍රශ්නයක් නෑ කියලා හස්බන්ඩ් කිව්වා, නුවරඑළියේ ඔයා ඔෆිස් එකේ කරපු වැඩ ටික තෝමස්ට කියලා කරගන්න පුලුවන්ලු .. . එතකොට තෝමස් කරපු ෆැක්ටෙරි වැඩ ටික ජූඩ්ට දෙයි.....ඔෆිස් එකේ ප්‍රශ්නයක් නෑ.... මදර් තෙරේසගෙන් මෙහෙ ආව වෙලේ මම ඇහුව්වා ,ඔයාව මෙහෙ දිගටම නවත්ත ගත්තට කමක් නැද්ද කියලා ......එයා කිව්වා ඔයා කැමති නම් කමක් නෑ මෙහෙ නවත්ත ගන්න කියලා ...."
"මට මෙහෙ ඉන්න පුලුවන් ආන්ටි..... පුලුවන් උදව්වක් මම ඩිල්ශාන් වෙනුවෙන් කරන්නම්..."
" ඒ එක්කම ,මට ඔයා එක්ක තව දෙයක් කතා කරන්න ඕනේ කියලා මම කිව්වේ....ම්ම්...."
මම ඇයගෙ ගෙ මුහුන බැලුවේ, ඒ කුමක්දැයි කියා අසනා ලෙසය...."
"ඩිලානි දන්නවනේ.....මම ඔයගොල්ලන්ගෙ වෙන්නප්පුවේ ගෙදර , පවුලේ විස්තර ඔක්කොම දැනගෙන තමයි එදා නුවරඑළියේදි ඔයාව හම්බවෙන්න ඔයගොල්ලන්ගෙ ගෙදර ආවේ කියලා ...."
"ඔව් ආන්ටි මම දන්නවා...."
"ඔයාට අන්තිමට ඩිල්ශාන් හම්බුන දවසේ, එයා ඔයාට විවාහ යෝජනාවක් කලාද...? මම අහන්න කිව්වෙ කියලා...? කොටින්ම ඩිල්ශාන් ඔයාට විවාහ යෝජනාවක් ගෙනාවද....?අපි ඔයාට කැමතියි කියලා ...?
"ම්ම්...ඔව් ආන්ටි ...."
"ඔයා ඒකට මොකද කියන්නේ...?
"මගේ අකමැත්තක් නෑ ....,ආන්ටිලා කැමති නම්......ඒකයි මම ඩිල්ශාන් එක්කම කොළඹ ආවෙත්....මම මගේ අය්යටත් ඒක කිව්වා...."
"මට තේරුනා ඒක...ඒකයි මම ඔයාට මෙහෙ නවතින්න පුලුවන්ද කියලත් බය නැතුව ඇහුව්වේ ....ඔයා ඩිල්ශාන්ට කැමති නිසා දැන් ප්‍රශ්නයක් නෑ...ඔයා එයාට සනීප වෙනකම් හොදට එයාව බලාගන්න ....ඒක එයාගෙ හිතටත් හොද වෙයිනේ.... "
"ඔව්, මම කැමැත්තෙන්මයි ඩිල්ශාන් වෙනුවෙන් උදව් කරන්න ඉන්නේ...."
"ඩිල්ශාන්ට හොදට සනීප උනාම, ඔය දෙන්නට මැරි කරන්න පුලුවන් ......."
" මට මැරි කරන්න හදිස්සියක් නෑ ආන්ටි .....මට ඕනේ ඩිල්ශාන්ව ඉක්මනට සනීප කරගන්නයි.....ඒ වගේම මට තියෙන තව ප්‍රශ්නයක් ආන්ටි.....මම කැතලික් කෙනෙක් නේ....ඩිල්ශාන් බුඩිස්ට් නිසා, ඩිල්ශාන්ගෙ අම්මට, නිශ්ශංක අංකලට ඒක ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ.... ."
" ඒ ප්‍රශ්නය, අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම්, ඔයාට ඒක ප්‍රශ්නයක් නෙමේද....?"
"මට ප්‍රශ්නයක් නෑ ආන්ටි ...."
"ඒ කියන්නෙ....ඩිල්ශාන් ඔයාගෙ ආගමට එනව නම් ඔයා ඒකටත් කැමතියි ....?."
" ඒක මම කෙලින් කියන එක හරි නෑ තමයි ....ඩිල්ශාන් මගේ ආගමට එන්න ඕනේ නෑ....මට මගේ ආගමේ ඉන්න දුන්නොත් ඇති,...එහෙම නොවුනත්, කොහොමත් මම ඩිල්ශාන්ට අකමැත්තක් නෑ ආන්ටි ...."
"හරි...අපි ඒ ගැන ඩිල්ශාන්ට සනීප උනාම කතා කරමු..... මම ඒ ගැන, ඩිල්ශාන්ට එතකොට කියන්නම්..... දැන් මෙහෙම දෙයක් තියෙනවා .... , ඩිල්ශාන්ව අපට කොහේ හරි රටකට එක්ක ගිහින් එයාගෙ කකුල සනීප කරගන්න වෙනවා .....එයාගෙ කකුල මෙහෙ හොස්පිටල් එකේ ඉදන් සාමාන්‍ය විදිහට සනීප කර ගත්තට, එයාට වෙනදා වගේ සාමාන්‍ය විදිහට ඇවිදින්න බැරි වෙයි කියලා මෙහෙ ඩොක්ටර්ස්ලා කියනවා.....ඒ නිසා මමයි නිශ්ශංකයි හිතුවා එයාව සිංගප්පූරුවට ඇරලා, කකුල හොදටම හොද කරගන්න....දැන් තියෙන ප්‍රශ්නය ඩිල්ශාන් එක්ක කාවද රට යවන්නෙ කියන ප්‍රශ්නයයි .....මටයි නිශංකටයි කොහොමත් ඩිල්ශාන් එක්ක සිංගප්පූරුවේ ගිහින් මාස ගනන් ඉන්න පුලුවන් කමක් නෑනේ...., මේ අපේ බිස්නස් වැඩ නිසා.... ඔයා දන්නවනේ, ඩිල්ශාන්ගෙ අම්මව, එයාවත් ඩිල්ශාන් එක්ක වෙන රටකට අරින්න බෑ කියලා ....එයා කොළඹ ඇවිත්වත් තනියම වැඩක් කරගන්න දන්න කෙනෙක් නෙමේ..... ඩිල්ශාන් පොඩි කාලේ ඉදන් අපි ලඟ හිටිය නිසා, අපට එයා ගැන තියෙන වගකීම වැඩියි.....නිශ්ශංක, ඩ්ල්ශාන්ට හරිම ආදරෙයි....හරියට එයාගෙ දරුවෙක්ට වගේ .....ඉතිං ඩිල්ශාන්ට සනීප කරගන්න අපි එයාව සිංගප්පූරුවේ ගෙනියනවා කියලා හිතුවා....ඒකට අවශ්‍ය දේවල් අපි මේ දවස් වල ලෑස්ති කරගෙන යන්නේ.....දැන් තියෙන ප්‍රශ්නය එයා එක්ක කාවද රට අරින්නෙ කියන ප්‍රශ්නය ....? කොටින්ම මෙහෙමයි ඩිලානි .....එයාව සිංගප්පූරුවේ එක්ක ගිහින් එහේ හොස්පිටල් එකක ඔපරේෂන් එකක් එයාට කරන්න තියෙනවා....සමහර විට මාසයක් විතර එහෙ එයාට ඉන්න වෙයි.....ඔයාට එයා එක්ක සිංගප්පූරුවේ ගිහින් එයාව බලාගන්න පුළුවන්ද ...?
" මට රට රටවලට ගිහින් පුරුද්දක් නෑනේ ආන්ටි ....ඒ උනාට කමක් නෑ, ඩිල්ශාන් වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් මම කරන්නම්.....එහේ ගිහින්, එයා වෙනුවෙන් මම කරන්න ඕන දේවල්, හරියට පැහැදිලිව කිව්වොත් මට කරන්න පුලුවන් වෙයි...."
" කරන්න තියෙන දේවල් නම් ලොකු දේවල් නෙමේ....ඔයාට එයා එක්ක යන්න පුලුවන් නම් ලොකු දෙයක් ඩිලානි .....මොකද ඩිල්ශාන් බයේ ඉන්නෙ එයාගෙ කකුල කපන්න වෙයි කියලා .....එයා මානසිකව වැටිලා ඉන්න වෙලාවේ, එයා කැමති කෙනෙක් එයා ලඟ ඉන්නවානම්, ඒක එයාගෙ හිතට හොද වෙයිනේ.....ඒ උනාට ප්‍රශ්නය ....ඔය දෙන්නා තාම මැරි කරලා නැති නිසා, මම එහෙම අහන එකත් හරි නෑ....හැබැයි දැන් තියෙන තත්ත්වය උඩ ඩිල්ශාන්ට සනීප වෙලා ලංකාවට ආවට පස්සෙ ඔය දෙන්නට මැරි කරන්න පුලුවන් නේ.....දැන් ඩිල්ශාන් ඉන්න තත්ත්වය උඩ අපට මොනවත් ඒ ගැන දිගට කතා කරන්න බෑ ....එතකොට කසාද නොබැද ඔයා ඩිල්ශාන් එක්ක රට යන එක තෝමස්ට ප්‍රශ්නය වෙන එකක් නැද්ද...?
"ඩිල්ශාන්ට සනිප උනාම මැරි කරන්න පුලුවන් ආන්ටි ...මට බදින්න හදිස්සියක් නෑ...මට දුකයි ඩිල්ශාන් ගැන ...මට ඕනේ එයාට ඉක්මනට සනීප කරගන්නයි. එයාට හොදටම සනීප වෙනකම් එයාව බලාගන්න විතරයි ...."
"නෑ....මටත් ගෑනු දරුවෙක් ඉන්න නිසා මම එහෙම ඇහුව්වේ.....ඔයාගෙ අකමැත්තක් තියෙනවා නම්, මම එහෙම ඩිල්ශාන්ගෙ උදව්වට ඔයාව එහෙම අරින එක හරි නෑනේ...."
" ඒක මට ප්‍රශ්නයක් නෑ ආන්ටි .... අපි ඩිල්ශාන්ව ඉක්මනට සනීප කරගන්න පුලුවන් විදිහක් බලමු .... ."
"මෙහෙමයි ඩිලානි ....ඩිල්ශාන්ගේ කකුලේ, බල නරහ ගොඩක් ඩැමේජ් වෙලා, කකුල කැපුවේ නැති උනාට, ඉස්සරහ කාලේ, හරියට බෙහෙත් කලේ නැත්නම් එයාට කවදාවත් ඇවිදින්න බැරි වෙන්න පුලුවන් ....ඉතිං මේ දවස් වල ,නිශ්ශංක අංකලුයි මමයි එයාව සිංගප්පූරුවේ හොස්පිටල් එකකට ඇරලා, හොදටම සනීප කරගන්න කියලා හිතලා, ගොඩක් මහන්සි උනා.......අපි ලඟ හැදුන දරුවනේ....අපි හින්දම ලංකාවට ඇවිත් කරගත්ත දේ නිසා, අපට අප්සෙට්....ඒ නිසා අපි පහුගිය දවස් දෙකේ ගොඩක් මහන්සි උනා එයාව සිංගප්පූරුවේ යවන වැඩේ ලෑස්ති කරගන්න ..... මේ සුමානෙ අන්තිමට අපි ඩිල්ශාන්ව සිංගප්පූරුවේ හොස්පිටල් එකකට එක්ක යන්න දේවල් ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි.... . එයත් එක්ක පිරිමි නර්ස් කෙනෙක් එයාගෙ වැඩ වලට යනවා....ඔයා එයාගෙ තනියට, පාළුවට විතරයි යන්න ඕනේ...ඔයාට එහෙ නවාතැන් පහසුකම් ඔක්කොම අපිට ලෑස්ති කරලා දෙන්න පුලුවන් ...."
"ප්‍රශ්නයක් නෑ ආන්ටි ....මම ඩිල්ශාන් එක්ක යන්නම්.... රෝසි ගැන තමයි ටිකක් බලන්න ඕනේ...."
"මම මදර් තෙරේසාට කියන්නම්, ඔයා එනකම් එයාව කොන්වන්ට් එකේ නවත්ත ගන්න කියලා ....ඕන නම් එයාට වත්තේ මොන්ටිසෝරියේ වැඩට යන්න පුලුවන්නේ....මම රෝසිගෙන් ඒ ගැන ඇහුව්වම එයා කිව්වා, ඩිල්ශාන් අය්යා එයාට මොන්ටිසෝරියේ ජොබ් එකක් හොයලා දෙන්නම් කිව්වා කියලා ...."
"ඒක නම් ලොකු දෙයක් ආන්ටි ...."
"එහෙනම් අපි ඔයාගෙ පාස්පෝර්ට් එක දවසකින් හදාගන්න බලමු....ඔයා එහෙනම් ඩිල්ශාන් එක්ක සිංගප්පූරුවට යන්න ලෑස්ති වෙන්න ඩිලානි .....මම නිශ්ශංක අංකල්ට කියන්නම් ඔයා, ඩිල්ශාන් එක්ක සිංගප්පූරුවට යන්න කැමතියි කියලා ...."
"හොදයි ආන්ටි ..."
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments