top of page

♨️අයිරින් ඩිලානි ♨ නොසැලෙන දියණි (40 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 5 min read

මගේ වැඩිමහල් සහෝදරයා වන තෝමස් ,අවුරුදු ගනනාවකට පසු, කොළඹ සිට මට දුන් දුරකථන ඇමතුම නිසා, මගේ හිත සතුටින් පිරි ඉතිරි ගොස් ඇත. වැඩි කාලයක් නොයා මට මගේ සහෝදරයන් සහෝදරියන් දකින්න ලැබෙන එක ගැන ඇත්තේ කියා ගන්න බැරි සතුටකි....ඔවුන් තුන් දෙනාට ආරක්ශිත තැනක නවාතැන් ලබා දී....ඔවුන්ගේ අනාගතය සැපවත් කර ගැනීමට, මගේ උපරිම සහයෝගය, අතහිත දීම, මගේ ඒකායන බලාපොරොත්තුව හා, සිහිනය වි ඇත.


ඒ වගේම ඉන් පසු, කාලයක් තිස්සෙ මගේ හිතේ තිබුන ආශාව, බලාපොරොත්තුව හා අභිමතාර්ථය ඉශ්ට කර ගැනීම සදහා මට යෑමට කාලය ලං වෙමින් පවතින බව මට දැනෙන්න පටන් ගෙන ඇත.... ඒ ගැනද මට ඇත්තේ සැනසිල්ල පිරුනු සතුටුදායක හැඟිමකි...... කන්‍යාරාමයේ කන්‍යාතුමියක් ලෙස, දෙවියන් වහන්සේ ඉදිරිපිට ,උන් වහන්සේ වෙනුවෙන් ඇපකැප වෙමින් ගත කරන්නට, මට ලැබෙන දිවිය ගැනද මම බලාපොරොත්තු පිරුනු දෑසින් බලා හිදින්නෙමි .....


මෙම සුමානය අවසානයේ, මගේ සහෝදරයන් හමුවීමට යෑමට පෙර, රෝසි නවාතැන් ගෙන සිටින ළමා මඩමට කතා කර, රෝසිව බේර ගැනීම සදහා, නැතහොත් ඇයව එතනින් නිදහස් කරගෙන මා ලඟට ගැනීම සදහා, මට උදව් කරන්න උත්සහ ගන්නා බව, මදර් තෙරේසා කිව් පසු මගේ හිතේ ඇය ගැන ලොකු ගෞරවයක් හා මගේ හිතට විශාල සහනයක් හට ගෙන ඇත....


මම මේ සුමානය අවසානයේ කොළඹ ගොස් එන්නට නම්, රැකියා ස්තානයෙන්, දවස් දෙකක නිවාඩුවක් ගත යුතු බව, මදර් තෙරේසා පැවසුවාය. මේ මොහොතේ මගේ සහෝදරයන් වෙනුවෙන් මම, ඇය කිව් ආකාරයටම වැඩ කටයුතු කල යුතු වේ......


කන්‍යාරාමයේ මදර් තෙරේසා කිව් ලෙස, රෝසිව කොළඹ ළමා මඩමෙන් නිදහස් කර ගැනිමට විශාල කාර්‍ය්භාරයක් සිදු කරලීමට සිදුවි ඇත. එයට මදර් තෙරේසා ඉදිරිපත් වි උදව් කිරිම ලොකු සහනයකී....ඇය ඒ දේවල් ලෑස්ති කල පසු, මම කොළඹ යන්න ලක ලෑස්ති වෙමින් ඉන්නෙ නොවිසිල්ලෙනි .


මෙපමණ කාලයකට මම රැකියා ස්තානයෙන් නිවාඩුවක් ලැබ නොතිබුනු නිසා ඒ ගැන කාර්‍යාලයෙන් අද අහන්න හිතාගත්තෙමි . මම ,වෙනදා වගේම උදේ රැකියාව සදහා යන්න පිටත් වුනත්, වෙනදාට වඩා මගේ හිත සතුටින් පිරි ඉතිරි ගොස් ඇති සෙයක් මට දැනෙන්න පටන් ගෙන ඇත.....


වෙනදාට රැකියාව සදහා යන කඳුකර වංගු මාවත අද ....කවදාවටත් වඩා ලස්සන වි හැඩ වී ඇත යැයි මට සිතේ....මගේ හදවත ලොකු සැහැල්ලු සතුටකින් පිරි ගොස් ඇත....මීදුම වැටුනු මාවතේ මම අවට සිරි නරඹමින් ඇවිද ගියෙ පියාපත් ලද කිරිල්ලියකි මෙනි....


වෙනදා වගේම උදේ, වැඩට යන පටු පාරේ ....මගේ පිටුපසින් එන වාහනයට, ඉදිරියට යන්නට මම පාරේ අයිනට වි එයට ඉඩ දුන්නෙම්......මා පසුකර ගිය අලුත්ම විශාල ජීප් රතය පාරේ ඉදිරියට ගොස් නවත්වා ඇත.... මම ඇවිදගෙන වාහනය වෙත ලං වෙනකම්, වාහනය ඇතුලත කවුරුන් හෝ බලා හිදීන බව, මට තේරුනි ...මම ඇවිදගෙන එම වාහනය පසු කරගෙන යන්න හදනකොටම, එහි ඇතුලත හිටි කෙනකු, මට වාහනයේ දොර හැර කතා කලේය.....වාහනය ඇතුලත පිටුපස සීට් එකේ වාඩිවි සිටියේ තේ වත්තේ අයිතිකරුවන රණදේව මහත්මායි.... ඔහු ටයි කෝට් දමා ලස්සනට ඇද ගෙන ඉදී... මීට කලින් දවසේද ඔහු මට මුණ ගැසුනු දිනත් ඔහු එලෙසම ඇද සිටියා මට මතකය.....


" ගුඩ් මොර්නින්.....ඩිලානි එන්න නගින්න වාහනයට, මාත් යන්නේ ෆැක්ටරියට...ඔයාට මේකෙන්ම යන්න පුලුවන්.....


" ගුඩ් මෝනින් සර්.....මම පයින් එන්නම් සර්.....සර් යන්න..."


"පිස්සු නැතුව නගින්න ඩිලානි . ..රණදේව සර් වාහනයේ පිටුපස දොර ඇර ඔහු හිටපු ආසානයේම අනෙක් කොනේ මට වාඩි වෙන්නට කිවේය.


බෑ කියන්න බැරි කමට වාහනයේ පිටුපස ආසනයේ, අනෙක් කොනෙන් වාඩි ගත් මම, රණදේව සර්ගෙ මුහුන නොබලා ජනෙලයෙන් එලිය බලා ගෙනම සිටියෙමි.


"ඉතිං කොහොමද ඩිලානි ...අලුත් ජොබ් එක අසාවෙන්ද කරන්නේ.....? ඔහු ඉංග්‍රීසියෙන් මා සමග කතා කරයි. මමත් ඔහුට ඉංග්‍රීසියෙන්ම උත්තර දුන්නෙමි.


"ගොඩක් හොදයි සර්..මම හරි කැමැත්තෙන් ජොබ් එකට එන්නෙ..."


" ඔයා කොන්වන්ට් එකට එන්න ඉස්සර කොහේද හිටියේ ඩිලානි ....?මොකද මම මේ පාර නුවරඑළියේ ආවාහම තමයි ඔයාව ඉස්සෙල්ලම දැක්කේ.....මීට ඉස්සර මේ පලාතේ ඔයාව දැකල තිබුනෙම නෑ......හැබැයි මාස ගානකට උඩදි දවසක් මම චර්ච් එකට ආවා මගේ මැනේජයි ,ඩැයිවර් එක්කයි ....එදා ඔයා වෙන්න ඇති චර්ච් එක ඇතුලෙ ඉන්නවා දැක්කා..... මම ඒ වෙලේ ඔයාව දැක්කෙ හරියට මගේ නංගි වගේ.....පස්සේ එයා දැන් ජීවතුන් අතර නෑනෙ කියලා මතක් වෙලා මම යන්න ගියා....එදා අපි මගේ නංගිගෙ සොහොන ලගට ගිහින් ඉටිපන්දම් පත්තු කරලා යන්න ආව දවසක්....ඒ නිසාද මන්දා..... නංගි නැති උනාට පස්සේ ගොඩක් වෙලාවට චර්ච් එකේදි දකින ගැහැනු අය මට මගේ නංගි වගේ පේන්නේ ....මම එයාට ගොඩක් ලඟින් හිටිය කෙනෙක් .....මම රට ඉන්න කොට එයා නැති උනේ....මට මළගෙදර එන්න බැරි උන එක ගැන තාමත් දුකයි ....එතකොට ඔයා මෙහෙට එන්න ඉස්සර කොහේද හිටියේ ඩිලානි ..... ? ඔයාගෙ ගෙදර අනෙක් අය කොහේද ඉන්නේ....? ..."


"මගේ පවුලෙ අය සී සීකඩ ගිහින් සර්..... මගේ ලොකුම ආසාව ඒගොල්ලෝ හොයා ගන්න එක තමයි සර්.... මම හැදුනෙ කොන්වන්ට් වල....ඊට පස්සේ බදුල්ලේ බාලිකා නිවාසයක ඉදලා මෙහෙට ආවේ...."


"ඔහ්... සමාවෙන්න......ගෙදර අය හොයා ගන්න ඕනේ කිව්වේ....ඒගොල්ලෝ ඉන්න තැනක් දන්නෙ නැද්ද ...?


" ඔව්....ඒත් මම මගේ අය්යා ඉන්න තැන හොයා ගත්තා සර්...මම මේ ඉරිදට කොළඹ ගිහින් එයාව මුණගැහෙන්න යන්න හිතාගෙන ඉන්නේ....මට ඔෆිස් එකෙන් එන සදුදාටයි අඟහරුවාදාටයි නිවාඩුවක් ගන්න පුලුවන්ද අහන්න බලාගෙන අදමේ ඔෆිස් යන්නේ සර්....


රණදේව සර් මා සමග කතා කරන්නේ කෙලින්ම මගේ මූණ දෙස බලාගෙනය .....

ඔහු මගේ මූනේ මොනවා හෝ හොයන ආකාරයක් පෙන්නේ.....ඒ හොයන්නේ ඔහුගෙ නංගිගෙ මුහුනද....? මට ලොකු සබකෝලයක් ලැජ්ජාවක් ඇති වි ඇත ....මම වාහනේ ජනේලයෙන් එළිය බලාගෙන ඔහු සමග කතා කරන්නෙමි.


"ඉතිං කොහොමද ඔයා අය්යාව හොයා ගත්තේ... ...?


"මට ඒක ලොකු සතුටුදායක ආරංචියක් සර්..... මගේ අය්යා මට ඊයේ කෝල් එකක් දුන්නා..අවුරුදු දොලහකට විතර පස්සේ....ඒත් මාස ගානකට උඩදි ,මම සිස්ටර් ෆර්නි එක්ක කොළඹ ගිහින් එයාට තියලා ආව පණිවිඩයකට.... "


"එහෙමද ..අය්යා කොහේද හිටියේ....? දැන් ඉන්නෙ කොහේද...?


"ඒක ලොකු කතාවක් සර්...."


"මට කියන්න අකමැතිද.....?


"එහෙම නෙමේ සර් අපි දැන් ඔෆිස් එක ලඟට ආවනේ......මම වෙන දවසක කියන්නම්...."


" හොදයි .... මම හෙට හවසට මැඩම් තෙරේසා හම්බවෙන්න චර්ච් එකට එනවා...එහෙනම් හෙට කියන්නකො......"


"හොදයි සර්..."

මගේ හිට සතුටින් පිරි ගියාය. ඒ රණදේව සර් මා සමග කතා කරපු ආකාරය නිසයි..... රණදේව සර් හෙට පල්ලියට එනවා කිව්වේ ඇයි.....ඔහු වෙනදාට නිතර පල්ලි යන කෙනෙක් නෙමේනේ .....මොකක් හරි උවමනාවකට ,මදර් තෙරේසා හම්බ වෙන්න එනවා ඇති.....


මම රණදේව සර්ගේ වාහනෙන් බැස කාර්‍යාලය තුලට යන කල එහි සිටි අය මා දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි....


"මම හිතන්නේ මේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්, ලොකු සර්ගෙ වාහනයේ ආවමයි.....සර්ට ඩිලානි ගැන හිත ගිහින් වගේ...."


"අපේ බොස් ඩිලානි ගැන ඕනෑවට වඩා හොයනවා, බලනවා වැඩියි නේද.....?"


"ඔව්.....මගෙනුත් ඇහුව්වා ඩිලානි ගැන විස්තර .. ..."


"සර්ට ඩිලානි ගැන අදහසක් පහල වෙලාද දන්නෙ නෑ....වයිෆුත් ලංකාවේ නෑනේ ...."


"මේගොල්ලට පිස්සු ...මගේ තාත්තා වගේ මනුස්සයෙක්ට කතා හදන්න එපා...."


මගේ යාලුවා නීලාමනී විහිලුවට එහෙම කිව්වත් මටත් ඇය කිව් ලෙසම ෆැක්ටෙරියේ අයිතිකරුවාගේ පෙනුම, බැල්මේ ලොකු වෙනසක් පෙනේ.... නමුත් මම ඔහුගෙ නිහතමානී ගතිගුණ කතා බහට කැමති නිසා, මට ඔහු ගැන ඇත්තේ ලොකු ගෞරවයක් ,කැමැත්තක් මිස අනෙක් අය හිතන විදිහේ නරක අදහසක් නෙමේ......


හරි පුදුමයි මේ තේ වත්තේ අයිතිකරු වන රණදේව සර්ගේ වාහනයෙන් මට අද ඔෆිස් එන්න ලැබිම..... කිසිම ආඩම්බර කමක් නැති නිහතමානී රණදේව සර්, මාත් සමග කතා කරපු හැටි......මගෙ හිත කවදාවත් නැති විදිහට සතුටින් පිරි ඇත. කාත් කවුරුත් නැති අනාතයෙක් විදිහට අවුරුදු ගනනාවක් තනියම ගත කල මට, මාත් සමඟ කවුරුන් හෝ ආදරෙන් නිහතමානීව කතා කරොත් මට කවදත් ඇති වන්නේ සතුටකි....ඒ මගේ හිත කාලයක් තිස්සෙ .... හීනමානයෙන් පෙළි අසරණව සිටි නිසා වන්නට ඇත.


අමුතුම ප්‍රසන්න කඩවසම් පෙනුමක් ඇති රණදේව සර් කෙලින්ම මගේ මුහුණ දිහා බලාගෙන මා සමඟ කතා කරපු හැටි.... යන්තම් දත් පේන්න කට කොනකින් හිනාවෙනකොට ඕන තරම් වෙලාවක් ඔහු දෙස බලා සිටින්න පුලුවන් තරම්.....මම වාහනේ පිටුපස ආසනයේ ඔහු සමග එකට වාඩි වෙලා ඉන්න ගමන්, මුහුණ හරවා නොබලා, ඔහුට මුහුණ නොදි මම කතා කරේ කොයිතරම් අපහසුවෙන් ද කියා හිතෙන්නේ දැන්ය.. ....අනේ ඒ විනාඩි දහයක වගේ පොඩි දුරක් ඔහුගෙ වාහනේ එන්න ලැබුනු මට දැනුනු සතුට නම් දැන්, කියා ගන්න බැරි තරම්.......


සිය මෝටර් රථයෙන් ඔෆිස් එකේ වැඩකරන, කන්‍යාරාමය හැදෙන, අසරණ මාව රැගෙන එන්න තරම් ඔහු කාරුණික උන එක ගැන මට දැන් පුදුමය... ...


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page