top of page

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (39වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 5 min read

"සර්ගෙ වයිෆ් ලංකාවේ නෙමේද ඉන්නේ....?


"ඔව්....වයිෆ් ළමයි එක්ක පිටරට ඉන්නේ....ලඟදිම ලංකාවට එයි.......ඒ ආපුවහම ඔයාට එයාව අඳුනගන්න පුළුවන් වෙයි.... "


"හරිම සන්තෝෂයි සර්..."


"ඩිලානි දැන් මේ ඔෆිස් එකේ වැඩට ඇවිත් මාස යකට වැඩියිනේ.....? කොහොමද ඔයාගෙ අලුත් ජොබ් එක......? මම අද උදේ කොන්වන්ට් එකේ මදර් තෙරේසාට කෝල් එකක් දුන්නා....එයා ඔයා ගැන ගොඩක් විස්තර කිව්වා....ඔයාගෙ මහ ගෙවල් වෙන්නප්පුවේ කිව්වා නේද...? මගේ වයිෆ්ගෙ මහ ගෙදරත් වෙන්නප්පුවේ ....හැබැයි දැන් ඒ ගෙදර කවුරුත් නෑ...."


"අනේ මැඩම්ගෙ ගෙවලුත් වෙන්නප්පුවේද සර්...?හරි පුදුමයි .....මට හරි සතුටුයි අපේ ගමේ කෙනෙක්ව අදුනගන්න ලැබෙනවා නම්....."


"වයිෆ් නම් දැන් මෙහේ නෑ... ..එයා මෙහෙ හිටියනම් එයත් ඔයාව අදුනගන්න කැමති වෙයි...."


" මටත් සර්ගෙ වයිෆ්ව දකින්න අඳුනගන්න ආසයි ..."


"හෙට අනිද්දා දිහාවට මම චර්ච් එකට එනව කියලා මදර් තෙරේසාට කියන්න ඩිලානි ....එහෙනම් ඩිලානි ගිහින් දැන් වැඩ කරන්න ..."


"වින්වර් හිල්ස්" තේ වතුයායේ අධ්පති රණදේව සර්....ගැන මම හිතාගෙන හිටි විදිහට වඩා ඔහු , ගතිගුණ වලින් කතා බහෙන් ගොඩක් හොද කෙනෙක් බව මට තේරුනි.... ඔහුගෙ බිරිඳ වෙන්නප්පුවේ කෙනෙක් බව දැන ගැනීම මට ඊට වඩා සතුටක් විය.....


දිනයේ පළමු හිරු කිරණ නැග එද්දී..... උදයේම නැගිට කන්‍යාරාමයේ වැඩ කටයුතු කරන මම රැකියාවට යන්න ලෑස්ති වන්නේ බොහෝම ආසාවෙන්....

සතියේ දවස් පහටම උදේ පාන්දර නැගිට කොන්වන්ට් එකේ පිරිසිදු කිරිමේ කටයුතු හා, උයන පිහන වැඩ කටයුතු වලටද උදව් කරන මම, කන්‍යාතුමියන්ගෙ අතයාවශ්‍ය වැඩවලටද උදව් කර, වැඩට යන්නට ලෑස්ති වන්නෙමි. රැකියාවට ගියා කියා, මගේ අතින් කන්‍යාරාමයේ ඇතුළත කලයුතු වැඩ කිසිත් අතපසු නොකර කිරීමට මම අමතක නොකරමි.


"වින්වර් හිල්ස්" තේ වතුයායේ මුදුනෙම පිහිටා ඇති ඇති තේකොළ ෆැක්ටෙරි, කාර්‍යාලයේ රැකියාවට යන මට මම වැඩ කරන කාර්‍යාලයේ සැමගේ හිත දිනාගෙන වැඩ කරන්න මට වැඩි කාලයක් නොගියේය.


මගේ හිතේ කාලයක් තිස්සේ තිබුන ආසාව, බලාපොරොත්තුව ඉශ්ට වී මට හොද රැකියාවක් ලැබීම මගේ හිතට විශාල සතුටක් සහනයක් විය.


නමුත් මීට මාස දෙකකට උඩදි, සිස්ටර් ෆර්නි එක්ක කොළඹ ගොස් මගේ සහෝදරයන් සොයාගන්නට මම කැප කල මහන්සිය, අපතේ ගිය එක ගැන මගේ හිතේ ඇත්තේ කණගාටුවකි. .... තෝමස්ව මඟදී හමුවුනා යැයි කිව් අංකල් ....ඔහුගේ බිරිඳට අපි දී ආ ටෙලිෆෝන් නොම්බරය.... ඇය ඔහුට දිය නැති බව මට මේ වන විට තේරුම් ගොස් තිබුනි.... නැවත වතාවක් තනියම හෝ කොළඹ ගොස් එහි නැවති හිදිමින් සහෝදරයන් සොයා ගැනිමට මම තරයේ හිතට ගත්තෙමි . රැකියාවට විත් ගෙවුනු මාස තුනක කාලයේදී, ලැබුනු වැටුප මම බැංකු පොතක තැන්පත් කලේ සහෝදරයන් සොයා යෑම සදහා අවශ්‍ය මුදල් එකතු කර ගැනීම සදහායි..... තව මුදල් ටිකක් අතේ එකතු කරගෙනම ඒ වැඩය සදහා කොළඹ යෑමට මම හිතාගෙන ඉන්නෙමි.


"අයිරින් ඔයාට මදර් තෙරේසා කතා කරනවා.....ගිහින් බලන්න ..."


"තැන්ක්ස් මම යන්නම් සිස්ටර් ...."


හවස වැඩ ඇරි කොන්වන්ට් එකට ගිය මට, මදර් තෙරේසා එන්න කියා කිව් පනිවිඩය ගැන මට ඇතිවුනේ කියා ගන්න බැරි තමයි ලොකු සතුටක් හා පුදුමයකි..... කොළඹ ගොස් ඇවිත් මාස තුනකට පසු මට ලැබුනු ඒ දුරකථන ඇමතුමෙන් මගේ හිත සතුටින් පිරි ඉතිරිනි.... .


"අයිරින් අද ඔයාගෙ බ්‍රදර් තොමස් කොළඹ ඉදන් මෙහෙට කෝල් එකක් දුන්නනේ.......මෙන්න මේ නම්බර් එකට, එයාට කෝල් එකක් දෙන්න කිව්වා ඔයාට......."


"අනේ මගේ අය්යා තෝමස් මට කතා කරාද මැඩම්....?? ..මට හරි කියන්න බැරි තරම් සතුටුයි .....එහෙනම් අර ගෙදර ආන්ටි එයාට පණිවිඩය දීලා.....මෙච්චර පරක්කු වෙනකොට මම හිතුවා, ඒක එයාට අමතක වෙලා වෙන්න ඇති කියලා ...."


"ඔයාට ඕන නම් බ්‍රදර්ට දැන් කෝල් එකක් ගන්න....අයිරින් ..."


"තැන්ක්ස් මදර්...."


මම මදර් තෙරේසාගෙර් ඔෆිස් රූම් එකේ ටෙලිෆෝනයෙන් තෝමස් ගේ ටෙලිෆෝන් නොම්බරය කරකැවිය...... දුරකතනයේ බීප්...බීප් සද්දයට සමානව මගේ හිත ගැහේ....මගේ ජීවිත කාලය ඇතුලත අවුරුදු දොළහක පමණ කාලයක තුල නෑදෑයෙක් සහෝදරයෙක් දන්න කියන කිසිත් නැතුව අසරණව ගෙවුනු කාලය තුල මම මානසිකව, හා ශාරිරිකව වින්ද දුක් වේදනා ....කියන්න අහන්න කවුරුත් නැතුව ගෙවුණු කාලය.....මම ගත කල දුක්ඛිත ජිවිතය ගැන මගේ හිතේ ඇත්තේ පුදුමාකාර අසරණ කමක්.....


මගේ වැඩිමහල් සහෝදරයා මම ඉන්න තැනට දුරකථන ඇමතුමක් දී තිබීම....මගේ හිතට දැනෙන හැඟීම මෙතැකැයි කියන්න බැරි තරම් .....මම දැන් ඔහුගෙ කටහඩ බලාපොරොත්තුවෙන් නුවරඑළියේ සිට දුරකතනය අතේ තියාන බලා හිදිමි.....


"හෙල්ලෝ...."


කවුද ගොරෝසු කටහඬකින් කතා කරයි....ඒ නම් තෝමස් නෙමේ....


"හෙල්ලෝ....මම අයිරින්.....මට මගේ බ්‍රදර් තෝමස්ට කතා කරන්න ඕනේ...එයා ඉන්නවද....? ගෝරෝසු කටහඩින් කතා කළ පුද්ගලයාගෙන් මම ඇසිමි. මගේ කටහඬ, වචන මම හසුරුවා ගත්තේ බොහෝම අමාරුවෙන් ....


"ඔව්...පොඩ්ඩක් ඉන්න ....මම එයාට කතා කරන්නම්....." එම පුද්ගලයා කීය.


මගේ පපුව තවම ගැහේ....එහෙනම් තෝමස් ඉන්නවා......අනේ මගේ අය්යා......මට ඉවසුම් නැත. දුරකතනයේ අනෙක් කොනෙන් ශබ්දයක් ඇසේ....


"හෙලෝ.....මම තෝමස් ....කවුද කතා කරන්නේ.....?


" මේ....මම තෝමස් .....තෝමස් ...ඔයාගෙ සිස්ටර් අයිරින් .....අනේ ඔයාගෙ කට හඬ අහන්නත් ආසයි තෝමස් .....අනේ අපට උන දෙයක් තෝමස්......"


මගේ කට හඬ දුර්වල වී මගේ ඇස් වලට කදුළු උනාගෙන එයි....


" මටත් ඔයාගෙ කටහඩ ඇහෙනකොට හරි සතුටුයි අයිරින් .....ඔයාව දකින්න මට හරි ආසයි....ඔයා කොළඹ ඇවිත් මාව හෙව්වා කියලා ,මට ආරංචි උනේ ඊයේ.....මම අද උදේම ඔයා ඒ ඇන්ටිට දීල ගිය ටෙලිෆෝන් නොම්මරයට කතා කලා.....

ඔයා ජොබ් එකකට යනවා කියලා ඔහෙන් කතා කරපු කෙනා කිව්වා......"


"ඒ අපේ මදර් තෙරේසා ....මම ඉන්නෙ දැන් කොන්වන්ට් එකක.....ඔයා කොහේද ඉන්නේ තෝමස් ...?


"මම ඉන්නේ පිටකොටුවේ රෙදි කඩේක....එතන වැඩ කරන තැනමයි මම නැවතිලත් ඉන්නේ...."


"ඇයි තෝමස් ඔයා මාව, අපිව, මෙච්චර කාලෙකට හොයාගෙන ආවේ නැත්තේ.....?


"මම ඔයාව ගොඩක් හෙව්වා අයිරින් ...මම ඔයාගෙ මීගමුවේ හොස්ටල් එකටත් ගිහින් හෙව්වා....ඒගොල්ලෝ මට ඔයාගෙ හරි විස්තර දුන්නෙ නෑ....කිව්වෙ නෑ......මම අය්යා කියලා විශ්වාස නැතුව වෙන්න ඇති....ඒත් පස්සෙ කිව්වා ඔයාව බදුල්ලට මාරු කලා කියලා. ඒත් මට හරි විස්තරයක් දුන්නෙ නෑ....."


"අනේ තෝමස් දැන් රෝසි ජූඩ් ඉන්නෙ කොහෙද... ?


"ජූඩ් ඉන්න තැන නම් මම දන්නවා......එයාව මට හම්බ වෙනවා.......එයා O/L වත් කරන්නෙ නැතුව මඩමෙන් පැනලා මම ලඟට ආවනේ.... දැන් වෑන් එකක් කුළියට එළවනවා......මට හරි දුකයි අයිරින් ඒ දෙන්නා ගැන,...ඒගොල්ලන්ට ළමා මඩමෙන් කන්ඩ බොන්න විතරයි හරියට දිීලා තියෙන්නේ ....ඔහේ යවනවට ඉස්කෝලේ ඇරලා....ජුඩ් ටයි රෝසිටයි ඉංග්‍රීසි වචනයක් කතා කරන්න බෑ....හරියට ඉගෙන ගෙනත් නෑ....ඒකයි ජූඩ් වෑන් එකක් එළවන්නේ....එයා අවුරුදු දාසය වෙනකොට මඩමෙන් පැනලා ආවා මම ඉන්න තැනට....මම තමයි එයාට අපේ රෙදි කඩේ ජොබ් එකක් දීලා පස්සෙ වෑන් එකක් එළවන්න හදලා දුන්නේ...."


"අනේ එතකොට රෝසි ......රෝසි තාම මඩමේද......එයාටත් දැන් අවුරුදු දහඅට පිරෙන්න ලඟයි නේද...?


"ඔව්...එයා ඉන්න ළමා මඩම මම දන්නවා......ඉද හිට මමයි ජුඩ්ඩුයි ගිහින් එයාව බලලා එනවා....මට රෝසි ගැන හරි දුකයි අයිරින් ...ඒගොල්ලන්ට මඩමේ මේට්ට්‍රන්ලා හරියට නරක විදිහට සලකන්නේ....පව් අහිංසක ළමයි ...

මමත් තවම හරියට පිලිවෙලක් වෙලා නෑනේ අයිරින්.....ඒ නිසා

මට තාම හරියට ඉන්න තැනක් නෑ...... අයිරින් මම වැඩ කරන රෙදි කඩේමයි මම නිදියන්නේ....ජුඩ් උනත් වෑන් අයිතිකාරයාගෙ ගෙදර ගරාජ් එකේ ඉන්නේ....රෝසිව අපට එහෙම මඩමෙන් ලේසියෙන් එළියට ගන්න බෑ.....එයාගෙ භාර කාරයො නැතුව.....හැබැයි එයාට අවුරුදු දහඅට පිරුනට පස්සේ මඩමෙන් එළියට එන්න පුලුවන් ....."


"එයාට දහ අට පිරුන ගමන් එයාව, මඩමෙන් කොහේ හරි රස්සාවකට යවයි ....නැත්නම් බන්දලා දෙයි....අපි එයාව කොහොම හරි ඊට ඉස්සෙල්ලා එතනින් එළියට ගමු තෝමස්....මට අපේ කන්‍යාරාමයේ මදර් තෙරේසාගෙ උදව්වක් ගන්න පුලුවන් වෙයි එයාව එතනින් බේර ගෙන මගේ ලඟට ගන්න.....මම දැන් රස්සාවක් කරන නිසා සල්ලි ටිකක් ඉතිරි කරගෙන ඉන්නේ......මට පුලුවන් පොඩි කාමරයක් කුලියට ඇරගෙන රෝසිව මගේ තැනට ගන්න......මට අපේ තේ ෆැක්ටෙරි එකේ වැඩකුත් එයාට හොයලා දෙන්න පුලුවන් වෙයි......මම පුලුවන් ඉක්මනට කොළඹ එන්නම්.......අපි රෝසිව මඩමෙන් ඇරගෙන, මගේ ලඟට ගන්නම්.......මම රෝසිව අපේ ලඟට ගන්න පුලුවන් විදිහක් ලෑස්ති කරගෙනම කොළඹ එන්නම් තෝමස් .....ඊට ඉස්සෙල්ලා මට නවතින්න තැනකුත් ලෑස්ති කරලා එන්න වෙනවා....මොකද මම දැන් රස්සාවක් කරන නිසා, මදර් තෙරේසා මේ කොන්වන්ට් එකේ මාව තියාගන්න කැමති නෑ...... මම මෙහෙ දේවල් ලෑස්ති කරලම කොළඹ එන්නම්...... මට දවසක් දෙකක් මීගමු කොන්වන්ට් එකෙත් නවාතැන් ගන්න පුලුවන් වෙයි.....ඊට පස්සෙ අපි රෝසිව හොයාගෙන යමු....."


"දැන් කවද්ද අයිරින් කොළඹ එන්නේ....මට නම් ශොප් එකේ නිවාඩු තියෙන්නේ ඉරිදා දවසට විතරයි ...."


"මම මදර්ට කියලා රෝසි ඉන්න ළමා මඩමට කතා කරලා, එයාව නිදහස් කර ගන්න විදිහක් හොයාගෙනම කොළඹ එන්නම්.......මම කාට හරි කියලා මට බෝඩිමක් හොයා ගන්න කම්, රෝසිව මට දවසක් දෙකක් කොන්වන්ට් එකේ තියාගන්න පුලුවන් වෙයි......කොහොමත් මම දැන් රස්සාවක් කරන නිසා මට මේ කොන්වන්ට් එකේ දිගටම ඉන්න බෑ.....


"අයිරින් ඔයා මෙහෙ කොළඹ පදිංචියට එන්නකෝ....අපට එතකොට එක ගෙදරක් කුළියට ඇරගෙන එකට ඉන්න පුලුවන් ..."


"බලමු තෝමස් මම මදර් එක්ක කතා කරලා ඔයාට විස්තර කියන්නම්.....මම එන ඉරිදා ඔයාව බලන්න කොහොමත් කොළඹ එන්නම්......ජුඩ්ටත් කි‍යන්න මාව හම්බවෙන්න, ඉරිදට එන්න කියලා .... අපි තුන් දෙනාම එකට එකතු වෙලා රෝසි බලන්න යමු....."


"මට හරිම සතුටු හිතුනා අයිරින් .....ඔයා කොළඹ ඇවිත් මට පණිවිඩයක් තියලා ගිහින් කියලා දැන ගත්තම......අවුරුදු ගානකට පස්සෙ දෙවියො අපි දිහා බලලා අපිව ආයෙත් එකතු කරන්න යන්නේ....අපි හතර දෙනාට ජේසු පිහිටයි...."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page