♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (36 වෙනි කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 6 min read
දෙමව්පියන්, සහෝදර සහෝදරියන් ,නෑදෑයින් කිසිත් ලඟ නැති අසරණ දරුවෙක් විලස, කොන්වන්ට් එකේ හා, ළමා මඩමක තනියම හැදුනු වැඩුනු මගේ බාළ, නව යොවුන් කාලය ....නේවාසිකාගාරයේ හා බාලිකා නිවාසයේ, අකාරුණික පාළිකාවන්ගෙන් ලද ශාරීරික හා මානසික දඬුවම් වලින් ජීවිතය, අන්තයටම කඩා වැටි අන්ත අසරණව සිටි මට ...., එකළ ඔවුන් තුලින් ලද මානසික, ශාරීරික හිංසනය නිසා,
මගේ දෑසින් ගලා ගිය කදුළු කන්දරාව
ගැන මට ඇති මතකය ......., ආයෙත් මගේ දෑසින් , එළෙස එක කදුළු බිඳුවක් හෙළන්නට, එක සුසුම් පොදක් හළන්නට, ඉඩ නොහැර...... මගේ ජීවිතය, මගේ අනාගතය, සැපවත් කර ගැනීම උදෙසා වගේම, මගේ සහෝදර සහෝදරියන්ගෙ ජීවිත ගොඩගන්නටත්, මම උපරිම උත්සහයක් දරමින් ඉදිමි.....එයට මම සිස්ටර් ෆර්නිගෙ උදව් බලාපොරොත්තුවෙන් බලා හිදින්නෙමි.
"අයිරින් දැන් හෙට උදේම කොළඹ යන්න ලෑස්තිද ...?
"ඔව් සිස්ටර් මම හරි ආසාවෙන් ලෑස්ති වෙලා ඉන්නේ...."
"අපි උදේ හය වෙනකොට එහෙනම් නුවරඑළියෙන් මීගමු බස් එකේ යමු ...."
"ඔව් සිස්ටර් එහෙම කරමු...."
සිස්ටර් ෆර්නි සමග නුවර එළියේ සිට මිගමුවට යන්න උදේ පාන්දර බස් එකට නැගපු මොහොතේ සිට, මගේ හිත බලාපොරොත්තු මහ ගොඩකින් පිරි ඉතිරි ගොස් තිබුනි ..... ඒ සහෝදර සහෝදරියන් මුණ ගැසිමේ බලාපොරොත්තුවෙන්...... අනේ මගේ චූටි නංගි රෝසී....මල්ලි ජූඩ් මේ වන විට ලොකු දරුවන් වී ඇති....මට ඔවුන් අදුන ගන්න හැකි වෙයිද ...? අය්යා තෝමස්ට නම් මාව හොදටම මතක ඇති....ඒත් ඇයි එයා මෙපමණ කාළයකට මාව හොයාගෙන නාවේ....? එයත් ලොකු මමීලත් සමග ඔස්ට්‍රේලියා ගිහින්ද...?
"අපි දැන් බහින්න ලඟයි අයිරින්.....දැන් දවල් එකලොහට විතර ඇති...අපි මීගමුවෙ කොන්වන්ට් එකට යන්න ඉස්සර කඩේකින් මොනව හරි කාලා තේ බීලම යමු නේද? ...."
"ඔව් සිස්ටර් ..සිස්ටර්ට දැන් බඩගිනිත් ඇතිනේ..."
මීගමුවේ කෑම කඩේකින් මාළුපාන් කා තේ බිව් අපි.... කෙලින්ම ගියේ ,මම මීට අවුරුදු එකොළහකට උඩදී නැවති සිට් කොන්වන්ට් එක සොයාගෙනයි....
කොන්වන්ට් එකේ විශාල ගේට්ටුවෙන් ඇතුලට ඇතුළ් උන මොහොතේ.....මීට අවුරුදු එකලොහකට පෙර, මමී ඩැඩි සමග කොන්වන්ට් එකට ගිය මුල්ම දිනය සිහිවිය..... අද සෙනසුරාදා දිනයක් නිසා පාසැල් බිම පාලුවට ගොස් ඇත. මම පාසැලේ සිටි කාලයට වඩා කොන්වන්ට් එක බොහෝ වෙනස් වි තිබුනි. එකළ තිබු පාසැල් ගොඩනැගිලි සියල්ල අලුත් පෙනුමක් ගෙන තව විශාල කර සාදා තිබුනි. එකළ රූබී, සිල්වියා සමග මම එහෙ මෙහෙ ගිය හැටි ,සෙල්ලම් කරපු බිම, ගොඩනැගිලි දැන් අදුනන්න බැරි තරමට අලුත් වී, නව ගොඩනැගිලි බිහි වී පාසැල අලුත් මුහුණු වරක් ලැබ තිබුනි......මම සිස්ටර් ෆ්‍රර්නි සමග මදර් සුපීරියර්ගෙ කාමරය වෙත පිය නැගුවේ අවට පරිසරය දෙස ආසාවෙන් බලමින්.... මුළින්ම කොන්වන්ට් එකේ අලුත් පාසැලට ආ දවස වගේම, හොස්ටල් එකේ නවතින්න ආ මුල්ම දවසේ
මමීගෙ අතින්, තදින් අල්ලගෙන ඇය පසුපස බයෙන්, සැකෙන් ගිය හැටි මතක් වෙයි......පරන මතක අලුත් වෙමින් යද්දී මගේ හිත සතුටින් වගේම දුකෙන්ද බරවි ඇත ..... අවුරුදු දහයක පොඩි ලමෙක්ව සිටි කාලයේදි මාව මේ කොන්වන්ට් එකට බස්සවා ගිය මමි ඩැඩි..... මාව අතහැර මගේ අනාගතය තනිවම මට හදාගන්න ඇර ඔවුන් හිටිහැටියේ නැතිවි නොපෙනි ගිය හැටි....අනේ අයිරින්....😢
"ඉක්මනට එන්න අයිරින් ....පරක්කු නොවී ඔයාගෙ සහෝදරයො හොයාගන්නත් යන්න තියෙනවනේ ..."
අපි කොන්වන්ට් එකේ පාළු දිග කොරිඩො එකේ ඇවිදගෙන විත් මදර් සුපීරියර්ගෙ කාමරයට ඇතුළු විය.....අද සෙනසුරාදා දවසක් බැවින් පාසැල් භූමිය පාළුවට ගොස් ඇතත්, කොන්වන්ට් එකේ මදර් සුපීරියර්ගෙ කාර්‍යාලය අද ඇර ඇත....මාත් සිස්ටර් ෆර්නිත් ඇයගේ කාර්‍යාල කාමරයට ඇතුල් උනේ ,එතන සිටි වෙනත් සිස්ටර් කෙනෙක්ගෙ අඬ ගැසීමෙන් පසුයි.
මම කොන්වන්ට් ගිය කාලේ හිටි මදර් සුපීරියර් දැන් වෙනස් වි, තරුණ පෙනුමැති අලුත් මදර් සුපිරියර් කෙනෙක් දැන් එම මූළික පුටුවේ වාඩි වි හිදියි.....
"එන්න එන්න ඇතුලට ....අද උදේමද නුවරඑළියේ ඉදලා ආවේ.....?
"ඔව් මදර් අපි මේ එන ගමන්....."
"මට නුවරඑළිය කොන්වන්ට් එකේ මදර්.... පෙරේදා කෝල් කරලා කිව්වා ඔය ගොල්ලෝ අද එයි කියලා.... මට අද වෙන වැඩකටත් කොළඹ යන්නත් තිබිනා....ඒ නිසා අපි මේ මඟ බලාගෙන හිටියේ...අයිරින්ට උදව් කරන්න කියලා මදර් මඟින් මඟට කිව්වා නිසා .... මම මේ ඔයගොල්ලෝ එනවා කිව්ව නිසා අයිරින්ගෙ "පරණ පුද්ගලික ෆයිල්" එක හොයාගෙන, බල බල හිටියේ...මේ ෆයිල් එකේ තියෙන ඔක්කොම ඇඩ්ඩ්‍රස් දැන් වෙනස් වෙලා කියලා මට හිතන්නේ අයිරින් .....මේ තියෙන්නේ ඔයාගෙ වෙන්නප්පුවේ මහ ගෙදර ඇඩ්ඩ්‍රස් එක, ඒක දැන් අයිති වෙන ලොකු කම්පැණි එකකට.....ඒ මහ ගෙදර කඩලා ,එතන දැන් ගෙස්ට් හවුස් එකක් හදාගෙන යනවා මේ දවස් වල.....ඒක එම කම්පැනි එකට විකුනලා තියෙන්නේ ජූලියා කියලා කෙනෙක් .....ඒ අවට ගෙවල් වල අයවත් ජූලියා ඉන්න තැනක් දන්නේ නෑ....මම ඊයේ ඒ පැත්තට කෙනෙක් ඇරලා ඒ ගැන හෙව්වා ....මොකද වෙන්නප්පුව අපට ලඟ ප්‍රදේශයක් නිසා....."
"ජූලියා කියන්නේ අපේ ඩැඩී මමී නැති උනාට පස්සේ කසාද බැදපු කෙනා....එයා තමයි අපේ පවුල නැති කලේ....."
"එතකොට ඔයාගෙ ලොකු මමීගෙ කොළඹ ගෙදර ඇඩ්ඩ්‍රස් එක තියෙනවා....ෆොන් නම්බර්ස් වැඩ කරන්නේ නෑ....ඔයගොල්ලන්ට ඒ ගෙදර හොයාගෙන යන්න වෙනවා .....අවශ්‍ය තොරතුරු දැනගන්න ..."
"ඔව් මදර්....මම සිස්ටර් ෆර්නි එක්ක ඒ ගැන හොයා බලන්න කොළඹ යන්න හිතාගෙන තමයි අද ආවේ...."
"මට නුවරඑළියේ කොන්වන්ට් එකේ මදර් කිව්වා ඔයාට පුලුවන් විදිහකට උදව් කරන්න කියලා ....මට ඒක අහක දාන්න බෑ....ඔයා මේ කොන්වන්ට් එකේ ඉගෙන ගත්ත ළමෙක් නිසා.....
"බොහොම් ස්තුතියි මදර්...."
" මම දැන් අපේ කොන්වන්ට් එකේ වාහනේන්, කොළඹ යන්න හිතාගෙන ඉන්නේ මගේ වැඩකට....., ඔය දෙන්නටත් ඒ එක්කම කොළඹ යන්න පුලුවන් ඒ වාහනෙන්ම... මම අපේ ඩ්‍රයිවර්ට කියන්නම් මාව මම යන තැනට බස්සලා, ඔය දෙන්නව ඔයගොල්ලන්ට යන්න ඕන තැනට එක්ක යන්න කියලා ...ඔයා සිස්ටර් එක්ක ගිහින් ඒ ගෙවල් වටපිටාවෙන් ඔයගොල්ලන්ගෙ ලොකු මමි ගැන ආරංචියක් දැනගන්න පුලුවන් වෙයිද බලන්න ...ඔයාට මේ ඇඩ්ඩ්‍රස් ටික වැදගත් වෙයි කියලා මම කොලේක ලියලා තිබ්බා...අපි ඔයාට උදව් කරන්න ඕන නිසයි මම මේ මහන්සි වෙලා අවුරුදු එකොලහකට වඩා පරන ඔයාගෙ රෙකෝඩ්ස් ටික හොයලා ගත්තේ....."
"බොහෝම ස්තුතියි මදර්...මදර් මට මෙහෙ හිටිය සිස්ටර් මේරියි, හොස්ටල් එකේ කුස්සියේ වැඩ කරපු සීතම්මායි හම්බවෙන්න පුලුවන් වෙයිද... සීතම්මා මට ඉස්සර ගොඩක් උදව් කරපු කෙනෙක් ..."
"කණගාටුයි අයිරින් .... සීතාම්මා දැන් ගොඩක් වයස නිසා අපි එයාව පානදුරේ මහළු මඩමකට ඇරියා.....ඔයාට ඕන නම් මම එහෙ ඇඩ්ඩ්‍රස් එක ඔයාට දෙන්නම්... සිස්ටර් මේරිට නම් එයා අතින් වැරැද්දක් වෙලා මෙහෙන් යන්න උනා....ඒ වගේම එයාගෙ ඇඩ්ඩ්‍ර්ස් එකක් අපි දන්නෙත් නෑ....."
" එහෙමද....සිස්ටර් මේරිත් ඒ කාලේ මට ගොඩක් උදව් කල කෙනෙක් ...එයාවත් මට දකින්න කතා කරන්න ආසායි ...කොහොම හරි මට සීතම්මාගෙ ඇඩ්ඩ්‍රස් එක දෙන්න මදර්.... .අද බැරි උනත් මම පස්සෙ දවසක් හරි ගිහින් සීතාම්මා බලලා යන්න එන්න ඕනේ..... "
"හොදයි එහෙනම් පරක්කු නොවි, අපි කොළඹ යමු.... කොන්වන්ට් එකේ වාහනෙන්ම ඔයාගෙ ලොකු මමිලගෙ ගෙදර ගිහින් ඒගොල්ලෝ ගැන හොයලා බලන්නකෝ.......අදම ඔයගොල්ලන්ට ආපහු නුවරඑළිය යන්න බෑරි නිසා, අද රෑට සිස්ටර් ෆර්නි එක්ක අයිරින් මෙහෙ හොස්ටල් එකේ නැවතිලා ඉදලා හෙට උදේට යන්න පුලුවන් .....මට නුවරඑළිය කොන්වන්ට් එකේ මදර් සුපීරියර් කිව්වා ඔයගොල්ලන්ට අවශ්‍ය උනොත් නැවතිමේ පහසුකම් දෙන්න කියලත් ....."
"ගොඩක් ස්තුතියි මදර් මට උදව් කරන එකට..."
"අපේ මේ කොන්වන්ට් එකේ ඉගෙන ගත්ත ළයින්ට අපි උදව් කරන්න එපෑ ....ඔයා හිටිය කාලේ හිටිය සිස්ටර්සලා ටීචර්ස්ලා දැන් ගොඩක් වෙනස් වෙලා .....දෙතුන් දෙනයි පරණ කට්ටිය ඉන්නේ.....අද සෙනසුරාදා නිසා ඒ අයත් අද නෑ......"
"අපි එහෙනම් ගිහින් එන්නම් මදර්....මදර් අපි යන වාහනෙන්ම යන්න එනවනේ...."
"මොනව හරි කාලා බීලා යන්න ..."
"නෑ මදර් අපි දැන් තේ බීලා ආවේ....පරක්කු නොවි ,ලොකු මමීගෙ ගෙදර හොයාගෙන යන්න ඕනේ...."
මීගමුවේ සිට කොළඹ නාරහේන්පිටියේ ලොකු මමීලගෙ ගෙදර හොයාගෙන මීගමු කොන්වන්ට් එකේ වාහනෙන් අපි එහෙ යනවිට හවස් තුන පහු වි තිබුනි ....
"අලුත් මදර් සුපීරියර් දුන්න ඇඩ්ඩ්‍රස් එකේ හැටියට..... මේ හරිය තමයි ඔයාගෙ ලොකු මමීලා, ඉස්සර හිටිය ගෙවල් තියෙන්නේ......"
"මට යාන්තමට මතකයි..... මම ග්‍රැනී එක්ක මේ හරියෙ ඇවිත් ගිය වගේ........හැබැයි අදුනගන්න බැරි තරමට මේ පැත්ත වෙනස් වෙලා, අලුත් ගෙවල් හැදිලා ....පාරවල් ලොකු වෙලා..... ලොකු මමීලගෙ ගෙදර කෝකද....??...
"මිස් මේ තියෙන්නේ නොම්බර 24.....මිස් වාහනෙන් බැහැලා ගිහින් මේ ගෙදර අයට කතා කරලා බැලුව නම්......" වාහනේ ඩැයිවර් කීය.
"යමු මාත් එන්නම් ..."
සිස්ටර් ෆර්නි වාහනෙන් බැස, මට ඉස්සර විය..... අපි ලොකු මමීලා හිටිය ගෙදර ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියෙමු.... ඒ කාලයේ තිබුනට වඩා ඒ ගේ බොහො වෙනස් වී අලුත් පැටන් එකකට ගෙයි ඉස්සරහ වෙනස් කර හදා ඇත....ගෙදර වත්තේ කොනක තිබුන අඹ ගස නම් තවමත් ඉස්සර වගේම එතන ඇත.....
මට ඒ ගෙදර සම්බන්ධ, පරණ මතක එකින් එක සිහි වෙයි..... පාසැල් නිවාඩු කාලයට අපේ ග්‍රැනී, මමී සමග....,තෝමස්, ජූඩ් හා අත දරු රෝස්ද රැගෙන මේ ගෙදර ඇවිත් පාසැල් නිවාඩු කාලය ගත කරපු හැටි..... ලොකු මමීගෙ දුව ශාමිණි හා ශෙනෙල් එක්ක මේ ගෙදර වත්තේ එහෙ මෙහෙ දුව පැන සෙල්වම් කරපු හැටි.....රංඩු උන හැටි....සියල්ල හීනයක් වගේ මතකයට එයි......මේ අඹ ගහේ අඹ, කෙක්කකින් කඩා, කපා ග්‍රැනී අපට කන්න දුන්න හැටි....එතකොට ග්‍රැනී මේ අඹ ගහේ ඔංචිල්ලාවක බැදලා අපිව පද්දපු හැටි....හැම දෙයක් සිහි වි මගේ දෙනතට කදුලක් ඇවිත් ඇත.....
"කාවද හොයන්නේ සිස්ටර් ....."
අපි ඒ ගෙදර වත්තේ සිටිනවා දැක ගෙදර ඇතුලේ සිට සිංහල පෙනුම ඇති, ගෑනු කෙනෙකු ඇවිත් අපෙන් අසනකම් මම ලොකු මමීගෙ ගෙදර වත්තේ, සෙල්වම් කරපු පරණ මතක අතරට ගොස් සිටියෙමි.....
"මේ ගෙදර මිසිස් ග්‍රේස්, සෑම්, ඩික්සන්....කියලා කට්ටියක් හිටියද..."?
"අපට නම් එහෙම කෙනෙක් ගැන මතකයක් නෑ....අපිත් දැන් අවුරුදු හතරකට උඩදි තමයි මේ ගෙදර සල්ලි වලට ඇරගෙන පදිංචි උනේ...."
"අපි ඉස්සර මේ ගෙදර පදිංචි වෙලා හිටිය කෙනෙක් හොයනවා....කොහොමද ඒක හොයා ගන්නේ..."
"අපි ඉතිං මේ පැත්තට අලුත් නිසා ඒක කියන්න දන්නෙ නම් නෑ...."
"මේ පළාතේ ගොඩක් කාලයක් තිස්සෙ ඉන්න කවුරු හරි දන්නවද...?
"අර වංගුවෙ ගෙදර ඉන්න අය නම් ගොඩක් ඉස්සර ඉදන් මෙහෙ ඉන්න කට්ටියක්.....එහෙන් ගිහින් අහල බැලුවනම්..."
" හොදයි ....එහෙනම් බොහොම ස්තුතියි අපි ගිහින් එන්නම්..."
"අපි ඒ ගෙදරටත් ගිහින් බලමුද සිස්ටර් ..."
"ඔව් ..ගිහින් බලමු.....මොනවත් විස්තරයක් දන්නවද කියලා ..."
අපි ආ වෑන් රතයෙන්ම ඒ ගෙදර ගෑනු කෙනා කිව්ව වංගුවෙ ගෙදරට අපි ගියෙමු. එය බොහො පරණ තාලේ ගෙයක් විය....ගෙයි ඉදිරිපස තරුණ පෙනුමැති ගෑනු කෙනෙකු ටෙලිෆෝනයක් අතේ තියාන මොනවද කොටමින් ඉදී....
"හෙලෝ ...
"හෙලෝ ....ඇයි...කාවද හොයන්නේ ..?
"මිස් දන්නවද.... ගොඩක් ඉස්සර අර නොම්බර 24 ,ගෙදර හිටිය ග්‍රේස් ලා ගැන ආරංචියක් එහෙම....?
"ග්‍රේස්....කිව්වේ....ම්ම්.....නෑනේ....."
"අර ඉස්සර ඒ ගෙදර විකුනලා ඔස්ට්‍රේලියා ගිය අය ගැන ...?
" ආ.....ග්‍රේස් ආන්ටිලානේ ඒ ගෙදර ඉස්සර හිටියේ......ඒගොල්ලෝ දැන් මෙහෙන් ගිහිල්ලා ගොඩක් කල්නේ....මම හරි පොඩියි එතකොට ...අර ශාමීනී....එතකොට එයාගෙ අය්යා එක්ක අපි සෙල්ලම් කරලත් තියෙනවා ....ඒත් ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ ගියාට පස්සෙ අපි ඒගොල්ලෝ ගැන විස්තරයක් දන්නේ නෑනේ.... ."
"අනේ ඒගොල්ලෝ ගැන විස්තරයක් දන්න වෙන කෙනෙක් එහෙමවත් ඔයගොල්ලෝ දන්නෙ නැද්ද ...."
"අපේ අම්ම තමයි ගොඩක් ග්‍රේස් ආන්ටි එක්ක යාළු....ඒත් අපේ අම්මත් දැන් නෑනේ...."
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා




Comments